Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Agriculture Business Ideas
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩ්‍රැගන් ෆෘට්

ඩ්‍රැගන් පෘට්

Dragon Fruit (Hylocereus undatus)

ඩ්‍රැගන් පෘට් (Hylocereus undatus) කැක්ටේසියේ (Cactaceae) කුලයට අයත් අපිශාක ලෙස වැඩෙන බහු වාර්ෂික ශාකයකි. මධ්‍යම හා දකුණු ඇමෙරිකාවේ සම්භවය වු ලෙස සැලකෙන මෙම ශාකය එහිදී පීතාය (Pitaya) යන නමින් හදුන්වනු ලැබේ. මෑත භාගයේ සිට සීඝ්රයෙන් ප්රචලිතවන කැක්ටේසියේ කුලයේ සාමාජිකයා වන මෙම ඩ්‍රැගන් පෘට් ශාකය දැනට විටට්නාමය, තායිලන්තය, මැලේසියාව, ඊශ්‍රායලය ආදී රටවල් රාශියක ආර්ථික බෝගයක් ලෙස වගා කෙරේ.

ඩ්‍රැගන් පෘට් ශාකය ලංකාවේද ජනප්‍රිය වෙමින් පවතින අතර පහතරට තෙත් කලාපයේත්, අතරමැදි කලාපයේත් අතිරේක ජල සම්පාදනය යටතේ වියලි කලාපයේත් සාර්ථකව වගාකල හැක. මෙම වගාව දියුණු කිරීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැනට පර්යේෂණ කටයුතු කෙරීගෙන යයි.

ප්‍රයෝජන

ඩ්‍රැගන් පෘට් පලතුරු ශාකයක් මෙන්ම විසිතුරු ශාකයක් ලෙසද ජනප්‍රියය. ඵලය ඉදුණුවිට කෙලින්ම ආහාරයට ගත හැකිය. එසේම මෙය ජෑම්, අයිස්ක්‍රීම්, ජෙලි, පලතුරු යුෂ හා වයින් වැනි අතුරු නිෂ්පාදන සෑදීමටද යොදාගතු ලැබේ. මීට අමතරව ඩ්‍රැගන් පෘට් මල පිපීමට පෙර පොහොට්ටු අවස්ථාවේ ව්‍යාංජනයක් ලෙස සකස්කර ආහාරයට ගත හැක.

මෙම පලතුර ආහාරයට ගැනීමෙන් ආහාර දිරවීමේ හැකියාව වැඩිකෙරේ. එසේම මෙයට පිළිකා මර්ධනය කිරීම හා දියවැඩියාව, රුධිර කොලෙස්ටරෝල් ප්‍රමාණය හා රුධිර පීඩනය පාලනය කිරීමේ ඖෂධීය ගුණයක් ඇති බව සදහන් වේ.

පෝෂණ ගුණය

ඩ්‍රැගන් පෘට් ඉදුණු ඵලයේ ආහාරයට ගත හැකි කොටස් ග්‍රෑම් 100 ක අඩංගු ද්‍රව්‍ය

ජලය ග්‍රෑම් 82.5

- 83 ප්‍රෝටීන් ග්‍රෑම් 0.159 - 0.229 මේදය ග්‍රෑම් 0.21 - 0.61 දළතන්තු ග්‍රෑම් 0.7 - 0.9 කැරොටින් මිලි.ග්‍රෑම් 0.005 - 0.012 කැල්සියම් මිලි.ග්‍රෑම් 6.3 - 8.8 පොස්පරස් මිලි.ග්‍රෑම් 30.2 - 36.1 යකඩ මිලි.ග්‍රෑම් 0.55 - 0.65 විටමින් B 1 මිලි.ග්‍රෑම් 0.28 - 0.043 විටමින් B 2 මිලි.ග්‍රෑම් 0.043 - 0.045 විටමින් B 3 මිලි.ග්‍රෑම් 0.297 - 0.43 විටමින් C මිලි.ග්‍රෑම් 8.0 - 9.0 තයමින් මිලි.ග්‍රෑම් 0.28 - 0.30 රයිබොප්ලේවින් මිලි.ග්‍රෑම් 0.043 - 0.044 නයසින් මිලි.ග්‍රෑම් 1.297 - 1.30 අළු ග්‍රෑම් 0.28 - වෙනත් ග්‍රෑම් 0.54 - 0.68 මෙහි ඉදුනු ඵලයේ මාංශලය විටමින් වලින් පොහොසත්ය.

ප්‍රභේද

කැක්ටේසියේ කුලයේ හයිලොසෙරස් විශේෂ (Hylocereus spp) හා සෙලිනිසෙරස් විශේෂ (Selenicereus spp) වල ප්‍රභේද හා දෙමුහුන් ප්‍රභේද ලෝකයේ විවිධ රටවල ආර්ථික වගා ලෙස විශේෂයෙන් වගා කෙරේ. මේ සියල්ල පොදුවේ ඩ්‍රැගන් පෘට් ලෙස සැලකුවද විශේෂයෙන් වගා කෙරේ. මේ සියල්ල පොදුවේ ඩ්‍රැගන් පෘට් ලෙස සැලකුවද විශේෂයෙන් ඩ්‍රැගන් පෘට් ලෙස සදහන් වන්නේ හයිලොසෙරස් අන්ඩේටස් (Hylocereus undatus) ය.

හයිලොසෙරස් අන්ඩේටස්

මෙය විසිතුරු ශාකයක් ලෙසද ජනප්‍රියය. ඉදුණු ඵලය කිලෝ ග්‍රෑම් 1 ක් හෝ ඊට වැඩිය. ඵලයේ පොත්ත රතුපාටය. මදය සුදු පාට වන අතර විනිවිද පෙනේ. කදේ කටු අඩුය. ඩ්‍රැගන් පෘට් (Dragon Fruit), පිතායා (Pitaya) ස්ටෝබෙරි පෙයාස්, (Strawberry Pear) යන නම් වලින්ද සදහන් වන්නේ මෙම විශේෂයයි.

හයිලොසෙරස් පොලිරයිසස් (Hylocereus Polyrhizus)

මෙහි ඵලයේ බර කිලෝ ග්‍රෑම් 1 පමණ වන අතර එහි පොත්ත රතුපාටය මදය තද රතුපාටය. කදේ කටු වැඩිය.

සෙලිනිසෙරස් මෙගලින්තස් (Selenicereus megalanthus)

මෙහි ඉදුණු ඵලයේ පොත්ත කහපාටය. මදය සුදු පාටය. කහ පිතායා (Yellow Pitaya) ලෙස මෙය හදුන්වයි. ඉහත විශේෂ තුනෙහිම ඵලයේ මදයෙහි විසිරුණු කුඩා කළුපාට ඇට ඇත.

දේශගුණික අවශ්‍යතා

ඩ්‍රැගන් පෘට් පතොක් කුලයේ ශාකයක් නිසා එයට නියගය, දුර්වල පාංශු තත්ව හා අඩු උෂ්ණත්වය දැරීමේ හැකියාවක් ඇත.

නමුත් වගාවට වඩාත් උචිත වන්නේ 20 - 30 oC උෂ්ණත්වය පවතින වියලි ඝර්ම කලාපීය දේශගුණයකි. එසේම වර්ෂාපතනය මිලි ලීටර් 500 - 1500 හා පැහැදිලි වියලි හා තෙත් දේශගුණික තත්ව මාරුවෙන් මාරුවට තිබීම වඩා යෝග්‍යය. ශාකයට හොදින් හිරු එළිය අවශ්‍ය වුවත් අධික උෂ්ණත්වය දිගුකලක් පැවතීම ශාකයට හිතකර නොවන අතර එවැනි අවස්ථාවල සෙවන සැපයීම අවශ්‍ය වේ.

පස හා ජලය

ඩ්‍රැගන් පෘට් වගාව සදහා හොදින් ජල වහනය වන පසක් තිබීම අත්‍යවශ්‍යය. එසේම ශාකය කාබනික ද්‍රව්‍ය සදහා හොදින් ප්‍රතිචාර දක්වන අතර පසේ වැලි 10 - 30 % පමණ තිබීම ඉතා හොදය. මෙම ශාකය වැලි සහිත පසේද සාර්ථකව වැවේ.

රෝපන ද්‍රව්‍ය සකසා ගැනීම

සිටුවීමට අවශ්‍ය පැල පහත ලෙස නිපදවාගත හැක.

1. දඩු කැබලි පැල කිරීමෙන් - සාමාන්‍යයෙන් පැල නිපදවාගන්නේ මෙම ක්‍රමයෙනි.

2. බීජ පැල - බීජ පැල කිරීමෙන්ද පැල නිපදවාගත හැකි වුවද ආර්ථික වගාවන්ට මේවා යොදාගනු නොලැබේ. හේතුව ඵල හටගැනීමට දිගු කාලයක් ගතවීමත් මව් ශාකයේ තිබුණු ලක්ෂණ පැලවල වෙනස් විය හැකි නිසාත්ය.

දඩු කැබලිවලින් පැල නිපදවා ගැනීම

තෝරාගත් ඵල දරණ මව්ශාකවලින් දඩු ගබාගත යුතුය.

මේවා සෙ.මී. 15 - 20 පමණ දිග කැබලිවලට කපා බදුන් කිරීමට පෙර දින 1 - 2 පමණ වියලි ස්ථානයක ගබඩාකර තැබිය යුතුය.

ඉන්පසුව මෙම දඩු කැබලි හොදින් ජලවහනය වන බදුන් මිශ්‍රණයකින් පිරවු බදුන්වල සිටවනු ලැබේ. බදුන් පිරවීම සදහා වියලි ගොම : මතුපිට පස් : වැලි : 1 : 1 : 2 මිශ්‍රණයක් යෝග්‍යය. මෙම බදුන් සාමානය තෙතමන තත්වයේ සෙවනේ තැබීමෙන් දඩු දඩු කැබලිවල මුල් අද්දවා ගනු ලැබේ.

