hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තම පුතු අලුතින් විවාහ කරගෙන නිවෙසට කැන්දාගෙන ආ 22 හැවිරිදි ලේලියට අතවර කිරීමට තැත් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ මාමණ්ඩිය වන ස්වර්ණාභරණ වෙළෙඳසලක හිමිකරුවකු (21 වැනිදා) අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලීසිය පවසයි. ඉකුත් සැප්තැම්බර් මාසයේ දී ඇය මෙම සිද්ධියට ලක්ව තිබෙන අතර ඒ බව සැමියාට පැවසීමෙන් පසු ඔහුද පියාගේ පැත්ත ගනිමින් නිතර පවුල් ආරවුල් ඇතිකර ගත් බව එමට තරුණිය පොලීසියට ප්‍රකාශ කර ඇත. ඒවන විට ඇය විවාහ වී එම නිවෙසට ගොස් මාස තුනක්වත් ගත වී නොමැති බවද ඇය සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.



    මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉකුත් 20 වැනිදා තමාට දායාද ලෙස දුන් රන් ආභරණ ද නැවත ගලවා ගෙන තමාට හා තම නැගණියට පහර දී නිවෙසින් එළියට දැමීමට කටයුතු කළ බවට ඇය පොලිස් හදිසි ඇමතුම් අංශය වන 119 ට දැනුම් දී තිබුණි. ඒ අනුව පොලීසිය ගොස් දෙපාර්ශවය මාලිම්බඩ පොලීසියට කැඳවා පැමිණිල්ල විභාග කළ අවස්ථාවේ දී අතවරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලිසිය සඳහන් කරයි. පහරදීම සම්බන්ධයෙන් තරුණීයගේ සැමියා පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර පැමිණිල්ල සමථ මණ්ඩලය වෙත යොමු කළේය. ඇයට අතවර කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මාමණ්ඩිය පෙරේදා (22) වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

    -ක්‍රිෂාන් ජීවක ජයරුක්-
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,519
    1
    99,665
    113
    33
    Kalutara
    මිනිහා කියලද මාමන්ඩි කියල හිතන්න එපා ඒ ඉන්නෙ මම කියල හිතන්නෙයි කියල.
     

    Similar threads