Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Albert Einstein's Birth Charts (Vedic Astrology) 🎓🧠🌌
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සතියකට විතර කළින් මම ලියපු ලිපියක්. සෝදුපත් නොබලාම පළකරන්නේ. ඒනිසා වචනවල අකුරුවල වැරදි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. තව ලියපු ලිපි තුන හතරක් ඇති ඒවත් මේ වගේම පලකරන්නම්.

"විසිවෙනි සියවසේ මිනිසා" නම් විරුදාවලියෙන් පිදුම් ලත් මහා විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින් (Albert Einstein) විද්වතාගේ ජන්ම පත්‍රය වෛදික නිරයන ජ්‍යෝතිෂ්‍යයට අනුව සැකෙවින් විග්රහ කර බලමු. ඔහුගේ ජීවිතය පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඔබ බොහෝ දෙනෙකුට ඇතිබව සිතමි. එබැවින් මේ ලිපිය ලිවීමෙන් මා අරමුණු කරන්නේ අයින්ස්ටයින් ගේ ගෙවුණු ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීම නොව ඔහුගේ ජීවිතයේ සීමිත අවස්ථා කිහිපයක් පමණක් ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය අනුසාරයෙන් කොතරම් දුරකට තේරුම් ගත හැකි වේදැයි සොයා බැලීමය. ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය හදාරන නවකයකුට වැදගත් වියහැකි අධ්‍යාපනික අගයකින් යුතුව ලිවීම හැර අන් යමක් උලුප්පා දැක්වීමට කිසිසේත් අදහස් නොකෙරේ.

විද්වත් ඇල්බර්ට් අයින්ස්ටයින් ජන්මය ලබා ඇත්තේ 1879 මාර්තු මස 14 වැනි සිකුරාදා පෙරවරු 11:30 ට ජර්මනියේදී ය. ඒ අනුව පෙරදිග නිරයන ක්‍රමයට සැකසු විද්වත් අයින්ස්ටයින් ගේ දල කේන්ද්‍ර සටහනක් පහත දැක්වේ.

[ATTACH=full]203361[/ATTACH]

එදින අදාළ ස්ථානයට බලපෑ ග්‍රහයන්ගේ තත්ත්ව පරික්ෂා කිරීමේදී;

01. මේ ජන්ම පත්‍රයේ වඩාත් බලවත් ග්‍රහයා හෙවත් ආත්මකාරක ග්‍රහයා වූයේ ශුක්‍ර නොහොත් සිකුරු ග්‍රහයා ය. සිකුරු යනු යමෙකුගේ සහකරු / සහකාරිය, විවාහ ජීවිතය, අනෙකුත් සමාජ සම්බන්ධතා, පරිකල්පනය, ශෘන්ගාරය, නිර්මාණශිලිත්වය, සන්නිවේදනය, සංවේදීතාව, විලාශය, භව භෝග සම්පත්, සෞන්දර්යය හා කුසලතා මෙන්ම පොදුවේ ජීවිතයේ ලබන සැපය, කීර්තිය හා උත්කර්ෂය පිළිබඳ වගකීම් දරන නෛසර්ගික බලවත් ශුභ ග්‍රහයා වේ. සිකුරු ද බලවත් ත්‍රිකෝණස්ථානය මෙන්ම විද්‍යාස්ථානය වූ පස්වැන්නට අධිපතියා වී බලවත් කාරක කේන්ද්‍රස්ථානය වන දසවැන්නේ උච්ච බලයෙන්ද යුතුව චන්ද්‍රයාට කාරකව සන්නිවේදන ශක්තියේ කූටප්රාප්තව සිටියේය.

02. ලග්නාධිපති වූයේ බුධ ග්‍රහයා ය. පළමුවැන්න හෙවත් ලග්නය යනු බලවත්ම කේන්ද්‍රස්ථානය යි. ජන්මියාගේ හිස වේ. බුධ යනු බුද්ධියට, ඥානයට, විද්‍යාවට, ශාස්ත්‍රීය කටයුතු වලට මෙන්ම තර්කයට අධිපති ග්‍රහයා ය. ලග්නාධිපති වූ බුධ ග්‍රහයා බලවත් කාරක කේන්ද්‍රස්ථානය වන දසවැන්නේ චන්ද්‍රයාට සහ සෙනසුරු ට කාරකව තැන්පත්ව සිටියේය.

03. ජන්ම පත්‍රයක ලග්නයට පසු වඩාත් බලවත් කේන්ද්‍රස්ථානය වන්නේ කාරකස්ථානය වන දසවන්න යි. දසවැන්නේ රවි, බුධ, ශුක්‍ර, ශනි යන චතුර් ග්‍රහ සංයෝගයක් මෙන් පෙනෙන්නට තිබුණත් නවාංශක චක්‍රයට අනුව සත්‍ය වශයෙන් යෙදී ඇත්තේ බුධ-ශනි ද්වි ග්‍රහ සංයෝගය පමණක් බවය. තවද දසවැන්නාධිපති වන බලවත් ශුභ ග්‍රහයා වන ගුරු භාග්‍යස්ථානය වන නමවැන්නේ ත්‍රිකෝණගතව චන්ද්‍රයාගෙන් චතුරශ්‍රව තැන්පත්ව සිටී.

04. තුන්වැන්නාධිපති රවි දසවැන්නේ දිග්බලයෙන් යුතුව සිටියි.

05. භාග්‍යස්ථානය අධිපති ශනි ද ගුරුට අයිති දසවැන්නේ සිටීම හේතුවෙන් ගුරු සහ ශනි අතර ඉතා බලවත් ධර්ම-කර්ම පරිවර්තන යෝගය උදාකර තිබෙයි.

06. අරිටු ස්ථාන අතර බලවත් දුෂ්ට ස්ථානය වන අට වැන්නේ හෙවත් මාරකස්ථානයේ නෛසර්ගික බලවත් පාපින් වන කුජ සහ රාහු යන ග්‍රහයන් ස්ථානගත ව තිබෙනු පෙනෙයි. සතුරුස්ථානය වන හයවැන්නේ අධිපතියා වශයෙන් කුජ අටවැන්නේ උච්ච බලයෙන් යුතුව රාහු සමඟ සංයෝගව සිටියි.

07. අවර පක්ෂයේ චන්ද්‍රයා සතුරුස්ථානයේ නීච ය.

දශා ගෙවී ඇත්තේ මෙසේය;

උපතේ සිට අවුරුදු දහයක් පමණ (1889/03/06 දක්වා) බුධ ගේ මහදශාව.

1889/03/06 සිට 1896/03/06 දක්වා කේතු ගේ මහදශාව.

බුධ සහ කේතු යනු ප්‍රකට වශයෙන් බුද්ධිය සහ අධ්‍යාපනය නියෝජනය කරන ග්‍රහයන් බව මින් පෙර ලිපි වල සඳහන් ව තිබුණා ඔබට මතක ඇති. ( කේතු ග්‍රහයා සම්බන්ධව මා ලියා ඇති ලිපියේ සටහන් බලන්න; "ඉගෙනීමට යහපත් වේ. ඥානය ද සිහිකල්පනාව ද දියුණු කරයි."). බුධ ලග්නාධිපතියා ද විය. මීට අනුරූපව කුඩා අයින්ස්ටයින් ඉතා දක්ෂ ලෙස ඔහුගේ මූලික අධ්‍යාපනය ලබා තිබේ.

1896/03/06 සිට 1916/03/07 දක්වා සිකුරු ගේ මහදශාව.

විද්වත් අයින්ස්ටයින් ගේ ආත්මකාරක ග්‍රහයා වූයේ සිකුරු ග්‍රහයා බව ඉහත සඳහන් කළෙමි. ඔහුගේ ජීවිතයේ ගෙවුණු උත්කෘෂ්ට කාල වකවානුව මෙය විය. විශේෂයෙන් මේ විද්වතාගේ ජීවිතයේ ප්‍රාතිහාර වසර (Annus Mirabilis / Year of miracles) ලෙස සැළකෙන 1905 වසර තුල සිකුරුගේ මහදශාවේ ගුරු හිමි අන්තර් දශාව යෙදිණ. නූතන විශ්වය බිහිකළ විශේෂ සාපේක්ෂතා වාදය ප්‍රසිද්ධ කළ 1905 සැප්තැම්බර් මාසය වන විට විද්වත් අයින්ස්ටයින් සිකුරු හිමි මහදශාවේ ගුරු හිමි අන්තර් දශාවේ ගුරු හිමි ප්‍රත්‍යන්ත දශාවේ බුධ හිමි සූක්ෂ්ම අන්තර් දශාව ගෙවමින් සිටියේය.

අනතුරුව රවි, චන්ද්‍ර සහ කුජ ගේ දශාවන් ගෙවී 1939/03/08 දින රාහුගේ මහදශාව ලැබුවේය. කුජ සහ රාහු යන පාප ග්‍රහයන් දෙදෙනා ඔහුගේ කේන්ද්‍රයේ මාරකස්ථානයේ තැන්පත්ව තිබූ බව අපි දනිමු. කුජ යනු රුධිරයට අධිපති දරුණු පාපියෙකු වුවද පාපස්ථානයක (6) අධිපතිව පාපස්ථානයක (8) බලයෙන් යුතුව (උච්ච) සිටින කුජ මාරක නොවෙයි. විපර්යාශ වශයෙන් දීර්ඝයුශය ද රැකවරණය ද දෙයි. සතුරුස්ථානයේ පාලකයා බැවින් ජන්මියාට එල්ලවූ සියළු සතුරු අන්තරායෙන් ගලවා ගත්තේය. සතුරුස්ථානයේ පාපී චන්ද්‍රයා නීචව සිටීමෙන් තව දුරටත් සතුරන් දුර්මුඛ කළාය.

එහෙත් කුජට සංයෝගව අටේ සිටි රාහු ගේ මහදශාව ඔහුගේ මරණය ළඟාකර දුන්නේය. විද්වත් ඇල්බර්ට් අයින්ස්ටයින් රාහුගේ මහදශාවේ රාහු හිමි පරම ශුක්ෂ්ම අතුරු දශාව (දේහ අතුරු දශාව) ගෙවමින් සිටියදී 1955 අප්‍රේල් 18 දින මරණයට පත්විය.

[QUOTE="Lovtus, post: 28805559, member: 532745"] [SIZE=3]මේ සතියකට විතර කළින් මම ලියපු ලිපියක්. සෝදුපත් නොබලාම පළකරන්නේ. ඒනිසා වචනවල අකුරුවල වැරදි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. තව ලියපු ලිපි තුන හතරක් ඇති ඒවත් මේ වගේම පලකරන්නම්.[/SIZE] -- "විසිවෙනි සියවසේ මිනිසා" නම් විරුදාවලියෙන් පිදුම් ලත් මහා විද්‍යාඥ [B]ඇල්බර්ට් අයින්ස්ටයින්[/B] (Albert Einstein) විද්වතාගේ ජන්ම පත්‍රය වෛදික [B]නිරයන[/B] ජ්‍යෝතිෂ්‍යයට අනුව සැකෙවින් විග්රහ කර බලමු. ඔහුගේ ජීවිතය පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඔබ බොහෝ දෙනෙකුට ඇතිබව සිතමි. එබැවින් මේ ලිපිය ලිවීමෙන් මා අරමුණු කරන්නේ අයින්ස්ටයින් ගේ ගෙවුණු ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීම නොව ඔහුගේ ජීවිතයේ [B]සීමිත අවස්ථා කිහිපයක් පමණක්[/B] ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය අනුසාරයෙන් කොතරම් දුරකට තේරුම් ගත හැකි වේදැයි සොයා බැලීමය. ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය හදාරන නවකයකුට වැදගත් වියහැකි අධ්‍යාපනික අගයකින් යුතුව ලිවීම හැර අන් යමක් උලුප්පා දැක්වීමට කිසිසේත් අදහස් නොකෙරේ. -- විද්වත් ඇල්බර්ට් අයින්ස්ටයින් ජන්මය ලබා ඇත්තේ 1879 මාර්තු මස 14 වැනි සිකුරාදා පෙරවරු 11:30 ට ජර්මනියේදී ය. ඒ අනුව පෙරදිග නිරයන ක්‍රමයට සැකසු විද්වත් අයින්ස්ටයින් ගේ දල කේන්ද්‍ර සටහනක් පහත දැක්වේ. [ATTACH type="full" width="587px" alt="Einstine.JPG"]203361[/ATTACH] එදින අදාළ ස්ථානයට බලපෑ ග්‍රහයන්ගේ තත්ත්ව පරික්ෂා කිරීමේදී; 01. මේ ජන්ම පත්‍රයේ වඩාත් බලවත් ග්‍රහයා හෙවත් ආත්මකාරක ග්‍රහයා වූයේ ශුක්‍ර නොහොත් සිකුරු ග්‍රහයා ය. සිකුරු යනු යමෙකුගේ සහකරු / සහකාරිය, විවාහ ජීවිතය, අනෙකුත් සමාජ සම්බන්ධතා, පරිකල්පනය, ශෘන්ගාරය, නිර්මාණශිලිත්වය, සන්නිවේදනය, සංවේදීතාව, විලාශය, භව භෝග සම්පත්, සෞන්දර්යය හා කුසලතා මෙන්ම පොදුවේ ජීවිතයේ ලබන සැපය, කීර්තිය හා උත්කර්ෂය පිළිබඳ වගකීම් දරන නෛසර්ගික බලවත් ශුභ ග්‍රහයා වේ. සිකුරු ද බලවත් ත්‍රිකෝණස්ථානය මෙන්ම විද්‍යාස්ථානය වූ පස්වැන්නට අධිපතියා වී බලවත් කාරක කේන්ද්‍රස්ථානය වන දසවැන්නේ උච්ච බලයෙන්ද යුතුව චන්ද්‍රයාට කාරකව සන්නිවේදන ශක්තියේ කූටප්රාප්තව සිටියේය. 02. ලග්නාධිපති වූයේ බුධ ග්‍රහයා ය. පළමුවැන්න හෙවත් ලග්නය යනු බලවත්ම කේන්ද්‍රස්ථානය යි. ජන්මියාගේ හිස වේ. බුධ යනු බුද්ධියට, ඥානයට, විද්‍යාවට, ශාස්ත්‍රීය කටයුතු වලට මෙන්ම තර්කයට අධිපති ග්‍රහයා ය. ලග්නාධිපති වූ බුධ ග්‍රහයා බලවත් කාරක කේන්ද්‍රස්ථානය වන දසවැන්නේ චන්ද්‍රයාට සහ සෙනසුරු ට කාරකව තැන්පත්ව සිටියේය. 03. ජන්ම පත්‍රයක ලග්නයට පසු වඩාත් බලවත් කේන්ද්‍රස්ථානය වන්නේ කාරකස්ථානය වන දසවන්න යි. දසවැන්නේ රවි, බුධ, ශුක්‍ර, ශනි යන චතුර් ග්‍රහ සංයෝගයක් මෙන් පෙනෙන්නට තිබුණත් නවාංශක චක්‍රයට අනුව සත්‍ය වශයෙන් යෙදී ඇත්තේ බුධ-ශනි ද්වි ග්‍රහ සංයෝගය පමණක් බවය. තවද දසවැන්නාධිපති වන බලවත් ශුභ ග්‍රහයා වන ගුරු භාග්‍යස්ථානය වන නමවැන්නේ ත්‍රිකෝණගතව චන්ද්‍රයාගෙන් චතුරශ්‍රව තැන්පත්ව සිටී. 04. තුන්වැන්නාධිපති රවි දසවැන්නේ දිග්බලයෙන් යුතුව සිටියි. 05. භාග්‍යස්ථානය අධිපති ශනි ද ගුරුට අයිති දසවැන්නේ සිටීම හේතුවෙන් ගුරු සහ ශනි අතර ඉතා බලවත් ධර්ම-කර්ම පරිවර්තන යෝගය උදාකර තිබෙයි. 06. අරිටු ස්ථාන අතර බලවත් දුෂ්ට ස්ථානය වන අට වැන්නේ හෙවත් මාරකස්ථානයේ නෛසර්ගික බලවත් පාපින් වන කුජ සහ රාහු යන ග්‍රහයන් ස්ථානගත ව තිබෙනු පෙනෙයි. සතුරුස්ථානය වන හයවැන්නේ අධිපතියා වශයෙන් කුජ අටවැන්නේ උච්ච බලයෙන් යුතුව රාහු සමඟ සංයෝගව සිටියි. 07. අවර පක්ෂයේ චන්ද්‍රයා සතුරුස්ථානයේ නීච ය. දශා ගෙවී ඇත්තේ මෙසේය; උපතේ සිට අවුරුදු දහයක් පමණ (1889/03/06 දක්වා) බුධ ගේ මහදශාව. 1889/03/06 සිට 1896/03/06 දක්වා කේතු ගේ මහදශාව. බුධ සහ කේතු යනු ප්‍රකට වශයෙන් බුද්ධිය සහ අධ්‍යාපනය නියෝජනය කරන ග්‍රහයන් බව මින් පෙර ලිපි වල සඳහන් ව තිබුණා ඔබට මතක ඇති. ( [URL='http://t.ly/_xxI']කේතු ග්‍රහයා සම්බන්ධව මා ලියා ඇති ලිපියේ[/URL] සටහන් බලන්න; "[I]ඉගෙනීමට යහපත් වේ. ඥානය ද සිහිකල්පනාව ද දියුණු කරයි.[/I]"). බුධ ලග්නාධිපතියා ද විය. මීට අනුරූපව කුඩා අයින්ස්ටයින් ඉතා දක්ෂ ලෙස ඔහුගේ මූලික අධ්‍යාපනය ලබා තිබේ. 1896/03/06 සිට 1916/03/07 දක්වා සිකුරු ගේ මහදශාව. විද්වත් අයින්ස්ටයින් ගේ ආත්මකාරක ග්‍රහයා වූයේ සිකුරු ග්‍රහයා බව ඉහත සඳහන් කළෙමි. ඔහුගේ ජීවිතයේ ගෙවුණු උත්කෘෂ්ට කාල වකවානුව මෙය විය. විශේෂයෙන් මේ විද්වතාගේ ජීවිතයේ ප්‍රාතිහාර වසර (Annus Mirabilis / Year of miracles) ලෙස සැළකෙන 1905 වසර තුල සිකුරුගේ මහදශාවේ ගුරු හිමි අන්තර් දශාව යෙදිණ. නූතන විශ්වය බිහිකළ විශේෂ සාපේක්ෂතා වාදය ප්‍රසිද්ධ කළ 1905 සැප්තැම්බර් මාසය වන විට විද්වත් අයින්ස්ටයින් සිකුරු හිමි මහදශාවේ ගුරු හිමි අන්තර් දශාවේ ගුරු හිමි ප්‍රත්‍යන්ත දශාවේ බුධ හිමි සූක්ෂ්ම අන්තර් දශාව ගෙවමින් සිටියේය. අනතුරුව රවි, චන්ද්‍ර සහ කුජ ගේ දශාවන් ගෙවී 1939/03/08 දින රාහුගේ මහදශාව ලැබුවේය. කුජ සහ රාහු යන පාප ග්‍රහයන් දෙදෙනා ඔහුගේ කේන්ද්‍රයේ මාරකස්ථානයේ තැන්පත්ව තිබූ බව අපි දනිමු. කුජ යනු රුධිරයට අධිපති දරුණු පාපියෙකු වුවද පාපස්ථානයක (6) අධිපතිව පාපස්ථානයක (8) බලයෙන් යුතුව (උච්ච) සිටින කුජ මාරක නොවෙයි. විපර්යාශ වශයෙන් දීර්ඝයුශය ද රැකවරණය ද දෙයි. සතුරුස්ථානයේ පාලකයා බැවින් ජන්මියාට එල්ලවූ සියළු සතුරු අන්තරායෙන් ගලවා ගත්තේය. සතුරුස්ථානයේ පාපී චන්ද්‍රයා නීචව සිටීමෙන් තව දුරටත් සතුරන් දුර්මුඛ කළාය. එහෙත් කුජට සංයෝගව අටේ සිටි රාහු ගේ මහදශාව ඔහුගේ මරණය ළඟාකර දුන්නේය. විද්වත් ඇල්බර්ට් අයින්ස්ටයින් රාහුගේ මහදශාවේ රාහු හිමි පරම ශුක්ෂ්ම අතුරු දශාව (දේහ අතුරු දශාව) ගෙවමින් සිටියදී 1955 අප්‍රේල් 18 දින මරණයට පත්විය. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom