Air - Asia නැවතත් ශ‍්‍රී ලංකාවට.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Air - Asia නැවතත් ශ‍්‍රී ලංකාවට.

    AirAsia_2.jpg

    මැලේසියාවේ සිට ක‍්‍රියාත්මක වන එයාර් ඒෂියා පිරිමැසුම්දායක ගුවන් සේවය නැවතත් ශ‍්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම්. අගෝස්තු මස මුල සිට මෙලෙස ක්වාලාලම්පූර් සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කරන බවයි එම ගුවන් සේවයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ. මේ වසරේ මුල දක්වා ශ‍්‍රී ලංකාව සහ මැලේසියාව අතර එයාර් ඒෂියා ගුවන් ගමන් ක‍්‍රියාත්මක වුණා. බැංකොක් සහ කොළඹ අතරද එයාර් ඒෂියා ගුවන් ගමන් පැවති නමුත් එම ගුවන් ගමන් පසුව අත්හිටවනු ලැබුවා. කොළඹ සහ ක්වාලාලම්පූර් අතර නැවත ආරම්භ කෙරෙන එයාර් ඒෂියා ගුවන් ගමන් සඳහා වැඩි මගීන් සංඛ්‍යාවක් රැුගෙන යා හැකි ගුවන් යානා යොදාගැනීමට නියමිතයි. එයාර් ඒෂියා මැලේසියානු ගුවන් සේවය ක‍්‍රියාත්මක වන්නේ ඉන්දියාවේ ටාටා සමූහය සමග ඒකාබද්ධවයි.

    ©hiru news
     
    • Like
    Reactions: whizzkid

    Similar threads