_.~*~._මොනාද හිතෙන්නේ_.~*~._

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවු මචන් 1990 වගේ ඉපදිච්ච උන් තමා අත්තිම සෙට් එක. උන්ට අවුරුදු 10 ක් විතර වෙද්දී 2000 ලබලා. 90 දශකය අවසානයත් එක්ක ඕවත් ඉවර වෙලා ගියා.

    :yes::yes:
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    උබල කොටු පැනල තියනවද? :shocked: තව එතකොට ගල් අල්ලලා තියනවද? :shocked:

    ඕවා මචන් අපේ ළමා කාලේ කරපු තවත් සුන්දර ක්‍රීඩා වලට ලියපු නම් තමයි. දැන් ඉන්න පොඩි එකෙක්ට ඔය වගේ එකක් කිවුවොත් උන් හිතන්නේ වෙන එකක් බන්.:lol::lol::lol:

    ඔය කොටු පැනිල්ලට බට්ට පනිනවා කියලත් කියනවා. ගල් අල්ලන්ඩ ගිහින්නම් ඇගිළි තලාගන ඇති ඕන තරම්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබල කොටු පැනල තියනවද? :shocked: තව එතකොට ගල් අල්ලලා තියනවද? :shocked:

    ඕවා මචන් අපේ ළමා කාලේ කරපු තවත් සුන්දර ක්‍රීඩා වලට ලියපු නම් තමයි. දැන් ඉන්න පොඩි එකෙක්ට ඔය වගේ එකක් කිවුවොත් උන් හිතන්නේ වෙන එකක් බන්.:lol::lol::lol:

    ඔය කොටු පැනිල්ලට බට්ට පනිනවා කියලත් කියනවා. ගල් අල්ලන්ඩ ගිහින්නම් ඇගිළි තලාගන ඇති ඕන තරම්.

    කොටු පැනලා තියනවා.....:D:P
    ගල් අල්ලලා නෑ බන් :(

    පොඩි මුට්ටි වල බත් උයලා තියනවද
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    කොටු පැනලා තියනවා.....:D:P
    ගල් අල්ලලා නෑ බන් :(

    පොඩි මුට්ටි වල බත් උයලා තියනවද

    ගල් අල්ලනව කියන්න පොඩි කළු ගල් කෑලි වගයක් උඩ දාල අතේ ඇගිළි පහ එකට ලං කරලා ඇගිළි වලින් වැටෙන්ඩ නොදී අල්ලනවා. මටත් හරියට මතක නැහැ බන් දැන්. ගල් කෑලි පහක් හරි හතක් හරි ගන්නවා ඕකට. ටිකක් අමාරු සෙල්ලමක්. ඇගිළි, නියපොතු එහෙම තැලෙනවා බන්.

    පොඩි මුට්ටි වල බත් උයල නම් නැහැ බන්. හැබැයි කෝම්පිට්ටු නම් හදලා තියනවා. අර පොල් කටු වලට වැලි පුරෝලා බත් උයනවා කියන්නෙ. උබ අදහස් කලේ ඒ සෙල්ලමද දන්නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගල් අල්ලනව කියන්න පොඩි කළු ගල් කෑලි වගයක් උඩ දාල අතේ ඇගිළි පහ එකට ලං කරලා ඇගිළි වලින් වැටෙන්ඩ නොදී අල්ලනවා. මටත් හරියට මතක නැහැ බන් දැන්. ගල් කෑලි පහක් හරි හතක් හරි ගන්නවා ඕකට. ටිකක් අමාරු සෙල්ලමක්. ඇගිළි, නියපොතු එහෙම තැලෙනවා බන්.

    පොඩි මුට්ටි වල බත් උයල නම් නැහැ බන්. හැබැයි කෝම්පිට්ටු නම් හදලා තියනවා. අර පොල් කටු වලට වැලි පුරෝලා බත් උයනවා කියන්නෙ. උබ අදහස් කලේ ඒ සෙල්ලමද දන්නැහැ.

    ඇත්තට බත් උයාලා කන්න බැහැ අමුයි:D:D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,866
    113
    canada
    ඉස්සර ගමේ ඇවිදගෙන ගිහිල්ල කජු, අබ, එක එක ගෙඩි ජාති, මාදන් වගේ එකතු කරනවා. මොකද වැට මායිම් කියල දෙයක් නැහැ. පොඩි ගස්වල කුරුම්බා කඩනවා. ගග අයිනේ කිරල ගෙඩි කඩනවා. මගේ ප්‍රියතම කෑම (වෙලේ වැවෙන) කැරන් දළු. වටපිටාවේ කට්ටිය එකතු වෙලා සෙල්ලම් ගෙවල හදනවා. ගංවතුර දවස්වල කෙසේල්කොට පහුරු පදිනවා. පොල් අතු වියනවා. පොල් අතු වෙලේ මඩේ පොගවල ගත්තම ඒවත් එක්ක මාළු පැටව්‍ එනවා. ගමේ අය පොල් ලෙලි තලනවා. අපේ ගෙදර ගහක් තිබ්බ විශ්වාස කරන්න එක මිනිහෙකුට ගෙඩියක කුරුම්බා බොන්න බැහැ. ගෙඩි විශාලයි (සාමාන්‍ය පොල් වගේ දෙගුණයක් විතර ඇති). මාර රහයි.

    ගංවතුර බැහැල ගියාම මාළු එකතු වෙනවා පොඩි දිය කති වල. අද ගම සහමුලින් වෙනස්. හැමතැනම තාප්ප ගහල. නිකන් වෙන රටකට ගිය වගේ. ඉස්සර වගේ ඇවිදගෙන යන්න කිසිම ඉඩක් නැහැ. මිනිස්සු කැමති නැහැ තමුන්ගේ වත්තට කවුරුහරි එනවට.
     
    ඔච්චරම සුන්දර කාලයක් තිබ්බේ නැහැ අපිටත්. අහන්නත් ආසය්
     
    අපිත් ඔය හා සමානම වගේ සුන්දර කාලයක් වින්ද. ඉස්සර කජු ගස් වල, අබ ගස් වල නැගගන සෙල්ලම් කරපු කාලේ තාමත් මතකයි. අපි ඉස්සර කජු ගස් වල අතු දෙබල් වල පොල් පිති දාල අට්ටාල හදල ඒවා උඩ නැගල සෙල්ලම් කරනවා. සෙල්ලම් කරලා මහන්සි උනාම තැබිලි කඩාගන බොනවා. ඇලවල් වල නාපු හැටි තාමත් මතකයි. බාත්රූම් එකට රිංගගන ෂවර් එකෙන් නානවා වගේද බන් ඇලවල් වල ගිලිලා, ළිං වලින් වතුර ඇදගන නාද්දි තියන සනීපෙ. ඒ දවස් වල බොරළු පාර තිබ්බේ. අපි ඉස්කෝලේ ගියේ බොරළු පාරේ තමයි. අපි පුංචිම සංදියේ විදුලිය තිබුනෙත් නැහැ. අපි කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරපු හැටි තාමත් මතකයි. අද හැම දෙයක්ම වෙනස් වෙලා. පරිසරය පමණක් නෙමෙයි, මිනිස්සුත් වෙනස් වෙලා. අද මොනතරම් දේවල් තිබුනත්, ආපහු හැරිලා බලද්දී අපි කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරපු හැටි, බොරළු පාරේ ඇවිදගන ඉස්කෝලේ ගිය හැටි, ඇලවල් වල නාපු හැටි, කජු ගස් වල නැගගන සෙල්ලම් කරපු ඒ අතීතය මතක් වෙද්දී හරිම සුන්දරත්වයක් දැනෙනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මත ලින් වලින් වතුර ඇදගෙන නලා තියනවා, ඇලවල් වල නලා තියනවා දැන් නැහැ නේ මුකුත්
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Ipanelle duwaddi sarpayek passen elawanawa kiyala thawa haiyen duwala tiyenawada. maha re 1-2 wage welawata pagapu betha tika thaththala oyen megoda thiyala parissan karanna kiyala nawaththala giyama betha goni uda budiyan ahase tharu balapuwa.... ( before 1990)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දැන් අපිත් නිකන් මැෂින් වගේ බන්... ඒ කාලේ හරිම නිදහස්... දැන් ඉන්න එවුන්ට ඔය අතල් ගන්න බෑ.... ගන්න දන්නෙත් නෑ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මත ලින් වලින් වතුර ඇදගෙන නලා තියනවා, ඇලවල් වල නලා තියනවා දැන් නැහැ නේ මුකුත්
    ළිං වලින් නාන වැඩේ නම් පට්ටම ආතල්
    මුහුදෙ නටල නටලා ළිඳේ නානකොට පට්ටම ආතල්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ළිං වලින් නාන වැඩේ නම් පට්ටම ආතල්
    මුහුදෙ නටල නටලා ළිඳේ නානකොට පට්ටම ආතල්

    හැමදාම මුහුදේ නටනවද බන්:confused: