Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
All About Poson ~~~ !!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නුවණ විමසීම

දෙවනපෑතිස් නිරිඳුන් සසුන්හි පැහැදවීම සඳහා මිහිඳු මාහිමියන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය ආදර්ශ සම්පන්න ය. උන්වහන්සේ දේශනා කරන්නට යන ධර්මයට රජහු සිත තියුණු ලෙස යොමු කරවනු පිණිස අඹරුක් උවමින් හා නෑ උවමින් පළමු කොට මෙසේ නුවණ විමසූ හ.

මහරජ – ‘මේ ගසේ නම කුමක්දැයි’ ළඟ තිබුණු අඹ ගසක් පෙන්වා මිහිඳු මාහිමියෝ රජුගෙන් ප්‍රශ්න කළහ.

රජතුමා - ‘මෙය අඹ ගසෙකියි පිළිතුරු දුන්නේ ය.’

මිහිඳු මාහිමි – ‘මේ හැර තවත් අඹ ගස් තිබේද?’

රජතුමා - ‘එසේ ය, ස්වාමීනී! බොහෝ අඹ ගස් ඇත.’

මිහිඳු මාහිමි – ‘මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් ගස් තිබේද?’

රජතුමා - ‘ස්වාමීනී, බොහෝ ගස් ඇත. එහෙත් ඒ ගස් අඹ නොවේ’.

මිහිඳු මාහිමි – ‘මහරජ, ඒ අඹත් නො අඹත් හැර තව ගස් තිබේද?’

රජතුමා - ‘ඇයි ස්වාමිනි, මේ අඹ ගස?’

මිහිඳු මා හිමි – ‘මහරජ! ඔබ පණ්ඩිතය.’

මිහිඳු මාහිමි – මහරජ!. තොපට නෑයෝ සිටිත් ද?’

රජතුමා - ‘එසේ ය, ස්වාමීනි, බොහෝ නෑයෝ සිටිත්’

මිහිඳු මාහිමි – ‘මහරජ, තොපට නො නෑයෝත් සිටිත්ද?

රජතුමා - එසේ ය, ස්වාමීනි! බොහෝ නො නෑයෝත් සිටිති.’

හිඳු මාහිමි –ඒ නෑයෝත් නො නෑයෝත් හැර තවත් අය සිටිත්ද?

රජතුමා - ‘ඇයි ස්වාමීනි, මම?’

මිහිඳු මාහිමි – ‘මහරජ! ඔබ පණ්ඩිතය.’

මෙසේ පරීක්ෂා කොට බැලූ මිහිඳු මාහිමියනට තිස්ස රජතුමා හොඳ නුවණැතියකු බව අවබෝධ විය. මිහිඳු මාහිමියෝ පසුව පිරිස් සහිත රජතුමාට චුල්ල හත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ. දේශනාව අවසානයෙහි රජතුමා සතළිස් දහසක් පිරිස සමඟ තිසරණ පන්සිල් හි පිහිටුවීමෙන් බෞද්ධයෙක් විය.

එයින් තුනුරුවනෙහි උසස්කම ද භික්ෂුවගේ චාම් ජීවිත පැවැත්ම ද ශ්‍රේෂ්ඨ ගුණ ගරුක ජීවිතය ද අවසානයෙහි සිවුසස් දහම් ද ප්‍රකාශ කරන ලදී. දෙවන දිනයෙහි රජගෙදර දී පේතවත්ථු - විමානවත්ථු සච්චසංයුත්ත යන මෙයින් ධර්ම දේශනා කළ හ. අනුලා බිසව ඇතුළු පන්සියයක් ස්ත්‍රීහු ඒ ධර්මය ශ්‍රවණය කොට සෝවාන් ඵලයට පැමිණිය හ. ‘පේතවත්ථු - විමානවත්ථු දෙකින් වදාළ ධර්මය පරලෝ ගැනත් දෙවියන් හා භූතයන් ගැනත් හැඟීමක් විශ්වාසයක් ඇතිව සිටි ඒ පිරිසට තදින් සිත් හි කා වැදී ගියේ ය. තමන් පිළිගෙන ඇති මතයට ද විරුද්ධ නැතැයි යනුවෙන් අසන්නන් තුළ හැඟීමක් ඇති වූ පසු ඔවුහු වඩ වඩාත් එයට කන් යොමු කළහ. සච්ච සංයුත්තයෙන් වදාළ ධර්මයෙන් සසර දුකත් එයින් නික්මෙන ම¼ගත් දැක්වූ හ.

මුල් දිනයෙහි ධර්ම දූතයන් වහන්සේලා දුටු මිනිසුන් සිය අසල් වැසියනට දැන්වීම නිසා දෙවන දිනයෙහි දහස් ගණනින් ජනයා රජ මාලිගය අසලට රැස් වූ හ. ඒ සියලු දෙනාට ම ඇතුළු පුර අවකාශ මද බව දැන ගත් රජ තෙමේ මඟුලැත්හල සරසා එහි අසුන් පනවන්නට නියම කෙළේ ය. අසුන් පිළියෙළ වූ පසු මිහිඳු මා හිමියෝ සහ පිරිවරින් එහි වැඩම කොට දේවදූත සූත්‍රය දේශනා කළ හ. දේශනාවසානයෙහි දහසක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටිය හ.

පසුව එය ද ඉඩ මද වූයෙන් නන්දන වනෝද්‍යානයෙහි අසුන් පැනවූ හ. මිහිඳු හිමියෝ එහි දී ඔවුනට බාලපණ්ඩිත සූත්‍රයෙන් ධර්ම දේශනා කළ හ. බාලපණ්ඩිත සූත්‍රයෙන් නුවණින් පව් කොට දෙලොව ම පිරිහෙන සැටිත් නුවණින් ක්‍රියා කොට දෙලොවින් ම දිනන සැටිත් ප්‍රකාශ කළ හ. මේ හැම සූත්‍ර දේශනාවකින් ම වාසනාවන්ත ගුණ ගරුක ජීව්තයක් ගත කරනු පිණිස මිනිසකු විසින් ජීවිතය පැවැත්විය යුතු ආකාරය ඉගැන්වූ හ. බුද්ධ ධර්මය අනුව ලක්වැසි ජනතාව ගේ ජීවිත හැඩ ගස්වාලීමෙහි මේ සූත්‍ර ධර්ම මහත්සේ උපකාරී විය. පසුව දෙවනපෑතිස් රජතුමා විසින් මහමෙවුනා උයන සංඝයාට පූජා කළ පසු එය ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය බවට පත් විය. ථෙරවාදයේ බලකොටුව වූ මහාවිහාරයේ ප්‍රතිෂ්ඨාපනය මහමෙවුනා උයනින් ආරම්භ විය. උපෝසථ සංඝ කර්මාදිය කරනු පිණිස සීමාවක් අවශ්‍ය ය. සංඝ සම්මතයෙන් මහමෙවුනා උයන උපෝසථාගාරයක් බවට පත් විය.

දෙ තිසක් ඛණ්ඩ සීමාවන් සම්මත කිරීමෙන් පසු සීමා බන්ධනය අවසානයේ මහ පොළොව කම්පා වූවා ය. මිහිඳු මාහිමිපාණන් වහන්සේ ක්‍රමයෙන් තුන්වන, සිවුවන, පස්වන, සවන, සත්වන දිනයන්හි ආසිවිසෝපම – අනමතග්ගිය – ඛජ්ජනීයක ගි ගෝමයපිණ්ඩික – ධම්මචක්කප්පවත්තන යන සූත්‍ර දේශනාවන් පවත්වා දහස් ගණනින් ජනයා මාර්ග ඵලාවබෝධයට පත්කර වූ හ. මිහිඳු මාහිමියන් ප්‍රධාන සංඝයා ශාසනය බබුළුවමින් වැඩ විසූ හෙයින් නන්දන වනය පසුව ‘ජෝතිය වන’ නමින් ප්‍රසිද්ධ විය. රජු සමග මහමෙවුනා උයන වටා ඇවිද සීමාමාලකාදිය පිහිටු විය යුතු තැන් නියම කොට පසුව සමන් මල් පිදීමෙන් අටමස්ථානයන් පිහිටන තැන් සම්මත කරන ලදී. 1. මාලක සීමාව, 2. ජත්තාඝර පොකුණ, 3. මහාබෝධිය 4. ලෝවාමහපාය 5. සංඝ ලාභ භාජනස්ථානය 6. චතුස්සාලාව පිහිටි තැන 7. රත්නපාලි චෛත්‍ය පිහිටි තැන 8. තිස්සමහාරාමය යන ස්ථානත් ථූපාරාමය, මිරිසවැටිය, ඉසුරුමුණිය හා වෙස්සගිරිය යන පූජනීය ස්ථානත් මහමෙවුනා උයනෙහි පිහිටුවන ලදී.

සමාජ විපර්යාසය

[QUOTE="tcpik, post: 7734717, member: 53172"] [B][CENTER]නුවණ විමසීම[/CENTER][/B] දෙවනපෑතිස් නිරිඳුන් සසුන්හි පැහැදවීම සඳහා මිහිඳු මාහිමියන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය ආදර්ශ සම්පන්න ය. උන්වහන්සේ දේශනා කරන්නට යන ධර්මයට රජහු සිත තියුණු ලෙස යොමු කරවනු පිණිස අඹරුක් උවමින් හා නෑ උවමින් පළමු කොට මෙසේ නුවණ විමසූ හ. මහරජ – ‘මේ ගසේ නම කුමක්දැයි’ ළඟ තිබුණු අඹ ගසක් පෙන්වා මිහිඳු මාහිමියෝ රජුගෙන් ප්‍රශ්න කළහ. රජතුමා - ‘මෙය අඹ ගසෙකියි පිළිතුරු දුන්නේ ය.’ මිහිඳු මාහිමි – ‘මේ හැර තවත් අඹ ගස් තිබේද?’ රජතුමා - ‘එසේ ය, ස්වාමීනී! බොහෝ අඹ ගස් ඇත.’ මිහිඳු මාහිමි – ‘මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් ගස් තිබේද?’ රජතුමා - ‘ස්වාමීනී, බොහෝ ගස් ඇත. එහෙත් ඒ ගස් අඹ නොවේ’. මිහිඳු මාහිමි – ‘මහරජ, ඒ අඹත් නො අඹත් හැර තව ගස් තිබේද?’ රජතුමා - ‘ඇයි ස්වාමිනි, මේ අඹ ගස?’ මිහිඳු මා හිමි – ‘මහරජ! ඔබ පණ්ඩිතය.’ මිහිඳු මාහිමි – මහරජ!. තොපට නෑයෝ සිටිත් ද?’ රජතුමා - ‘එසේ ය, ස්වාමීනි, බොහෝ නෑයෝ සිටිත්’ මිහිඳු මාහිමි – ‘මහරජ, තොපට නො නෑයෝත් සිටිත්ද? රජතුමා - එසේ ය, ස්වාමීනි! බොහෝ නො නෑයෝත් සිටිති.’ හිඳු මාහිමි –ඒ නෑයෝත් නො නෑයෝත් හැර තවත් අය සිටිත්ද? රජතුමා - ‘ඇයි ස්වාමීනි, මම?’ මිහිඳු මාහිමි – ‘මහරජ! ඔබ පණ්ඩිතය.’ මෙසේ පරීක්ෂා කොට බැලූ මිහිඳු මාහිමියනට තිස්ස රජතුමා හොඳ නුවණැතියකු බව අවබෝධ විය. මිහිඳු මාහිමියෝ පසුව පිරිස් සහිත රජතුමාට චුල්ල හත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ. දේශනාව අවසානයෙහි රජතුමා සතළිස් දහසක් පිරිස සමඟ තිසරණ පන්සිල් හි පිහිටුවීමෙන් බෞද්ධයෙක් විය. එයින් තුනුරුවනෙහි උසස්කම ද භික්ෂුවගේ චාම් ජීවිත පැවැත්ම ද ශ්‍රේෂ්ඨ ගුණ ගරුක ජීවිතය ද අවසානයෙහි සිවුසස් දහම් ද ප්‍රකාශ කරන ලදී. දෙවන දිනයෙහි රජගෙදර දී පේතවත්ථු - විමානවත්ථු සච්චසංයුත්ත යන මෙයින් ධර්ම දේශනා කළ හ. අනුලා බිසව ඇතුළු පන්සියයක් ස්ත්‍රීහු ඒ ධර්මය ශ්‍රවණය කොට සෝවාන් ඵලයට පැමිණිය හ. ‘පේතවත්ථු - විමානවත්ථු දෙකින් වදාළ ධර්මය පරලෝ ගැනත් දෙවියන් හා භූතයන් ගැනත් හැඟීමක් විශ්වාසයක් ඇතිව සිටි ඒ පිරිසට තදින් සිත් හි කා වැදී ගියේ ය. තමන් පිළිගෙන ඇති මතයට ද විරුද්ධ නැතැයි යනුවෙන් අසන්නන් තුළ හැඟීමක් ඇති වූ පසු ඔවුහු වඩ වඩාත් එයට කන් යොමු කළහ. සච්ච සංයුත්තයෙන් වදාළ ධර්මයෙන් සසර දුකත් එයින් නික්මෙන ම¼ගත් දැක්වූ හ. මුල් දිනයෙහි ධර්ම දූතයන් වහන්සේලා දුටු මිනිසුන් සිය අසල් වැසියනට දැන්වීම නිසා දෙවන දිනයෙහි දහස් ගණනින් ජනයා රජ මාලිගය අසලට රැස් වූ හ. ඒ සියලු දෙනාට ම ඇතුළු පුර අවකාශ මද බව දැන ගත් රජ තෙමේ මඟුලැත්හල සරසා එහි අසුන් පනවන්නට නියම කෙළේ ය. අසුන් පිළියෙළ වූ පසු මිහිඳු මා හිමියෝ සහ පිරිවරින් එහි වැඩම කොට දේවදූත සූත්‍රය දේශනා කළ හ. දේශනාවසානයෙහි දහසක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටිය හ. පසුව එය ද ඉඩ මද වූයෙන් නන්දන වනෝද්‍යානයෙහි අසුන් පැනවූ හ. මිහිඳු හිමියෝ එහි දී ඔවුනට බාලපණ්ඩිත සූත්‍රයෙන් ධර්ම දේශනා කළ හ. බාලපණ්ඩිත සූත්‍රයෙන් නුවණින් පව් කොට දෙලොව ම පිරිහෙන සැටිත් නුවණින් ක්‍රියා කොට දෙලොවින් ම දිනන සැටිත් ප්‍රකාශ කළ හ. මේ හැම සූත්‍ර දේශනාවකින් ම වාසනාවන්ත ගුණ ගරුක ජීව්තයක් ගත කරනු පිණිස මිනිසකු විසින් ජීවිතය පැවැත්විය යුතු ආකාරය ඉගැන්වූ හ. බුද්ධ ධර්මය අනුව ලක්වැසි ජනතාව ගේ ජීවිත හැඩ ගස්වාලීමෙහි මේ සූත්‍ර ධර්ම මහත්සේ උපකාරී විය. පසුව දෙවනපෑතිස් රජතුමා විසින් මහමෙවුනා උයන සංඝයාට පූජා කළ පසු එය ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය බවට පත් විය. ථෙරවාදයේ බලකොටුව වූ මහාවිහාරයේ ප්‍රතිෂ්ඨාපනය මහමෙවුනා උයනින් ආරම්භ විය. උපෝසථ සංඝ කර්මාදිය කරනු පිණිස සීමාවක් අවශ්‍ය ය. සංඝ සම්මතයෙන් මහමෙවුනා උයන උපෝසථාගාරයක් බවට පත් විය. දෙ තිසක් ඛණ්ඩ සීමාවන් සම්මත කිරීමෙන් පසු සීමා බන්ධනය අවසානයේ මහ පොළොව කම්පා වූවා ය. මිහිඳු මාහිමිපාණන් වහන්සේ ක්‍රමයෙන් තුන්වන, සිවුවන, පස්වන, සවන, සත්වන දිනයන්හි ආසිවිසෝපම – අනමතග්ගිය – ඛජ්ජනීයක ගි ගෝමයපිණ්ඩික – ධම්මචක්කප්පවත්තන යන සූත්‍ර දේශනාවන් පවත්වා දහස් ගණනින් ජනයා මාර්ග ඵලාවබෝධයට පත්කර වූ හ. මිහිඳු මාහිමියන් ප්‍රධාන සංඝයා ශාසනය බබුළුවමින් වැඩ විසූ හෙයින් නන්දන වනය පසුව ‘ජෝතිය වන’ නමින් ප්‍රසිද්ධ විය. රජු සමග මහමෙවුනා උයන වටා ඇවිද සීමාමාලකාදිය පිහිටු විය යුතු තැන් නියම කොට පසුව සමන් මල් පිදීමෙන් අටමස්ථානයන් පිහිටන තැන් සම්මත කරන ලදී. 1. මාලක සීමාව, 2. ජත්තාඝර පොකුණ, 3. මහාබෝධිය 4. ලෝවාමහපාය 5. සංඝ ලාභ භාජනස්ථානය 6. චතුස්සාලාව පිහිටි තැන 7. රත්නපාලි චෛත්‍ය පිහිටි තැන 8. තිස්සමහාරාමය යන ස්ථානත් ථූපාරාමය, මිරිසවැටිය, ඉසුරුමුණිය හා වෙස්සගිරිය යන පූජනීය ස්ථානත් මහමෙවුනා උයනෙහි පිහිටුවන ලදී. සමාජ විපර්යාසය [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom