AGAIN Your safety is in your hand ...

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    - කළුතර දිස්ත‍්‍රික් ආරක්‍ෂක කමිටු රැස්වීමේදී මන්ත‍්‍රී කුමාර වෙල්ගම ජනපති ඉදිරියේදීම පවසයි

    - රටේ ආරක්‍ෂාව තහවුරු කර ඇති බවට ජනාධිපතිතුමා සිදුකරන ප‍්‍රකාශ කිසිසේත්ම පිළිගත නොහැකි බවත් ආරක්ෂාව සම්බන්ධව විශ්වාසය තැබිය හැක්කේ ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසිය කෙරෙහි පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා කළුතර දිස්ත‍්‍රික් ආරක්ෂක කමිටු රැුස්වීමේදී ජනාධිපතිවරයා ඉදිරියේදීම පවසා ඇත. 04 - පිටුවට

    ජනාධිපති වන ඔබතුමා ආරක්ෂාව තහවුරු කර ඇති බවට ප‍්‍රකාශ කළ නමුත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය ආරක්ෂක අංශයට ඊයේ (13 දා) සිය ප‍්‍රභූවරයා ආරක්ෂා කරගන්නා ලෙසට ලිපියක් එවා ඇතැයිද මන්ත‍්‍රීවරයා එහිදී සඳහන් කර තිබේ.

    එබැවින් රටේ ආරක්ෂාව පිළිබඳ ජනාධිපතිවරයා සිදුකරන ප‍්‍රකාශ පරස්පර විරෝධී බවත්, ඒවා පිළිගත නොහැකි බවත් හෙතෙම කියා තිබේ.

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙම සභාවේ මූලාසනයේ රැුඳී සිටින අවස්ථාවේදී කුමාර වෙල්ගම මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කරන විට ජනාධිපතිවරයා කිසිදු ප‍්‍රතිචාරයක් නොදක්වා වෙනතක බලාගෙන සිට ඇත.

    කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යලයේදී පෙරේදා (12 දා) සවස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් දිස්ත‍්‍රික්කයේ මැති ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මේ රැුස්වීම පවත්වා තිබේ.

    මෙම රැුස්වීම ආවරණය කිරීමට ජනමාධ්‍යයට කැඳවීමක් නොතිබූ අතර ජනාධිපති මාධ්‍ය අංශය පමණක් ඊට සහභාගි වී තිබේ.

    මෙහිදී ජනාධිපතිවරයා පළමුව සභාව අමතා රටේ ආරක්ෂක තත්ත්වය මේ වනවිට මුළුමනින්ම තහවුරු කර ඇතැයි පවසා තිබේ. සිය කතාව අවසානයේදී කිසිවකුට ප‍්‍රශ්න ඇත්නම් ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා පවසා ඇත.

    එහිදී කුමාර වෙල්ගම මහතා සභාවට පැමිණ මෙලෙස සිය අදහස් දක්වා තිබේ. කුමාර වෙල්ගම මහතා සිය කතාවෙන් ජනාධිපතිවරයා සහ රජය දැඩිලෙස විවේචනයට ලක් කොට ඇති අතර කතාව අවසානයේදී රැුස්ව සිටි පිරිස මන්ත‍්‍රීවරයාට දැඩි අත්පොළසන් නාදයක්ද ලබා දී තිබේ.

    පසුගිය 21 වැනිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වූ දිනයේදී මෙම ප‍්‍රහාරය ගැන සිය ආරක්ෂක අංශය තමා දැනුවත් කර තිබූ බවද එහෙත් එය එතරම් සැලකිල්ලකට නොගත් බවද මන්ත‍්‍රීවරයා එහිදී පවසා ඇත.

    එහෙත් එවැනි දැනුම් දීමක් කළද රටේ ජනතාවට ආරක්ෂාව නොසැපයීම ගැන වගකීම ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති විසින් භාරගත යුතු බවට මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයාට එහිදී චෝදනා කර තිබේ.

    ජනාධිපති මෙන්ම රජය ද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අප ද මෙහි වගකීම භාරගත යුතු බවද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කර ඇත.

    මැති ඇමැතිවරුන් දැනුවත් වී සිටි නිසා ඔවුන් කිසිවකු හෝ ඔවුන්ගේ පවුල්වල කිසිවකු ද එදින පල්ලියට නොගිය බවත් එලෙස නොයෑමෙන් ඔවුන් මේ ගැන දැනුවත් වීම ඔප්පු වන බවද හෙතෙම ප‍්‍රකාශ කර තිබේ.

    කෙසේ වෙතත් මෙවැනි ප‍්‍රශ්නවලදී බලයට කෑදර නොවී මෙම ප‍්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳා මැතිවරණවලට යායුතු බවත්, මෙම ප‍්‍රශ්නය විසඳීමට රජය ත‍්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සම්පූර්ණ සහයෝගය ලබා දිය යුතු බවත් කුමාර වෙල්ගම මහතා පෙන්වා දී ඇත.

    මේ මොහොතේ ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසිය පිළිබඳව දැඩි ලෙස විශ්වාසය තැබිය හැකි බවත් එබැවින් දේශපාලන අත පෙවීම් වලින් තොරව ඔවුනට අවස්ථාව ලබා දුනහොත් මෙම ගැටලූව සම්පූර්ණයෙන්ම විසඳිය හැකි බවත් කුමාර වෙල්ගම මහතා තවදුරටත් පවසා තිබේ.

    ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා ඇතුළු කිහිප දෙනකුද අදහස් දක්වා ඇති අතර කැබිනට් මණ්ඩලය රැුස්වන බැවින් තමාට යාමට අවශ්‍ය බව පවසා ජනාධිපතිවරයා පසුව එම ස්ථානයෙන් නික්ම ගොස් තිබේ.

    http://divaina.com/daily/index.php/puwath-2/27995-89-14

    Admin : if you are gonna delete this thread, try to work with the Divaina news page as well :)
     
    Last edited:

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    - පසුගිය 21 වැනිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වූ දිනයේදී මෙම ප‍්‍රහාරය ගැන සිය ආරක්ෂක අංශය තමා දැනුවත් කර තිබූ බවද එහෙත් එය එතරම් සැලකිල්ලකට නොගත් බවද මන්ත‍්‍රීවරයා එහිදී පවසා ඇත.

    parliament eke okoma ekayi ban, katiyama danagenna indala ne ithin, dan nikan bola pass karanawa

    ada school giya, ada security job eka mage, lamayi 10 yi awe, 14 KM gedara indan school ekata dura, eka Military person kenak dake naa

    misnisunata thiyneee tambi gana baya neme mee goba desapaluwo sure nathi kama

    okoma desapaluwota kade yana una rep kapuwata aulak naa, kohomath gobayanata kade yanna ralak inawa nee
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    parliament eke okoma ekayi ban, katiyama danagenna indala ne ithin, dan nikan bola pass karanawa

    ada school giya, ada security job eka mage, lamayi 10 yi awe, 14 KM gedara indan school ekata dura, eka Military person kenak dake naa

    misnisunata thiyneee tambi gana baya neme mee goba desapaluwo sure nathi kama

    okoma desapaluwota kade yana una rep kapuwata aulak naa, kohomath gobayanata kade yanna ralak inawa nee

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    parliament eke okoma ekayi ban, katiyama danagenna indala ne ithin, dan nikan bola pass karanawa

    ada school giya, ada security job eka mage, lamayi 10 yi awe, 14 KM gedara indan school ekata dura, eka Military person kenak dake naa

    misnisunata thiyneee tambi gana baya neme mee goba desapaluwo sure nathi kama

    okoma desapaluwota kade yana una rep kapuwata aulak naa, kohomath gobayanata kade yanna ralak inawa nee

    ehma muslim palliyakatama army eken 40k dala thiyanna. ithin pare kawruth na thamai
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ වෙන දේවල් වලින් මිනිස්සු තෙරුම් ගන්න ඕන තව දුරටත් නායකත්වයට සුදුසුයි කියන උන් ඒවාට ගැලපෙන්නේ නෑ කියන එක.