Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
All About Poson ~~~ !!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක් බුදු සසුන පිහිටුවීම

මුටසීව රජුගේ ඇවෑමෙන් බුදු වසින් 236 වැන්නෙහි දෙවැනි තිස්සකුමරා රජ විය. හෙතෙමේ රජ වී නොබෝ දිනකින් කුඩා කළ සිටම තමාගේ අදෘෂ්ට මිත්‍ර ව සිටි දඹදිව දම්සෝ නිරිඳුන් වෙත අගනා මුතු මැණික් පඬුරු රාජ දූතයන් අත යැවී ය. එයට පිළිපඬුරු වශයෙන් ධර්මාශෝක රජතුමා අභිෂේකයට අවශ්‍ය ඉතා වටිනා උපකරණ එවී ය. තමන් බෞද්ධෝපාසකව ඉන්නා බවත් තම මිතුරාත් තුනුරුවන් සරණ ගියොත් යහපත් බවත් දහම් පඬුරක් වශයෙන් කියා එවී ය. එසේ ම තමා එවූ අභිෂේක භාණ්ඩ වලින් යළිත් ස්වකීය මිත්‍රයා අභිෂේක ලබන ලෙසද ඉල්ලා සිටියේ ය. මේ හසුන් පත ලත් තිස්ස රජතුමා මිතුරාගේ වචනයට සැලකිලි වශයෙන් එතුමා එම් පඤ්චකකුධ භාණ්ඩයන් සහිත ව වෙසක් පුනු පොහෝ දිනයෙහි දෙවන වරටත් අභිෂේක ලැබී ය. නොබෝ කලකින් මිහිඳු මහ රහතන් වහන්සේත් ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සිවු නමත් ෂඩ් අභිඥලාභී සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක නම් අනාගාමී රාජ උපාසකයාත් යන රාජකීය ධර්මදූත පිරිස සමඟ දඹදිව ;ව්දිස ගිරි නුවරින් ලක්දිව අනුරාධපුර මිස්සක පවුවට වැඩම කළහ. මේ ධර්ම දූත පිරිසගේ ලංකා ගමන සිදු වූයේ බු.ව. 236 වැන්නෙහි පොසොන් පුනු පොහෝ දිනයක ය. මෙයට අවුරුදු දෙදහස් ගණනකට පෙර ලක්දිව දෙවනපෑතිස් නිරිඳුගේ රාජ්‍ය සමයේ පොසොන් පොහෝදා, පොසොන් සැණකෙළිය නම් උත්සවයක් විය. මෙය ලංකාවේ පැවැති පැරණි උත්සව විශේෂයෙකි. එදින සතළිස් දහසක් පිරිස පිරිවරාගෙන තිස්ස රජතුමා මුව දඩ කෙළිය පිණිස මිස්සක පර්වතයට ගියේ ය. පස් හා ගල් දෙකින් මිශ්‍ර ව සෑදුණු හෙයින් මිස්සක පබ්බතය යන නම ව්‍යවහාර කරනු ලැබේ. මිහිඳු හිමියන් ගේ ආගමනයෙන් පසු මිහින්තලය, සෑගිරිය යන නම් වලින් හඳුන්වනු ලැබේ. මේ සුන්දර වන පියසෙහි මුව දඩයම් පිණිස පැමිණි පිරිස් සහිත රජතුමා හට මිහිඳු මහරහතන් වහන්සේ සම්මුඛ විය.

