Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Again SLT unlimited packages
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ටාර්ලින්ක් (Starlink) ව්‍යාපෘතිය.

Starlink කියන්නේ ලෝකයේ ඕනෑම තැනකට අඩු වියදම්, අධිවේගී අන්තර්ජාල සේවා ලබා දීම සඳහා ඇමරිකාවේ SpaceX සමාගම මගින් දියත් කරමින් පවතින, පහළ පෘථිවි කක්ෂයේ ඇති චන්ද්‍රිකා 12 000 ක පමණ චන්ද්‍රිකා ජාලයක්. මේ වන විට Amazon, OneWeb වැනි පෞද්ගලික සමාගම් කිහිපයක්ම මෙවැනි චන්ද්‍රිකා ජාල දියත් කිරීමට සැලසුම් කර ඇති අතර SpaceX සමාගම තමන්ගේ රොකට් මගින් ඉතා ඉක්මණින් තමන්ගේ චන්ද්‍රිකා දියත් කරමින් පවතිනවා. මේ වන විට කිලෝමීටර් 550 ක් ඉහළ පෘථිවි කක්ෂයේ Starlink චන්ද්‍රිකා 540 ක් පමණ ඇත.

Starlink චන්ද්‍රිකා මොන වගේද?

කිලෝග්‍රෑම් 260 ක ස්කන්ධය ඇති මෙම චන්ද්‍රිකාවක ප්‍රමාණය මීටර් 1.1 × 0.7 × 0.7 වේ. සෑම චන්ද්‍රිකාවකම මීටර් 2 × 8 ප්‍රමාණයේ සූර්ය පැනල දෙකක් ඇත.

මෙම චන්ද්‍රිකා දියත් කරන්නේ කෙසේද?

මේ වන විට සියලුම චන්ද්‍රිකා දියත් කරනු ලැබුවේ SpaceX සමාගමේ Falcon 9 Block 5 රොකට්ටු මගින්ය. එක රොකට්ටුවක් මගින් එකවර චන්ද්‍රිකා 60 බැගින් දියත් කරයි. සාමාන්‍යයෙන් මාසයකට මෙවැනි දියත් කිරීම් 2/3 ක් සිදු කරයි.

මෙම චන්ද්‍රිකා අතර සන්නිවේදනය හා පෘථිවිය සමඟ සන්නිවේදනය කරන්නේ කෙසේද?

චන්ද්‍රිකා අතර සන්නිවේදනය ලේසර් මගින් සිදු කරන අතර චන්ද්‍රිකා හා පෘථිවිය අතර සන්නිවේදනය Ka (26.5-40 GHz) හා Ku (12-18 GHz) කලාපයේ ක්ෂුද්‍ර තරංග හරහා සිදු කරයි.

Starlink චන්ද්‍රිකා පද්ධතිය සේවා ආරම්භ කළ පසු ඔබට ඔබගේ ජංගම දුරකථනය කෙළින්ම චන්ද්‍රිකා සමග සම්බන්ධ කර අන්තර්ජාල සේවා ලබා ගැනීමට හැකිද?

බැහැ. ඒ සදහා User Terminal නම් පීසා පෙට්ටයක්/ලැප්ටොප් එකක් ප්‍රමාණයේ උපකරණයක් අවශ්‍ය වේ.

එය ක්‍රියා කරන්නේ කෙසේද?

User Terminal එක ඔබේ වහලය මත හෝ පිටත ඕනෑම තැනක සවි කර විවෘත අහසට එල්ල කළ තැබිය යුතුයි. මෙහි Phased Array ඇන්ටනාවක් ඇති අතර එය ස්වයංක්‍රීයව ඉහළින් ගමන් කරන චන්ද්‍රිකාවක් සමග සම්බන්ධ වේ. එම චන්ද්‍රිකාව පරාසය ඉක්මවා යන විට ස්වයංක්‍රීයව වෙනත් චන්ද්‍රිකාවකට මාරු වෙමින් නොකඩවා සම්බන්ධතාව පවත්වා ගනී. User Terminal එක මගින් නිර්මාණය කරන WiFi ජාලයට සම්බන්ධ වීමෙන් ඔබට දුරකථනය හෝ පරිගණකය හරහා අන්තර්ජාල සේවා ලබා ගත හැක.

මෙම උපකරණය මෝටර් රථයක් මත සවි කළ හැකිද?

ඔව්, අවහිරයකින් තොරව විවෘත අහසට යොමු වන ඕනෑම ස්ථානයක මෙය භාවිත කළ හැක. (කෙසේ නමුත් මෙහි ඇති බැටරිවල බලය අනුව නිවසින් පිටත භාවිත කළ හැකි කාලය සීමා වනු ඇත) නමුත් මෙය නිවස තුළ හෝ අහස ආවරණය වන ස්ථානයක ක්‍රියා නොකරනු ඇත.

මෙම සේවා සදහා මසකට කොපමණ මුදලක් ගෙවීමට සිදු වේද?

නොදනී. නමුත් SpaceX සමාගමේ ඉලක්කය වන්නේ සෑම දෙනාටම දැරිය හැකි මුදලකට අන්තර්ජාල සේවා ලබා දීමයි.

සාමාන්‍ය පරිශීලකයාට අපේක්ෂා කළ හැකි වේගය කුමක්ද?

නොදනී. නමුත් මේ වන විට පරීක්ෂා කර ඇති වේගය 610 megabit per second පමණ වේ.

ශ්‍රී ලංකාවට මෙම සේවය ලැබෙනු ඇත්ද?

Starlink චන්ද්‍රිකා ජාලය මුළු ලෝකයම ආවරණය කරනු ඇත. කෙසේ නමුත් අන්තර්ජාල ප්‍රවේශය ලබා ගැනීමට එක් එක් රටවල්වලට SpaceX සමාගම සමඟ ගිවිසුමක් අවශ්‍ය වේ. සමහර රජයන් තම ජනතාව වාරණයක් නැති අන්තර්ජාලයට පිවිසීමට අකමැති වේ.

චන්ද්‍රිකා විශාල ප්‍රමාණයක් තිබියදී කෙස්ලර් සින්ඩ්‍රෝම් අවදානමක් තිබේද?

කෙස්ලර් සින්ඩ්‍රෝමය යනු චන්ද්‍රිකා එකිනෙක එකිනෙක ගැටීමෙන් සුන්බුන් නිර්මාණය වී, ඒවා අනෙක් චන්ද්‍රිකාවල වැදීමෙන් තවත් සුන්බුන් නිර්මාණය වී, මෙය දිගින් දිගටම සිදු වී විශාල හානියක් සිදු වීමයි. මෙම සිදුවීම 2013 වසරේ නිකුත් වූ Gravity චිත්‍රපටයේ අන්තර්ගත විය. Starlink ජාලයේ චන්ද්‍රිකා 12,000 සැලකූ විට එම අවදානම ශුන්‍ය නොවන නමුත් එය බිංදුවට ආසන්නයි. පෘථිවියේ සිට කිලෝමීටර් 550 ක් ඉහළ අවකාශය ඉතා විශාලයි. එම නිසා මේ අවධානම ඉතා කුඩා වේ. මේ වන විටත් පෘථිවිය වටා ටෙනිස් බෝලයකට වඩා විශාල වස්තූන් 20,000 කට වඩා කක්ෂගතවී ඇත. ඉතිහාසයේ චන්ද්‍රිකා එකිනෙක ගැටී ඇත. 2009 දී Iridium චන්ද්‍රිකාවක් අක්‍රිය කළ රුසියානු සන්නිවේදන චන්ද්‍රිකාවක් සමග ගැටීමෙන් සෙන්ටිමීටර 10 ට වඩා විශාල සුන්බුන් කැබලි 1,000 ක් පමණ නිර්මාණය කරන ලදී. නමුත් එම කැබලි මගින් කෙස්ලර් සින්ඩ්‍රොම් අවස්ථාවක් නිර්මාණය කිරීමට සමත් වූයේ නැත.

Fibre Optics වලට වඩා චන්ද්‍රිකාවල ඇති වාසි මොනවාද?

ෆයිබර් ඔප්ටික්ස් කේබල් තුළ දත්ත ගමන් කරන්නේ ආලෝකයේ වේගයෙන් 30% - 50% පමණ වේගයෙනි. නමුත් අභ්‍යවකාශයේ රික්තය තුළ ආලෝකය එහි උපරිම වේගයෙන් ගමන් කරයි. එම නිසා අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක් ලබා ගත හැක. ඔබට මෙමගින් අන්තර්ජාලයට පිවිසීමට අවශ්‍ය වන්නේ User Terminal එකක් හා Starlink ගිණුමක් පමණි.

මෙහි ඇති ගැටලු මොනවාද?

ඉහළ ජනගහනයක් ඇති ප්‍රදේශවල වේගය (Bandwidth) අඩු විය හැක. කාලගුණය මගින් සම්බන්ධතාවට බාධා එල්ල වේ.

තාරකා විද්යායින්ට අහස නිරීක්ෂණය කිරීමේදී බාධා ඇතිවේ.

අන්තර්ජාල සේවා ලබා දෙන චන්ද්‍රිකාවල ඉතිහාසය

1957 ඔක්තෝම්බර් මාසයේදී සෝවියට් සංගමය විසින් පළමු චන්ද්‍රිකාව වන Sputnik 1 දියත් කිරීමෙන් පසුව එක්සත් ජනපදය 1958 දී Explorer 1 චන්ද්‍රිකාව සාර්ථකව දියත් කරන ලදී. පළමු වාණිජ සන්නිවේදන චන්ද්‍රිකාව වූයේ Telstar 1 ය. එය Bell Labs විසින් ඉදිකර 1962 ජූලි මාසයේදී දියත් කරන ලදී. පෘථිවියේ භූ ස්ථාවර චන්ද්‍රිකා පිළිබඳ අදහස ප්‍රථම වරට 1928 දී Herman Potočnik විසින් ඉදිරිපත් කරන ලද අතර විද්‍යා ප්‍රබන්ධ කතුවරයෙක් වූ ආතර් සී. ක්ලාක් විසින් 1945 දී එය Wireless World සගරාව ඔස්සෙ ජනප්‍රිය කරන ලදී. Hughes ගුවන් යානා සමාගම විසින් නාසා ආයතනය වෙනුවෙන් නිපදවූ Syncom3 භූ ස්ථාවර කක්ෂයට සාර්ථකව ළඟා වූ පළමු චන්ද්‍රිකාව විය. එය 1963 අගෝස්තු 19 වන දින දියත් කරන ලද අතර ඉන්පසු දශක ගණනාවක් තිස්සේ භූ ස්ථාවර චන්ද්‍රිතා විශාල ප්‍රමාණයක් දියත් කර ඇති අතර ඒවා සන්නිවේදන කටයුතු හා රූපවාහිනී විකාශනයන් සදහා භාවිතා කරයි. භූ ස්ථාවර චන්ද්‍රිකා හා පහළ කක්ෂවල ඇති චන්ද්‍රිකා මගින් දුරකථන සම්බන්ධතා සැපයීම ආරම්භ වූ අතර අදටත් Satellite Phones ලෝකය පුරා භාවිත කරයි. මෙමගින් ලෝකයේ ඕනෑම තැනක සිට දුරකථන ඇමතුම් ගැනීමට හැකි වේ. අන්තර්ජාලය හදුන්වා දීමෙන් පසු භූ ස්ථාවර චන්ද්‍රිකා මගින් අන්තර්ජාල ප්‍රවේශය සැපයීම පිළිබද උනන්දුවක් ඇති වූ නමුත් ප්‍රධාන ගැටලුව වූයේ එම චන්ද්‍රිකා ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර් 35,786 ක් තරම් උසින් නිසා දත්ත ගමන් කිරීමේ කාලය හෙවත් Latency එක වැඩි වීමයි.

චන්ද්‍රිකා මගින් ලබා දෙන අන්තර්ජාල සේවාවලට විශාල පහසුවක් වූයේ චන්ද්‍රිකා සඳහා Ka තරංග කලාපය විවෘත කිරීමයි. මුල් අවධියේ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවන් පිළිබද උනන්දු වූ සමාලම් අතර Teledesic ප්‍රධාන වේ. පහළ පෘථිවි කක්ෂයේ චන්ද්‍රිකා 840 ක් මගින් අන්තර්ජාල සේවා ලබාදීම ඔවුන්ගේ අරමුණ වූ අතර 1998 දී ඔවුන් තම ප්‍රථම චන්ද්‍රිකාව කක්ෂගත කරන ලදී. එය Ka පරාසයේ සන්නිවේදන කටයුතු සිදු කළ පෞද්ගලික සමාගමකට අයිති පළමු චන්ද්‍රිකාව විය. නමුත් පසුව Iridium, Globalstar වැනි සන්නිවේදන චන්ද්‍රිකා ජාල අසාර්ථක වන විට Teledesic සමාගම තම අරමුණ අතහැර දැමීය. නමුත් තාක්ෂණයේ දියුණුවත් සමග චන්ද්‍රිකා හා පෘථිවිය සමග සන්නිවේදන කටයුතු සිදු කරන වේගය සීඝ්රයෙන් වැඩි වූ අතර 2014 සිට මහා පරිමාණ අන්තර්ජාල චන්ද්‍රිකා ජාල දියත් කිරීමට ක්‍රියා කරන බව SpaceX, OneWeb හා Amazon යන සමාගම් ප්‍රකාශ කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා OneWeb සමාගම 2017 පෙබරවාරි වන විට ඩොලර් බිලියන 1.7 ක් රැස් කළ අතර, SpaceX සමාගම 2019 පළමු භාගයේදී පමණක් Starlink සඳහා ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදලක් රැස් කර ගැනීමට සමත් විය. OneWeb සමාගම මේ වන විට චන්ද්‍රිකා 74 ක් පමණ දියත් කර ඇති නමුත් කොරෝනා වසංගතය සමග සමාගම මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇත. Amazon සමාලමේ Kuiper චන්ද්‍රිකා ජාලය නුදුරු අනාගතයේම දියත් කිරීම ආරම්භ වනු ඇත.

උපුටා ගැනීමක් වන අතර ලිපියේ අයිතිය මුල් රචකයා සතුය.

[QUOTE="topkollek, post: 25610643, member: 510150"] ස්ටාර්ලින්ක් (Starlink) ව්‍යාපෘතිය. Starlink කියන්නේ ලෝකයේ ඕනෑම තැනකට අඩු වියදම්, අධිවේගී අන්තර්ජාල සේවා ලබා දීම සඳහා ඇමරිකාවේ SpaceX සමාගම මගින් දියත් කරමින් පවතින, පහළ පෘථිවි කක්ෂයේ ඇති චන්ද්‍රිකා 12 000 ක පමණ චන්ද්‍රිකා ජාලයක්. මේ වන විට Amazon, OneWeb වැනි පෞද්ගලික සමාගම් කිහිපයක්ම මෙවැනි චන්ද්‍රිකා ජාල දියත් කිරීමට සැලසුම් කර ඇති අතර SpaceX සමාගම තමන්ගේ රොකට් මගින් ඉතා ඉක්මණින් තමන්ගේ චන්ද්‍රිකා දියත් කරමින් පවතිනවා. මේ වන විට කිලෝමීටර් 550 ක් ඉහළ පෘථිවි කක්ෂයේ Starlink චන්ද්‍රිකා 540 ක් පමණ ඇත. ✅ Starlink චන්ද්‍රිකා මොන වගේද? කිලෝග්‍රෑම් 260 ක ස්කන්ධය ඇති මෙම චන්ද්‍රිකාවක ප්‍රමාණය මීටර් 1.1 × 0.7 × 0.7 වේ. සෑම චන්ද්‍රිකාවකම මීටර් 2 × 8 ප්‍රමාණයේ සූර්ය පැනල දෙකක් ඇත. ✅ මෙම චන්ද්‍රිකා දියත් කරන්නේ කෙසේද? මේ වන විට සියලුම චන්ද්‍රිකා දියත් කරනු ලැබුවේ SpaceX සමාගමේ Falcon 9 Block 5 රොකට්ටු මගින්ය. එක රොකට්ටුවක් මගින් එකවර චන්ද්‍රිකා 60 බැගින් දියත් කරයි. සාමාන්‍යයෙන් මාසයකට මෙවැනි දියත් කිරීම් 2/3 ක් සිදු කරයි. ✅ මෙම චන්ද්‍රිකා අතර සන්නිවේදනය හා පෘථිවිය සමඟ සන්නිවේදනය කරන්නේ කෙසේද? චන්ද්‍රිකා අතර සන්නිවේදනය ලේසර් මගින් සිදු කරන අතර චන්ද්‍රිකා හා පෘථිවිය අතර සන්නිවේදනය Ka (26.5-40 GHz) හා Ku (12-18 GHz) කලාපයේ ක්ෂුද්‍ර තරංග හරහා සිදු කරයි. ✅ Starlink චන්ද්‍රිකා පද්ධතිය සේවා ආරම්භ කළ පසු ඔබට ඔබගේ ජංගම දුරකථනය කෙළින්ම චන්ද්‍රිකා සමග සම්බන්ධ කර අන්තර්ජාල සේවා ලබා ගැනීමට හැකිද? බැහැ. ඒ සදහා User Terminal නම් පීසා පෙට්ටයක්/ලැප්ටොප් එකක් ප්‍රමාණයේ උපකරණයක් අවශ්‍ය වේ. ✅ එය ක්‍රියා කරන්නේ කෙසේද? User Terminal එක ඔබේ වහලය මත හෝ පිටත ඕනෑම තැනක සවි කර විවෘත අහසට එල්ල කළ තැබිය යුතුයි. මෙහි Phased Array ඇන්ටනාවක් ඇති අතර එය ස්වයංක්‍රීයව ඉහළින් ගමන් කරන චන්ද්‍රිකාවක් සමග සම්බන්ධ වේ. එම චන්ද්‍රිකාව පරාසය ඉක්මවා යන විට ස්වයංක්‍රීයව වෙනත් චන්ද්‍රිකාවකට මාරු වෙමින් නොකඩවා සම්බන්ධතාව පවත්වා ගනී. User Terminal එක මගින් නිර්මාණය කරන WiFi ජාලයට සම්බන්ධ වීමෙන් ඔබට දුරකථනය හෝ පරිගණකය හරහා අන්තර්ජාල සේවා ලබා ගත හැක. ✅ මෙම උපකරණය මෝටර් රථයක් මත සවි කළ හැකිද? ඔව්, අවහිරයකින් තොරව විවෘත අහසට යොමු වන ඕනෑම ස්ථානයක මෙය භාවිත කළ හැක. (කෙසේ නමුත් මෙහි ඇති බැටරිවල බලය අනුව නිවසින් පිටත භාවිත කළ හැකි කාලය සීමා වනු ඇත) නමුත් මෙය නිවස තුළ හෝ අහස ආවරණය වන ස්ථානයක ක්‍රියා නොකරනු ඇත. ✅ මෙම සේවා සදහා මසකට කොපමණ මුදලක් ගෙවීමට සිදු වේද? නොදනී. නමුත් SpaceX සමාගමේ ඉලක්කය වන්නේ සෑම දෙනාටම දැරිය හැකි මුදලකට අන්තර්ජාල සේවා ලබා දීමයි. ✅ සාමාන්‍ය පරිශීලකයාට අපේක්ෂා කළ හැකි වේගය කුමක්ද? නොදනී. නමුත් මේ වන විට පරීක්ෂා කර ඇති වේගය 610 megabit per second පමණ වේ. ✅ ශ්‍රී ලංකාවට මෙම සේවය ලැබෙනු ඇත්ද? Starlink චන්ද්‍රිකා ජාලය මුළු ලෝකයම ආවරණය කරනු ඇත. කෙසේ නමුත් අන්තර්ජාල ප්‍රවේශය ලබා ගැනීමට එක් එක් රටවල්වලට SpaceX සමාගම සමඟ ගිවිසුමක් අවශ්‍ය වේ. සමහර රජයන් තම ජනතාව වාරණයක් නැති අන්තර්ජාලයට පිවිසීමට අකමැති වේ. ✅ චන්ද්‍රිකා විශාල ප්‍රමාණයක් තිබියදී කෙස්ලර් සින්ඩ්‍රෝම් අවදානමක් තිබේද? කෙස්ලර් සින්ඩ්‍රෝමය යනු චන්ද්‍රිකා එකිනෙක එකිනෙක ගැටීමෙන් සුන්බුන් නිර්මාණය වී, ඒවා අනෙක් චන්ද්‍රිකාවල වැදීමෙන් තවත් සුන්බුන් නිර්මාණය වී, මෙය දිගින් දිගටම සිදු වී විශාල හානියක් සිදු වීමයි. මෙම සිදුවීම 2013 වසරේ නිකුත් වූ Gravity චිත්‍රපටයේ අන්තර්ගත විය. Starlink ජාලයේ චන්ද්‍රිකා 12,000 සැලකූ විට එම අවදානම ශුන්‍ය නොවන නමුත් එය බිංදුවට ආසන්නයි. පෘථිවියේ සිට කිලෝමීටර් 550 ක් ඉහළ අවකාශය ඉතා විශාලයි. එම නිසා මේ අවධානම ඉතා කුඩා වේ. මේ වන විටත් පෘථිවිය වටා ටෙනිස් බෝලයකට වඩා විශාල වස්තූන් 20,000 කට වඩා කක්ෂගතවී ඇත. ඉතිහාසයේ චන්ද්‍රිකා එකිනෙක ගැටී ඇත. 2009 දී Iridium චන්ද්‍රිකාවක් අක්‍රිය කළ රුසියානු සන්නිවේදන චන්ද්‍රිකාවක් සමග ගැටීමෙන් සෙන්ටිමීටර 10 ට වඩා විශාල සුන්බුන් කැබලි 1,000 ක් පමණ නිර්මාණය කරන ලදී. නමුත් එම කැබලි මගින් කෙස්ලර් සින්ඩ්‍රොම් අවස්ථාවක් නිර්මාණය කිරීමට සමත් වූයේ නැත. ✅ Fibre Optics වලට වඩා චන්ද්‍රිකාවල ඇති වාසි මොනවාද? ෆයිබර් ඔප්ටික්ස් කේබල් තුළ දත්ත ගමන් කරන්නේ ආලෝකයේ වේගයෙන් 30% - 50% පමණ වේගයෙනි. නමුත් අභ්‍යවකාශයේ රික්තය තුළ ආලෝකය එහි උපරිම වේගයෙන් ගමන් කරයි. එම නිසා අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක් ලබා ගත හැක. ඔබට මෙමගින් අන්තර්ජාලයට පිවිසීමට අවශ්‍ය වන්නේ User Terminal එකක් හා Starlink ගිණුමක් පමණි. ✅ මෙහි ඇති ගැටලු මොනවාද? ඉහළ ජනගහනයක් ඇති ප්‍රදේශවල වේගය (Bandwidth) අඩු විය හැක. කාලගුණය මගින් සම්බන්ධතාවට බාධා එල්ල වේ. තාරකා විද්යායින්ට අහස නිරීක්ෂණය කිරීමේදී බාධා ඇතිවේ. ✅ අන්තර්ජාල සේවා ලබා දෙන චන්ද්‍රිකාවල ඉතිහාසය 1957 ඔක්තෝම්බර් මාසයේදී සෝවියට් සංගමය විසින් පළමු චන්ද්‍රිකාව වන Sputnik 1 දියත් කිරීමෙන් පසුව එක්සත් ජනපදය 1958 දී Explorer 1 චන්ද්‍රිකාව සාර්ථකව දියත් කරන ලදී. පළමු වාණිජ සන්නිවේදන චන්ද්‍රිකාව වූයේ Telstar 1 ය. එය Bell Labs විසින් ඉදිකර 1962 ජූලි මාසයේදී දියත් කරන ලදී. පෘථිවියේ භූ ස්ථාවර චන්ද්‍රිකා පිළිබඳ අදහස ප්‍රථම වරට 1928 දී Herman Potočnik විසින් ඉදිරිපත් කරන ලද අතර විද්‍යා ප්‍රබන්ධ කතුවරයෙක් වූ ආතර් සී. ක්ලාක් විසින් 1945 දී එය Wireless World සගරාව ඔස්සෙ ජනප්‍රිය කරන ලදී. Hughes ගුවන් යානා සමාගම විසින් නාසා ආයතනය වෙනුවෙන් නිපදවූ Syncom3 භූ ස්ථාවර කක්ෂයට සාර්ථකව ළඟා වූ පළමු චන්ද්‍රිකාව විය. එය 1963 අගෝස්තු 19 වන දින දියත් කරන ලද අතර ඉන්පසු දශක ගණනාවක් තිස්සේ භූ ස්ථාවර චන්ද්‍රිතා විශාල ප්‍රමාණයක් දියත් කර ඇති අතර ඒවා සන්නිවේදන කටයුතු හා රූපවාහිනී විකාශනයන් සදහා භාවිතා කරයි. භූ ස්ථාවර චන්ද්‍රිකා හා පහළ කක්ෂවල ඇති චන්ද්‍රිකා මගින් දුරකථන සම්බන්ධතා සැපයීම ආරම්භ වූ අතර අදටත් Satellite Phones ලෝකය පුරා භාවිත කරයි. මෙමගින් ලෝකයේ ඕනෑම තැනක සිට දුරකථන ඇමතුම් ගැනීමට හැකි වේ. අන්තර්ජාලය හදුන්වා දීමෙන් පසු භූ ස්ථාවර චන්ද්‍රිකා මගින් අන්තර්ජාල ප්‍රවේශය සැපයීම පිළිබද උනන්දුවක් ඇති වූ නමුත් ප්‍රධාන ගැටලුව වූයේ එම චන්ද්‍රිකා ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර් 35,786 ක් තරම් උසින් නිසා දත්ත ගමන් කිරීමේ කාලය හෙවත් Latency එක වැඩි වීමයි. චන්ද්‍රිකා මගින් ලබා දෙන අන්තර්ජාල සේවාවලට විශාල පහසුවක් වූයේ චන්ද්‍රිකා සඳහා Ka තරංග කලාපය විවෘත කිරීමයි. මුල් අවධියේ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවන් පිළිබද උනන්දු වූ සමාලම් අතර Teledesic ප්‍රධාන වේ. පහළ පෘථිවි කක්ෂයේ චන්ද්‍රිකා 840 ක් මගින් අන්තර්ජාල සේවා ලබාදීම ඔවුන්ගේ අරමුණ වූ අතර 1998 දී ඔවුන් තම ප්‍රථම චන්ද්‍රිකාව කක්ෂගත කරන ලදී. එය Ka පරාසයේ සන්නිවේදන කටයුතු සිදු කළ පෞද්ගලික සමාගමකට අයිති පළමු චන්ද්‍රිකාව විය. නමුත් පසුව Iridium, Globalstar වැනි සන්නිවේදන චන්ද්‍රිකා ජාල අසාර්ථක වන විට Teledesic සමාගම තම අරමුණ අතහැර දැමීය. නමුත් තාක්ෂණයේ දියුණුවත් සමග චන්ද්‍රිකා හා පෘථිවිය සමග සන්නිවේදන කටයුතු සිදු කරන වේගය සීඝ්රයෙන් වැඩි වූ අතර 2014 සිට මහා පරිමාණ අන්තර්ජාල චන්ද්‍රිකා ජාල දියත් කිරීමට ක්‍රියා කරන බව SpaceX, OneWeb හා Amazon යන සමාගම් ප්‍රකාශ කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා OneWeb සමාගම 2017 පෙබරවාරි වන විට ඩොලර් බිලියන 1.7 ක් රැස් කළ අතර, SpaceX සමාගම 2019 පළමු භාගයේදී පමණක් Starlink සඳහා ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදලක් රැස් කර ගැනීමට සමත් විය. OneWeb සමාගම මේ වන විට චන්ද්‍රිකා 74 ක් පමණ දියත් කර ඇති නමුත් කොරෝනා වසංගතය සමග සමාගම මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇත. Amazon සමාලමේ Kuiper චන්ද්‍රිකා ජාලය නුදුරු අනාගතයේම දියත් කිරීම ආරම්භ වනු ඇත. උපුටා ගැනීමක් වන අතර ලිපියේ අයිතිය මුල් රචකයා සතුය. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom