Airbag System එක ගැන දැනගමු

nuwanc1

Active member
  • Mar 21, 2017
    35
    113
    33

    මෙම ලිපිය මගින් Airbag පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිලිබදව සරලව සාගච්චා කිරීමට උත්සහ ගෙන ඇත. වර්තමානයේ බොහෝ දෙනා Airbag යනුවෙන් හැදින් වුවද, මෙහි තාක්ෂණික හැදින්වීම වන්නේ SRS යනුවෙනි. SRS යනු Supplemental Restraint System යන්න වේ. මෙම පද්ධතියේ අරමුන වනුයේ යම් අනතුරක් හේතුවෙන් රථයේ ගමන් ගන්නා මගීන්ට සිදුවිය හැකි අනතුරු අවම කිරීම වේ. ඒ සදහා මෙහිදී වායු පිරවු බැලුන ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදයක් නිර්මාණය කර ඇත. එනම් යම් අනතුරක් සිදුවනවාත් සමගම Nitrogen වායුව පිරවු බලුනයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් මගීන් අනතුරට ලක්වීම අවම කර ඇත.

    SRS පද්ධතියේ සැකැස්ම



    ඉහත රුපසටහනෙහි දක්වා ඇත්තේ අති නවීන රථයක SRS පද්ධතියකට අයත් වන්නා වූ කොටස් හා කොටස් පිහිටනු ලබන ස්ථානයන් වේ. මෙම කොටස් එකින් එක විස්තරාත්මකව පහතින් දක්වා ඇත.
    SRS පද්දතිය ක්‍රියත්මක වන්නේ පරිගණකයක් ආධාරයෙන් බැවින් මෙහි සදහන් සියලුම Sensor හා Actuator පරිගණකය හා සම්බන්ධව පවතී. ඒවා පරිගණකය හා සම්බන්ධවී ඇති ආකාරය පහත රූප සටහනින් දක්වා ඇත.



    නවීන SRS පද්ධතියකට අයත් වන්නවූ කොටස් පහතින් දක්වා ඇත

    Crash zone sensor
    Driver air bag module
    Spiral cord
    Front passenger air bag module
    SRS Computer
    Seat belt buckle pre-tensioner assembly
    Seat belt pre-tensioner
    Side air bag (satellite) sensor
    Side air bag module
    Occupant Sensor
    Curtain Air Bag
    Air bag warning lamp

    Crash zone sensor
    රථයක ඉදිරියෙන් සිදුවන ගැටීමක් හදුනා ගනීම සදහා මෙම Sensor භාවිතා කරයි. මෙම Sensor ආකාර කිහිපයකට නිර්මානය කර ඇත. Sarfing Type Sensor, Mercury Type Sensor, Ect. ආදී වශයෙන් ආකාර කිහිපයකින් දැකිය හැකි අතර වම් පසට හා දකුණු පසට වෙන් වෙන් වශයෙන් Sensor දෙකක් භවිතා කරන අවස්ථාද දැකිය හැක.

    Sarfing Type Sensor

    රථය ධාවනය වන දිශාව ඊතලයෙන් දක්වා ඇති අතර මෙම Sensor තුල රූපසටහනේ ආකාරයට එකිනෙකට සම්බන්ධ නොවුනු පතුරු දෙකක් ඇත. සෙන්සරයට පිටතින් දුන්නක් ආධාරයෙන් චුම්බකයක් රථය ධාවනය වන දිශාවට විරුද්ධ දිශවට තෙරපුමක් සහිතව රදවා ඇත. අනතුරකදී මෙම චුම්බකය දුන්න හකුලුවා ගනිමින් ඉදිරියට පැමිනීම හේතුවෙන් සන්නයක දෙක එකිනෙක සම්බන්ධවීම සිදුවේ.එවිට සෙන්සරය හරහා ධාරාවක් පරිගණකය වෙත ගලායාම හේතුවෙන් ඉදිරි ප්‍රදේශය තුලින් අනතුරක් සිදු වූ බව පරිගණකය හදුනා ගනී.
    වෙනත් ක්‍රමවේදයන්ට අනුරූපව ක්‍රියාත්මක වන්නාවූ sensorද ඇත.

    Driver air bag module
    අනතුරකදී සුක්කානම හේතුවෙන් රියදුරාට සිදුවන අනතුරු වලක්වාලීම සදහා මෙම මොඩියුලය යොදා ඇත. එහි රූප සටහනක් පහතින් දක්වා ඇත. මෙය සුක්කානම තුල රදවා ඇත.

    එය තුල විශාල බැලුනයක් රදවා ඇති අතර එම බැලුනය N2 වායුවෙන් ක්‍රියාත්මකවේ. මෙම බැලුනයට N2 පිරවීම සදහා Inflator නම් කොටසක් යොදාගෙන ඇති අතර එහි Propellant (Sodium nitrate) නම් පෙති විශේෂයක් භවිතා කර ඇත. එම පෙති ක්ෂණිකව දහනය කිරීමෙන් N2 වායුව නිපදවා ගනු ලබයි. මෙලෙස Propellant ක්ෂණික දහනය කරවීම සදහා Igniter හෙවත් Detonator එකක් භාවිතාකර ඇත. මෙලෙස Propellant දහනයෙන් 60 L ක් පමන N2 නිපදවාගනු ලබන අතර එය බැලුමට පුරවනු ලබයි. එමෙන්ම Stage කිහිපයකට විව්ත වන තාක්ෂණයෙන් වැඩි දියුනු කරන ලද Air bag moduleද වර්තමානයේ දැකිය හැක. මෙම බැලුනය තුල කුඩා සිදුරු එකක් හෝ දෙකක් පවතී. එයට හේතුවනම් පීඩනයකින් යුතුව වායුව පිරවීමත් සමගම රියදුරාගේ මුහුණ එහි ගැටෙන බැවින් යම් Cushion effect එකක් ලබා ගැනීම සදහා වේ. එමෙන්ම අනතුරින් පසු බැලුනය හැකිලීම සදහාද මෙම සිදුර උපකාරි වේ.
    මෙහිදී N2 වායුව යොදාගෙන ඇත්තේ, යම් හෙයකින් O2 වැනි වායුවක් යොදා ගත්තේ නම් එය ගිනි ගැනීම් සදහා සහය විය හැකි අතර N2 සාමාන්‍යය පරිසරයේ බහුලවම ඇති විෂ රහිත වයුවක් වන බැවිනි.

    Inflator

    මෙම Airbag Module කිසිම ආකාරයකින් Multimeter ආධාරයෙන් පරික්ෂකල නොහැක. එමෙන්ම මෙලෙස පරික්ෂා කිරීමට උත්සහ නොකල යුතු අතර එසේ කිරීමෙන් Air Bag Module එකට හානි පැමිනීම සිදුවිය හැක.

    වැඩිදුර විස්තර සඳහා මෙතන Clik කරන්න....