Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ada kawe monada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මොරදෙණිය ග්‍රාම නිලධාරි වසමේ, ඉතා දිළිඳු පවුලක දරුවකු තම නිවසේ බිත්තිවල ඇති මැටි ආහාරයට ගන්නා පුවතක් කොලානයාය ගම්මානයෙන් වාර්තා වේ. පවුලේ කිසිවෙකුටත් ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිකමින් දැඩි අසරණභාවයට පත්ව සිටින ඔවුන් ඇතැම් දිනක කුසගින්නට ආහාර නොමැතිව නිරාහාරව සිටින බවත්, තම වැඩිමහල් දියණිය අසනීප තත්වයකින් පෙළෙන බවත්, බිත්තිවල පස් ඇය ආහාරයට ගන්නා බවත් පවසයි.

මේ පිළිබඳව අප කළ විමසීමේ දී එම දියණියගේ මව වන බී.එම්. රම්‍යලතා මහත්මිය (අවු.32) මෙසේ පැවසුවාය. අපි ගොඩක් දුප්පත්. මහත්තයාටවත් මටවත් ස්ථිර ආදායම් මාර්ගයක් නෑ. අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. දරුවෝ දෙනෙක් ඉනචා. දුවයි පුතයි. අපි එදා වේල පිරිමහ ගන්නේ බොහොම අමාරුවෙන්. උදේට කෑවොත් දවල් නෑ. රෑටත් නෑ. සමහරදාට රෑට කෑම ඉල්ලපුහම දෙන්න දෙයක් නැති නිසා මම ඉතිං කරන්නේ වේලාසනින් දරුවන්ව නිදි කරවන එකයි. ලොකු දරුවා ගැහැණු දරුවෙක්. එයා ගෙදර තියෙන බිත්තිවල පස් කනවා. සමහරදාට නින්දෙන් නැගිටල බිත්ති සූරගෙන කනවා. බඩගින්නට එහෙම කනවද අසනීපයක් නිසා එහෙම කනවද දන්නෑ. ගෙයි හැම තැනම තියෙන්නේ සූර සූර පස් කාපු තැන් යැයි පවසමින් ඇය එම ස්ථාන අපට පෙන්වුවාය.

මොවුන් 73/3 කොලානයාය, සේරන්කඩ යන ලිපිනයේ කටු මැටි සහිත සෙවිලි තහඩුවලින් සැදු කුඩා නිවසක පදිංචිව සිටින අතර 12 හැවිරිදි තම දියණිය පාසල් නොයන බවත්, 6 වැනි වසර දක්වා පාසැල් අධ්‍යාපනය හැදෑරු බවත්, ඉන්පසු ඇගේ පාසල් ගමන නතර වූ බවත් ඇය කුමන අසනීප තත්වයකින් පෙළෙන්නේ දැයි තමන් නොදන්නා බවත් ඇගේ පියාවන එන්.ඩබලිව්. ධර්මදාස (අවු.46) මහතා පවසයි.ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය. අපිට ඉන්න හිටින්න හරි හමන් තැනක් නෑ. මට ඕනේ මේ ගේ කෑල්ල හදා ගන්න. අපිට කවුරු හරි උදව් කරන්න කියලයි අපි ඉල්ලන්නේ. මට ස්ථිර රස්සාවක් නෑ. දරුවො දෙන්නෙයි නෝනයි එක්ක අපි ජීවත්වෙන්නේ හරිම අමාරුවෙන්. මම කුලි වැඩ කරන්නේ. කුලී වැඩ හැමදාම නෑ. අපිට කන්න නැතත් කමක් නෑ. මේ ගෙයි බිත්ති පෙරළෙන්න ළඟයි. ගෙයක් හදා ගන්න උදව් වෙනවනම් ලොකු දෙයක්. ඒ වගේම අපේ දරුවා වෙනුවෙන් පිං පඩි කාඩ් එකක් හදල දෙන්න කියලත් ඉල්ලනවා.

-සඳරු බණ්ඩාර-

[QUOTE="gnilukshi, post: 27741273, member: 132616"] [IMG]https://1.bp.blogspot.com/-f5bSctDutXY/XjElsMNqrDI/AAAAAAACJlI/-0XuCcXKnuoLEH6z2HYeCP-9IqX4700kACLcBGAsYHQ/s1600/collage.png[/IMG] පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මොරදෙණිය ග්‍රාම නිලධාරි වසමේ, ඉතා දිළිඳු පවුලක දරුවකු තම නිවසේ බිත්තිවල ඇති මැටි ආහාරයට ගන්නා පුවතක් කොලානයාය ගම්මානයෙන් වාර්තා වේ. පවුලේ කිසිවෙකුටත් ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිකමින් දැඩි අසරණභාවයට පත්ව සිටින ඔවුන් ඇතැම් දිනක කුසගින්නට ආහාර නොමැතිව නිරාහාරව සිටින බවත්, තම වැඩිමහල් දියණිය අසනීප තත්වයකින් පෙළෙන බවත්, බිත්තිවල පස් ඇය ආහාරයට ගන්නා බවත් පවසයි. මේ පිළිබඳව අප කළ විමසීමේ දී එම දියණියගේ මව වන බී.එම්. රම්‍යලතා මහත්මිය (අවු.32) මෙසේ පැවසුවාය. අපි ගොඩක් දුප්පත්. මහත්තයාටවත් මටවත් ස්ථිර ආදායම් මාර්ගයක් නෑ. අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. දරුවෝ දෙනෙක් ඉනචා. දුවයි පුතයි. අපි එදා වේල පිරිමහ ගන්නේ බොහොම අමාරුවෙන්. උදේට කෑවොත් දවල් නෑ. රෑටත් නෑ. සමහරදාට රෑට කෑම ඉල්ලපුහම දෙන්න දෙයක් නැති නිසා මම ඉතිං කරන්නේ වේලාසනින් දරුවන්ව නිදි කරවන එකයි. ලොකු දරුවා ගැහැණු දරුවෙක්. එයා ගෙදර තියෙන බිත්තිවල පස් කනවා. සමහරදාට නින්දෙන් නැගිටල බිත්ති සූරගෙන කනවා. බඩගින්නට එහෙම කනවද අසනීපයක් නිසා එහෙම කනවද දන්නෑ. ගෙයි හැම තැනම තියෙන්නේ සූර සූර පස් කාපු තැන් යැයි පවසමින් ඇය එම ස්ථාන අපට පෙන්වුවාය. මොවුන් 73/3 කොලානයාය, සේරන්කඩ යන ලිපිනයේ කටු මැටි සහිත සෙවිලි තහඩුවලින් සැදු කුඩා නිවසක පදිංචිව සිටින අතර 12 හැවිරිදි තම දියණිය පාසල් නොයන බවත්, 6 වැනි වසර දක්වා පාසැල් අධ්‍යාපනය හැදෑරු බවත්, ඉන්පසු ඇගේ පාසල් ගමන නතර වූ බවත් ඇය කුමන අසනීප තත්වයකින් පෙළෙන්නේ දැයි තමන් නොදන්නා බවත් ඇගේ පියාවන එන්.ඩබලිව්. ධර්මදාස (අවු.46) මහතා පවසයි.ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය. අපිට ඉන්න හිටින්න හරි හමන් තැනක් නෑ. මට ඕනේ මේ ගේ කෑල්ල හදා ගන්න. අපිට කවුරු හරි උදව් කරන්න කියලයි අපි ඉල්ලන්නේ. මට ස්ථිර රස්සාවක් නෑ. දරුවො දෙන්නෙයි නෝනයි එක්ක අපි ජීවත්වෙන්නේ හරිම අමාරුවෙන්. මම කුලි වැඩ කරන්නේ. කුලී වැඩ හැමදාම නෑ. අපිට කන්න නැතත් කමක් නෑ. මේ ගෙයි බිත්ති පෙරළෙන්න ළඟයි. ගෙයක් හදා ගන්න උදව් වෙනවනම් ලොකු දෙයක්. ඒ වගේම අපේ දරුවා වෙනුවෙන් පිං පඩි කාඩ් එකක් හදල දෙන්න කියලත් ඉල්ලනවා. -සඳරු බණ්ඩාර- [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom