8 Children and 1 Adult Dead — and 78 Sickened — After Eating Sea Turtle Meat⚠️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,221
    20,360
    113
    Westනාහිර
    g9H2SkV.jpeg

    Stock image of a sea turtle. PHOTO:
    GETTY

    • Eight children and 1 adult have died after eating sea turtle meat, which sickened an additional 78 people
    • The deaths occurred on Pemba Island in the Zanzibar Archipelago, where it is considered a delicacy, even though it can cause a rare type of food poisoning called chelonitoxism
    • There is no treatment for chelonitoxism, as the toxin which causes it has not been identified yet

    Eight children and one adult have died after eating sea turtle meat in Pemba Island in the Zanzibar Archipelago. Authorities said an additional 78 people were sickened and hospitalized from eating the meat, according to the Associated Press.

    The outlet said they died from chelonitoxism, a type of food poisoning that only occurs from eating sea turtles. The meat is considered a delicacy.

    “Chelonitoxism (sea turtle meat poisoning) is a rare and sometimes fatal type of food poisoning caused by eating marine turtles,” according to the National Library of Medicine.

    “Studies show that all parts of the sea turtle are potentially toxic. Symptoms can be as mild as nausea and vomiting to more severe forms of neurologic manifestations, coma and ultimately death.”


    LLbYayW.jpeg

    Pemba Island is part of Tanzania's Zanzibar Archipelago.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,555
    113
    කැස්බෝ මස් කාල තියද උඹලා??
    මේක ඒ කාලේ ලංකාවේ සාමාන්‍ය දෙයක්.

    දැන් තහනම් උනාට මචං මට මතකයි 90 ගණන් වල කැස්බෝ මස්, මාළු කාරයෝ ගෙදෙට්ට පවා ගේනවා විකුනන්න. ඉස්සර මුහුද කිට්ටුව ජිවත් වෙන අයට කැස්බ මස් කියන්නේ සාමාන්‍යයෙන් මාළු කනවා වගේ දෙයක්.. ඒ ලංකාවේ මුහුදේ කැස්බෑවන් ඉතා විශාල ප්‍රමාණයක් හිටිය නිසා. හවසට මුහුද දිහා බලන් හිටියම කැස්බෝ හෙනට ඔලුව උස්සනවා පේනවා පොල් ගෙඩි වගේ, මේකේ ඉන්න සමහර අය දැකල ඇති ඕක. ගොඩක් අය කැස්බෝ බිත්තර පවා බොනවා අමුවෙන්.. ගාල්ලේ කැස්බා කටු වලින් වළලු, කරාබු, මුදු, ඇස් කන්නාඩි ෆ්‍රේම්, පනා සහ තව එකක් එක ඒවා හදනවා. උඹලා දැකල තියනවනේ ඔය නැමි පනා කියන පනවා. ඔය පරණ පොටෝ වල ඉන්න මිනිස්සු ඔලුවේ ගහන් ඉන්නේ රවුම් පනාවක්, අන්න එකත් හදන්නේ කැස්බ කට්ටේන්. විශේෂයෙන්ම ගාල්ලේ පැත්තේ තමයි කැස්බ කටු වලින් කැටයම් බඩු හදන්නේ. සුද්දෝ තමයි ඕවා ගොඩක් ගන්නේ, අපේ අම්ම ගාවත් තිබ්බ ඔය කැස්බ කට්ටෙන් හදපු වළලු. හරිම ලස්සනයි ඒ බඩු, අමුතු දුබුරු පාට වයිරම් තියනව. නැමුවට කැඩෙන්නේ නැ.

    කැස්බා මස්, බිත්තර කෑම තහනම් කරේ 90 ගණන් වල මැද හරියේ වගේ කැස්බාවන් වඳවියන්න පටන් ගත්තම. එතකොටත් ගොඩක් හානිවෙලා ඉවරයි කැස්බාවන්ට. හැබැයි තහනම් කරපු ගමන්ම ලංකවේ ගොඩක් මිනිස්සු කැස්බෝ මස් කන එක නැවැත්තුව එකපාරටම. ඒකට ලොකුම හේතුව විදියට මම නම් දැක්කේ TV, radio, පත්තර වලින් මිනිස්සු දැනුවත් කරලා කරපු වැඩසටහන්. දැන් වගේ channel බරගානක් නැ. කීපයයි තිබ්බේ, එවයිත් යන්නේ ඉතා හොද වැඩසටහන් එතකොට. ඒක නිසා ඉතා ඉක්මනට මිනිස්සු දැනුවත් උනා. කැස්බා මස් හොරට විකුණන අයව පොලිසියට අල්ලලා දුන්න සැහෙන්න. ඒ අල්ලලා දීපු නිසා මිනි මැරුම් පවා සිදු උනා. එක නිසා 90ගණන් වල අන්තිම වෙනකොට කැස්බා මස් වෙළදාම සම්පුර්ණයෙන්ම නැවතුන.. එත් දැනටත් හොරට කැස්බාවන් මරණ අය ඉන්නවා. උන් මරල ඒවා විකුනන්නේ දාන්න කියන අයට විතරයි..
    මේ ටික ලියන්න පැයක් විතර ගියා ඉතින් මට. ඔය ඇති..


    උඹලට කවදාවත් දකින්න නොලැබෙන පින්තුර කීපයක් සහ පොඩි video එකක් මේ. පින්තුර බලල මට බනින්න එපා..

    මේ පහල පින්තුර 2ක 1990 ගණන්වල මීගමුවේ මාළු මාකට් එකේ. පේනවා නේද ඔය කපන්නේ කැස්බෝ.
    මේ පින්තුරේ අරන් තියෙන්නේ 1990 ගණන් වල ලංකාවට ආපු විදේශික ඡායාරූප ශිල්පියෙක් ..


    kasbo-mas-1990.jpg
    kasba-mas-2.jpg





    මේ පින්තුරේ ගාල්ලේ කැස්බෑ කටු වලින් එක එක කැටයම් බඩු හදන කැටයම් කරුවෙක්.
    මේ පින්තුරේත් අරන් තියෙන්නේ 1990දී ගණන් වල ලංකාවට ආපු විදේශික ඡායාරූප ශිල්පියෙක් ..


    ell-cre55-n-larry-antwerp-1990.jpg



    මේ 1964 ලංකවේ වෙරලෙම තියල කැස්බෑවෝ මරණ එකක්. මේක වාර්තාමය වැඩසටහනක කොටසකින් ගත්තේ,.

     
    • Wow
    Reactions: dayt0na