Acceptable Use Policy

misty9051

Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    Acceptable Usage Policy/Fair Use Policy ලෙසද හඳුන්වයි.

    aup1.jpg

    සිංහලෙන් ::nerd:
    computer soft-wares & network භාවිතයේදී පිළිපැදිය යුතු මාර්ග Guide Lines/නිර්දේශ හෝ Rules/නීති ඇතුළත් කොට පරිගණක පද්ධතියක හිමිකරු විසින් හෝ service provider කෙනෙකු විසින් සකස් කරන ලද ප්‍රතිපත්තියකි.
    Also,
    කිසියම් වෙබ් අඩවියක්, network 1කක් හෝ System 1කක වැරදි භාවිතයට සීමා පණවන, නිවැරදි භාවිතයට රුකුල් දෙන නීති ඇතුළත් කොට හිමිකරු හෝ කළමනාකරුවෙකු විසින් ඇතිකරන ලද ප්‍රතිපත්තියකි.


    නීති සහ ප්‍රතිපත්ති අතර වෙනස
    සමාජය වෙත යු‍ක්තිය හා සාධාරණත්වය ඉටුකිරීම සඳහා අධිකරණ පද්ධතිය මගින් නීතියක් බලාත්මක කරයි.
    කිසියම් අරමුණකි ඉටු කරගැනීම සඳහා යම් කිසි ආයතනයක් විසින් සකස්කරනු ලබන නීති රීති එකතුවක් ප්‍රතිපත්තියක් වේ.
    ප්‍රතිපත්තිය හැම විටම නීත්‍යානුකූල විය යුතුය.
    හැම ආයතනයකම ඊටම ආවේණික මෙවන් නීත්‍යානුකූල ප්‍රතිපත්ති තිබිය හැක. එහෙත් ආයතනයකට නීති සෑදීම කළ නොහැකිය.
    AUP එකක වැදගත් කම
    පරිගණක පද්ධති, ජාල වල වැරදි භාවිතය වැළැක්වීම සඳහා
    පරිගණක අපරාධ වලින් 80% සිදුවන්නේ අභ්‍යන්තර සාමාජිකයින්ගෙන් නිසා
    AUP එකක් සෑදීමේ පියවර
    AUP එකක් සියලු දෙනාටම තේරෙන පැහැදිලි යෙදුම් සහ භාෂාවකින් ලිවිය යුතුය.
    මෙම ප්‍රතිපත්තිය සැකසීමට පෙර එයින් බලපෑමට ලක්වන සියලු දෙනා පිළිබඳවම සැලකිල්ලට ගතයුතු අතර ඔවුන්ගේ ප්‍රතිචාර මත සුදුසු පරිදි සංශෝධන කළ යුතුය.
    ඉන්පසු ඔබේ AUP එකෙහි අරමුණ කුමක්දැයි තීරණය කරන්න. එයින් සපයන්නේ සාමාන්‍ය මාර්ග නිර්දේශයන් (general guidelines) සහ අපේක්ෂිත දේවල් පමණක්ද?, නැතිනම් එය නීතිමය වශයෙන් බලාත්මක කළ හැකි ලියැවිල්ලක්ද? (මෙම කරුණු දෙක පදනම් වන්නේ ලිවීමේදී භාවිතා කරන වචන සහ වචන භාවිත කරන විලාසය අනුවය).
    මෙය ඔබේ ව්‍යාපාරයේ මෙහෙයුම් ආචාරධර්ම (operational ethics) වල සාරාංශයක් දැක්වෙන ඡේදයකින් කින් ආරම්භ කරන්න. (ව්‍යාපාරයෙන් [ජාලයෙන්,අඩවියෙන්,පද්ධතියෙන්] මූලිකවම සිදුවන්නේ/කරන්නේ කුමක්ද යන්න).

    AUP එකක් ලිවීමේදී සලකා බැලිය යුතු/ආවරණය විය යුතු මූලික අංශ

    පරිගණක ආරක්ෂාව
    තමාගේ ගිණුම හැර වෙනත් ගිණුම් වලට ඇතුළු විය නොහැකි වනසේ පරිශීලකයින්ට බාධා පමුණුවන්න.
    තමන්ගේ මේසයෙන් බැහැර යන අවස්ථාවකදී පරිගණකය අගුලු දමා යා යුතුය. එසේම ආරක්ෂක ක්‍රම බල රහිත කිරීමට, වෙනස් කිරීමට ඇති ඉඩකඩ ඇහිරීම.
    e-mail attachments නිසි ලෙස හසුරුවන්න.
    අවසර නොලත් මෘදුකාංග සහ අවසර නොලත් පරිදි ආයතනික තොරතුරු Removable Media වලට හෝ ජාලයෙන් පිටතට පිටපත් කිරීම් වළකන්න.
    පරිශිලකයින් මුහුණ දෙන ආරක්ෂාව සම්බන්ධ ගැටලු වලදී කටයුතු කළයුතු ආකාරය ගැන පැහැදිලි නිශ්චිත මාර්ගෝපදේශ ඇතුළත් කරන්න.

    අවසර දී ඇති ක්‍රියාකාරකම්
    පරිශීලකයින්ට අවසර දී ඇති ක්‍රියාකාරකම් පැහැදිලිව දක්වන්න. එසේම භාවිතා කර ඇති යෙදුම් පිළිබඳ පැහැදිලි නිර්වචන සපයන්න.

    තහනම් කර ඇති ක්‍රියාකාරකම්
    වැරදි ලෙස e-mail භාවිතය, අසභ්‍යය දේ වැනි කරුණු පිළිබඳව පැහැදිලිව පවසන්න.
    පරිගණක games, සූදු වැනි දේ ඇතුළත් වෙබ් අඩවි පරිශීලනය, නීති කඩවන ආකාරයේ ක්‍රියාකම් යනාදිය පිළිබඳව පැහැදිලිව දක්වන්න. අවශ්‍ය අවස්ථාවලදී නීති එලෙසින්ම උපුටා දක්වන්න.
    රහස්‍ය තොරතුරු බාහිර පුද්ගලයින් අතට පත් නොවන සේ සන්නිවේදනය කිළ යුතු ආකාරය දක්වන්න.
    ලිඛිත අවසරයකින් තොරව ජාලය ආයතනයේ කටයුතු වලින් බැහැර දේ සඳහා යොදාගත නොහැකි බව පරිශීලකයින් දන්නා බව තහවුරු කරගන්න..

    Social Media
    වෙනත් අයෙකුගේ අනන්‍යතාවක් භාවිතා කර යම් යම් දේ Post කිරීම හෝ සාකච්ඡා කිරීම තහනම් කරන්න.
    අවශ්‍යතාවය අනුව එක් එක් අයට භාවිතා කළ හැක්කේ කුමන තොරතුරුද යන බව පැහැදිලිව දක්වන්න. හැමවිටම ආයතනයේ ඵලදායිතාව සහ පුද්ගලික භාවිතය අතර තුලනයක් පවත්වාගැනීමට පරිශීලකයින් පොළඹවන්න.
    Post කළ යුතු දේ සහ නොකළයුතු දේ පිළිබඳ පැහැදිලි මාර්ග නිර්දේශ සපයන්න.

    හොඳ පුරුදු
    Spam කිරීමෙන් වළකින ලෙස දක්වන්න.
    ජාති, ආගම්, ලිංගිකත්වය, වයස, නොහැකියාවන් හා නීතිමය ආරක්ෂාවක් ලබා දී ඇති වෙනත් ඕනෑම දෙයක් පදනම් කොටගෙන කිසිදු අයෙකුට අපසුතාවයන් ඇති නොකළ යුතු බව දක්වන්න.

    සම්පත් භාවිතය
    ජාලයට පුද්ගලික හිමිකාරිත්වය ඇති Laptops යනාදිය සම්බන්ධ කිරීම් පිළිබඳව පැහැදිලි ප්‍රතිපත්ති ඇතුළු කරන්න.

    පරිගණක හිරිහැර
    නීති විරෝධී File Sharing, හිරිහැර හෝ තර්ජනාත්මක දේවල්, phishing, යනාදී නොසලකා නොහරින ක්‍රියා පිළිබඳ නිර්වචන දක්වන්න.

    Privacy
    පරිශීලක ක්‍රියාකාරකම් අධීක්ෂණය කරයිනම් ඒ බව කලින් ඔවුන්ට පැවසීමට අවංක වන්න
    අදාල ජාලයේ සකසන ලද දත්ත වල අයිතිය ඇත්තේ ජාලය සතුව බව පරිශීලකයින් දන්නා බව තහවුරු කරගන්න.
    Privacy policy එකක් සාදන්න.

    AUP එකෙහි ඇති ප්‍රතිපත්ති කඩකිරීම්
    ප්‍රතිපත්ති කඩකිරීම් වලට ඇති දඬුවම් මොනවාදැයි පැහැදිලිව දක්වන්න. (සිවිල්/අපරාධ නීති වල ඇති දඬුවම්ද සමග)

    පුනරීක්ෂණ සහ යාවත්කාලීන කිරීම්
    කලින් කලට යාවත්කාලීන කිරීම් සුදුසු පරිදි කරන්න.
    අලුත්ම AUP සංස්කරණය පමණක් පල කර තබන්න.
    ගැටලු, යෝජනා ලබාදීම සදහා පරිශීලකයින් පොළඹවන්න. රැස්වී සාකච්ඡා කරන්න.

    AUP එකක අන්තර්ගතය (උදාහරණයක්)
    හැඳින්වීම
    ව්‍යාපාර ආචාරධර්ම හෝ මෙහෙයුම් ආචාරධර්ම
    භාවිත ප්‍රත්පතති (Use policy)
    E-mail
    Network and internet
    Software
    ICT resources යනාදී.........
    ප්‍රතිපත්ති කඩකිරීම සඳහා වන දඬුවම්
    ප්‍රතිපත්ති තේරුම් ගෙන එකඟ වන බවට වන ප්‍රකාශය
    දිනය

    *ඔබට ක්‍රියාත්මක කළහැකි/ කිරීමට අවශ්‍ය‍ දේ සඳහා පමණක් ප්‍රතිපත්ති සකසන්න.

    උදා : ඩයලොග් හි AUP 1ක

    Acceptable-Use-Policy.jpg


    By : Chanaka Wickramasinghe (misty9051)