දඩු කැබලිවල අතු රිකිලිද වැඩීමෙන් පසු ඒවා පරිසරයට හුරුකිරීමෙන් අනතුරුව සිටුවීමට යොදාගනී.

සිටුවීම

මුල් ඇද්දවු දඩු කැබලි සිටුවීම සදහා මීටර් 2 x 2 පරතරයට සෙ.මී. 60 x 60 x 60 ප්‍රමාණයට වලවල් කපාගත යුතුය. එම වලවල් මතුපිට පස්, දිරූ ගොම හෝ කොම්පෝස්ට් කිලෝ ග්‍රෑම් 10 - 15 හා සුපර් පොස්පේට් ග්‍රෑම් 100 සහිත මිශ්‍රණයකින් පුරවා දඩු සිටවනු ලැබේ. පසේ ජල වහනය දුර්වල නම් වලේ පතුලට කුඩා ගඩොල් කැබලි තට්ටු 1 - 2 දමා ඉහත මිශ්‍රණයට අමතරව වැලි ප්‍රමාණයක් ද කලවම්කර වල පුරවාගන්න.

ගස් පුහුණු කිරීම

මෙම ශාකය අධාරකයක උපකාරයෙන් ඉහලට වැඩෙන නිසා පැලය ආසන්නයේ 5' - 6' උස ලී හෝ කොන්ක්‍රීට් කනුවක් සිටුවිය යුතුය. වැඩෙන කද කනුවට ගැට ගසමින් ශාකය ඉහලට වැඩීමට සැලැස්විය යුතුය. කදේ වැඩෙන වායව මුල් මගින් ශාකය ආධාරකයට තදින් අල්ලා ගැනීම සිදුවේ. ඉහලට වැඩෙන කදෙන් හටගන්නා පාර්ශ්වික කදන් සීමා කලයුතු අතර ප්‍රධාන ප්‍රධාන කදන් 2/3 පමණක් වැඩීමට ඉඩදේ. එනිසා කනුව මත වැඩෙන ප්‍රධාන කදන් වල පහත පාර්ශ්වික කදන් වරින් වර ඉවත් කලයුතුය.

ආධාරකයේ මුදුනේ 2' පමණ අරය ඇති රවුම් කම්බි රාමුවක් සකසා ගතයුතු අතර කනුවට උඩින් වැඩී පහතට එල්ලෙන අතු මේ රවුම මත සමතුලිත පදුරක් ලැබෙන ලෙස පුහුණුකර ගත යුතුය.

ලෙඩ රෝග

මෙම බෝගයට රෝග හා පළිබෝධ හානි ඉතා අඩුවීම විශේෂ කරුණකි. නමුත් සමහර රටවලට දිලීර රෝග වාර්තා වී ඇත.

මල් හටගැනීම

ඩ්‍රැගන් පෘට් වල මල රාත්‍රීයට පිපෙන අතර එය සුදට හුරු ක්‍රීම් පැහැතිය. පෙනුමෙන් කඩුපුල් මලකට සමාන වන මෙය පිපෙන විට ඇති සුවද කෘමීන් ආකර්ශකය කර ගැනීමට හේතුවේ. අප රටේ අතරමැදි කලාපයේ මල් පිපීම අප්‍රේල්/මැයි සිට ආරම්භ වේ.

මලෙහි සුන්දරත්වය නිසා Queen of night, Moon flower, Nobal woman ආදී අන්වර්ථ නාම වලින් එය හදුන්වනු ලැබේ.

ඵල හටගැනීම

ඩ්‍රැගන් පෘට් ශකයේ මල් පොහොට්ටු (Buds) හටගෙන දින 40-50 පමණ නැතිනම් මල් පිපී දින 30 - 35 දී ඵල මේරීම සිදුවේ. ඵල වාරය නොවැම්බර් පමණ වන තෙක් පවතින අතර ඒ කාලය තුලදී 5 - 6 වතාවක් ඵල නෙලාගත හැක.

නොමේරූ ඵලයේ පොත්ත දිලිසෙන සුළු කොළපාට වන අතර එය මේරීමත් සමග රතු පැහැයට හැරේ. මෙම පැහැයට හැරී දින 4 - 5 පමණ ඵල නෙලීම වඩාත් සුදුසු වුවත් අපනයනය කිරීමේදී රතු පාටට හැරී දිනකට පසු ඵල නෙලා ගැනීම සුදුසුය. අප රටේ අතරමැදි කලාපයේදී ඵලයක බර ග්‍රෑම් 300 - 600 පමණ වේ. වසරකට සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකින් කිලෝ ග්‍රෑම් 10,000 පමණ වේ.

පොහොර යෙදවීම

ඩ්‍රැගන් පෘට් වනාශ්‍රිත පතොක් කුලයේ ශාකයක් නිසා කාන්තාර තත්ත්ව යටතේ වැඩෙන පතොක් ශාක වලට වඩා පොහොර හා ජලය යෙදීම අවශ්‍යය. මෙම බෝගය වගා කිරීම සදහා යොමුවුයේ මෑතකදී නිසා එයට අවශ්‍ය පොහොර තවම නිර්දේශ කර ඇත. නමුත් පහත පොහොර ප්‍රමාණයන් යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.

කාබනික පොහොර

ඩ්‍රැගන් පෘට් ශාකය වර්ධනයට පසේ හොදින් කාබනික පොහොර තිබීම වැදගත්ය. එනිසා වසරකට ගසකට යොදන කාබනික පොහොර කිලෝ 15 සිට වසරින් වසර කිලෝ 2 බැගින් වැඩිකර උපරිමය කිලෝ 20 දක්වා වැඩි කිරීම යෝග්‍යය.

රසායනික පොහොර

ඵල නොදරන මුල් කාලයේදී පොහොර යෙදීම. පැල සිටුවා මාසයකට පසු හා සෑම මාස 04 කට වරක් ගසකට පහත මිශ්‍රණය යොදන්න.

යුරියා - ග්‍රෑම් 72

සුපර් පොස්පේට් - ග්‍රෑම් 88

මියුරියේට් ඔෆ් පොටෑෂ් - ග්‍රෑම් 40

ඵල දරණ ගස් සඳහා පොහොර

ඵල දරණ ගස් සඳහා පොහොර යෙදීමේදී අඩු නයිට්රජන් ප්‍රමාණයකුත් වැඩි පොටෑෂ් ප්‍රමාණයකුත් යෙදීම උසස් අස්වැන්නක් ලබාගැනීම වැදගත්ය. මෙම අවස්ථාවේ පොහොර යෙදීමේදී මල් පිපීම ආරම්භ වීමට පෙර (අප්‍රේල්) ඵල වර්ධනය වන අවධියේ (ජුලි / අගෝස්තු) හා අස්වනු නෙලා අවසානයේ (දෙසැම්බර්) පහත මිශ්‍රණය වරකට ගසකට යොදන්න.

යුරියා - ග්‍රෑම් 50

සුපර් පොස්පේට් - ග්‍රෑම් 50

මියුරියේට් ඔෆ් පොටෑෂ් - ග්‍රෑම් 100

වසරකට ගසකට යොදන මුළු පොහොර ප්‍රමාණය වසරක් පාසා ග්‍රෑම් 225 බැගින් වැඩිකරමින් කිලෝ 1 1/2 ක් උපරිමයක් දක්වා පොහොර වැඩි කරන්න.

ජල සම්පාදනය

හොද අස්වැන්නක් ලබාගැනීමට වියලි කාලයේදී ජලය සම්පාදනය කිරීම අවශ්‍යය. එසේම වියලි කලාපයේ වගා කරන්නේ නම් අතිරේක ජල සම්පාදනය අවශ්‍යය.

ගබඩා කිරීම

ඩ්‍රැගන් පෘට් ඵලය 5 oC හා 90% HR යටතේ දින 40 පමණ ගබඩාකර තැබිය හැක. මෙයට වඩා ඉහල උෂ්ණත්වයේ ගබඩා කිරීමෙන් ඵලයේ ගුණත්වය සීඝ්රයෙන් පහත වැටේ.

වෙලඳපොල

ඩ්‍රැගන් පෘට් විදේශීය රටවල් රාශියක සීඝ්රයෙන් ව්‍යාප්ත වන හොද ඉල්ලුමක් ඇති පලතුරකි. දේශීය වෙළදපොලේ මෙය ජනප්‍රිය නොවුවද, කීල්ස් වැනි සුපිරි වෙළද සැල්වල මෙම පලතුරු කිලෝ එකක් රු. 250 - 300 අතර මුදලකට අලවි වේ.

අප රටේ දැනට සීමිත ලෙස වගා කරන මෙම බෝගය ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේද අවධානය යොමුවී ඇත. දැනට පවතින ඉල්ලුමට සරිලන පැල ප්‍රමාණවත් නොවන නිසා පැල නිෂ්පාදනයට වැඩසටහනක්ද ක්‍රියාත්මක වේ.

Source

[QUOTE="leeroxxroxx, post: 20579732, member: 419938"] [b]ඩ්‍රැගන් ෆෘට්[/b] [B][COLOR=#008000]ඩ්‍රැගන් පෘට් [/COLOR] Dragon Fruit ([I]Hylocereus undatus[/I])[/B] [IMG]http://www.doa.gov.lk/images/stories/site/Crops/Friuts/Dragon_Fruit/Fruits_Dragon_Fruit_1.jpg[/IMG] ඩ්‍රැගන් පෘට් (Hylocereus undatus) කැක්ටේසියේ (Cactaceae) කුලයට අයත් අපිශාක ලෙස වැඩෙන බහු වාර්ෂික ශාකයකි. මධ්‍යම හා දකුණු ඇමෙරිකාවේ සම්භවය වු ලෙස සැලකෙන මෙම ශාකය එහිදී පීතාය (Pitaya) යන නමින් හදුන්වනු ලැබේ. මෑත භාගයේ සිට සීඝ්රයෙන් ප්රචලිතවන කැක්ටේසියේ කුලයේ සාමාජිකයා වන මෙම ඩ්‍රැගන් පෘට් ශාකය දැනට විටට්නාමය, තායිලන්තය, මැලේසියාව, ඊශ්‍රායලය ආදී රටවල් රාශියක ආර්ථික බෝගයක් ලෙස වගා කෙරේ. ඩ්‍රැගන් පෘට් ශාකය ලංකාවේද ජනප්‍රිය වෙමින් පවතින අතර පහතරට තෙත් කලාපයේත්, අතරමැදි කලාපයේත් අතිරේක ජල සම්පාදනය යටතේ වියලි කලාපයේත් සාර්ථකව වගාකල හැක. මෙම වගාව දියුණු කිරීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැනට පර්යේෂණ කටයුතු කෙරීගෙන යයි. [B] ප්‍රයෝජන[/B] ඩ්‍රැගන් පෘට් පලතුරු ශාකයක් මෙන්ම විසිතුරු ශාකයක් ලෙසද ජනප්‍රියය. ඵලය ඉදුණුවිට කෙලින්ම ආහාරයට ගත හැකිය. එසේම මෙය ජෑම්, අයිස්ක්‍රීම්, ජෙලි, පලතුරු යුෂ හා වයින් වැනි අතුරු නිෂ්පාදන සෑදීමටද යොදාගතු ලැබේ. මීට අමතරව ඩ්‍රැගන් පෘට් මල පිපීමට පෙර පොහොට්ටු අවස්ථාවේ ව්‍යාංජනයක් ලෙස සකස්කර ආහාරයට ගත හැක. මෙම පලතුර ආහාරයට ගැනීමෙන් ආහාර දිරවීමේ හැකියාව වැඩිකෙරේ. එසේම මෙයට පිළිකා මර්ධනය කිරීම හා දියවැඩියාව, රුධිර කොලෙස්ටරෝල් ප්‍රමාණය හා රුධිර පීඩනය පාලනය කිරීමේ ඖෂධීය ගුණයක් ඇති බව සදහන් වේ. [B] පෝෂණ ගුණය[/B] ඩ්‍රැගන් පෘට් ඉදුණු ඵලයේ ආහාරයට ගත හැකි කොටස් ග්‍රෑම් 100 ක අඩංගු ද්‍රව්‍ය ජලය ග්‍රෑම් 82.5 - 83 ප්‍රෝටීන් ග්‍රෑම් 0.159 - 0.229 මේදය ග්‍රෑම් 0.21 - 0.61 දළතන්තු ග්‍රෑම් 0.7 - 0.9 කැරොටින් මිලි.ග්‍රෑම් 0.005 - 0.012 කැල්සියම් මිලි.ග්‍රෑම් 6.3 - 8.8 පොස්පරස් මිලි.ග්‍රෑම් 30.2 - 36.1 යකඩ මිලි.ග්‍රෑම් 0.55 - 0.65 විටමින් B 1 මිලි.ග්‍රෑම් 0.28 - 0.043 විටමින් B 2 මිලි.ග්‍රෑම් 0.043 - 0.045 විටමින් B 3 මිලි.ග්‍රෑම් 0.297 - 0.43 විටමින් C මිලි.ග්‍රෑම් 8.0 - 9.0 තයමින් මිලි.ග්‍රෑම් 0.28 - 0.30 රයිබොප්ලේවින් මිලි.ග්‍රෑම් 0.043 - 0.044 නයසින් මිලි.ග්‍රෑම් 1.297 - 1.30 අළු ග්‍රෑම් 0.28 - වෙනත් ග්‍රෑම් 0.54 - 0.68 මෙහි ඉදුනු ඵලයේ මාංශලය විටමින් වලින් පොහොසත්ය. [B] ප්‍රභේද[/B] කැක්ටේසියේ කුලයේ හයිලොසෙරස් විශේෂ (Hylocereus spp) හා සෙලිනිසෙරස් විශේෂ (Selenicereus spp) වල ප්‍රභේද හා දෙමුහුන් ප්‍රභේද ලෝකයේ විවිධ රටවල ආර්ථික වගා ලෙස විශේෂයෙන් වගා කෙරේ. මේ සියල්ල පොදුවේ ඩ්‍රැගන් පෘට් ලෙස සැලකුවද විශේෂයෙන් වගා කෙරේ. මේ සියල්ල පොදුවේ ඩ්‍රැගන් පෘට් ලෙස සැලකුවද විශේෂයෙන් ඩ්‍රැගන් පෘට් ලෙස සදහන් වන්නේ හයිලොසෙරස් අන්ඩේටස් (Hylocereus undatus) ය. [B] හයිලොසෙරස් අන්ඩේටස්[/B] [IMG]http://www.doa.gov.lk/images/stories/site/Crops/Friuts/Dragon_Fruit/Fruits_Dragon_Fruit_andesan.jpg[/IMG] මෙය විසිතුරු ශාකයක් ලෙසද ජනප්‍රියය. ඉදුණු ඵලය කිලෝ ග්‍රෑම් 1 ක් හෝ ඊට වැඩිය. ඵලයේ පොත්ත රතුපාටය. මදය සුදු පාට වන අතර විනිවිද පෙනේ. කදේ කටු අඩුය. ඩ්‍රැගන් පෘට් (Dragon Fruit), පිතායා (Pitaya) ස්ටෝබෙරි පෙයාස්, (Strawberry Pear) යන නම් වලින්ද සදහන් වන්නේ මෙම විශේෂයයි. [B]හයිලොසෙරස් පොලිරයිසස් ([/B][I]Hylocereus Polyrhizus[/I][B])[/B] [IMG]http://www.doa.gov.lk/images/stories/site/Crops/Friuts/Dragon_Fruit/Fruits_Dragon_Fruit_hylocereuspolyrhizus.jpg[/IMG] මෙහි ඵලයේ බර කිලෝ ග්‍රෑම් 1 පමණ වන අතර එහි පොත්ත රතුපාටය මදය තද රතුපාටය. කදේ කටු වැඩිය. [B] සෙලිනිසෙරස් මෙගලින්තස් ([/B][I]Selenicereus megalanthus[/I][B])[/B] මෙහි ඉදුණු ඵලයේ පොත්ත කහපාටය. මදය සුදු පාටය. කහ පිතායා (Yellow Pitaya) ලෙස මෙය හදුන්වයි. ඉහත විශේෂ තුනෙහිම ඵලයේ මදයෙහි විසිරුණු කුඩා කළුපාට ඇට ඇත. [B] දේශගුණික අවශ්‍යතා[/B] ඩ්‍රැගන් පෘට් පතොක් කුලයේ ශාකයක් නිසා එයට නියගය, දුර්වල පාංශු තත්ව හා අඩු උෂ්ණත්වය දැරීමේ හැකියාවක් ඇත. නමුත් වගාවට වඩාත් උචිත වන්නේ 20 - 30 oC උෂ්ණත්වය පවතින වියලි ඝර්ම කලාපීය දේශගුණයකි. එසේම වර්ෂාපතනය මිලි ලීටර් 500 - 1500 හා පැහැදිලි වියලි හා තෙත් දේශගුණික තත්ව මාරුවෙන් මාරුවට තිබීම වඩා යෝග්‍යය. ශාකයට හොදින් හිරු එළිය අවශ්‍ය වුවත් අධික උෂ්ණත්වය දිගුකලක් පැවතීම ශාකයට හිතකර නොවන අතර එවැනි අවස්ථාවල සෙවන සැපයීම අවශ්‍ය වේ. [B] පස හා ජලය[/B] ඩ්‍රැගන් පෘට් වගාව සදහා හොදින් ජල වහනය වන පසක් තිබීම අත්‍යවශ්‍යය. එසේම ශාකය කාබනික ද්‍රව්‍ය සදහා හොදින් ප්‍රතිචාර දක්වන අතර පසේ වැලි 10 - 30 % පමණ තිබීම ඉතා හොදය. මෙම ශාකය වැලි සහිත පසේද සාර්ථකව වැවේ. [B] රෝපන ද්‍රව්‍ය සකසා ගැනීම[/B] සිටුවීමට අවශ්‍ය පැල පහත ලෙස නිපදවාගත හැක. 1. දඩු කැබලි පැල කිරීමෙන් - සාමාන්‍යයෙන් පැල නිපදවාගන්නේ මෙම ක්‍රමයෙනි. 2. බීජ පැල - බීජ පැල කිරීමෙන්ද පැල නිපදවාගත හැකි වුවද ආර්ථික වගාවන්ට මේවා යොදාගනු නොලැබේ. හේතුව ඵල හටගැනීමට දිගු කාලයක් ගතවීමත් මව් ශාකයේ තිබුණු ලක්ෂණ පැලවල වෙනස් විය හැකි නිසාත්ය. [B] දඩු කැබලිවලින් පැල නිපදවා ගැනීම[/B] [IMG]http://www.doa.gov.lk/images/stories/site/Crops/Friuts/Dragon_Fruit/Fruits_Dragon_Fruit_kabali.jpg[/IMG] තෝරාගත් ඵල දරණ මව්ශාකවලින් දඩු ගබාගත යුතුය. මේවා සෙ.මී. 15 - 20 පමණ දිග කැබලිවලට කපා බදුන් කිරීමට පෙර දින 1 - 2 පමණ වියලි ස්ථානයක ගබඩාකර තැබිය යුතුය. ඉන්පසුව මෙම දඩු කැබලි හොදින් ජලවහනය වන බදුන් මිශ්‍රණයකින් පිරවු බදුන්වල සිටවනු ලැබේ. බදුන් පිරවීම සදහා වියලි ගොම : මතුපිට පස් : වැලි : 1 : 1 : 2 මිශ්‍රණයක් යෝග්‍යය. මෙම බදුන් සාමානය තෙතමන තත්වයේ සෙවනේ තැබීමෙන් දඩු දඩු කැබලිවල මුල් අද්දවා ගනු ලැබේ. දඩු කැබලිවල අතු රිකිලිද වැඩීමෙන් පසු ඒවා පරිසරයට හුරුකිරීමෙන් අනතුරුව සිටුවීමට යොදාගනී. [B] සිටුවීම[/B] මුල් ඇද්දවු දඩු කැබලි සිටුවීම සදහා මීටර් 2 x 2 පරතරයට සෙ.මී. 60 x 60 x 60 ප්‍රමාණයට වලවල් කපාගත යුතුය. එම වලවල් මතුපිට පස්, දිරූ ගොම හෝ කොම්පෝස්ට් කිලෝ ග්‍රෑම් 10 - 15 හා සුපර් පොස්පේට් ග්‍රෑම් 100 සහිත මිශ්‍රණයකින් පුරවා දඩු සිටවනු ලැබේ. පසේ ජල වහනය දුර්වල නම් වලේ පතුලට කුඩා ගඩොල් කැබලි තට්ටු 1 - 2 දමා ඉහත මිශ්‍රණයට අමතරව වැලි ප්‍රමාණයක් ද කලවම්කර වල පුරවාගන්න. [B] ගස් පුහුණු කිරීම[/B] මෙම ශාකය අධාරකයක උපකාරයෙන් ඉහලට වැඩෙන නිසා පැලය ආසන්නයේ 5' - 6' උස ලී හෝ කොන්ක්‍රීට් කනුවක් සිටුවිය යුතුය. වැඩෙන කද කනුවට ගැට ගසමින් ශාකය ඉහලට වැඩීමට සැලැස්විය යුතුය. කදේ වැඩෙන වායව මුල් මගින් ශාකය ආධාරකයට තදින් අල්ලා ගැනීම සිදුවේ. ඉහලට වැඩෙන කදෙන් හටගන්නා පාර්ශ්වික කදන් සීමා කලයුතු අතර ප්‍රධාන ප්‍රධාන කදන් 2/3 පමණක් වැඩීමට ඉඩදේ. එනිසා කනුව මත වැඩෙන ප්‍රධාන කදන් වල පහත පාර්ශ්වික කදන් වරින් වර ඉවත් කලයුතුය. ආධාරකයේ මුදුනේ 2' පමණ අරය ඇති රවුම් කම්බි රාමුවක් සකසා ගතයුතු අතර කනුවට උඩින් වැඩී පහතට එල්ලෙන අතු මේ රවුම මත සමතුලිත පදුරක් ලැබෙන ලෙස පුහුණුකර ගත යුතුය. [B] ලෙඩ රෝග[/B] මෙම බෝගයට රෝග හා පළිබෝධ හානි ඉතා අඩුවීම විශේෂ කරුණකි. නමුත් සමහර රටවලට දිලීර රෝග වාර්තා වී ඇත. [B] මල් හටගැනීම[/B] ඩ්‍රැගන් පෘට් වල මල රාත්‍රීයට පිපෙන අතර එය සුදට හුරු ක්‍රීම් පැහැතිය. පෙනුමෙන් කඩුපුල් මලකට සමාන වන මෙය පිපෙන විට ඇති සුවද කෘමීන් ආකර්ශකය කර ගැනීමට හේතුවේ. අප රටේ අතරමැදි කලාපයේ මල් පිපීම අප්‍රේල්/මැයි සිට ආරම්භ වේ. [IMG]http://www.doa.gov.lk/images/stories/site/Crops/Friuts/Dragon_Fruit/Fruits_Dragon_Fruit_flower.jpg[/IMG] මලෙහි සුන්දරත්වය නිසා Queen of night, Moon flower, Nobal woman ආදී අන්වර්ථ නාම වලින් එය හදුන්වනු ලැබේ. [B] ඵල හටගැනීම[/B] ඩ්‍රැගන් පෘට් ශකයේ මල් පොහොට්ටු (Buds) හටගෙන දින 40-50 පමණ නැතිනම් මල් පිපී දින 30 - 35 දී ඵල මේරීම සිදුවේ. ඵල වාරය නොවැම්බර් පමණ වන තෙක් පවතින අතර ඒ කාලය තුලදී 5 - 6 වතාවක් ඵල නෙලාගත හැක. නොමේරූ ඵලයේ පොත්ත දිලිසෙන සුළු කොළපාට වන අතර එය මේරීමත් සමග රතු පැහැයට හැරේ. මෙම පැහැයට හැරී දින 4 - 5 පමණ ඵල නෙලීම වඩාත් සුදුසු වුවත් අපනයනය කිරීමේදී රතු පාටට හැරී දිනකට පසු ඵල නෙලා ගැනීම සුදුසුය. අප රටේ අතරමැදි කලාපයේදී ඵලයක බර ග්‍රෑම් 300 - 600 පමණ වේ. වසරකට සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකින් කිලෝ ග්‍රෑම් 10,000 පමණ වේ. [B]පොහොර යෙදවීම[/B] ඩ්‍රැගන් පෘට් වනාශ්‍රිත පතොක් කුලයේ ශාකයක් නිසා කාන්තාර තත්ත්ව යටතේ වැඩෙන පතොක් ශාක වලට වඩා පොහොර හා ජලය යෙදීම අවශ්‍යය. මෙම බෝගය වගා කිරීම සදහා යොමුවුයේ මෑතකදී නිසා එයට අවශ්‍ය පොහොර තවම නිර්දේශ කර ඇත. නමුත් පහත පොහොර ප්‍රමාණයන් යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක. [B] කාබනික පොහොර[/B] ඩ්‍රැගන් පෘට් ශාකය වර්ධනයට පසේ හොදින් කාබනික පොහොර තිබීම වැදගත්ය. එනිසා වසරකට ගසකට යොදන කාබනික පොහොර කිලෝ 15 සිට වසරින් වසර කිලෝ 2 බැගින් වැඩිකර උපරිමය කිලෝ 20 දක්වා වැඩි කිරීම යෝග්‍යය. [B] රසායනික පොහොර[/B] ඵල නොදරන මුල් කාලයේදී පොහොර යෙදීම. පැල සිටුවා මාසයකට පසු හා සෑම මාස 04 කට වරක් ගසකට පහත මිශ්‍රණය යොදන්න. [LIST] [*]යුරියා - ග්‍රෑම් 72 [*]සුපර් පොස්පේට් - ග්‍රෑම් 88 [*]මියුරියේට් ඔෆ් පොටෑෂ් - ග්‍රෑම් 40 [/LIST] [B] ඵල දරණ ගස් සඳහා පොහොර[/B] ඵල දරණ ගස් සඳහා පොහොර යෙදීමේදී අඩු නයිට්රජන් ප්‍රමාණයකුත් වැඩි පොටෑෂ් ප්‍රමාණයකුත් යෙදීම උසස් අස්වැන්නක් ලබාගැනීම වැදගත්ය. මෙම අවස්ථාවේ පොහොර යෙදීමේදී මල් පිපීම ආරම්භ වීමට පෙර (අප්‍රේල්) ඵල වර්ධනය වන අවධියේ (ජුලි / අගෝස්තු) හා අස්වනු නෙලා අවසානයේ (දෙසැම්බර්) පහත මිශ්‍රණය වරකට ගසකට යොදන්න. [LIST] [*]යුරියා - ග්‍රෑම් 50 [*]සුපර් පොස්පේට් - ග්‍රෑම් 50 [*]මියුරියේට් ඔෆ් පොටෑෂ් - ග්‍රෑම් 100 [/LIST] වසරකට ගසකට යොදන මුළු පොහොර ප්‍රමාණය වසරක් පාසා ග්‍රෑම් 225 බැගින් වැඩිකරමින් කිලෝ 1 1/2 ක් උපරිමයක් දක්වා පොහොර වැඩි කරන්න. [B] ජල සම්පාදනය[/B] හොද අස්වැන්නක් ලබාගැනීමට වියලි කාලයේදී ජලය සම්පාදනය කිරීම අවශ්‍යය. එසේම වියලි කලාපයේ වගා කරන්නේ නම් අතිරේක ජල සම්පාදනය අවශ්‍යය. [B]ගබඩා කිරීම[/B] ඩ්‍රැගන් පෘට් ඵලය 5 oC හා 90% HR යටතේ දින 40 පමණ ගබඩාකර තැබිය හැක. මෙයට වඩා ඉහල උෂ්ණත්වයේ ගබඩා කිරීමෙන් ඵලයේ ගුණත්වය සීඝ්රයෙන් පහත වැටේ. [B] වෙලඳපොල[/B] ඩ්‍රැගන් පෘට් විදේශීය රටවල් රාශියක සීඝ්රයෙන් ව්‍යාප්ත වන හොද ඉල්ලුමක් ඇති පලතුරකි. දේශීය වෙළදපොලේ මෙය ජනප්‍රිය නොවුවද, කීල්ස් වැනි සුපිරි වෙළද සැල්වල මෙම පලතුරු කිලෝ එකක් රු. 250 - 300 අතර මුදලකට අලවි වේ. අප රටේ දැනට සීමිත ලෙස වගා කරන මෙම බෝගය ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේද අවධානය යොමුවී ඇත. දැනට පවතින ඉල්ලුමට සරිලන පැල ප්‍රමාණවත් නොවන නිසා පැල නිෂ්පාදනයට වැඩසටහනක්ද ක්‍රියාත්මක වේ. [URL="http://www.doa.gov.lk/index.php/si/crop-recommendations/1077"] [/URL] [URL="http://www.doa.gov.lk/index.php/si/crop-recommendations/1077"]Source [/URL] [IMG]http://1.bp.blogspot.com/-7zDvfHpo2xQ/UmOagBYkKfI/AAAAAAAADlo/N2ORulNCV1Q/s640/Inside+Dragon+Fruit.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom