Sri Lankan yanne kohomath adukule unui, proud to be srilankan unui witharai ( unuth adukule )

දැන් මේකත් ලංකාවේ කෝච්චි වගේනේ බං. උන්ට යන්න ඕන කියලා හිතුනොත් යනවා. මිනිස්සු ඕන ලබ්බක් කරගනින් කියලා උන් ජිවිතේ විඳිනවා. රාජපක්ෂලා වැලි දාලා ඇරිය නේද.ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානා හතරක් ඊයේ දිනය තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වීම පැය ගණනක් ප්‍රමාද වීම නිසා මගීහු දැඩි අපහසුතාවට පත්වූහ.
සිංගප්පූරුව, පාකිස්තානය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල් බලා පිටත්ව යාමට තිබූ ගුවන් යානා පැය ගණනාවක් ප්‍රමාද වී තිබිණි. පාකිස්තානයේ ලාහෝර් නුවර බලා ඊයේ (28 වැනිදා) අලුයම 2.30ට පිටත්ව යාමට නියමිතව තිබූ UL 153 ගුවන්යානය පැය ගණනක් ප්‍රමාද වීම නිසා එහි ගමන් කිරීමට පැමිණි ශ්‍රී ලංකාවේ සිටින පාකිස්තාන මහ කොමසාරිස්වරයාට යළි නිවස බලා පිටත්ව යාමට සිදුවිය.
ඉන්පසු ඉන්දියාවේ චෙන්නායි, බංග්ලාදේශයේ ඩකා බලා පිටත්ව යාමට තිබූ ගුවන්යානාද ප්‍රමාද වීම නිසා මගී ජනතාව කලබල කිරීමට පටන්ගෙන තිබේ. සිංගප්පූරුවේ චැන්ගි ගුවන් තොටුපොළ බලා ඊයේ (28 වැනිදා) දහවල් 12.15ට ගුවන්ගත වීමට නියමිතව තිබූ UL 308 දරන ගුවන්යානය පැය පහක් පමණ ප්‍රමාද වන බව මගීන් දැනගෙන ඇත්තේ ගුවන් තොටුපොළට පැමිණීමෙන් අනතුරුවය. මෙම ගුවන්යානය සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත්තේ ඊයේ (28 වැනිදා) පස්වරු 5.00ට පමණය. මෙම ගුවන්යානයෙන් සිංගප්පූරුව බලා යාමට පැමිණි මගීන්ට ආහාර ලබාගැනීම සඳහා ටෝකන් පත්‍ර නිකුත් කළද ආහාර නොලැබුණු බවට මගීහු චෝදනා කරති.
තවද කරුණු විමසීම සඳහා කාර්යභාර නිලධාරීන් නොපැමිණි අතර, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ක්ෂණික දුරකථන අංකය වන 011-7771979ට දුරකථන ඇමැතුම් ලබාගත්තද ප්‍රතිචාර නොදැක්වීම නිසා මගීන් තවත් අපහසුතාවට පත්වූහ.
සිංගප්පූරුව බලා පෙරේදා (27 වැනිදා) අලුයම ගමන් කිරීමට තිබූ ගුවන්යානයකද ගැටලුවක් මතුවීම හේතුවෙන් ව්‍යාපාරික පන්තියේ ඇතැම් ගුවන් මගීන්ට වෙනත් ගුවන්යානයකින් ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර හරහා සිංගප්පූරුව බලා යාටම සිදුවූහ.
දිගින් දිගටම ශ්‍රී ලන්කන් ගුවන්යානා ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව ප්‍රමාණවත් ගුවන්යානා නොමැති වීම බව එම ගුවන් සේවය පවසයි. සිය දෛනික ගුවන් ගමන් මෙහෙයුම් සඳහා ගුවන්යානා 24ක් අවශ්‍ය වුවද මේ වනවිට ක්‍රියාකාරී මට්ටමේ ධාවන කටයුතුවල නිරත වන්නේ ගුවන්යානා 20කි. එහෙත් තවත් A 330 හා A320 ගුවන්යානා දෙකක් දිගුකාලීන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සඳහා යොමුකර ඇත. තවත් A 320 නියෝ කාණ්ඩයේ ගුවන්යානා දෙකක් ප්‍රංශයේ එයාර් බස් සමාගමේ සිට නව එන්ජින් ලැබෙන තෙක් ධාවනයෙන් ඉවත්කර තිබේ.
මීට අමතරව ශ්‍රී ලන්කන් ඉංජිනේරු අංශයේ සේවයේ නිරතව සිටි ගුවන් ඉංජිනේරුවන් තිස් දෙනකු ඉවත්ව විදේශගත වී ඇත. දැනට ඉතිරිව ඇති ඉංජිනේරුවන් සිය දෙනාගෙන් අත්‍යාවශ්‍ය සේවා ආවරණය කරගන්නා බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කියයි.
සුද්දාගේ ගු උනත් රහයි නේද මචෝ උබටඅපි මේ ලංකාවට ඇවිත් යන්න ටිකට් බුක් කරන්න ඉන්නෙ මේ සතියෙ. චී ලන්කන් එකේ ආවොත් ඇපත් නැති වෙන ලයින් එකක් තියෙන්නෙ. ආයෙ Singapore airlines බලන්න ඕන.
මම දැන් මාස දෙකකට විතර කලින් ලබන ඊස්ටර් නිවාඩුවට ලංකාවට යන්න බුක් කළා. ශ්‍රී ලංකන් ඩිරෙක්ට් ෆ්ලයිට් එක තිබුනත්, singapore airlines බුක් කලේ. ගාන වැඩි උනත්, ගමන දිග උනත් කරදරයක් නැතුව යන්න එන්න පුළුවන්කම මිල කරන්න බැහැ.අපි මේ ලංකාවට ඇවිත් යන්න ටිකට් බුක් කරන්න ඉන්නෙ මේ සතියෙ. චී ලන්කන් එකේ ආවොත් ඇපත් නැති වෙන ලයින් එකක් තියෙන්නෙ. ආයෙ Singapore airlines බලන්න ඕන.
Seat book kare nedda kalinමම දැන් මාස දෙකකට විතර කලින් ලබන ඊස්ටර් නිවාඩුවට ලංකාවට යන්න බුක් කළා. ශ්‍රී ලංකන් ඩිරෙක්ට් ෆ්ලයිට් එක තිබුනත්, singapore airlines බුක් කලේ. ගාන වැඩි උනත්, ගමන දිග උනත් කරදරයක් නැතුව යන්න එන්න පුළුවන්කම මිල කරන්න බැහැ.
ගිය අවුරුද්දේ ඔක්තෝබර් මගේ වයිෆ් හදිසියේ ලංකාවට ගිහිං ආවා. ආපහු එනකොට ශ්‍රී ලංකන් එකේ සීට් පනහක් විතර overbooked . සල්ලි ගෙවාපු ටිකට් එකට සීට් එක අරං තිබුනේ මාර ෆයිට් එකක් දීලා.මං ඒ කතාව ඒ කාලේ ලිව්වා වගේ මතකයි.
මේ අහන්නේ අර සීට් 50 විතර overbooked උනා කියාපු CMB - MEL එක ගැන වෙන්න ඇති.Seat book kare nedda kalin