Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Air Conditioning ගැන (වායු සමනය ගැන)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Air Conditioning ගැන (වායු සමනය ගැන)

Air conditioning කියන්නෙ අද අපිට අත්‍යාවශ්‍ය දෙයක් බවට පත් වෙලා. විශේෂයෙන්ම සමකාසන්න රටක් වෙන අපේ රටට AC අත්‍යාවශ්‍යම දෙයක්. ගොඩනැගිලි වගේම වාහනත් AC කරල තියෙනවා අද වෙනකොට. ඊට අමතරව අපි පාවිච්චි කරන ශීතකරණ වගේ උපකරනත් මේ වායුසමන මූලධර්මය මත තමයි ක්‍රියාත්මක වෙන්නේ

වායු සමනය කිරීමෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ අදාල පරිසරය, ගොඩනැගිල්ල හෝ වාහනය, වාසයට වඩාත් පහසු තැනක් බවට පත් කිරීම. පුද්ගලයින්ට වැඩකටයුතු කිරීමට වඩාත් උචිත තැනක්බවට පත් කිරීම.

මෙහි දෙපැත්තක් තියෙනවා. සීතල රටවල නම් වයුසමනය කිරීමෙන් කරන්නේ වාතයේ උශ්ණත්වය වැඩි කිරීම. උණුසුම් රටවල ඒකෙ අනික් පැත්ත, සිසිල් කිරීම.

උණුසුම් කිරීම සඳහා පාවිච්චි කරන්නේ හීටර්ස්. වාහන වල වගේම නිවාස වලත් එකම ක්‍රමයක් තමයි පාවිච්චි වෙන්නේ. ඒ තමා උණු වතුර. නිවාස වල බේස්මන්ට් එකේ සවි කරල තියෙනවා බොයිලර් එකක්. මේක රත් කලේ ඉස්සර නම් ගල් අගුරු වලින්. අද microcontroller තාක්ෂණය සමග මේ පද්ධතීන් දියුණු වෙලා automated heating systems නිර්මාණය වෙලා තියෙනවා. අද කාලෙ නම් පාවිච්චි වෙන්නෙ LP ගෑස්. ඉතින් මේ බොයිලර් එකෙන් උණු කරන වතුර හුමාලය වෙලා බොයිලර් එකෙන් පිට වෙනවා. ඒ හුමාලය තඹ නළ දිගේ ගමන් කරන්නේ කාමර වල සවිකරල තියෙන රේඩියේටර වලට. මේ රේඩියේටර රත් වෙලා කාමර උණුසුම් කරනවා.

වාහන වලත් මීට සමාන ක්‍රියාවක් තමයි සිදු වෙන්නේ. වාහන වල අමුතුවෙන් වතුර රත් කරන්න දෙයක් නෑනේ. උණු වතුර තියෙනවා එන්ජිමේ. වාහන වල කුඩා රේඩියේටරයක් සවි කරල තියෙන්වා ඩෑෂ් එක යටින්. මේ රේඩියේටරය හඳුන්වන්නේ හීටර් කෝර් එක නමින්. හීටරය ඔන් කලාම වෑල්වයක් ඇරිලා එන්ජිමේ වතුර මේ හීටර් කෝර් එකට ගලාගෙන එනවා. හීටර් කෝර් එක රත් වෙනවා, වාහනයෙ ඇතුල රත් වෙනවා.

සිසිල් කරන වායුසමන පද්ධතියක් මේ කාර්යය ඉටු කරන්නේ වාතයේ ඇති තාපය සහ ජලවාෂ්ප ඉවත් කිරීමෙනුයි. තාපය ඉවත් කරනකොට නිකන්ම අදාල පරිසරය සීතල වෙනවා. ජලවාශ්ප ඉවත් කරනකොට අපිට දාන දාඩිය ඉක්මනින්ම වේලෙනවා. මේ නිසා අපේ ඇඟේ ස්වභාවිකවම සිදුවන සිසිලන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම වෙනවා.

වායුසමන මූලධර්මය පිලිබඳ පරීක්ෂණ 1750 ගණන් වල සිට සිදු වූවත් අද අපි දකින වායුසමන උපක්‍රම මුලින්ම භාවිතයට පැමිණෙන්නේ 20 වෙනි සියවසේ මුල්ම භාගයේ ඉඳලයි. මෝටර් රථ වලට මුලින්ම වායුසමන උපක්‍රම එකතු කරල තියෙන්නේ 1930 ගනන් වල වුනත් production මෝටර් රථ වලට AC එක් කරල තියෙන්නේ 1950 දශකයේදියි. ඒ ඇමරිකන් වාහන වලට. 1980 දශකය වෙනකොට AC, හැම වාහනේකම වගේ අනිවාර්ය අංගයක් වුනා.

එයා කන්ඩිෂනර් එකක් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියලා අපි බලමු. මේක ඔබ හිතනවාට වඩා ගොඩාක් සරල ක්‍රියාවලියක්.

carburetor cleaner, WD40 වැනි ද්‍රව්‍යයක් ඔබ spray කර ඇත්නම්, ස්ප්‍රේ කිරීමෙන් පසුව එහි තිබෙන ප්ලාස්ටික් බටය වටා ජලවාෂ්ප බැඳී තිබෙනවා දැක ඇති. මේ මූලධර්මය තමා වලදි පාවිච්චි වෙන්නෙත්.

අධික පීඩනයකට ලක්ව තියෙන ද්‍රවයක් කුඩා නොසලයකින් වේගයෙන් විදෙන විට එම spray ධාරාව විසින් ඒ අවට තියෙන තාපය උරා ගන්නවා. එතකොට ඒ අවට තියෙන ජල වාෂ්ප ඝණීභවනය වෙලා ජල බින්දු හැදෙනවා.

ඉහත උදාහරනය වායුසමන පද්ධතියකට ආදේශ කරල බලනකොට, WD40 ද්‍රවය ඒසී ගෑස් විදියටත්, ප්ලාස්ටික් බටය එවපරේටරය හෙවත් කූලරය ලෙසත් හඳුන්වන්න පුළුවන්. WD40 කෑන් එක ඇතුලෙ පීඩනයකට ලක් කරල තියෙන ද්‍රවය වගේම තමයි ඒසී පද්ධතියෙ කම්ප්‍රෙසර් එකෙන් කම්ප්‍රෙස් කරල දෙන ඒසී ගෑස්. කෑන් එක මුදුනෙ තියෙන නොසල් එක තමයි expansion valve එක.

දැන් බලමු ඒසී පද්ධතියක කොටස් මොනවද කියලා. මොන ජාතියෙ ඒසී සිස්ටම් එකක් වුණත් මේ පාට්ස් ටික තමයි තියෙන්නේ.

මේ ඉමේජ් එකේ තියෙන්නෙ වාහන වායුසමන පද්ධතියක්. නමුත් ගොඩනැගිලි වායුසමන පද්ධතියකත් මීට වඩා වෙනසක් නෑ, මේ කොටස් වල පෙනුමෙ වෙනස ඇරෙන්න.

මුලින්ම කම්ප්‍රෙසර් එක. කම්ප්‍රෙසර් එකෙන් තමයි ඒසී ගෑස් කම්ප්‍රෙස් කරල දෙන්නේ. ඇතුලෙ මැකෑනිසම් එක අනුව කම්ප්‍රෙසර් ජාති කිහිපයක්ම තිබුණත් මම මෙතනදි ඒවා ගැන කියන්න යන්නෙ නෑ. වාහනයක නම් මේ කම්ප්‍රෙසර් එක කැරකෙන්නෙ එන්ජිමෙන්. නමුත් අලුත් හයිබ්‍රිඩ් වාහන, ඉලෙක්ට්‍රික් වාහන වල වගේම එන්ජින් ධාරිතාවය අඩු වාහන වලත් කම්ප්‍රෙසර් එක විදුලියෙන් වැඩ කරන්න හදල තියෙනවා. ගොඩනැගිලි වායුසමන පද්ධති වලත් එහෙමමයි. ඒසී කම්ප්‍රෙසර් එක ඔන් වුනහම ඒකට එන්ජින් එකෙන් ලොකු ලෝඩ් එකක් අල්ලනවා. ඒක නිසා කම්ප්රෙෂර් එක ඔන් වෙනකොටම එන්ජිම ඉබේම රේස් වෙන්න ක්‍රමයක් සකස් කරල තියෙනවා. ලක්ෂරි බස් රථ වගේ වාහන වල කම්ප්‍රෙසර් එක අති විශාලයි. ඒක සාමාන්‍ය එන්ජිමට සම්බන්ධ කලොත් බස් රථය ධාවනය කරන්න එන්ජිමේ බලය මදි වෙනවා. ඒක නිසා ඒ බස් වල වෙනම එන්ජිමක් තියෙනවා ඒසී කම්ප්‍රෙසර් එක දුවවන්න.

ඉට පස්සෙ තියෙනවා කන්ඩෙන්සර් එක. කන්ඩෙන්සර් එක දඟර ගස්සල තියෙන තනි බටයක්. එක කෙලවරකින් ඇතුල් වෙලා අනික් කෙලවරින් ගෑස් පිට වෙනවා. මේක තමා වාහනයේ හෝ ගොඩනැගිල්ලේ outdoor unit එක වෙන්නේ. කලින් කිව්වා වගේ, කම්ප්‍රෙසර් එකෙන් ඒසී ගෑස් කම්ප්‍රෙස් වෙනවා. ඕනෑම ද්‍රවයක් පීඩනයට ලක් වෙනකොට ඒකෙ උෂ්ණත්වය ඉහල යනවා. මේ කන්ඩෙන්සර් එකෙන් කරන්නෙ ඒ උෂ්නත්වය අඩු කරන එක. ඊට අමතරව ඒසී ගෑස් වලට තාපය ලැබෙන තව ක්‍රමයක් තියෙනවා. ඒක ඉදිරියෙදි කියනවා. මුල් කාලෙ වාහන වල මේ ඒසී කන්ඩෙන්සර් එකට වෙනම ෆෑන් එකක් තිවුනෙ නෑ. රේඩියේටර් ෆෑන් එකෙන්ම තමයි මේකත් සීතල වුනේ. නමුත් ඒ ෆෑන් එක මදි නිසා පසු කාලෙදි වෙනම ඉලෙක්ට්‍රික් ෆෑන් එකක් යොදන්න ගත්තා.

ඊළඟට තියෙනවා ෆිල්ටරය. මේකෙන් කරන්නේ ඒසී ගෑස් පෙරන එක. එකම ලයින් එකක් ඇතුලෙ දුවන ගෑස් එකේ පෙරන්න තියෙන්නෙ මොනවද කියල ඔබ බලනවා ඇති? මේ ඒසී ගෑස් වල අඩංගු රසායන ද්‍රව්‍ය නිසා ජල වාශ්ප ඉතාම සුළු ප්‍රමාණයක් ඒසී පද්ධතිය තුල නිර්මානය වෙනවා. ඒ වගේම ගෑස් පිරවීමේදී ඇතිවෙන දෝෂ නිසා ජලවාෂ්ප ස්වල්පයක් තියෙන්න පුළුවන්. මේ ජලවාෂ්ප ඉවත් කරන එක තමා ෆිල්ටරයේ ප්‍රධාන රාජකාරිය. ඒ සඳහා සිලිකා ජෙල් යොදාගන්නවා. ඊට අමතරව මේ කම්ප්‍රෙසර් එක ක්‍රියාත්මක වීමේදී යම්කිසි ගෙවීමකට ලක් වෙනවා. ඒ ගෙවීමේදී ඉවත් වෙන ඉතා කුඩා ලෝහ අංශු රඳවාගැනීමත් ෆිල්ටරයේ වගකීමක්.

ඉන් පස්සෙ තියෙන්නෙ එක්ස්පෑන්ෂන් වෑල්වය. මම කලින් කිව්ව WD40 උදාහරනයට අනුව මේක ඇත්තටම නොසල් එකක්. මේකෙන් කරන්නේ කම්ප්‍රෙසරය විසින් අධික පීඩනයකට ලක් කරල එවන ඒසී ගෑස් එක ඉවපරේටරය හෙවත් කූලරය තුලට විදීම.

ඊට පස්සෙ තියෙන එවපරේටරය, එහෙම නැත්නම් කූලරය තමා වාහනයේ හෝ ගොඩනැගිල්ලේ ඇතුලෙ තියෙන්නේ. ඒ කියන්නෙ indoor unit එක. මේකත් කන්ඩෙන්සරය වගේම දඟර ගස්සලා තියෙන තනි බටයක්. WD40 කෑන් එකේ බටය සීතල වුනා වගේම එක්ස්පෑන්ෂන් වෑල්ව් එකෙන් ගෑස් ස්ප්‍රේ කරනකොට මේ කූලරයේ පිටත ගොඩක් සිසිල් වෙනවා. 0°C-4°C අතර ප්‍රමාණෙකට. මේ සීතල තමයි වාහනයේ හෝ කාමරයේ ඇතුලත සිසිල් කරන්න යොදා ගන්නෙ.

ඒ වගේම මම කිව්වා ජල වාෂ්ප ඉවත් කරන එකත් වායුසමන යන්ත්‍රයේ රාජකාරියක් බව. ඒකත් කෙරෙන්නෙ මෙතනින්ම තමයි. WD40 බටයේ ජල වාෂ්ප බැඳුනා වගේම වාහනයේ හෝ ගොඩනැගිල්ල ඇතුලෙ තිබෙන ජල වාෂ්ප ඝණීභවනය වෙලා මේ කූලර් එක වටේට බැඳෙනවා. ඒ ඝණීභවනය වුන ජලවාෂ්ප ටික බටයක් දිගේ ඉවත් කරනවා. ඒව තමයි ඒසී බස් වල එහෙම පිටිපස්සෙන් වැක්කෙරෙන්නේ. කලින් කිව්ව වගේ කම්ප්‍රෙසර් එකට අමතරව ඒසී ගෑස් වලට තාපය එකතු වෙන අනිත් තැනත් මේක තමයි. කූලරය තුලට විදින ලද ඒසී ගෑස්, වාශ්ප තත්වයේ සිට ද්‍රව තත්වයට පත් වෙන්න තාපය උරා ගන්නවා. (අවස්ථා විපර්යාසය ) ඒ තාපය නිදහස් වෙන්නෙත් කන්ඩෙන්සරය තුලිනුයි.

බ්ලෝවරය තියෙන්නෙත් කූලරය සමීපවම තමයි. වාහනයේ හෝ කාමරයේ ඇති වාතය චලනය වෙන්නෙ නැත්නම් මේ වායුසමන ක්‍රියාවලිය කාර්යක්ෂමව කරන්න බැහැ. ඒක නිසායි බ්ලෝවරය පාවිච්චි වෙන්නේ. බ්ලෝවරයෙන් කරන්නෙ ගොඩනැගිල්ල හෝ වාහනය ඇතුලෙ තියෙන වාතය දිගින් දිගටම කූලරය හරහා ගමන් කරන්න සැලැස්වීම.

වාහන වල හීටර් කෝර් එකත් මේ බ්ලෝවරය සමීපවමයි තිබෙන්නේ. හීටරය ඔන් කල විට උණුසුම් වාතය වාහනය පුරා පැතිරෙන්නත් මේ බ්ලෝවරය උපකාරී වෙනවා. ගොඩනැගිලි හීටර්ස් වල නම් බ්ලෝවර් පාවිච්චි වෙන්නෙ නෑ.

මේ රූපයේ පෙන්වල නැති තවත් එක අංගයක් තියෙනවා. ඒ තමයි තර්මෝස්ටැට් ස්විචය. කූලරය 0°C ට වඩා සිසිල් වුවහොත් මේ තර්මෝස්ටැට් ස්විචය මගින් ක්ෂණිකව AC විදුලි පද්ධතියට ඇති සැපයුම කපා හරිනවා. එවිට කම්ප්‍රෙසරය, කන්ඩෙන්සර් ෆෑන් ආදී සියල්ලම ක්‍රියා විරහිත වෙනවා. මේ උපක්‍රමය මගින් සීතල අනවශ්‍ය ලෙස වැඩි වීමට නොදී පාලනය කරගන්නවා. එමෙන්ම මේ උපක්‍රමය මගින් කූලරය වටා අයිස් බැඳීමත් පාලනය වෙනවා. (0°C ට වඩා සිසිල් වූ විට ජලය අයිස් බවට පත්වේ.)

මේ ක්‍රියාවලිය දිගින් දිගටම දිගින් දිගටම කිරීමෙන් තමයි වායුසමන පද්ධතිය ඔබේ කාමරය හෝ වාහනය සිසිල් කරන්නේ.

අඩුපාඩු නොතේරෙන තැන් තියේ නම් කියන්න.

© Wele-Suda @Elakiri.com

[QUOTE="Wele-Suda, post: 20939518, member: 559492"] [b]Air Conditioning ගැන (වායු සමනය ගැන)[/b] [CENTER][SIZE="5"][B]Air conditioning කියන්නෙ අද අපිට අත්‍යාවශ්‍ය දෙයක් බවට පත් වෙලා. විශේෂයෙන්ම සමකාසන්න රටක් වෙන අපේ රටට AC අත්‍යාවශ්‍යම දෙයක්. ගොඩනැගිලි වගේම වාහනත් AC කරල තියෙනවා අද වෙනකොට. ඊට අමතරව අපි පාවිච්චි කරන ශීතකරණ වගේ උපකරනත් මේ වායුසමන මූලධර්මය මත තමයි ක්‍රියාත්මක වෙන්නේ වායු සමනය කිරීමෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ අදාල පරිසරය, ගොඩනැගිල්ල හෝ වාහනය, වාසයට වඩාත් පහසු තැනක් බවට පත් කිරීම. පුද්ගලයින්ට වැඩකටයුතු කිරීමට වඩාත් උචිත තැනක්බවට පත් කිරීම. මෙහි දෙපැත්තක් තියෙනවා. සීතල රටවල නම් වයුසමනය කිරීමෙන් කරන්නේ වාතයේ උශ්ණත්වය වැඩි කිරීම. උණුසුම් රටවල ඒකෙ අනික් පැත්ත, සිසිල් කිරීම. උණුසුම් කිරීම සඳහා පාවිච්චි කරන්නේ හීටර්ස්. වාහන වල වගේම නිවාස වලත් එකම ක්‍රමයක් තමයි පාවිච්චි වෙන්නේ. ඒ තමා උණු වතුර. නිවාස වල බේස්මන්ට් එකේ සවි කරල තියෙනවා බොයිලර් එකක්. මේක රත් කලේ ඉස්සර නම් ගල් අගුරු වලින්. අද microcontroller තාක්ෂණය සමග මේ පද්ධතීන් දියුණු වෙලා automated heating systems නිර්මාණය වෙලා තියෙනවා. අද කාලෙ නම් පාවිච්චි වෙන්නෙ LP ගෑස්. ඉතින් මේ බොයිලර් එකෙන් උණු කරන වතුර හුමාලය වෙලා බොයිලර් එකෙන් පිට වෙනවා. ඒ හුමාලය තඹ නළ දිගේ ගමන් කරන්නේ කාමර වල සවිකරල තියෙන රේඩියේටර වලට. මේ රේඩියේටර රත් වෙලා කාමර උණුසුම් කරනවා. [IMG]http://www.gstore.com.au/media/catalog/product/h/y/hydronic_diagram.gif[/IMG] වාහන වලත් මීට සමාන ක්‍රියාවක් තමයි සිදු වෙන්නේ. වාහන වල අමුතුවෙන් වතුර රත් කරන්න දෙයක් නෑනේ. උණු වතුර තියෙනවා එන්ජිමේ. වාහන වල කුඩා රේඩියේටරයක් සවි කරල තියෙන්වා ඩෑෂ් එක යටින්. මේ රේඩියේටරය හඳුන්වන්නේ හීටර් කෝර් එක නමින්. හීටරය ඔන් කලාම වෑල්වයක් ඇරිලා එන්ජිමේ වතුර මේ හීටර් කෝර් එකට ගලාගෙන එනවා. හීටර් කෝර් එක රත් වෙනවා, වාහනයෙ ඇතුල රත් වෙනවා. [IMG]http://acprocold.com/wp-content/uploads/2013/12/Car-heater-system.jpg[/IMG] සිසිල් කරන වායුසමන පද්ධතියක් මේ කාර්යය ඉටු කරන්නේ වාතයේ ඇති තාපය සහ ජලවාෂ්ප ඉවත් කිරීමෙනුයි. තාපය ඉවත් කරනකොට නිකන්ම අදාල පරිසරය සීතල වෙනවා. ජලවාශ්ප ඉවත් කරනකොට අපිට දාන දාඩිය ඉක්මනින්ම වේලෙනවා. මේ නිසා අපේ ඇඟේ ස්වභාවිකවම සිදුවන සිසිලන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම වෙනවා. වායුසමන මූලධර්මය පිලිබඳ පරීක්ෂණ 1750 ගණන් වල සිට සිදු වූවත් අද අපි දකින වායුසමන උපක්‍රම මුලින්ම භාවිතයට පැමිණෙන්නේ 20 වෙනි සියවසේ මුල්ම භාගයේ ඉඳලයි. මෝටර් රථ වලට මුලින්ම වායුසමන උපක්‍රම එකතු කරල තියෙන්නේ 1930 ගනන් වල වුනත් production මෝටර් රථ වලට AC එක් කරල තියෙන්නේ 1950 දශකයේදියි. ඒ ඇමරිකන් වාහන වලට. 1980 දශකය වෙනකොට AC, හැම වාහනේකම වගේ අනිවාර්ය අංගයක් වුනා. එයා කන්ඩිෂනර් එකක් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියලා අපි බලමු. මේක ඔබ හිතනවාට වඩා ගොඩාක් සරල ක්‍රියාවලියක්. carburetor cleaner, WD40 වැනි ද්‍රව්‍යයක් ඔබ spray කර ඇත්නම්, ස්ප්‍රේ කිරීමෙන් පසුව එහි තිබෙන ප්ලාස්ටික් බටය වටා ජලවාෂ්ප බැඳී තිබෙනවා දැක ඇති. මේ මූලධර්මය තමා වලදි පාවිච්චි වෙන්නෙත්. අධික පීඩනයකට ලක්ව තියෙන ද්‍රවයක් කුඩා නොසලයකින් වේගයෙන් විදෙන විට එම spray ධාරාව විසින් ඒ අවට තියෙන තාපය උරා ගන්නවා. එතකොට ඒ අවට තියෙන ජල වාෂ්ප ඝණීභවනය වෙලා ජල බින්දු හැදෙනවා. [IMG]http://media.qcsupply.com/catalog/product/cache/1/image/475x/9df78eab33525d08d6e5fb8d27136e95/3/8/380307_1__1.jpg[/IMG] ඉහත උදාහරනය වායුසමන පද්ධතියකට ආදේශ කරල බලනකොට, WD40 ද්‍රවය ඒසී ගෑස් විදියටත්, ප්ලාස්ටික් බටය එවපරේටරය හෙවත් කූලරය ලෙසත් හඳුන්වන්න පුළුවන්. WD40 කෑන් එක ඇතුලෙ පීඩනයකට ලක් කරල තියෙන ද්‍රවය වගේම තමයි ඒසී පද්ධතියෙ කම්ප්‍රෙසර් එකෙන් කම්ප්‍රෙස් කරල දෙන ඒසී ගෑස්. කෑන් එක මුදුනෙ තියෙන නොසල් එක තමයි expansion valve එක. දැන් බලමු ඒසී පද්ධතියක කොටස් මොනවද කියලා. මොන ජාතියෙ ඒසී සිස්ටම් එකක් වුණත් මේ පාට්ස් ටික තමයි තියෙන්නේ. මේ ඉමේජ් එකේ තියෙන්නෙ වාහන වායුසමන පද්ධතියක්. නමුත් ගොඩනැගිලි වායුසමන පද්ධතියකත් මීට වඩා වෙනසක් නෑ, මේ කොටස් වල පෙනුමෙ වෙනස ඇරෙන්න. [IMG]http://i65.tinypic.com/2vkke3b.png[/IMG] මුලින්ම කම්ප්‍රෙසර් එක. කම්ප්‍රෙසර් එකෙන් තමයි ඒසී ගෑස් කම්ප්‍රෙස් කරල දෙන්නේ. ඇතුලෙ මැකෑනිසම් එක අනුව කම්ප්‍රෙසර් ජාති කිහිපයක්ම තිබුණත් මම මෙතනදි ඒවා ගැන කියන්න යන්නෙ නෑ. වාහනයක නම් මේ කම්ප්‍රෙසර් එක කැරකෙන්නෙ එන්ජිමෙන්. නමුත් අලුත් හයිබ්‍රිඩ් වාහන, ඉලෙක්ට්‍රික් වාහන වල වගේම එන්ජින් ධාරිතාවය අඩු වාහන වලත් කම්ප්‍රෙසර් එක විදුලියෙන් වැඩ කරන්න හදල තියෙනවා. ගොඩනැගිලි වායුසමන පද්ධති වලත් එහෙමමයි. ඒසී කම්ප්‍රෙසර් එක ඔන් වුනහම ඒකට එන්ජින් එකෙන් ලොකු ලෝඩ් එකක් අල්ලනවා. ඒක නිසා කම්ප්රෙෂර් එක ඔන් වෙනකොටම එන්ජිම ඉබේම රේස් වෙන්න ක්‍රමයක් සකස් කරල තියෙනවා. ලක්ෂරි බස් රථ වගේ වාහන වල කම්ප්‍රෙසර් එක අති විශාලයි. ඒක සාමාන්‍ය එන්ජිමට සම්බන්ධ කලොත් බස් රථය ධාවනය කරන්න එන්ජිමේ බලය මදි වෙනවා. ඒක නිසා ඒ බස් වල වෙනම එන්ජිමක් තියෙනවා ඒසී කම්ප්‍රෙසර් එක දුවවන්න. ඉට පස්සෙ තියෙනවා කන්ඩෙන්සර් එක. කන්ඩෙන්සර් එක දඟර ගස්සල තියෙන තනි බටයක්. එක කෙලවරකින් ඇතුල් වෙලා අනික් කෙලවරින් ගෑස් පිට වෙනවා. මේක තමා වාහනයේ හෝ ගොඩනැගිල්ලේ outdoor unit එක වෙන්නේ. කලින් කිව්වා වගේ, කම්ප්‍රෙසර් එකෙන් ඒසී ගෑස් කම්ප්‍රෙස් වෙනවා. ඕනෑම ද්‍රවයක් පීඩනයට ලක් වෙනකොට ඒකෙ උෂ්ණත්වය ඉහල යනවා. මේ කන්ඩෙන්සර් එකෙන් කරන්නෙ ඒ උෂ්නත්වය අඩු කරන එක. ඊට අමතරව ඒසී ගෑස් වලට තාපය ලැබෙන තව ක්‍රමයක් තියෙනවා. ඒක ඉදිරියෙදි කියනවා. මුල් කාලෙ වාහන වල මේ ඒසී කන්ඩෙන්සර් එකට වෙනම ෆෑන් එකක් තිවුනෙ නෑ. රේඩියේටර් ෆෑන් එකෙන්ම තමයි මේකත් සීතල වුනේ. නමුත් ඒ ෆෑන් එක මදි නිසා පසු කාලෙදි වෙනම ඉලෙක්ට්‍රික් ෆෑන් එකක් යොදන්න ගත්තා. ඊළඟට තියෙනවා ෆිල්ටරය. මේකෙන් කරන්නේ ඒසී ගෑස් පෙරන එක. එකම ලයින් එකක් ඇතුලෙ දුවන ගෑස් එකේ පෙරන්න තියෙන්නෙ මොනවද කියල ඔබ බලනවා ඇති? මේ ඒසී ගෑස් වල අඩංගු රසායන ද්‍රව්‍ය නිසා ජල වාශ්ප ඉතාම සුළු ප්‍රමාණයක් ඒසී පද්ධතිය තුල නිර්මානය වෙනවා. ඒ වගේම ගෑස් පිරවීමේදී ඇතිවෙන දෝෂ නිසා ජලවාෂ්ප ස්වල්පයක් තියෙන්න පුළුවන්. මේ ජලවාෂ්ප ඉවත් කරන එක තමා ෆිල්ටරයේ ප්‍රධාන රාජකාරිය. ඒ සඳහා සිලිකා ජෙල් යොදාගන්නවා. ඊට අමතරව මේ කම්ප්‍රෙසර් එක ක්‍රියාත්මක වීමේදී යම්කිසි ගෙවීමකට ලක් වෙනවා. ඒ ගෙවීමේදී ඉවත් වෙන ඉතා කුඩා ලෝහ අංශු රඳවාගැනීමත් ෆිල්ටරයේ වගකීමක්. ඉන් පස්සෙ තියෙන්නෙ එක්ස්පෑන්ෂන් වෑල්වය. මම කලින් කිව්ව WD40 උදාහරනයට අනුව මේක ඇත්තටම නොසල් එකක්. මේකෙන් කරන්නේ කම්ප්‍රෙසරය විසින් අධික පීඩනයකට ලක් කරල එවන ඒසී ගෑස් එක ඉවපරේටරය හෙවත් කූලරය තුලට විදීම. ඊට පස්සෙ තියෙන එවපරේටරය, එහෙම නැත්නම් කූලරය තමා වාහනයේ හෝ ගොඩනැගිල්ලේ ඇතුලෙ තියෙන්නේ. ඒ කියන්නෙ indoor unit එක. මේකත් කන්ඩෙන්සරය වගේම දඟර ගස්සලා තියෙන තනි බටයක්. WD40 කෑන් එකේ බටය සීතල වුනා වගේම එක්ස්පෑන්ෂන් වෑල්ව් එකෙන් ගෑස් ස්ප්‍රේ කරනකොට මේ කූලරයේ පිටත ගොඩක් සිසිල් වෙනවා. 0°C-4°C අතර ප්‍රමාණෙකට. මේ සීතල තමයි වාහනයේ හෝ කාමරයේ ඇතුලත සිසිල් කරන්න යොදා ගන්නෙ. ඒ වගේම මම කිව්වා ජල වාෂ්ප ඉවත් කරන එකත් වායුසමන යන්ත්‍රයේ රාජකාරියක් බව. ඒකත් කෙරෙන්නෙ මෙතනින්ම තමයි. WD40 බටයේ ජල වාෂ්ප බැඳුනා වගේම වාහනයේ හෝ ගොඩනැගිල්ල ඇතුලෙ තිබෙන ජල වාෂ්ප ඝණීභවනය වෙලා මේ කූලර් එක වටේට බැඳෙනවා. ඒ ඝණීභවනය වුන ජලවාෂ්ප ටික බටයක් දිගේ ඉවත් කරනවා. ඒව තමයි ඒසී බස් වල එහෙම පිටිපස්සෙන් වැක්කෙරෙන්නේ. කලින් කිව්ව වගේ කම්ප්‍රෙසර් එකට අමතරව ඒසී ගෑස් වලට තාපය එකතු වෙන අනිත් තැනත් මේක තමයි. කූලරය තුලට විදින ලද ඒසී ගෑස්, වාශ්ප තත්වයේ සිට ද්‍රව තත්වයට පත් වෙන්න තාපය උරා ගන්නවා. (අවස්ථා විපර්යාසය ) ඒ තාපය නිදහස් වෙන්නෙත් කන්ඩෙන්සරය තුලිනුයි. බ්ලෝවරය තියෙන්නෙත් කූලරය සමීපවම තමයි. වාහනයේ හෝ කාමරයේ ඇති වාතය චලනය වෙන්නෙ නැත්නම් මේ වායුසමන ක්‍රියාවලිය කාර්යක්ෂමව කරන්න බැහැ. ඒක නිසායි බ්ලෝවරය පාවිච්චි වෙන්නේ. බ්ලෝවරයෙන් කරන්නෙ ගොඩනැගිල්ල හෝ වාහනය ඇතුලෙ තියෙන වාතය දිගින් දිගටම කූලරය හරහා ගමන් කරන්න සැලැස්වීම. වාහන වල හීටර් කෝර් එකත් මේ බ්ලෝවරය සමීපවමයි තිබෙන්නේ. හීටරය ඔන් කල විට උණුසුම් වාතය වාහනය පුරා පැතිරෙන්නත් මේ බ්ලෝවරය උපකාරී වෙනවා. ගොඩනැගිලි හීටර්ස් වල නම් බ්ලෝවර් පාවිච්චි වෙන්නෙ නෑ. මේ රූපයේ පෙන්වල නැති තවත් එක අංගයක් තියෙනවා. ඒ තමයි තර්මෝස්ටැට් ස්විචය. කූලරය 0°C ට වඩා සිසිල් වුවහොත් මේ තර්මෝස්ටැට් ස්විචය මගින් ක්ෂණිකව AC විදුලි පද්ධතියට ඇති සැපයුම කපා හරිනවා. එවිට කම්ප්‍රෙසරය, කන්ඩෙන්සර් ෆෑන් ආදී සියල්ලම ක්‍රියා විරහිත වෙනවා. මේ උපක්‍රමය මගින් සීතල අනවශ්‍ය ලෙස වැඩි වීමට නොදී පාලනය කරගන්නවා. එමෙන්ම මේ උපක්‍රමය මගින් කූලරය වටා අයිස් බැඳීමත් පාලනය වෙනවා. (0°C ට වඩා සිසිල් වූ විට ජලය අයිස් බවට පත්වේ.) මේ ක්‍රියාවලිය දිගින් දිගටම දිගින් දිගටම කිරීමෙන් තමයි වායුසමන පද්ධතිය ඔබේ කාමරය හෝ වාහනය සිසිල් කරන්නේ. :) අඩුපාඩු නොතේරෙන තැන් තියේ නම් කියන්න. [/B][/SIZE][/CENTER] [SIZE="4"][B][I][RIGHT]© Wele-Suda @[URL="elakiri.com"][SIZE="4"][B][I]Elakiri.com[/I][/B][/SIZE][/URL][/RIGHT][/I][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom