ABS ක්‍රියාකාරිත්වය

nuwanc1

Active member
  • Mar 21, 2017
    35
    113
    33

    ABS ක්‍රියාකාරිත්වය සරලව හදුනා ගැනීම මෙමගින් බලපොරොත්තුවෙ.
    මෙහිදි මාතෘකා කිහිපයක් යටතේ ABS පද්දතිය පිලිබදව සාගච්චා කරනු ලබයි.

    1. Purpose
    2. ABS Function
    3. System Construction
    4. Slip Ratio
    5. Operation
    6. Sensor
    7. Safety Precaution

    1. Purpose
    ABS පද්ධතියක් මෝටර් රථයකට යෙදීමෙන් බලාපොරොත්තු වන්නාවූ ප්‍රධාන කාර්යයන් 4 ක් පවති.

    1. රථය පොලව මතුපිට ලිස්සායාමකට ලක් නොවන ආකාරයෙන් නතර කර ගැනීම.
    2. තිරිංග යොදන අතරතුරෙහිද සුක්කානම් පාලනය (Steering Control) පවත්වා ගැනීම.
    (සුක්කානම් පාලනය යනු තිරිංග යොදන අතරතුරෙහිද සුක්කානම ආධාරයෙන් රථය පාලනය කිරීමේ හැකියාව වේ. එනම් අනතුරක් සිදුවන අවස්ථාවකදී රියදුරා විසින් තිරිංග යෙදීමට අමතරව සුක්කානම ආධාරයෙන් රථය බාධකයෙන් ඉවතට ගැනීමේ උත්සහයකද යෙදේ. මෙය අනතුරක් වලක්වා ගැනීමට අවශය කරන තවත් වැදගත් සාධකයකි. ABS නොමැති රථයක මෙම හැකියාව නොමැත. එයට හේතුව නම් රියදුරා විසින් සුක්කානම ආධාරයෙන් රෝද හැරවීමක් සිදුකලද රෝද සිරවී ඇත්නම් රථය, රියදුරාට අවශ්‍යය දිශාවට ගමන් කරවීමට නොහැකි වීමයි)

    3. රථයේ ස්ථායිතාවය පවත්වාගැනීම
    (යම් හෙයකින් රෝද සිරවීමකට ලක්වූයේනම් රථය පොලව මත ඇදී යාමෙදී රෝද හතර මත ඝර්ශණ අවස්ථා හතරක් ක්‍රියාත්මක වියහැක. එවිට වැඩිම ඝර්ශණයක් ඇති රෝදය වටා ගුර්ණයක් ඇතිවීමේ හැකියාවක් පවති. ABS පද්දතිය මගින් මෙම අවාසිය වලක්වා ඇත)

    4. අඩුම දුරකින් රථය නවත්වා ගැනීම.
    (ABS පද්දතියක් සහිත රථයක් ABS නොමැති රථයකට වඩා අඩු දුරකින් නතර වීමේ හැකියාවක් ඇත. එයට හේතුවනම් ABS සහිත රථය වැඩිම ඝර්ශන අවස්ථාවකට ලක්වීම වේ. රෝදය ලිස්සා යාමත් සමගම Brake නිදහස් කරන බැවින් හා දිගින් දිගටම මෙම ක්‍රියාවලිය සිදුවීම මගින් රෝද වැඩිම සීමකාරි ඝර්ශන අවස්තා සංඛ්‍යාවකට ලක්වේ)



    2. ABS Function
    ABS (Antilock Brake System) යන මුලික නාමයෙන්ම එහි ක්‍රියාකාරිත්වය පිළිබදව යම් අදහසක් ලබාගත හැක. එනම් -Antilock- රෝද සිරවීම වැලැක්වීම මෙමගින් සිදු කරනු ලබයී.රෝද සිරවීමකදී රථයකට සිදුවිය හැකි අවාසි කිහිපයක් ම පවතී. එනම් රොද සිරවී රථය ලිස්සයමක් සිදුවීම හේතුවෙන් රථයේ ස්ථයී බව (Stability) අහිමිවීම, සුක්කනම් පාලනය (Steering Control) අහිමිවීම, රථය නතර වීමට ගතවන දුර (Stopping distance) හා කාලය වැඩි වීම ආදිය දැක්විය හැක. එ බැවින් එම අවාසි මගහැරවා ගැනීම සදහා රොද සිරවීම වැලක්වීමට ක්‍රමයක් ABS පද්දතියේ යොදා ඇත. එනම් යම් රෝදයක් සිර වීමකට ලක්වුයේ නම් එම රෝදයෙහි Brake වහාම නිදහස් කිරිමයි. එවිට නැවතත් සිර වු රෝදය කරකැවීමට ලක් වීමෙන් රථය පොලව මතුපිට ලිස්සායාම වැලකී යයි. එමෙන්ම මෙලෙස Brake නිදහස් කරනු ලබු රෝදය නැවත කරකැවෙනවාත් සමගම නැවතත් එම රෝදයට Brake Apply කිරීම මෙම පදිධතිය මගින් සිදුකරනු ලබයි. මෙම ක්‍රියාවලිය තප්පරයට 11 වතාවක් පමණ සිදුවේ. එනම් යම් රෝදයක් සිරවීමකට ලක්වූයේ නම් එම රෝදයට කඩින් කඩ තිරිංග යෙදීමක් ABS ක්‍රමයේදී සිදුකරනු ලබයි. එබැවින් මෙම ABS ක්‍රමය හේතුවෙන් යම් රථයකට ඉහත සදහන් අවාසි මගහැර ගනිමින් අඩු දුරකින් ආරක්ෂාකාරීව නතරකර ගැනීමෙ අවස්ථාව හිමිවේ.



    3. System Construction
    පහත රූප සටහනින් දක්වා ඇත්තේ ABS නොමැති රථයක Brake පද්ධතියේ පිහිටීම වේ.

    මෙම රූප සටහනින් ABS පද්ධතියක් සහිත රථයක කොටස් පිහිටීම දක්වා ඇත.

    පහත රූප සටහනින් ABS පද්ධතියට අදාල වන්නා වු කොටස් පිහිටන සත්‍යය ස්ථාන දක්වා ඇත.




    4. Slip Ratio
    ABS පද්ධතිය පිලිබදව සැලකීමේදී Slip Ratio යනු සාගච්චා කළයුතු වැදගත් මාතෘකාවකි.
    Slip Ratio යන්නෙන් අදහස් කරණු ලබන්නේ රෝදය පොළව මතුපිට කොපමණ ප්‍රතිශතයකින් ලිස්සා යනවාද යන්නයි. එනම් ABS සහිත රථයක් වුවද යම් ප්‍රතිශතයකට අදාලව පොළව මතුපිට යම් ලිස්සායාමක් පවති.

    යම් රථයක් තිරිංග යෙදීමෙන් අනතුරුව රෝද සිරවීමෙන් දිගින් දිගටම පොළව මතුපිට ලිස්සා යන්නේ නම්, එම රථය තිරිංග යෙදීමෙන් අනතුරුව ගමන් කල මුළු දුරම ගමන් කර ඇත්තේ ලිස්සා යාම හේතුවෙන් බැවින් එවැනි තිරිංග යෙදීමක Slip Ratio අගය 100% ලෙස දැක්විය හැක.
    (ABS නොමැති රථයක මෙය සිදුවේ. මෙලෙස Slip Ratio අගය 100% වු අවස්ථාවකදී රෝද සිරවීම හේතුවෙන් රථය ලිස්සායාම ඇතුලු ඉහත සදහන් සියලු අවාසි සිදුවේ.)

    යම් රථයක් තිරිංග යෙදීමෙන් අනතුරුව රෝද සිරවීමකින් තොරවම ගමන් කර නතර වුයේනම් එවැනි අවස්තාවක Slip Ratio අගය 0% ලෙස දැක්විය හැක.
    (නමුත් මෙවැනි අවස්ථාවකදි ඇති එකම අවාසිය නම් රථය නතරවීමට වැඩි දුරක් හා කාලයක් ගතවීමයි.)

    එබැවින් රථයක් අඩුම දුරකින් හා අඩුම කාලයකින් ආරක්ෂාකාරීවම නතර වීමට අවශ්‍යය කරන්නා වු Slip Ratio අගය නිශ්පාදකයින් විසින් පරික්ෂණාත්මකව ගණනය කර ඇත. එම අගය 8%-35% අතර අගයක් ගනි.
    (එක් එක් නිශ්පාදකයාගේ සහ එක් එක් Model වල Slip Ratio අගය එකිනෙකට වෙනස් වු අගයක් ගනී. නමුත් ඒ සෑම අගයක්ම මෙම පරාසය තුල පවතී.)
    එබැවින් Slip Ratio අගය නියමිත පරාසය තුල පවත්වා ගැනීම ABS පද්ධතියේ කාර්යය වේ.


    5. Operation

    ABS පද්ධතියක් පරිගණකයක් (E.C.U) හා Actuator ආධාරයෙන් පාලනය වන අයුරු සරලව ඉහත රූපසටහනින් දක්වා ඇත. ABS පද්ධතියක ක්‍රියාකාරීත්වය සදහා පරිගණකයක් (E.C.U) හා Actuator අත්‍යාවශය වේ.

    E.C.U
    පරිගණකයෙහි (E.C.U) ක්‍රියාකාරීත්වය ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදා වෙන්කොට දැක්විය හැක. එනම් ගණනය කිරීම (Calculation), පද්ධතිය පාලනය කිරීම (System Controlling), සහ තම පද්ධතියේ දෝෂයක් ඇතිද යන්න තමා විසින්ම පරික්ෂාකිරීම (Self Diagnosis) වේ.
    පහත රූප සටහනින් එය තවත් පැහැදිලි වේ.

    Actuator
    Actuator එක යනු පරිගණකය විසින් තමාට අවශ්‍යය පරිදි ABS පද්ධතිය පාලනය කිරීම සදහා යොදාගනු ලබන ඒකකය වේ. මෙහි පරිගණකය මගින් පාලනය වන්නාවු Solenoid පිහිටවා ඇති අතර ඒවා ආධාරයෙන් පරිගණකය මගින් ABS පද්ධතිය පාලනය කරනු ලබයි.

    Actuator එකක කොටස් කරන ලද රූපසටහනක් පහතින් දක්වා ඇත.

    ABS පද්ධතියක් පමනක් ඇති Actuator එකක් තුල පවතින Hydraulic Diagram එකක් පහතින් දක්වා ඇත.

    මෙහි P අකුරින් Pump දක්වා ඇති අතර M අකුරින් Motor දක්වා ඇත. මෙම පද්ධතිය සදහා Pump හතරක් රූපසටහනේ පෙන්නුම් කලද පොදුවේ දෙකකට එක බැගින් Pump දෙකක් ඇත. Pump සියල්ලටම පොදුවේ Motor ඇත්තේ එකක් පමණි.

    වැඩි විස්තර සඳහා මෙතන click කරන්න