“තිස්ස තිස්ස, මෙහි එන්න” යනුවෙන් හඬක් ඇසෙන්නට විය. රජතුමා මිහිඳු හිමියන්ගේ වචනය අසා මවිත විය. එතුමාට මේ දිවයිනේ මෙසේ නමින් කථා කිරීමට සමත් වෙතත් කෙනෙක් නැත්තාහ. එබැවින් පුදුමයට පත් ව ඒ මේ අත විමසමින් බලමින් සිටින විට ශාන්ත වූ ශ්‍රමණ රූපයක් දක්නට ලැබුණි. ඒ දුටු රජතුමා ඔබ කවරෙක් දැයි විමසී ය. එයට පිළිතුරු වශයෙන් මිහිඳු මාහිමියෝ මහරජ! අපි ධර්ම රාජයන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වම් හ. ඔබට ම අනුකම්පා පිණිස දඹදිවින් මෙහි පැමිණි යම් හයි වදාළ හ. රජුගේ බිය හා සැක දුරු විය. ඒ සමඟ ම තම මිතුරු දම්සෝ නිරිඳුන් විසින් එවන ලද පණිවුඩය රජුට සිහි විය. අශෝක රජු ගේ ලිපියෙහි සඳහන් වන බුද්ධ ශ්‍රාවකයන්ගෙන් කෙනෙකු බව නිශ්චය කර ගත් රජතුමා දුනු හී බිම දමා මිහිඳු හිමියන් ළඟ හිඳ ගත්තේ ය. රජතුමා සමග ගිය පිරිස ද අවුත් එතුමා පිරිවරා ගත් හ. මිහිඳු මාහිමියෝ තමන් සමග පැමිණි අනෙක් සදෙනා ද දැක්වූහ. රජතුමා උන්වහන්සේ ලා දැක මොහු කවර වේලාවක ආවාහු දැයි විචාළේ ය. ‘මා සමඟයැ’ යි මිහිඳු හිමියෝ වදාළහ. මෙබඳු වූ තවත් ශ්‍රමණයෝ දඹදිව සිටිත් දැයි රජතුමා ප්‍රශ්න කෙළේ ය. මහ රජ, දඹදිව කාෂාය වස්ත්‍රයෙන් බබළන්නේ ය. එහි ත්‍රිවිද්‍යාධාරී, සෘද්ධි බලධාරී පරසිත් දන්නා මහ රහතන් වහන්සේලා බොහෝ වෙති යි මිහිඳු හිමියෝ වදාළහ. නැවැත රජතුමා ඔබ වහන්සේලා වැඩියේ කෙසේදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන මිහිඳු මා හිමියෝ ගොඩින් හෝ දියෙන් හෝ නො ආම්හ යි ප්‍රකාශ කළ හ. මෙයින් රජතුමා අහසින් වැඩි බව දැන ගත්තේ ය.

[QUOTE="tcpik, post: 7734713, member: 53172"] [IMG]http://www.lakehouse.lk/budusarana/2009/06/07/z_p25-sirilaka.jpg[/IMG] [B][CENTER]ලක් බුදු සසුන පිහිටුවීම[/CENTER][/B] මුටසීව රජුගේ ඇවෑමෙන් බුදු වසින් 236 වැන්නෙහි දෙවැනි තිස්සකුමරා රජ විය. හෙතෙමේ රජ වී නොබෝ දිනකින් කුඩා කළ සිටම තමාගේ අදෘෂ්ට මිත්‍ර ව සිටි දඹදිව දම්සෝ නිරිඳුන් වෙත අගනා මුතු මැණික් පඬුරු රාජ දූතයන් අත යැවී ය. එයට පිළිපඬුරු වශයෙන් ධර්මාශෝක රජතුමා අභිෂේකයට අවශ්‍ය ඉතා වටිනා උපකරණ එවී ය. තමන් බෞද්ධෝපාසකව ඉන්නා බවත් තම මිතුරාත් තුනුරුවන් සරණ ගියොත් යහපත් බවත් දහම් පඬුරක් වශයෙන් කියා එවී ය. එසේ ම තමා එවූ අභිෂේක භාණ්ඩ වලින් යළිත් ස්වකීය මිත්‍රයා අභිෂේක ලබන ලෙසද ඉල්ලා සිටියේ ය. මේ හසුන් පත ලත් තිස්ස රජතුමා මිතුරාගේ වචනයට සැලකිලි වශයෙන් එතුමා එම් පඤ්චකකුධ භාණ්ඩයන් සහිත ව වෙසක් පුනු පොහෝ දිනයෙහි දෙවන වරටත් අභිෂේක ලැබී ය. නොබෝ කලකින් මිහිඳු මහ රහතන් වහන්සේත් ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සිවු නමත් ෂඩ් අභිඥලාභී සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක නම් අනාගාමී රාජ උපාසකයාත් යන රාජකීය ධර්මදූත පිරිස සමඟ දඹදිව ;ව්දිස ගිරි නුවරින් ලක්දිව අනුරාධපුර මිස්සක පවුවට වැඩම කළහ. මේ ධර්ම දූත පිරිසගේ ලංකා ගමන සිදු වූයේ බු.ව. 236 වැන්නෙහි පොසොන් පුනු පොහෝ දිනයක ය. මෙයට අවුරුදු දෙදහස් ගණනකට පෙර ලක්දිව දෙවනපෑතිස් නිරිඳුගේ රාජ්‍ය සමයේ පොසොන් පොහෝදා, පොසොන් සැණකෙළිය නම් උත්සවයක් විය. මෙය ලංකාවේ පැවැති පැරණි උත්සව විශේෂයෙකි. එදින සතළිස් දහසක් පිරිස පිරිවරාගෙන තිස්ස රජතුමා මුව දඩ කෙළිය පිණිස මිස්සක පර්වතයට ගියේ ය. පස් හා ගල් දෙකින් මිශ්‍ර ව සෑදුණු හෙයින් මිස්සක පබ්බතය යන නම ව්‍යවහාර කරනු ලැබේ. මිහිඳු හිමියන් ගේ ආගමනයෙන් පසු මිහින්තලය, සෑගිරිය යන නම් වලින් හඳුන්වනු ලැබේ. මේ සුන්දර වන පියසෙහි මුව දඩයම් පිණිස පැමිණි පිරිස් සහිත රජතුමා හට මිහිඳු මහරහතන් වහන්සේ සම්මුඛ විය. “තිස්ස තිස්ස, මෙහි එන්න” යනුවෙන් හඬක් ඇසෙන්නට විය. රජතුමා මිහිඳු හිමියන්ගේ වචනය අසා මවිත විය. එතුමාට මේ දිවයිනේ මෙසේ නමින් කථා කිරීමට සමත් වෙතත් කෙනෙක් නැත්තාහ. එබැවින් පුදුමයට පත් ව ඒ මේ අත විමසමින් බලමින් සිටින විට ශාන්ත වූ ශ්‍රමණ රූපයක් දක්නට ලැබුණි. ඒ දුටු රජතුමා ඔබ කවරෙක් දැයි විමසී ය. එයට පිළිතුරු වශයෙන් මිහිඳු මාහිමියෝ මහරජ! අපි ධර්ම රාජයන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වම් හ. ඔබට ම අනුකම්පා පිණිස දඹදිවින් මෙහි පැමිණි යම් හයි වදාළ හ. රජුගේ බිය හා සැක දුරු විය. ඒ සමඟ ම තම මිතුරු දම්සෝ නිරිඳුන් විසින් එවන ලද පණිවුඩය රජුට සිහි විය. අශෝක රජු ගේ ලිපියෙහි සඳහන් වන බුද්ධ ශ්‍රාවකයන්ගෙන් කෙනෙකු බව නිශ්චය කර ගත් රජතුමා දුනු හී බිම දමා මිහිඳු හිමියන් ළඟ හිඳ ගත්තේ ය. රජතුමා සමග ගිය පිරිස ද අවුත් එතුමා පිරිවරා ගත් හ. මිහිඳු මාහිමියෝ තමන් සමග පැමිණි අනෙක් සදෙනා ද දැක්වූහ. රජතුමා උන්වහන්සේ ලා දැක මොහු කවර වේලාවක ආවාහු දැයි විචාළේ ය. ‘මා සමඟයැ’ යි මිහිඳු හිමියෝ වදාළහ. මෙබඳු වූ තවත් ශ්‍රමණයෝ දඹදිව සිටිත් දැයි රජතුමා ප්‍රශ්න කෙළේ ය. මහ රජ, දඹදිව කාෂාය වස්ත්‍රයෙන් බබළන්නේ ය. එහි ත්‍රිවිද්‍යාධාරී, සෘද්ධි බලධාරී පරසිත් දන්නා මහ රහතන් වහන්සේලා බොහෝ වෙති යි මිහිඳු හිමියෝ වදාළහ. නැවැත රජතුමා ඔබ වහන්සේලා වැඩියේ කෙසේදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන මිහිඳු මා හිමියෝ ගොඩින් හෝ දියෙන් හෝ නො ආම්හ යි ප්‍රකාශ කළ හ. මෙයින් රජතුමා අහසින් වැඩි බව දැන ගත්තේ ය. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom