A Great Swim...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි වෙසෙන ශ්‍රී ලාංකික බුද්ධිලිනී ද සොයිසා විසින් ඉදිරිපත් කරන ලද පින්තූරයක් පසුගියදා පැවති 2021 වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා තරඟයේදී "ඉහළ ප්‍රශංසාවට" පාත්‍ර විය.
    මාතෘකාව "A Great Swim" - කෙන්යාවේ මැසායි මාරා හි කිඹුලන්ගෙන් බෝ වූ තලේක් ගඟ හරහා ගලා එන "ටැනෝ බෝරා" නමින් හැඳින්වෙන පිරිමි චීටා කණ්ඩායම් පහක්.


    240281798_998244074081049_5431316664850391924_n.jpg



    "මේ පින්තුරේ ගනිද්දී නායක චීටාගේ ඇස් මට කතා කළා.
    💛

    ඔය කැමරාව පැත්තකට දලා අපිට උදව් කරන්න වගේ තමයි ඒ බැල්මෙන් එයා කිව්වේ......"
    ලෝක පුජිත ඡායාරෑපය ගැන බුද්ධිලිනි සිය අත්දැකීම පළමුවරට හෙලි කරයි.

    වනජීවී ඡායාරෑපකරණයේ යෙදෙන ලොව පුරා විහිදි සිටින අයගේ අංක එකේ සිහිනයක්වන්නේ "wildlife photographer of the year" තරගයට සිය ඡායාරෑපයක් ඇතුළත් කර ගැනීම ය.බ්‍රිතාන්‍ය ස්වභාවික විද්‍යා කෞතුකාගාරයෙන් පවත්වනු ලබන මෙම තරගයේ නිහඬ පාර්ශවකරැවෙකු ලෙස බීබීසී ආයතනය ද සිටි.
    මෙවර තරගයට අපේ දෙදෙනෙකුගේම ඡායාරෑප ජුරියේ ප්‍රශාස්ත්‍ර ඇගයිමකට ලක් වීම විශේෂත්වයකි.
    මේ අතරින් බුද්ධිලිනි ඩී සොයිසා මහත්මියගේ ජයග්‍රාහි ඡායාරෑපයෙක් කිසිවෙක් නොදත් අභ්‍යාන්තර කතාවයි.

    බුද්ධිලිනි ඩී සොයිසා වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ය.ඇය බැංකු ක්ෂත්‍රයේ රැකියාවක නිරතවන්නී ය. වසර දහයකට පමණ පෙර ඡායාරෑපකරණයට පිවිසි ඈ වෘත්තිය මට්ටමට වඩා එය සිදු කරන්නේ විනෝදාස්වාදය සඳහා ය. වනජීවීන් නැරඹිමට ඇය නැඹුරැ වී ඇත්තේ සිය පියාගේ ආභාසය නිසා බව ඇය අපට පැවසුවා ය.

    239472253_998313030740820_115018006832882374_n.jpg


    බුද්ධිලිනි මෙම තරගයේ ක්ෂරපාහී අංශය යටතේ ඡායාරෑප දෙකක් යොමු කළා ය.ඉන් එක් ඡායාරෑපයක් මෙලෙස සම්මානයට පාත්‍ර විය.'A Great Swim' නමින් එය තරගයට ඉදිරිපත් කර තිබිණී.
    එම ඡායාරෑපයේ අපුරැ පසුබිම් කතාව ඇය අපට හෙලි කළේ මේ ආකාරයට ය.


    "මෙම ඡායාරූපය මම ගත්තේ 2020 ජනවාරි මුල් භාගයේදී වගේ.ඒ කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානයේ දී.ඒ අප එහි සිදු කළ අටවන සංචාරය.කෝවිඩ් නිසා ලෝකය වසා දැමීම ආරම්භ වුණේ ඔය කාලයේ වගේ.එය තමයි අපගේ අවසන් විදෙස් සංචාරය වුණේ. කොහොම හරි අපි 2020 ජනවාරි මාසයේ දී තමයි කෙන්යාවට ගියේ.ඒ කාලයේ කෙන්යාවට ඉතා අසාමාන්‍ය අන්දමේ ධාරානිපාත වර්ෂාවක් ලැබෙමින් තිබුනා.
    ඒ වනවිට මසායි මාරා මැද තිබෙන "මාරා තලේක්" ගංඟාව ජලයෙන් උතුරා දෙගොඩ තලා යානවා.අපි එවර ගොඩ බැස්සෙත් වෙන තැනකට. එයත් හරිම ත්‍රාසජනක අත්දැකීමක් වුණා.

    'මසායි' හි ජීවත් වන වැඩිහිටියන් පවා තම ජීවිත කාලය තුළ මෙවැනි නරක ගංවතුරක් හා වර්ෂාවක් දැක තිබුනෙත් නැහැ.එකෙන්ම හිතා ගන්න පුළුවන් වැස්සේ තරම.
    මෙවර මසායි මාරා අපි ගියේම පිරිමි චීටා පහක අසාමාන්‍ය හා ප්‍රසිද්ධ සන්ධානය වන 'ටැනෝ බෝරා'( tano bora)කණ්ඩායම බලන්න."

    240992172_998244137414376_8092185660056413711_n.jpg

    මේ ඒ චිටාවන් ද මම ද පුදුම විමි. ඒ අමුතු චීටා එකමුතුව ගැන මා මිට පෙර කියවා තිබිණී. ලොව වේගවත්ම සත්ත්වයා චීටා ය.එවැනි සතුන් පහක එකමුතුවක් යනු එය ලොව වේගවත්ම එකමුතුව ද වන්නේ ය.

    "මේ පිරිමි චීටා පස් දෙනාගේ එකමුතුව ලොව ප්‍රථම එවැනි එකමුතුව ලෙස තමයි සැලකෙන්නේ.එදා අපි ගොඩබසින විට, ඔවුන් 'තලේක්' ගඟේ අනෙක් පැත්තේ සිරවී සිටින බව අපි දැන ගත්තා. මේ ගමනේ දී අපට ඔවුන්ව දැකීමට නොහැකි වෙයි කියලා තමයි ආරංචි වුනේ. අපි ආවේම උන්ව බලන්න. නමුත් මේක ඇහුවාම අපිට පුදුම දුකක් ඇති වුණා.

    අපිට හිටියා පුදුමාකාර මඟ පෙන්වන්නෙක්.ඇත්තට එයා අපේ මිතුරෙක්. ඒ මාතිරා බුෂ්කැම් එකේ ඇන්ටනි ටිරා.එයාට දෙවැනි ආරංචි වුණා "ටැනෝ බෝරා" කල්ලිය 'තලේක්' ගඟට ළං වන බව.
    ඒ වනවිටත් අපි හිටියේ සිංහයන් සමුහයක් බලන ගමන්.මේ ආරංචිය ආවාම අපි හිතුවා සිංහයන්ගේ ආඩම්බර බැලුවා ඇති කියලා.ඒ නිසා එය අත හැර අපි ගඟ දෙපස බලන්න ගියා.

    ගං දිය හරිම සැරයි. චීටලා එවැනි වතුරක් තරණය කරයි කියලා හිතන්නත් අමාරැයි. ඇත්තටම අපි හිටියේ බලාපොරොත්තු අත හැරලා.
    ඔය අතරවාරේ අපි ඒ චිටලා පස් දෙනාම දැක්කා. ඔවුන් ගඟේ එහා ඉවුරේ ඉදන් මුර සංචාරය කරනවා. කොතනින් ද මාරැ වෙන්නේ කියලා. ඒ චීටලා පස්දෙනා දෙස අපි පැය ගණනක් බලා සිටියා. ඔවුන් අනෙක් ඉවුරේ ඉහළට හා පහළට යනවා. මාරැ වෙන්න විදියක් නැතුව. එදා සවස් වනවිට අපි බලාපොරොත්තුව අත හැරියා. දැන් අපි ආපහු යන්න හදන්නේ. ඒ වේලාවේ හදිසියේම නායක චීටා ජලයට පැන්නා.හරියට අපිට යන්න එපා කියන්න වගේ.

    241311284_998244164081040_2364961881886879256_n.jpg


    ඔහු පසුපස තවත් තිදෙනෙක් පැන්නා. දැන් හතරක් මහ සැඩ පහර මැද.ඇත්තටම අපි ගල් පිළිම වගේ බලා ගෙන හිටියා. ලෝකයක් ආදරය කරන මේ සත්තු අපි ඉස්සරහා පිටම නැති වෙයි ද කියලා විශාල බයක් අපිට ඇති වුණා. පස්වැනියා තවමත් ගොඩ. ඒත් තවත් ටිකක් වෙලා යන කොට එයාත් වතුරට පැන්නා. එයා තරමක් පස්සෙන් ආපු නිසයි, එයා මේ ඡායාරෑපයේ නැති වුනේ.

    240769985_998244360747687_2505231307006217052_n.jpg


    ඔවුන් ගොඩ වුනේ හරිම විද්‍යාත්මක ක්‍රමයකට. වතුරත් එක්ක පහළට යන ගමන්ම අපි ඉන්න ඉවුරට කිට්ටු කළා. ඒ රළු ජල පහරේ මීටර් 100 ක් පමණ ඒ විදියට ඔවුන්ව පහළට ගසාගෙන ගියා. අන්තිමේ ඔවුන් ගොඩබිමට ළඟා වුණා. ඔවුන් ගඟ තරණය කරන තුරැම අපි හිටියේ පුදුම තිගැස්මකින්. එකෙක් ඇත්තෙන්ම තත්පර 10-15 අතර කාලයක් වතුරේ නොපෙනි ගියා. අපි හිතුවේ එයා ඉවරයි කියලා. නමුත් එක පාරටම එයත් ආයි මතු වුණා. අපේ ඇස්වලට කඳූළු ආවා.
    අවසානේ ඔවුන් සියලු දෙනාම ආරක්‍ෂිතව අපි හිටපු ඉවුරට ගොඩ වුණා.
    එය අදහ ගන්නත් අමාරැයි. ඒ සතුට සමරන්න අපි එකිනෙකා වැළඳ ගත්තා. ඇත්තට අපේ ඇස්වලින් කඳුළු වැටුනේ අපිටත් නොදැනීම." ඇය කියා ගෙන යන අතරතුර දී ද හැගුම් බර වූවා ය.
    "ඔවුන්ගේ මුහුණූවල පුදුම හැඟිම් ප්‍රකාශනයක් ඒ ඡායාරෑපයේ තිබෙනවා." මම ඇයට කීවේමි.
    "ඔව් ඇත්ත.නායක චීටාගේ හැගිම් හරිම ප්‍රබලයි.ඡායාරෑපය ගනීද්දී ඒ ඇස් මට කතා කළා.
    'අනේ ඔය කැමරාව පැත්තකින් තියලා අපට උදව් කරන්න' වගේ කතාවක් තමයි ඒ ඇස් මට කිව්වේ.
    ඒක ඇත්තටම මට හොඳටම දැනුණා." බුද්ධිලිනි කීවා ය.සැබැවින්ම ඒ ඇස් මාර ය.

    බුද්ධිලිනිගේ මේ ඡායාරෑපය දුටු දිනම එය මේ තරගය ජය ගනු ඇතැයි මට සිතිණී. මම ඒ බව මෙන්ඩිස් වික්‍රමසිංහට සේම රැක්ෂන් ජයවර්ධනට ද කී බව මම බුද්ධිලිනිට මේ මොහෙතේ කීවේ ය.
    "මට රැක්ෂන් කතා කළා.මේක මේ තරගයට දාන්න කියලා ඔහු මට කිව්වා.ඇත්තටම ඔහුට ස්තුති කළ යුතුයි" ඇය නිහතමානීව කියා ගෙන ගියා ය.එලෙසම ඇයගේ වනජීවී මග පෙන්වන්නාට සේම සිය සැමියාට ඇය ස්තුති කරන්න අමතක නොකළා ය.
    මේක මේ තරගයෙන් නිල වශයෙන් නිවේදනය කරන කන් ප්‍රසිද්ධ කරන්න එපා කියලා පනිවුඩයක් එවලා තිබුනා. ඇත්තටම එකටත් ස්තුතියි.ඇය අවසන් වශයෙන් කීවා ය.
    'මසායි මාරාවම' තැති ගන්වන ඒ චීටලා ඔබ මෙය කියවන මොහොතේ ද එක්ව ගොදුරකට ළංවනවා විය හැකි ය.

    241015022_998244214081035_7205590307414831302_n.jpg


    239635723_998244304081026_9132551091157077140_n.jpg


    240929875_998244090747714_6773185488218863446_n.jpg


    241213892_998244344081022_2044596521393104360_n.jpg


    240765060_998244267414363_7349046434915912389_n.jpg


    උපුටා ගැනීම මුහුනු පොතෙන්
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,328
    113
    It's one of the greatest spectacles on the Earth to watch. The mass migration & the river crossing. Mid September is the best time to see it from Masai Mara, Kenya. A few years ago we stayed at the Mara Sopa Lodge for four days, which is located inside the reserve, starting on the 14th September. We were really lucky and didn't miss out on anything. Plenty of Lions, Lion cubs, Cheetahs running alongside the Jeep - they are trying to catch Impalas and the Gazelles - but it's not really easy to catch them either. Impalas stay in a group and while grazing one of them watches the surroundings. They signal using sound and their wagging frequency of their tails and before the Cheetah arrives they are on the run. Cheetahs are beautiful to watch when they run. Once they miss the prey, they climb up to a high position on a rock and wait for another chance.
    Got fed up with lions... They always have many lionesses surrounding them and only good at sleeping and one other thing. :P It's the lioness that protects the cubs and trains them.

    There are many things to see in Africa. Lake Nakuru... Unbelievable - Hundreds of thousands of Flamingoss, but again the timing matters. After we travelled, several other friends went, but not in September and they never saw any Flamingos.

    Once you visit Kenya, do Zambia & Zimbabwe. The majestic Victoria Falls. You can see it from both sides Zambia & Zimbabwe. Just 40km away from Victoria Falls lies a small town named Kazungula. Four countries meet here just across a river, Zambia, Zimbabwe, Namibia & Botswana. Ferry is available to cross to Botswana (now there should be bridge supposedly due to finish in 2021) Botswana is a rich country - Diamonds. The Okavango Delta is not to be missed here. It's a wildlife paradise both dry and wet - and where the first humans originated.

    Africa is a totally different experience at least once in a lifetime. Honesty you will not visit any other wildlife places, once you visit Africa.
     
    • Like
    Reactions: NRTG