ඇත්ත වෙන්න පුලුවන්.
මම මගෙ පරන බයික් එක විකුනනන කොට මෙහෙම හෑල්ලක් දැම්ම. පොඩ්ඩක් මලකඩ ආපු තැන්, එබිච්ච, හීරිච්ච වල පොටෝ පවා දැම්ම, දාපු ලොකල් පාට්ස් ටිකත් දැම්ම. පෙට්‍රොල් කරන ඒවත් ඇත්තම දැම්ම, ගානත් දාල, VIC කොලෙ, previous owner NIC තිබ්බෙත් නෑ, ඒකත් දැම්ම , මීට අඩුවෙන කතා කරන්න එපා කියලත් දැම්ම.
මේ වගේ දිගට දැම්මෙ නෑ, පොයින්ට් ෆොර්ම් එකෙන් දැම්මෙ. ඇඩ් එක දැන් හොයාගන්න නෑ, ආකයිව් කරල.
නැත්නන් එක එක හිගන්නො ඇවිල්ල, මේක නෑ, අරක නෑ කියන කොට මල පයිනව. බයික් වලට එන්නෙත් අතේ සතේ නැති එකාලනෙ
සති 2ක් වගේ තිබ්බ, එකෙක් ඇවිල්ල අරන් ගියා, ඌ මහ ලොකුවට බැලුවෙත් නෑ, කියපු ගානට 2000ක් අඩු කරල දුන්න.
අරන් ගිහිල්ල මාස 2කට පස්සෙ තම ඔව්නර් ගෙ NIC copy අරන් දුන්නෙ