Aggressive testing & test test test

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දිනකට 750ක් කොරෝනා ටෙස්ට් කරන්න පුළුවන්කම තිබුණත් කරන්නේ 250යි. ඇයි මේ? - GMOA


    මේ වනවිට දෛනිකව පුද්ගලයින් 750 - 1000 අතර ප්‍රමාණයක් කොරෝනා පරීක්ෂණයට භාජනය කිරීමට පහසුකම් රට තුළ තිබුණ ද තවමත් දිනකට පරීක්ෂා කෙරෙන්නේ පුද්ගලයින් 250ක් හෝ ඊටත් අඩු ප්‍රමාණයක් පමණක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙසේ කරන්නේ ඇයිදැයි තමන්ටත් නොවැටහෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    "මේ රෝගීන් අතර පිටරට ඉඳන් පැමිණි පුද්ගලයින් හෝ ඔවුන් සමඟ ආශ්‍රය කරපු පුද්ගලයන්ට අමතරව සමාජය තුළින් කිහිපදෙනෙක් හමුවෙලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම බරපතළ තත්වයක්. මොකද අපි වළක්වාගන්න ඕනෙ අන්න ඒ කාරණය.

    අපි පැහැදිලිවම කිව්වා ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ වෙලාවෙදි නිර්දේශ කරලා තියෙන්නෙ "ඇග්‍රෙසිව් ටෙස්ටින් ඇන්ඩ් ටෙස්ට් ටෙස්ට් ටෙස්ට්" කියන ක්‍රමවේදය. ඒ කියන්නෙ හැකි උපරිම ආකාරයෙන් පරීක්ෂණ පවත්වමින් සියලු දෙනාම පරීක්ෂා කිරීමත් නැවත නැවත පරීක්ෂා කරලා - කෙනෙක් මේ රෝගය නැතැයි කිව්වත් ඔහුගේ රෝගය වැළඳීමේ හැකියාව වැඩියි නම් ඔහුව නැවත නැවත පරීක්ෂා කරලා - මේ රෝගය ඇති හෝ නැති බව සහතික කරගන්න කියලා.



    අද වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය අපට කියන කාරණය තමයි 750ක් 1000ක් අතර ප්‍රමාණයක් ටෙස්ට් කරන්න පුළුවන්, පරීක්ෂා කරන්න පුළුවන් හැකියාව මේ වනවිට මේ රට තුළ තියෙනවා. නමුත් කරන්නෙ 250ක් ගෝ ඊටත් අඩු ප්‍රමාණයක් ! ඉතින් අපට තේරෙන්නෙ නෑ කොතනද මේ ප්‍රශ්නෙ ඇතිවෙලා තියෙන්නෙ කියලා.

    මේක තවදුරටත් බලාන ඉන්න පුළුවන් කාරණයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම වැඩි ප්‍රමාණයක් ටෙස්ට් කිරීමේ ක්‍රමවේදයට අපි අන්තර්ගත විය යුතුයි. ඒ තුළින් අපට රෝගීන් වැඩි ප්‍රමාණයක් හඳුනා ගැනීමටත් ඉක්මනින් ඔවුන්ව හඳුනා ගැනීමටත් ඒ තුළින් සමාජය තුළ මේක පැතිරයාම වැළැක්වීමත් කියන කාරණා දෙක තුනම ඉටුකර ගත හැකියි.

    මේ පරීක්ෂා කිරීම් වැඩියෙන් කරන්න ඕනෙ කියන එකට හොඳම උදාහරණය තමයි මාර්තු 31 වෙනිදා අපට ලැබුණු දත්ත. ඒ දිනයේදී රෝගීන් 21ක් පමණ ලංකාව තුළ වාර්තා වෙනවා. එවැනි ඉහළ සංඛ්‍යාවක් වාර්තා වෙන්න ප්‍රධාන හේතුව වුණේ වැඩි පිරිසක් පරීක්ෂාවට ලක් කිරීම. රෝග ලක්ෂණ තිබුණු අය පමණක් නෙවෙයි, ඒ රෝගීන් ලෙස හඳුනාගත් අයත් එක්ක සමීපව ආශ්‍රය කළ අය පරීක්ෂණයට භාජනය කළා ඒ දිනයෙදි. 20 දෙනෙක් පරීක්ෂා කළාම 10 දෙනෙක් පොසිටිව් වුණා. ඉතින් එයින් පැහැදිලිවම පේනවා වැඩිපුර පරීක්ෂණ කිරීම තුළින් රෝග ලක්ෂණ තිබුණත් නැතත් අපට රෝගීන්ව ඉක්මනට හඳුනාගන්න පුළුවන් කියන එක" යනුවෙනුයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ.

    වෛද්‍ය සමන්ත ආනන්ද මහතා මේ බව පැවසුවේ ඊයේ (04) රූපවාහිනී නාලිකාවක් වෙත අදහස් දක්වමිනි.


    https://www.lankanewsweb.net/sinhala/90-special-news/59647-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7-750%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F-%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8-%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-250%E0%B6%BA%E0%B7%92--%E0%B6%87%E0%B6%BA%E0%B7%92-%E0%B6%B8%E0%B7%9A-----GMOA



    XFhBBqp.png
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    රැපිඩ් ටෙස්ටින් එක කරන්නේ නැත්තේ ඇයි කියන එක මටත් ගැටළුවක්. CRP එකම කරනකන් ඉන්නවෙනවා එකේ Anti body Anti Gen දෙකම බලනවද?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    රැපිඩ් ටෙස්ටින් එක කරන්නේ නැත්තේ ඇයි කියන එක මටත් ගැටළුවක්. CRP එකම කරනකන් ඉන්නවෙනවා එකේ Anti body Anti Gen දෙකම බලනවද?

    news wala kiwwa accurate eka madi kiyala thama :nerd:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    රජයෙන් දැනට ටෙස්ට් 200ක් කරන්න සූදානමෙන් හිටියත් මේ වෙනකොට වැඩිපුරම ඇවිල්ලා තියෙන්නෙ 152 (ඊයේ).
     

    Similar threads