Answered 80/20 නීතිය හෙවත් පැරටෝ නීතිය යනු කුමක්ද?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    සමහර තීරණ, ගැනීමට හරිම පහසු ය. ඒ හැම දෙනෙකුගේම කැමැත්ත ලැබෙන තීරණ ය. සමහර තීරණ අමාරු ය. ඒ තීරණාත්මක ටික දෙනෙකු අමනාප වීමේ තීරණ ය.

    බහුතරයක් අකමැති තීරණ ගන්නවාට වඩා අමාරු තීරණාත්මක ටික දෙනා අකමැති තීරණ ගැනීම ය.

    ඕනෑම ආයතනයක අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නන් ප්‍රමාණයෙන් 20% ට අඩු ය. එහෙත් ඔවුන් ඇති කරන ප්‍රශ්නවල බලපෑම මුලු ප්‍රශ්නවල බලපෑමෙන් 80% ඉක්මවයි. අප ඉහත කී තීරණාත්මක ටික දෙනා ප්‍රශ්නවලින් 80%ට වගකියන 20% දෙනා ය.

    මේ අප සොයාගත්තක් නොවේ. පැරටෝ නම් විශ්ලේෂකයාගේ පර්යේෂණවල ප්‍රතිඵලයකි. මෙය කළමනාකරණයේ හදුන්වනුයේ "පැරටෝ මූලධර්මය" නමිනි.

    ඒ මූලධර්මයටම අනුව ආයතනයක වැඩිම දායකත්වය (80%කට වඩා වැඩි දායකත්වය) ලැබෙන්නේ ද ආයතනයේ 20% ක පමණ පිරිසකගෙනි. මේ පිරිස අප සදහන් කළ ප්‍රශ්න ඇති කරන්නන්ගේ ප්‍රතිපක්ෂයයි.

    කළමනාකරුවෙකු කළ යුත්තේ මේ වැඩිම දායකත්වය ලබන 20%ට වඩා හොදින් වැඩ කළ හැකි පරිසරයක් තැනීම ය. එහෙත් ඒ සදහා වැඩ නොකර ප්‍රශ්න ඇති කරන 20% අමනාප කරගන්නා තීන්දු ගැනීමට වුව සිදුවිය හැකි ය.

    ප්‍රශ්න අවම කරන්නට ගියොත් ඒ පරිසරය සෑදිය නොහැකි ය. ඒ නිසාම නායකයෙකු මේ මාවත් දෙකින් එකක් තෝරාගත යුතු ය.
    • කළ යුත්තේ ප්‍රශ්න අවම කිරීම ද?
    • නැතිනම් දායකත්වය උපරිම කළ හැකි පරිසරයක් සාදා එලඹෙන ප්‍රශ්නයන්ට මුහුණ දීම ද?
    ප්‍රශ්න ගැන බියෙන් සැලෙන නායකයන් තෝරාගන්නේ ප්‍රශ්න අවම කරන පහසු මග ය. එහෙත් අවාසනාවකට ඒ මග වැටී ඇත්තේ නිර්මාණශීලි දායකත්වයේ ගෙල හිර කරන යාන්ත්‍රණයක් බිහිකිරීම හා පවත්වාගෙන යෑම හරහා ය.

    පැරටෝ සටහන් (Pareto Charts)


    කිසියම් ක්‍රියාවලියකදී විවිධ ගැටළු සහගත තත්වයන් ඇතිවීම ස්වාභාවිකය. මේවා විසඳීමට තැත් කිරීමේදී එම ගැටළු සියල්ලම එකවර විසඳීම කල නොහැකිය. එම නිසා අපට එම ගැටළු විසඳිය යුතු අනුපිළිවෙලට පෙල ගස්වා ගැනීම අවශ්‍ය වේ. පැරටෝ සටහන් යනු ඒ සඳහා භාවිතා කල හැකි මෙවලමකි. මෙම සංකල්පය මුලින්ම ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ ඉතාලි ජාතික ආර්ථික විද්‍යාඥයෙකු වූ Vilfredo Pareto විසිනි.

    640px-Vilfredo_Pareto_1870s2.jpg



    පැරටෝ නියමය
    කිසියම් සිදුවීමක ප්‍රතිඵලයේ 80% තරම් වූ ඉතා විශාල කොටසකට 20% වැනි කුඩා හේතු ප්‍රමාණයක් දායකවේ. මෙම විශාල බලපෑමක් ඇති කරන හේතු ස්වල්පය “වැදගත් ස්වල්පය” (Vital Few) ලෙසද කුඩා බලපෑමක් ඇතිකරන හේතු රාශිය “නොවැදගත් රාශිය” නමින් ද හැඳින්වේ. තවද මෙම නියමය 80 – 20 නියමය ලෙසද හැඳින්වේ.

    pareto-chart.png


    මේ පැරටෝ නීතිය (80/20 නීතිය) අපේ එදිනෙදා ජීවිතේට ප්‍රයෝජනේට ගන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන පහල වීඩියෝ වලින් බලන්න







    the-4-Cs.png

    1678953592602