A/L results delayed

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    The release of the GCE A/L results are expected to be further delayed as the Examinations Department is still to finalise the Z-score formula on the marks obtained by candidates, an examination department spokesman said today.

    “The delay is cause to the fact that the GCE A/L examination held last August had to be held under two syllabuses and therefore the department had to mark answer papers in two levels,” the spokesman added.

    He said every effort is being taken to release the results by the end of next week. (SAJ
    :D:D

    Daily Mirror:D
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,653
    20,934
    113
    divaina ....................... dailymirror wage ena dawasak nam dala naha

    /පෙළ ප්‍රතිඵල ගැන ඊයේත්
    අවසන් තීරණයක්‌ නොගනිති

    නිලන්ත මදුරාවල


    උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඊයේ (07 වැනිදා) පැවැති සාකච්ඡාවේදී අවසන් තීරණයක්‌ ගැනීමට නොහැකි වී තිබේ.


    සිසුන්ට අසාධාරණයක්‌ නොවන අයුරින් විශ්වවිද්‍යාල ප්‍රවේශ ක්‍රමවේදය සකස්‌ කිරීම සඳහා පත් කළ කමිටුව විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතා සමග හෙට (09 වැනිදා) සාකච්ඡා කර අවසන් තීරණයක්‌ ගැනීමට නියමිත බව උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා "දිවයින" ට ඊයේ (07 දා ) පැවසීය.


    උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට එම අමාත්‍යාංශ ලේකම්වරයා ද විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ. ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කරන ලද ඉහත කමිටු සාමාජිකයෝ මෙම සාකච්ඡාවට එක්‌ව නොසිටියහ. එම කමිටුව විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා සමග සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු බවට ඊයේ (7 දා) තීරණය විය. හෙට එම සාකච්ඡාව පැවැත්වෙන්නේ ඒ අනුවය.


    ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක්‌ උද්ගතව ඇත්තේ නව හා පැරැණි වශයෙන් විභාග දෙකකට සිසුන් පෙනී සිටීම නිසාය.