Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
All About Poson ~~~ !!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්මදූත සේවය

රාජ්‍ය පාලනයේ දී දස රජ දහමින් යුතුව කටයුතු කළ අශෝකයන් ගේ දර්ශනය ‘අශෝක ධර්මය’ යනුවෙන් ඉතිහාසඥයන් විසින් නම් කොට තිබේ. එතෙක් ලොව කිසිදු රජ කෙනෙකුන් නොකළ විරූ අන්දමින් මහජන ශුභ සිද්ධිය තකා කටයුතු කළ අශෝකයන් ‘සියලු මිනිස්සු මගේ දරුවෝ ය’ රාජ්‍ය පාලනයෙහි දී වෙහෙසට පැමිණෙන පාලකයා උසස් පාලකයෙක් නො වේ. නීතිය හා දඬුවම හැම දෙනාටම සම විය යුතුය. යනාදී උසස් අදහස් දැරූ බව අශෝක සෙල් ලිපි වල සඳහන් වී ඇත. බුද්ධ ධර්මයේ සඳහන් ගිහියන් ට සුදුසු වූ කරුණු අනුව වැසියන් හික්මවීමට අදහස් කළ අශෝක රජු අරියවංස අනාගත භය, මුනි, මොනෙය්‍ය සාරිපුත්ත- රාහුලොවාද යන සූත්‍රයන් ගුරු තන්හි තබාගෙන කටයුතු කළ බවත්, ඒ අනුව අවවාද අනුශාසනා කළ බවත් සෙල් ලිපි වල සඳහන් වෙයි. අනෙක් රාජ්‍යයන් හා යුද්ධ කොට ඒවා දිනා ගැනීම වෙනුවට එම රාජ්‍යයන් හා මිත්‍ර සම්බන්ධතා ඇතිකරගෙන සුහදව සිටීමට උත්සාහ ගත් අශෝක රජ තම රාජ්‍යය තුළ පැවැති ප්‍රත්‍යන්ත ජනපදවල දූෂිත පාලනයන් නැතිකොට ඒවා ක්‍රමවත්ව සකස් කෙළේය.

බලිබිලි පිදීම සුරා පානෝත්සව ආදිය හෙළා දුටු ඔහු සත්ත්වයන් මැරීම හා උනට වධහිංසා කිරීම වළක්වා ලීමට උත්සහ ගති. මෛත්‍රීයට කරුණාවට හා අහිංසාවට අනුව දිවි මග සකස් කර ගැනුමට උත්සාහ වත්වන ලෙස තම රට වැසියනට උපදෙස් දුන්නේ්ය. තම රාජ්‍යය තුළ ධර්මය පැතිර වීමට දූතයන් පිටත්කළ හෙතෙම නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන දූෂණ ආදිය මැඩලීම සඳහා පස් වසරකට වරක් නිලධාරි මණ්ඩලයක් යැ වී ය. එසේ ම අධිකරණය වඩාත් සර්ව සාධාරණ කරනු පිණිස හා යුක්ති සහගත කරනු පිණිස ‘ධර්ම මහාමාත්‍ර’ නමින් නිලධාරි පිරිසක් පත් කළේය. අධිකරණය මගින් වරදකරුවන් කරනු ලැබූ පුද්ගලයන්ට ද අශෝකයන් කාරුණික ලෙස සැලකුවේය. පාලනය පිළිබඳ කාර්යයන් සඳහා ඕනෑම වෙලාවක ඕනෑම අවස්ථාවක ඕනෑම තැනකදී තමා හමුවීමට අශෝක රජතුමා ඇමැතියන්ට අවසර දී තිබුණේ ය. වර්තමාන ශුභ සාධක රාජ්‍යයෙකින් කෙරෙන සියලු ක්‍රියාවන් අශෝකයන් ගේ පාලනයෙන් භාරත වැසියනට භුක්ති විඳීමට ඉඩ ලැබුණි.

තම රාජ්‍යය තුළ ශිලාලිපි කොටවා ඒ මගින් ධර්මය පිළිබඳ අවබෝධයක් දිගු කලකට ලබා දීමට උත්සාහ කළ රජතෙමේ තම රාජකීය චාරිකාවන් නවතා ධර්මය ප්‍රචාරය කරමින් වන්දනා චාරිකාවන්හි යෙදුණේය. දිග් විජය නවතා ධර්ම විජයේ යෙදී සිටි එතුමා කලින් ප්‍රාන්තීය රාජ්‍ය කිහිපයක පැතිර තිබුණු බුද්ධ ධර්මය ලොව ව්‍යාප්ත කරනු සඳහා විදේශ රටවලට ද ධර්ම දූතයන් යැවී ය. ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයකු වශයෙන් හා කාරුණික පාලකයකු වශයෙන් අශෝක රජතුමා මුළු ලෝකයේ ම ප්‍රසිද්ධ විය. අශෝක සෙල්ලිපි කියවන විට එතුමා ගේ් චරිතයේ ඇති ශ්‍රේෂ්ඨත්වය මැනැවින් පිළිබිඹු වෙයි. එතුමා රටවැසියා ස්වකීය දරුවන් ලෙසත් තමා ඔවුන්ගේ් පියා ලෙසත් සලකා ක්‍රියා කළේය.

එතුමා ශාසන ශුද්ධියත්, ධර්ම සංගීතියත් ධර්ම ප්‍රචාරය සඳහා ධර්මදූතයන් වහන්සේලා නොයෙක් රටවලට යැවීමත් සඳහා මහත් උත්සාහයකින් ක්‍රියාකළේ ධර්ම විජය ඇති කර ගනු සඳහා ය. රටක් ධාර්මික ව පාලනය කරන්නට නම් රට වැසියා ගුණ නුවණින් හෙබි මිනිස් වගක් කිරීමට නම් රාජ්‍ය නායකයා ආදර්ශ සම්පන්න විය යුතු බව එතුමා හොඳහැටි දැන සිටියේ ය. ධර්මාශෝක රජතුමා වැනි ආදර්ශවත් පාලකයෝ ලොව දුර්ලභ වෙති. අශෝක රජතුමා බුද්ධ ශාසනය වෙනුවෙන් වෙන කිසිදු රාජ්‍ය පාලකයෙකු නො කළ තරම් ධන පරිත්‍යාගයක්, උදාර සේවාවක් සිදු කළේය. තම රාජ්‍යයෙන් ලැබෙන ශුද්ධ ලාභය තුන් ලක්ෂයක් ධනය මහා සංඝයා ගේ ප්‍රයෝජනය පිණිස සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස යෙදවී ය. සුවාසු දහසක් ධර්මස්කන්ධයට උපහාර වශයෙන් අනුහය කෝටියක් ධනය යොදවා අසූහාර දහසක් වෙහෙර විහාර කරවා පූජා කරන ලදී. ශාසනයෙහි බන්ධුත්වය ලබාගනු පිණිස මොග්ගලීපුත්තතිස්ස මහරහත් හිමියන් ගේ අනුදැනීම අනුව අවසානයේ සිය දරු දෙදෙනා සසුන්ගත කරනු පිණිස ක්‍රියා කෙළේ ය.

මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ ගේ උපාධ්‍යයත්වයෙන් හා මහාදේව මහරහතන් වහන්සේ ගේ ආචාර්යත්වයෙන් මහින්ද කුමාරයා සසුන්හි පැවිදි විය. විසි වයස් සම්පූර්ණව සිටි මිහිඳු හිමියෝ පැවිදි වූ දින යේ ම සියලු කෙලෙසුන් නසා රහත් වූ හ. මෙයට ප්‍රථමයෙන් තිස්ස යුව රජ තුමා ද සසුන් හි පැවිදි විය. යුව රජතුමා ගේ පැවිද්ද ගැන ඇසූ සංඝමිත්තා කුමරියගේ දයාබර ස්වාමි පුරුෂයාණන් වූ අග්ගිබ්‍රහ්ම කුමාරයා ද දෙවන දිනයෙහි මහ පිරිවරින් යුතුව මහණ වූයේය. සිය සැමියාණන් ගේ සසුන්හි පැවිදි බවට සංඝමිත්තාවන් ගෙන් සම්පූර්ණ අනුමැතිය ලැබුණි. සංඝමිත්තාවන් ගේ් ආදරණීය පුතණුවන් වූ සුමන කුමාරයෝ ද සත් හැවිරිදි වියේදී ම බුදු සසුන් හි උතුම් පැවිද්ද ලැබූහ. මේ සියලුම රාජකීයයෝ සියලු කෙලෙසුන් නසා රහත් බවට පත් වූහ. රාජකීයයන් ගේ පැවිදිවීම හේතුකොට ගෙන බුද්ධ ශාසනය වෙත බෞද්ධ මහජනයාගේ ප්‍රසාද භක්තිය දිනෙන් දින ම දියුණු වන්නට විය. බුදු සසුන වෙත ලාභ සත්කාර සිවු දිගින් ම ගලා එන්නට විය. ධර්මාශෝක චක්‍රවර්තීහු ද ලක්ෂ ගණන් ධනය දිනපතා වැය කරන්නට වූහ. මේ හේතු කොට ගෙන ලාභ සත්කාරයන් ගෙන් පිරිහී ගිය තීර්ථකයෝ ද ශාසනයෙහි පැවිදි වන්නට වූහ. සමහරු තමන් ම සිවුරු දා ගත්හ. අශෝකාරාමයෙහි පොහොය නො කොට සත් වර්ෂයක් ගත විය. දුසිලුන්ගෙන් සසුන කෙලෙසී ඇති බව දැනගත් ධර්මාශෝක චක්‍රවර්තීහු මොග්ගලීපුත්ත තිස්ස මහ රහත් මාහිමියන් ගේ මෙහෙයීම අනුව සසුන් සෝදුවක් කොට සංඝායනාවක් කිරීමට කටයුතු සංවිධානය කර වූහ.

[QUOTE="tcpik, post: 7734710, member: 53172"] [B][CENTER] ධර්මදූත සේවය[/CENTER][/B] රාජ්‍ය පාලනයේ දී දස රජ දහමින් යුතුව කටයුතු කළ අශෝකයන් ගේ දර්ශනය ‘අශෝක ධර්මය’ යනුවෙන් ඉතිහාසඥයන් විසින් නම් කොට තිබේ. එතෙක් ලොව කිසිදු රජ කෙනෙකුන් නොකළ විරූ අන්දමින් මහජන ශුභ සිද්ධිය තකා කටයුතු කළ අශෝකයන් ‘සියලු මිනිස්සු මගේ දරුවෝ ය’ රාජ්‍ය පාලනයෙහි දී වෙහෙසට පැමිණෙන පාලකයා උසස් පාලකයෙක් නො වේ. නීතිය හා දඬුවම හැම දෙනාටම සම විය යුතුය. යනාදී උසස් අදහස් දැරූ බව අශෝක සෙල් ලිපි වල සඳහන් වී ඇත. බුද්ධ ධර්මයේ සඳහන් ගිහියන් ට සුදුසු වූ කරුණු අනුව වැසියන් හික්මවීමට අදහස් කළ අශෝක රජු අරියවංස අනාගත භය, මුනි, මොනෙය්‍ය සාරිපුත්ත- රාහුලොවාද යන සූත්‍රයන් ගුරු තන්හි තබාගෙන කටයුතු කළ බවත්, ඒ අනුව අවවාද අනුශාසනා කළ බවත් සෙල් ලිපි වල සඳහන් වෙයි. අනෙක් රාජ්‍යයන් හා යුද්ධ කොට ඒවා දිනා ගැනීම වෙනුවට එම රාජ්‍යයන් හා මිත්‍ර සම්බන්ධතා ඇතිකරගෙන සුහදව සිටීමට උත්සාහ ගත් අශෝක රජ තම රාජ්‍යය තුළ පැවැති ප්‍රත්‍යන්ත ජනපදවල දූෂිත පාලනයන් නැතිකොට ඒවා ක්‍රමවත්ව සකස් කෙළේය. බලිබිලි පිදීම සුරා පානෝත්සව ආදිය හෙළා දුටු ඔහු සත්ත්වයන් මැරීම හා උනට වධහිංසා කිරීම වළක්වා ලීමට උත්සහ ගති. මෛත්‍රීයට කරුණාවට හා අහිංසාවට අනුව දිවි මග සකස් කර ගැනුමට උත්සාහ වත්වන ලෙස තම රට වැසියනට උපදෙස් දුන්නේ්ය. තම රාජ්‍යය තුළ ධර්මය පැතිර වීමට දූතයන් පිටත්කළ හෙතෙම නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන දූෂණ ආදිය මැඩලීම සඳහා පස් වසරකට වරක් නිලධාරි මණ්ඩලයක් යැ වී ය. එසේ ම අධිකරණය වඩාත් සර්ව සාධාරණ කරනු පිණිස හා යුක්ති සහගත කරනු පිණිස ‘ධර්ම මහාමාත්‍ර’ නමින් නිලධාරි පිරිසක් පත් කළේය. අධිකරණය මගින් වරදකරුවන් කරනු ලැබූ පුද්ගලයන්ට ද අශෝකයන් කාරුණික ලෙස සැලකුවේය. පාලනය පිළිබඳ කාර්යයන් සඳහා ඕනෑම වෙලාවක ඕනෑම අවස්ථාවක ඕනෑම තැනකදී තමා හමුවීමට අශෝක රජතුමා ඇමැතියන්ට අවසර දී තිබුණේ ය. වර්තමාන ශුභ සාධක රාජ්‍යයෙකින් කෙරෙන සියලු ක්‍රියාවන් අශෝකයන් ගේ පාලනයෙන් භාරත වැසියනට භුක්ති විඳීමට ඉඩ ලැබුණි. තම රාජ්‍යය තුළ ශිලාලිපි කොටවා ඒ මගින් ධර්මය පිළිබඳ අවබෝධයක් දිගු කලකට ලබා දීමට උත්සාහ කළ රජතෙමේ තම රාජකීය චාරිකාවන් නවතා ධර්මය ප්‍රචාරය කරමින් වන්දනා චාරිකාවන්හි යෙදුණේය. දිග් විජය නවතා ධර්ම විජයේ යෙදී සිටි එතුමා කලින් ප්‍රාන්තීය රාජ්‍ය කිහිපයක පැතිර තිබුණු බුද්ධ ධර්මය ලොව ව්‍යාප්ත කරනු සඳහා විදේශ රටවලට ද ධර්ම දූතයන් යැවී ය. ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයකු වශයෙන් හා කාරුණික පාලකයකු වශයෙන් අශෝක රජතුමා මුළු ලෝකයේ ම ප්‍රසිද්ධ විය. අශෝක සෙල්ලිපි කියවන විට එතුමා ගේ් චරිතයේ ඇති ශ්‍රේෂ්ඨත්වය මැනැවින් පිළිබිඹු වෙයි. එතුමා රටවැසියා ස්වකීය දරුවන් ලෙසත් තමා ඔවුන්ගේ් පියා ලෙසත් සලකා ක්‍රියා කළේය. එතුමා ශාසන ශුද්ධියත්, ධර්ම සංගීතියත් ධර්ම ප්‍රචාරය සඳහා ධර්මදූතයන් වහන්සේලා නොයෙක් රටවලට යැවීමත් සඳහා මහත් උත්සාහයකින් ක්‍රියාකළේ ධර්ම විජය ඇති කර ගනු සඳහා ය. රටක් ධාර්මික ව පාලනය කරන්නට නම් රට වැසියා ගුණ නුවණින් හෙබි මිනිස් වගක් කිරීමට නම් රාජ්‍ය නායකයා ආදර්ශ සම්පන්න විය යුතු බව එතුමා හොඳහැටි දැන සිටියේ ය. ධර්මාශෝක රජතුමා වැනි ආදර්ශවත් පාලකයෝ ලොව දුර්ලභ වෙති. අශෝක රජතුමා බුද්ධ ශාසනය වෙනුවෙන් වෙන කිසිදු රාජ්‍ය පාලකයෙකු නො කළ තරම් ධන පරිත්‍යාගයක්, උදාර සේවාවක් සිදු කළේය. තම රාජ්‍යයෙන් ලැබෙන ශුද්ධ ලාභය තුන් ලක්ෂයක් ධනය මහා සංඝයා ගේ ප්‍රයෝජනය පිණිස සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස යෙදවී ය. සුවාසු දහසක් ධර්මස්කන්ධයට උපහාර වශයෙන් අනුහය කෝටියක් ධනය යොදවා අසූහාර දහසක් වෙහෙර විහාර කරවා පූජා කරන ලදී. ශාසනයෙහි බන්ධුත්වය ලබාගනු පිණිස මොග්ගලීපුත්තතිස්ස මහරහත් හිමියන් ගේ අනුදැනීම අනුව අවසානයේ සිය දරු දෙදෙනා සසුන්ගත කරනු පිණිස ක්‍රියා කෙළේ ය. මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ ගේ උපාධ්‍යයත්වයෙන් හා මහාදේව මහරහතන් වහන්සේ ගේ ආචාර්යත්වයෙන් මහින්ද කුමාරයා සසුන්හි පැවිදි විය. විසි වයස් සම්පූර්ණව සිටි මිහිඳු හිමියෝ පැවිදි වූ දින යේ ම සියලු කෙලෙසුන් නසා රහත් වූ හ. මෙයට ප්‍රථමයෙන් තිස්ස යුව රජ තුමා ද සසුන් හි පැවිදි විය. යුව රජතුමා ගේ පැවිද්ද ගැන ඇසූ සංඝමිත්තා කුමරියගේ දයාබර ස්වාමි පුරුෂයාණන් වූ අග්ගිබ්‍රහ්ම කුමාරයා ද දෙවන දිනයෙහි මහ පිරිවරින් යුතුව මහණ වූයේය. සිය සැමියාණන් ගේ සසුන්හි පැවිදි බවට සංඝමිත්තාවන් ගෙන් සම්පූර්ණ අනුමැතිය ලැබුණි. සංඝමිත්තාවන් ගේ් ආදරණීය පුතණුවන් වූ සුමන කුමාරයෝ ද සත් හැවිරිදි වියේදී ම බුදු සසුන් හි උතුම් පැවිද්ද ලැබූහ. මේ සියලුම රාජකීයයෝ සියලු කෙලෙසුන් නසා රහත් බවට පත් වූහ. රාජකීයයන් ගේ පැවිදිවීම හේතුකොට ගෙන බුද්ධ ශාසනය වෙත බෞද්ධ මහජනයාගේ ප්‍රසාද භක්තිය දිනෙන් දින ම දියුණු වන්නට විය. බුදු සසුන වෙත ලාභ සත්කාර සිවු දිගින් ම ගලා එන්නට විය. ධර්මාශෝක චක්‍රවර්තීහු ද ලක්ෂ ගණන් ධනය දිනපතා වැය කරන්නට වූහ. මේ හේතු කොට ගෙන ලාභ සත්කාරයන් ගෙන් පිරිහී ගිය තීර්ථකයෝ ද ශාසනයෙහි පැවිදි වන්නට වූහ. සමහරු තමන් ම සිවුරු දා ගත්හ. අශෝකාරාමයෙහි පොහොය නො කොට සත් වර්ෂයක් ගත විය. දුසිලුන්ගෙන් සසුන කෙලෙසී ඇති බව දැනගත් ධර්මාශෝක චක්‍රවර්තීහු මොග්ගලීපුත්ත තිස්ස මහ රහත් මාහිමියන් ගේ මෙහෙයීම අනුව සසුන් සෝදුවක් කොට සංඝායනාවක් කිරීමට කටයුතු සංවිධානය කර වූහ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom