මෙලෙස ජලයට වස මුසු වී ඇත්තේ අත්වැරදීමකින් නොවන බවත් ඇෆ්ගනිස්ථානයේ ස්ත‍්‍රීන් අධ්‍යාපනය ලැබීමට එරෙහිව කටයුතු කරන අන්තවාදී පිරිසක් හෝ අවිගත් පුද්ගලයන් පිරිසක් මෙම සිද්ධිය පසුපස සිටින බවත් මෙම පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙකු පවසයි.
මෙලෙස රෝගාතුර වූ සිසුවියන්ට හා ගුරුවරියන්ට රෝහල් ප‍්‍රතිකාර ලබා දී ඇති බවත් විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.
වසර 1996 – 2001 දක්වා පැවති තලෙයිබාන් පාලන සමයේදී ස්තී‍්‍රන්ට අධ්‍යාපනය ලැබීම තහනම් වුවද, තලෙයිබාන් පාලනය බිඳවැටීමත් සමග යළිත් බාලිකා පාසැල් වෙත ඇදී ආ සිසුවියන් ගේ සංඛ්‍යාව වැඩි වූ බව විදෙස් වාර්තා වල දැක්වේ.
