Aaanduwe dooshana thiyanawa." Pavithra - Udaya Gammanpila piligani. -Sirasa Satana

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
Aaanduwe dooshana thiyanawa." Pavithra - Udaya Gammanpila piligani. -Sirasa Satana

"Aaanduwe dooshana thiyanawa."
Pavithra - Udaya Gammanpila
piligannawa.
Sirasa Satana
09 -01-2010


Menna Mahindage prakaashaya.
‘මගේ අතේ ෆයිල් තියෙනවා.
මේ අය කරපු දේවල් ගැන, මම ඒවා එළියට දාන්නේ නැහැ.
මොකද අවුරුදු 4 ක්‌ උදේ ඉඳන් රෑ වෙනකම් එකට වැඩකරපු අය. එකට කාපු අය මට එහෙම කරන්න බැහැ.
උතුරු මැද පළාතේ බැංකුවල වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවැති හමුවේදී
හා අනුරාධපුරය, මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිව්, කිලිනොච්චිය යන ප‍්‍රදේශවල ව්‍යාපාරිකයන්, ගොවි නියෝජිතයන් සමග
අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී පසුගියදා පැවැති හමුවකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙසේ පැවසීය.

 
Last edited:
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
:yes:




‘මගේ අතේ ෆයිල් තියෙනවා. මේ අය කරපු දේවල් ගැන, මම ඒවා එළියට දාන්නේ නැහැ. මොකද අවුරුදු 4 ක්‌ උදේ ඉඳන් රෑ වෙනකම් එකට වැඩකරපු අය. එකට කාපු අය මට එහෙම කරන්න බැහැ.‘ උතුරු මැද පළාතේ බැංකුවල වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවැති හමුවේදී හා අනුරාධපුරය, මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිව්, කිලිනොච්චිය යන ප‍්‍රදේශවල ව්‍යාපාරිකයන්, ගොවි නියෝජිතයන් සමග අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී පසුගියදා පැවැති හමුවකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙසේ පැවසීය. මේ ෆයිල් හෙවත් ලිපි‍ ගොනු මොනවාද? ඒවායේ සඳහන් ‘මේ අය කරපු දේවල්‘ මොනවාද? සොරකම්, වංචා, දූෂණ, අපචාර හා මිනීමැරුම් වැනි අපරාධ ද? එසේ නම් ඒවා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා එම ලිපිගොනු අදාළ අංශවලට යොමු නො කිරීමෙන් ජනාධිපතිවරයා ද එම අපරාධ සඳහා සහාය වෙමින් අපරාධයක නියැලෙනවා නේද?


දූෂණ පිළිබඳ කළ යුතුව තිබෙන්නේ විවාද නොව පරීක්ෂණ හා නීතිය ක‍්‍රියාත්මක කිරීමයි. එසේ සිදු නොවේ නම් රටේ නීතියේ ආධිපත්‍යයක් හා යහපාලනයක් නැති බව ඔප්පු වේ. දැන් සිදු වන්නේ දූෂණයේ යෙදෙමින්, බලය පාවිච්චි කර ඒවා සගවා ගනිමින්, ‘පුළුවන් නම් අපේ දූෂණ ඔප්පු කරපල්ලා,‘යි අභියෝග කිරිමයි. ආණ්ඩුව මේ වන විට රාජ්‍ය බලය හා පොදු දේපල උපරිම අන්දමින් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රචාරක ව්‍යාපාරය සඳහා යොදා ගනිමින් උපරිම අන්දමින් මැතිවරණ දූෂණයේ යෙදී සිටින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පමණක් නොව පරමාධිපත්‍යය හිමි යයි කියන ජනතාවට ද ඔලොක්කු කරමිනි. සියලූ ජංගම දුරකථන ග‍්‍රාහකයන්ගේ පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් මහජන මුදලින් හෝ වෙනත් වංචනික ආකාරයකින් අනවසර කරදරකාර එස්. එම්. එස්. පණිවුඩ හෙවත් එවීම හෙවත් ‘ස්පෑම් කිරීම‘ දක්වා ම මේ දූෂණ විහිදී තිබේ. රාජ්‍ය මාධ්‍ය මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රචාරය සඳහා යොදා ගැනීම, ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ප‍්‍රචාරක රැස්වීම් පැවැත්වීම, පොලිසිය බලා සිටිද්දී මාර්ගයේ ධාවනය වන වාහන හා පදිකයන්ට ද හිරිහැර සිදු වන සේ ප‍්‍රචාරක පුවරු එල්ලීම, විරුද්ධවාදීන් මර්දනය කිරීම ආදිය මේ දූෂණ හා නීති විරෝධී ක‍්‍රියා අතරින් සමහරක් පමණි.
 
Last edited: