diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය යනු ලොවෙහිම දේශපාලනය කණපිට හැරවීමට සමත් වූ සිදුවීමකි . ඔසාමා බින් ලාඩන්ගෙ අල් කයිඩා ත්‍රස්තවාදී සංවිධාණය විසින් කළා යැයි කියවුනු මෙම ප්‍රහාරයෙන් ඇමෙරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විනාශ වී ජීවිත රැසක් අහිමි උනා. ඇමෙරිකානු සොල්දාදුවන් විදෙස් රටවල මෙහෙයුම් සදහා යැවීමට එරෙහිව සහ යුද්ධ‍යන්ට එරෙහිව ඇමෙරිකානු ජනතාව විසින් මධ්‍යම රජයට විශාල පීඩනයක් එල්ල කෙරුනු සමයක සිදුවූ මෙම ප්‍රහා‍රයෙන් ඇමෙරිකානු ජනතාව යුද්ධය අනුමත කිරීමට පෙළඹුනා. ඒ අනුව දේශපාලන විචාරකයන් පැවසුවේ සැප්තැම්බර් 11 ප්‍රහාරය නිසා සිය හමුදා යවා යුද්ධ කර ලොව අනෙකුත් රටවල් යටත් කර ගැනීමට සහ ඛණිජ තෙල් ඇතුලු එම රටවල සම්පත් ලබා ගැනීමට ඇමෙරිකානු රජයට සැප්තැම්බර 11 ප්‍රහාරය අත්වැලක් වූ බවයි. එමනිසා ඉරාකය වැනි රටවල් ආක්‍රමණය කර එරට ඛණිජ තෙල් නිධි අත්පත් කර ගැනීමට ඇමෙරිකාවට මනා පිටුවහලක් වූ සැප්තැම්බර් 11 ප්‍රහාරය ඇමෙරිකානු රජයට දේශපාලනික වශයෙන් අතිශය වාසි සහගත නිසා එය රජයේ අභ්‍යන්තර ක්‍රියාවලියක් බවට විටින් විට සැක ඇති උනා. නමුත් මෙම සැකයන් තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් ඉදි‍රිපත්වූයේ නැහැ. නමුත් මැල්කම් හෝවාර්ඩ් නැමැති විශ්‍රාමික CIA ඔත්තූ සේවයේ ජ්‍යේෂ්ඨ නිළධාරියෙකුගේ පාපොච්ඡාරණයක් නිසා සැප්තැම්බර් 11 ප්‍රහාරය පිළිබදව ගෝලීය දේශපාලනයේ නැවත කතාබහක් ඇතිව තිබෙනවා.

    මැල්කම් හොවාර්ඩ් ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිට පසුගිය සිකුරාදා එම රෝහලෙන් නික්ම ආවේ සිය මරණය ලංව තිබෙන බව තහවුරු කරගෙනය. වෛද්‍ය මතය වූයේ මැල්කම් හොවාර්ඩ්ට තවත් ජීවත් වීමට ඉතිරිව ඇත්තේ සති දෙක තුනක කාලයක්‌ බවයි. ජීවිතයේ අවසන් දින කිහිපය ගත කරමින් සිටි මැල්කම් හොවාර්ඩ් ජූලි 18 වන දින ලොවෙහිම අවධාණය දිනා ගත් මෙම පාපෝච්ඡාරණය සිදු කලේය.

    ඒ ඇමරිකාවේ 9/11 ප්‍රහාරයේදී ලෝක වෙළෙඳපොළ මධ්‍යස්‌ථානයේ හත් වැනි ගොඩනැඟිල්ල පුපුරුවා හැරීම සී. අයි. ඒ. සංවිධානය විසින් සැලසුම් සහගතව සිදු කළ පුපුරුවා හැරීමක්‌ බවය. 2001 සැප්තැම්බර් 11 වැනි දින ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ල වු එම ප්‍රහාර හේතුවෙන් නිව්යෝර්ක්‌වල ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ උතුරු හා දකුණු කුළුණු කඩා වැටීමෙන් පසුව එහි තවත් ගොඩනැඟිල්ලක්‌ද විනාශයට පත් විය. මේ තුන්වන ගොඩනැඟිල්ලේ කඩා වැටීම සිදුවූයේ මුල් ගොඩනැඟිලි දෙක කඩාවැටීමෙන් ඇතිවූ කම්පනයත්, අධික තාපයත්, සුන්බුන් වැදීමෙනුත් බවයි ඇමරිකානු රජයේ පාර්ශ්වය විසින් ප්‍රකාශ කළේ.

    එහෙත් දැන් 79 හැවිරිදි වියේ සිටින විශ්‍රාමලත් සී. අයි. ඒ. ඔත්තුසේවා නිලධාරී හොවාර්ඩ් පවසන්නේ 9/11 ප්‍රහාරයේදී ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ හත්වන ගොඩනැඟිල්ල පුපුරුවා හැරීම සී. අයි. ඒ. සංවිධානය විසින් සැලසුම් සහගතව සිදු කළ පුපුරුවා හැරීමක්‌ බවත්, ඒ පුපුරුවාහැරීම සැලසුම් කිරීමට තමා සෘජුවම සම්බන්ධ වූ බවත්ය. මැල්කම් හොවාර්ඩ් ක්‍රියාකාරී නිලධාරියෙකු ලෙස අවුරුදු 36 ක කාලයක්‌ සී. අයි. ඒ. සංවිධානය වෙනුවෙන් සේවය කළ නිලධාරියෙකි. ඔහු පවසන්නේ තමාගේ ඉංජිනේරුමය දැනුම හා බිඳහෙලීම් ක්‌ෂේත්‍රයේ පළපුරුද්ද නිසාම මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ සී. අයි. ඒ. නිලධාරියකු විසින් තමාව තෝරාගත් බවය. සිවිල් ඉංජිනේරුවරයකු ලෙස පුහුණුව ලැබූ මැල්කම් හොවාර්ඩ් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව විශේෂඥයකු බවට පත් වූයේ 1980 දශකයේ මුල් භාගයේ ඔහුව සී. අයි. ඒ. සංවිධානයට බඳවා ගැනීමෙන් පසුවය. ඉතා කුඩා ලයිටරයක මෙන්ම, තට්‌ටු අසූවක ගොඩනැඟිල්ලක පවා අති සූක්‌ෂම අන්දමින් පුපුරණ ද්‍රව්‍ය තැන්පත් කිරීමටත් තමාට විශේෂ හැකියාවක්‌ ඇති බව මැල්කම් හොවාර්ඩ් පැවසුවේය.


    1997 මැයි මාසයේ සිට 2001 සැප්තැම්බර් මාසය දක්‌වා ක්‍රියාත්මක කෙරුණු New Century නමින් හඬ කැවූ සී. අයි. ඒ. මෙහෙයුමෙහි තමා වැඩ කළ බව මැල්කම් හොවාර්ඩ් පවසයි. මෙහිදී සී. අයි. ඒ. සංවිධානයද ඉහලින් ලැබුණු නියෝග" මත ක්‍රියා කළ බවද, ගොඩනැඟිල්ල සාර්ථකව බිඳ හෙළීමේ කාර්යය තහවුරු කරමින් සිටි ක්‍රියාකාරීන් හතර දෙනකුගේ එකතුවේ තමාද සිටි බව ඔහු කියයි.

    ලෝක වෙළෙඳපොල ගොඩනැඟිල්ල පුපුරුවා හැරීමේ මෙහෙයුම තමා සහභාගි වුණු මෙහෙයුම් අතරින් සුවිශේෂී එකක්‌ බව හොවාර්ඩ් පවසයි. ඒක පුපුරුවා හැරීමක්‌ හෝ සිතාමතා බිඳහෙලීමක්‌ නොවන බව මවා පෙන්වන්නට අපට සිදුවුණා. අපි කරපු බිඳහෙලීම්වලින් ඒ විදිහට මවා පෙන්වීමක්‌ කරන්න සිදුවුණ එකම සිදුවීම එය තමයි."
    ඒ වන විට එවැනි මවා පෙන්වීමක වරදක්‌ ඇතැයි තමා නොදුටු බව ඔහු පැවසීය. ඔබ දේශප්‍රේමියෙක්‌ නම් ඔබට ධවල මන්දිරයේ හෝ සී. අයි. ඒ. සංවිධානයේ කිසිම ක්‍රියාකාරකමක්‌ ප්‍රශ්න කරන්න බෑ. ඒ ක්‍රියාකාරකම්වල අරමුණ වැඩි දෙනාට යහපතක්‌ කිරීම බව ඔබ තේරුම් ගත යුතුයි. ඔවුන් අප වැනි පක්‍ෂපාතී මිනිසුන් තෝරාගන්නේ ඒ නිසයි." එහෙත් අද දිනයේදී මතකය ආවර්ජනය කරමින් ඔහු පවසන්නේ කොහේ හෝ තැනක වැරදීමක්‌ සිදුව ඇති බවයි. එයින් කාටවත් යහපතක්‌ වුණේ නම් නෑ. මේ අපි බලාපොරොත්තු වුණු ඇමරිකාව නෙවෙයි. සී.අයි.ඒ සංවිධානයේ මෙහෙයවීම මත තමා ඇතුළු කණ්‌ඩායම එම ගොඩනැඟිල්ල පුපුරුවා හැරිය අන්දමත් ඔහු විස්‌තර කරයි.

    එය පුපුරණ ද්‍රව්‍ය යොදා හොඳ සැලසුම් සහගතව කළ පුපුරුවා හැරීමක්‌. අපි ඒකට පුපුරණ ද්‍රව්‍ය ලෙස යොදාගත්තේ හමුදා පාවිච්චියට යොදා ගන්නා හොඳම වර්ගයේ නැනෝතර්මයිට්‌ අමුද්‍රව්‍ය. අපිට අමාරුම කාර්යය වුණේ මිනිසුන්ගේ අවධානයට ලක්‌ නොවී පුපුරණ ද්‍රව්‍ය රාත්තල් දහස්‌ ගණනක්‌, සේවානූල් සහ යාන්ත්‍රික උපකරණ මේ ගොඩනැඟිල්ලට ගෙනියන එකයි. ඒත් ඒ හත්වෙනි ගොඩනැඟිල්ලේ හැම කාර්යාලයක්‌ම වගේ ඒ වෙනකොට සී. අයි. ඒ. සංවිධානය විසින් කුළියට අරන් තිබුණේ. ඒකෙන් වැඩේ පහසු වුණා. නිව්යෝක්‌ ලෝක වෙළෙඳපොළේ හත් වෙනි ගොඩනැඟිල්ලේ සුවිශේෂීම මර්මස්‌ථානවල පුපුරණ ද්‍රව්‍ය නිසි ලෙස පුරවා තබන්නට තම කණ්‌ඩායම සමත් වූ බව මැල්කම් හොවාර්ඩ් පවසයි. ඇමරිකානු ඉතිහාසය වෙනස්‌ කළ 2001 සැප්තැම්බර් 11 වන දින නිව්යෝක්‌ ලෝක වෙළෙඳපොළේ උතුරු හා දකුණු ගොඩනැඟිලි ගිනිගන්නා අතරතුර ලෝක වෙළෙඳපොළේ 7 වෙනි ගොඩනැඟිල්ලේ වෙඩි නූල් වලටද ගිනි අවුලුවන්නට තම කණ්‌ඩායම කටයුතු කළ බව හොවාර්ඩ් පවසයි. එවිට එහි වානේ සැකිල්ල බිඳ දමමින් ගොඩනැඟිල්ල පුපුරා ගිය බවත් සඳහන් කරයි.

    ලෝක වෙළෙඳපොළ 7 වෙනි ගොඩනැඟිල්ල එසේ පුපුරා ගියේ එහි පළමු ගොඩනැඟිලි දෙක පුපුරා ගොස්‌ පැය හතකට පසු එනම් සවස 5.20 ටය. මැල්කම් හොවාර්ඩ් සහ ඔහුගේ සගයෝ තමාට පැවරුණු රාජකාරිය සාර්ථකව ඉටුකොට තිබිණ. ගොඩනැඟිල්ල කඩා වැටුණට පස්‌සෙ.. හැමදේම හරියට සැලසුමකට අනුව සිද්ධ වුණාට පස්‌සෙ.. අපි ඒ බිඳහෙලීමේ වීඩියෝ නැවත නැවතත් බලමින් අපේ සාර්ථකත්වය සමරන්න පටන් ගත්තා. ඒත් එකපාරටම මෙහි අමුත්තක්‌ තියෙන බව අපට තේරුණා.. වීඩියෝ නැවත නැවතත් බලනකොට එය හොඳින් සැලසුම් සහගතව කරපු බිඳ දැමීමක්‌ බව පැහැදිලිව හඳුනගන්න සලකුණු තිබුණා. ෂික්‌.. දැන් මිනිස්‌සු මේ ගැන ප්‍රශ්න කරයි.. කියලා අපිට හිතුණා.. හත්වැනි ගොඩනැඟිල්ල ඇතුළෙන් පිපුරුම් හඬවල් හැන්දෑවේ ඇසුණු බව මිනිස්‌සු කියන බවත් අපිට ආරංචි වුණා. ප්‍රකාශිත වෙලාවට වඩා මිනිත්තු විස්‌සකට කලින් මේ ගොඩනැඟිල්ල බිඳ වැටුණු බව බී.බී.සී වාර්තාවෙනුත් ප්‍රකාශ කරපුවාම අපි හිතුවේ අපිට වැඩේ වැරදුණා කියලයි..
    එහෙත් එරට රජය විසින් 9/11 ප්‍රහාරය පිළිබඳව නිකුත් කළ නිල ප්‍රකාශයේ කියෑවුණේ අල්කයිඩා ප්‍රහාරයෙන් විනාශ වුණු ලෝක වෙළෙඳපොළ ගොඩනැඟිල්ලේ 1 හා 2 කුළුණුවල සුන්බුන් වැදීමෙනුත්, ඒ පිපිරීම්වල කම්පනයෙනුත්, පාලනය කරගත නොහැකි වූ ගින්නෙනුත් ඇතිවුණු බලපෑමෙන් මෙම ගොඩනැඟිල්ල කඩා වැටුණු බවයි. රජය විසින් නිකුත් කළ එම ප්‍රකාශය සත්‍යයක්‌ නම්, පාලනය නොකළ ගින්නක්‌ නිසා කඩා වැටුණු ලොව ප්‍රථම තට්‌ටු ගොඩනැඟිල්ල මෙය වනු ඇත. අපි හිතුවෙ මිනිස්‌සුත්, මාධ්‍යයත් මේ ගැන ප්‍රශ්න කරාවි කියලා.. මේ ගැන පර්යේෂණ කරන්නට බොහෝ අය ඉදිරිපත් වේවි කියලා.. මේ හේතුවෙන් ලොකු මහජන විරෝධයක්‌ ගොඩනැඟිලා, ඊට පස්‌සේ එය රජයට විරුද්ධව කැරැල්ලක්‌ දක්‌වා වර්ධනය වෙලා මිනිස්‌සු ජනාධිපති ජෝර්- බුෂ්ව ධවල මන්දිරයෙන් එළියට ඇදලා දමාවි කියලාත් අපි හිතුවා.. ඒත් ඒ කිසිම දෙයක්‌ සිද්ධ වුණේ නෑ.. කිසිම කෙනෙක්‌ කිසි දෙයක්‌ ගැන ප්‍රශ්න කළේ නෑ.. මේ ගැන ප්‍රශ්න කරන්නට ධෛර්යයක්‌ තිබුණු මාධ්‍ය පවා රජය විසින් නිහඬ කෙරුණා..



    කෙසේ නමුත් මැල්කම් හෝවාර්ඩ් ගේ පාපෝච්ඡාරණය පිළිබදව ඇමෙරිකානු රජය තවමත් සිය නිළ ස්ථාවරය ප්‍රකාශ කර නොමැත.



    මැල්කම් හෝවාර්ඩ්


    CIA-wtc7-confession-678x381%20(1).jpg
     
    • Like
    Reactions: Dr.Amdan

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    owa meeta godak kalin indala documentries wala thibunaa.
    mama godak balala thiyenawa documentries owa gana.

    'building 7' witharak newei, owa okkoma kaduwa USA ma thamai.

    umbala ithin ewage subject gana documentries balanne nahane.


    podi hint ekak dennam...
    plane ekak waduneth naa........ :p
    hoyala balapan...
     
    Last edited:

    No Worries

    Member
    Apr 17, 2017
    130
    9
    0
    owa meeta godak kalin indala documentries wala thibunaa.
    mama godak balala thiyenawa documentries owa gana.

    'building 7' witharak newei, owa okkoma kaduwa USA ma thamai.

    umbala ithin ewage subject gana documentries balanne nahane.


    podi hint ekak dennam...
    plane ekak waduneth naa........ :p
    hoyala balapan...

    e mokadda yako e harupe :angry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    owa meeta godak kalin indala documentries wala thibunaa.
    mama godak balala thiyenawa documentries owa gana.

    'building 7' witharak newei, owa okkoma kaduwa USA ma thamai.

    umbala ithin ewage subject gana documentries balanne nahane.


    podi hint ekak dennam...
    plane ekak waduneth naa........ :p
    hoyala balapan...

    9/11 ගැන උඹ බලපු docu. ටිකක් දාපන්කෝ