AI හි සංවර්ධනය හා ව්‍යාප්තිය

wedakaru007

Active member
  • Dec 2, 2013
    98
    221
    33
    AI හි සංවර්ධනය හා ව්‍යාප්තිය

    AI හි සංවර්ධනය හා ව්‍යාප්තිය

    ArtificialIntelligence1_1438602857.png


    AI හෙවත් කෘතිම බුද්ධිය පළමු වරට ලෝකයට හදුන්වා දුන්නේ වර්ෂ 1943 දී Warren McCulloc හා WalterPitt යන අය විසින්. ඔවුන් සෑම නියුරෝනයක්ම On හා Off ස්විචයක් ලෙස ක්‍රියා කරන නියුරෝනයන්ගෙන් සමන්විත කෘතිම නියුරෝන ආදර්ශකයක් ඉදිරිපත් කළා.

    එම ඉදිරිපත් කිරීම සදහා ඔවුන්
    මූලික භෞතවේදය හා මොළයෙහි ක්‍රියාකාරීත්වය පිළිබද දැනුම
    ප්‍රමේය/ප්‍රස්තුත තර්කනය පිළිබද විධිමත් විශ්ලේෂණයක්
    ආගණනය (computation) පිළිබඳ Turing න්‍යාය
    යන සන්සිද්ධීන් භාවිතා කළා.

    1951 දී Martin Minsky හා Dean Edmonds විසින් රික්ත නළ 3000 ක් පමණ යොදා ගෙන ලෝකයේ පළමු neural network එක The SNARC යන නමින් නිර්මාණය කළා.

    AI පිළිබද පැහදිලි දැක්මක් පළමු වරට ලෝකයට ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමි වන්නේ Alan Turing(1950)ටයි. Computing Machinery and Intelligence යටතේ ඔහු
    Turing Test
    Machine learning
    Genetic algorithms
    Reinforcement learning
    යන දේවල් හදුන්වා දුන්නා.

    කෘතිම බුද්ධිය හෙවත් AI යන නාමය නිර්මාණය කරනු ලැබුවේ 1956 දී John McCarthy විසින් Dartmouth උසස් විද්‍යාලයේ IBM හා MIT යන ආයතන සමග පැවැත්වූ වැඩමුලුවකදී යි.

    එක් එක් වර්ෂ කාලයන්හිදී AI හි යොදා ගැනීම් සහ එහි වර්ධනය සිදු වූ ආකාරය පහත දැක්වෙනවා.

    පෙර අවධිය (1950 – 1960)

    AI පිළිබද මූලික සිද්ධානතයන් ගොඩනැගුණි.
    General problem solving
    Theorem proving
    Games
    Formal calculus
    1969 – 1971
    Shakey the robot (Fikes, Hart,Nilsson)
    Logic-based planning (STRIPS)
    Motion planning (visibility graph)
    Inductive learning (PLANEX)
    Computer vision
    1960 දශකයේ අවසාන භාගයේ සිට 1980 දශකයේ මැද භාගය තෙක් (Knowledge-is-Power period)

    දැනුම සම්බන්ධ යෙදවීම් සහ පරීක්ෂණ උදෙසා AI බහුලව යොදා ගැනුණි.
    Knowledge engineering
    5th generation computer project
    CYC system (Lenat)
    1980 දශකයේ සිට මේ දක්වා

    AI, කර්මාන්තයක් වශයෙන් යෙදවීම සිදු කෙරුණි.
    Expert systems
    Lisp machines: LMI, Symbolics, …
    Constraint programming: ILOG
    Robotics: Machine Intelligence Corporation, Adept, GMF (Fanuc), ABB, …
    Speech understanding
    Information Retrieval – Google

    MIT ආයතනයේ AI පිළිබද ප්‍රවීණ මහාචාර්යවරයෙක් 1960 දශකයේදී එම දශකයේදීම ඔවුන් ඉලෙක්ට්‍රොනික ඇසක් නිර්මාණය කරන බව පැවසූවත් මේ දක්වාත් වෙනස් වෙන සුළු සංකීර්ණ දර්ශනයක් හරියාකාරව වටහා ගැනීමට සාමාන්‍ය පරිගණක දෘෂ්ඨි පද්ධතියක් සමත් වී නැහැ. නමුත් සාමාන්‍ය ජීවිතයේදී road traffic monitoring, facial recognition, medical image analysis, part inspection වැනි කටයුතු සදහා AI යොදා ගැනෙනවා.

    1958 දී තවත් වසර 10ක් ඇතුළත පරිගණකය චෙස් ක්‍රීඩාවේ ශූරයෙක් වන්නේය යනුවෙන් පළ කරන ලද අනාවැකිය සත්‍යයක් බවට පත් වූයේ 1998 වසරේදීයි. මේ වන විට පරිගණකය චෙස් ඇතුළුව බුද්ධිය මෙහෙයවා කෙරෙන ක්‍රීඩා ගණනාවකම ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

    1970 දශකයේදී බොහෝ දෙනෙක් ඉක්මනින්ම නිෂ්පාදනාගාර, කම්හල් වල පටන් සාමාන්‍ය නිවෙස් දක්වා සෑම තැනකම පරිගණක මගින් ක්‍රියා කරවන රොබෝ යන්ත්‍ර දැකිය හැකි වෙතැයි අනාවැකි පළ කලා. අද වන විට කර්මාන්ත කිහිපයක් සම්පූර්ණයෙන්ම පාහේ රොබෝකරණය වී තිබුණත් එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ කටයුතු සදහා රොබෝවරුන් යොදාගැනීම තෙක් තවම ලෝකය දියුණු වී නැහැ.


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    සැ:යු - http://sinhalaai.blogspot.com/ බ්ලොග් අඩවිය ඇසුරෙන් කළ උපුටා ගැනීමකි.
    මෙම ලිපිය පල කිරීමෙහි ස්තුතිය බ්ලොග් අඩවියෙහි කතෘ තුමාට හිමිවිය යුතුය .


    තවත් මෙවැනි ලිපියකින් හමු වෙමු ..........
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    මට හිතෙනවා කවද හරි දවසක ගුගල් ලොකේම පාලනේ කරන AI වෙයි.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: