Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ABS Break
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්තමාන සමාජයේ තරුණයින් බොහොමයක් තමාට මෝටර් රථයක් තිබේ නම් එහි සයිලන්සර් කට වෙනස් කර මෝටර් රථයෙන් පිටවන ශබ්දය එහෙමත් නැත්නම් beat එක වෙනස් කර අධික වේගයෙන් ගමන් කිරීමට විලාසිතාවක් කරගෙන.

මෙහෙම වේගයෙන් වාහනයක් පදිනවනම් සැලකිය යුතු කරුණු කිහිපයක් තියෙනවා.

ඉන් එකක් තමයි ABS තිරිංග පද්ධතිය.ABS තිරිංග පද්ධතියක් පලමු වරට නිෂ්පාදනය වූයේ ගුවන් යානා සඳහායි. ඒ 1929 ප්‍රංෂ වාහන හා ගුවන්යානා නිර්මාපකයෙකු වූ ගේබ්‍රියල් වයොසන් විසිනුයි. මෙය යාන්ත්‍රික පද්ධතියක් වූ අතර, ජව රෝදයක් මගින් ක්‍රියාත්මක විය.

ඉන් පසු මෙය ගුවන් යානා සඳහා භාවිත වුවද මෝටර් වාහන සඳහා භාවිත වීමට ආරම්භ වූයේ 1960 පසුවයි. Ferguson P99 රේසින් කාරය, Jensen FF, ෆොර්ඩ් Zodiac යනාදී මෝටර් වාහන වල භාවිත කලද එය ජනප්‍රිය නොවූයේ නිෂ්පාදනයට වැය වු මිල අධික වීම හා ප්රායේගික ගැටළු හේතුවෙනි.

කෙසේ නමුත් වර්තමානයේ නිපදවෙන සෑම මෝටර් වාහනයකම පාහේ ABS තිරිංග පද්ධතියක් සහිතව නිෂ්පාදනය කරනු ලබයි.

ABS යන සංකේත නාමයේ අර්ථය Anti-lock Braking Syatem ලෙස හඳුන්වයි.

එනම් වාහනයේ රෝද ස්ථිරව හිර වීමකින් තොරව තිරිංග යෙදවීමට හැකි තිරිංග පද්ධතිය යන්නයි.

මෙම ක්‍රමය මගින් මෝටර් වාහනයක තිරිංග ක්‍රියාකාරිත්වය ඉතා ආරක්ෂාකාරීව, කෙටි කාල පරාසයකින් ඉටු කර ගැනීමට හැකියාව ලැබෙයි.

මෙහිදී තිරිංග ක්‍රියාත්මක කළ විගසම මෝටර් වාහනයේ සියලුම රෝද වෙත තිරිංග ක්‍රියාත්මක වී රෝද හිරවීමක් හෙවත් ලොක්(Lock) වීමක් සිදු වේ.

තිරිංග පැඩලය සෙමින් පාගමින් වාහනය සෙමින් නවතා ගන්නා අවස්තා වලදි නම් රෝද වල හිර වීම ක්ෂණිකව සිදු නොවන අතර වාහනය සම්පූර්ණයෙන් නවතා ගැනීමට වැඩි කාලයක් ගත වේ.

එහෙත් වාහනය ක්ෂණිකව නවතා ගැනීමට අවශ්‍ය වූ විට ඉතා කෙටි කාලයක් තුලදී වාහනයේ තිරිංග ක්‍රියාත්මක වී රෝද හිර වීම සිදු වේ.

මෙසේ එකවරම වාහනයේ රෝද හිර වීම නිසා වාහනයේ රෝද හා මාර්ගය අතර පවතින සම්බන්ධතාව හෙවත් ඝර්ෂණය ගිලිහී යාම හේතු කොටගෙන වාහනය මාර්ගය මත ලිස්සා යාමට පටන් ගනී.

මේ හේතුවෙන් වාහනයේ පාලනය රියදුරා අතින් ගිලිහී යයි. එබැවින් වාහන අනතුරු ඇතිවීමේ හැකියාව වැඩිවේ.වංගු සහිත මාර්ගයකදී නම් මෝටර් වාහනය ඉක්මනින් මාර්ගයෙන් ඉවතට විසි වීම සිදු විය හැක.

විශේෂයෙන්ම දෘඩ තිරිංග යෙදීම් වලදී මේ අකාරයට සිදුවන මෝටර් වාහනයේ පාලනය ගිලීහීම හා මෝටර් වාහනය මාර්ගයෙන් ඉවතට විසි වීම වලක්වා, රියදුරු පාලනයට කීකරුව ඉතා අඩු කාලයකින් මෝටර් වාහනය ආරක්ෂාකාරීව නවත්වා ගැනීමට ABS තිරිංග ක්‍රමය නිසා හැකියාව ලැබී ඇත.

ABS පද්ධතියක් ප්‍රධාන උපාංග 4කින් සමන්විත වේ. ඒවා නම්

1. වේග ස්ංවේදක - Speed sensors

වාහනයේ එක් එක් රෝදය කැරකෙන වේගය කුමක්ද යන්න ඉලෙක්ට්‍රොනික පාලක ඒකකයට ලබා දීම සඳහා මෙය යොදා ගනු ලබයි.

2. වෑල්ව - Valves

සාමාන්‍ය තිරිංග පද්ධතියක ද අපට වෑල්ව දැක ගත හැකිය. මේවා බොහෝවිට වාහනයේ ඉදිරිපස හා පසුපස රෝද වලට වෙන වෙනම හයිඩ්‍රොලික් සැපයුම ලබා දීම සඳහා මාස්ටර් පොම්පය සමග පිහිටනු ලබයි.

3. පොම්පය - Pump

වෑල්වයක් හරහා හයිඩ්‍රොලික් පීඩනය මුදා හැරිය පසු නැවත වෙනත් වෑල්වයක්ට හයිඩ්‍රොලික් පීඩනය ලබා දීමට අවශ්‍ය පීඩනය උත්පාදනය කිරීමට මෙය ABS පද්ධතියට සම්බන්ධ කොට ඇත.

4. ඉලෙක්ට්‍රොනික පාලක ඒකකය - ECU (electronic control unit)

තිරිංග යෙදූ පසු රෝද වල වේගය මැන බලා ඊට අදාලව රෝද වෙත හයිඩ්‍රොලික් පීඩනය යැවීම හා නිදහස් කිරීම සඳහා නිර්මාණය කරඇති ඉලෙක්ට්‍රොනික උපාංග සහිත කොටසකි.

වාහනයේ බර, ගමන්කල හැකි වේගය, නිෂ්පාදක සමාගම වැනි කරුණු අනුව මෝටර් වාහනයක සවිකරන ABS පද්ධතියේ වර්ගය එකිනෙකට වෙනස් වේ.

Source : Facebook

[QUOTE="heenputha, post: 17338036, member: 313147"] වර්තමාන සමාජයේ තරුණයින් බොහොමයක් තමාට මෝටර් රථයක් තිබේ නම් එහි සයිලන්සර් කට වෙනස් කර මෝටර් රථයෙන් පිටවන ශබ්දය එහෙමත් නැත්නම් beat එක වෙනස් කර අධික වේගයෙන් ගමන් කිරීමට විලාසිතාවක් කරගෙන. මෙහෙම වේගයෙන් වාහනයක් පදිනවනම් සැලකිය යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඉන් එකක් තමයි ABS තිරිංග පද්ධතිය.ABS තිරිංග පද්ධතියක් පලමු වරට නිෂ්පාදනය වූයේ ගුවන් යානා සඳහායි. ඒ 1929 ප්‍රංෂ වාහන හා ගුවන්යානා නිර්මාපකයෙකු වූ ගේබ්‍රියල් වයොසන් විසිනුයි. මෙය යාන්ත්‍රික පද්ධතියක් වූ අතර, ජව රෝදයක් මගින් ක්‍රියාත්මක විය. [IMG]http://colomboweek.com/images/tt.jpg[/IMG] ඉන් පසු මෙය ගුවන් යානා සඳහා භාවිත වුවද මෝටර් වාහන සඳහා භාවිත වීමට ආරම්භ වූයේ 1960 පසුවයි. Ferguson P99 රේසින් කාරය, Jensen FF, ෆොර්ඩ් Zodiac යනාදී මෝටර් වාහන වල භාවිත කලද එය ජනප්‍රිය නොවූයේ නිෂ්පාදනයට වැය වු මිල අධික වීම හා ප්රායේගික ගැටළු හේතුවෙනි. කෙසේ නමුත් වර්තමානයේ නිපදවෙන සෑම මෝටර් වාහනයකම පාහේ ABS තිරිංග පද්ධතියක් සහිතව නිෂ්පාදනය කරනු ලබයි. ABS යන සංකේත නාමයේ අර්ථය Anti-lock Braking Syatem ලෙස හඳුන්වයි. එනම් වාහනයේ රෝද ස්ථිරව හිර වීමකින් තොරව තිරිංග යෙදවීමට හැකි තිරිංග පද්ධතිය යන්නයි. මෙම ක්‍රමය මගින් මෝටර් වාහනයක තිරිංග ක්‍රියාකාරිත්වය ඉතා ආරක්ෂාකාරීව, කෙටි කාල පරාසයකින් ඉටු කර ගැනීමට හැකියාව ලැබෙයි. මෙහිදී තිරිංග ක්‍රියාත්මක කළ විගසම මෝටර් වාහනයේ සියලුම රෝද වෙත තිරිංග ක්‍රියාත්මක වී රෝද හිරවීමක් හෙවත් ලොක්(Lock) වීමක් සිදු වේ. තිරිංග පැඩලය සෙමින් පාගමින් වාහනය සෙමින් නවතා ගන්නා අවස්තා වලදි නම් රෝද වල හිර වීම ක්ෂණිකව සිදු නොවන අතර වාහනය සම්පූර්ණයෙන් නවතා ගැනීමට වැඩි කාලයක් ගත වේ. එහෙත් වාහනය ක්ෂණිකව නවතා ගැනීමට අවශ්‍ය වූ විට ඉතා කෙටි කාලයක් තුලදී වාහනයේ තිරිංග ක්‍රියාත්මක වී රෝද හිර වීම සිදු වේ. මෙසේ එකවරම වාහනයේ රෝද හිර වීම නිසා වාහනයේ රෝද හා මාර්ගය අතර පවතින සම්බන්ධතාව හෙවත් ඝර්ෂණය ගිලිහී යාම හේතු කොටගෙන වාහනය මාර්ගය මත ලිස්සා යාමට පටන් ගනී. [IMG]http://colomboweek.com/images/Peugeot_Bipper_Tepee_ABS.jpg[/IMG] මේ හේතුවෙන් වාහනයේ පාලනය රියදුරා අතින් ගිලිහී යයි. එබැවින් වාහන අනතුරු ඇතිවීමේ හැකියාව වැඩිවේ.වංගු සහිත මාර්ගයකදී නම් මෝටර් වාහනය ඉක්මනින් මාර්ගයෙන් ඉවතට විසි වීම සිදු විය හැක. විශේෂයෙන්ම දෘඩ තිරිංග යෙදීම් වලදී මේ අකාරයට සිදුවන මෝටර් වාහනයේ පාලනය ගිලීහීම හා මෝටර් වාහනය මාර්ගයෙන් ඉවතට විසි වීම වලක්වා, රියදුරු පාලනයට කීකරුව ඉතා අඩු කාලයකින් මෝටර් වාහනය ආරක්ෂාකාරීව නවත්වා ගැනීමට ABS තිරිංග ක්‍රමය නිසා හැකියාව ලැබී ඇත. ABS පද්ධතියක් ප්‍රධාන උපාංග 4කින් සමන්විත වේ. ඒවා නම් 1. වේග ස්ංවේදක - Speed sensors වාහනයේ එක් එක් රෝදය කැරකෙන වේගය කුමක්ද යන්න ඉලෙක්ට්‍රොනික පාලක ඒකකයට ලබා දීම සඳහා මෙය යොදා ගනු ලබයි. 2. වෑල්ව - Valves සාමාන්‍ය තිරිංග පද්ධතියක ද අපට වෑල්ව දැක ගත හැකිය. මේවා බොහෝවිට වාහනයේ ඉදිරිපස හා පසුපස රෝද වලට වෙන වෙනම හයිඩ්‍රොලික් සැපයුම ලබා දීම සඳහා මාස්ටර් පොම්පය සමග පිහිටනු ලබයි. 3. පොම්පය - Pump වෑල්වයක් හරහා හයිඩ්‍රොලික් පීඩනය මුදා හැරිය පසු නැවත වෙනත් වෑල්වයක්ට හයිඩ්‍රොලික් පීඩනය ලබා දීමට අවශ්‍ය පීඩනය උත්පාදනය කිරීමට මෙය ABS පද්ධතියට සම්බන්ධ කොට ඇත. 4. ඉලෙක්ට්‍රොනික පාලක ඒකකය - ECU (electronic control unit) තිරිංග යෙදූ පසු රෝද වල වේගය මැන බලා ඊට අදාලව රෝද වෙත හයිඩ්‍රොලික් පීඩනය යැවීම හා නිදහස් කිරීම සඳහා නිර්මාණය කරඇති ඉලෙක්ට්‍රොනික උපාංග සහිත කොටසකි. වාහනයේ බර, ගමන්කල හැකි වේගය, නිෂ්පාදක සමාගම වැනි කරුණු අනුව මෝටර් වාහනයක සවිකරන ABS පද්ධතියේ වර්ගය එකිනෙකට වෙනස් වේ. Source : Facebook [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom