ෆෙඩරල් විමර්ශන කාර්යංශය හෙවත් FBI විසින් ලබන මාර්තු මස 08 වනදා ලොව පුරා විසිර පවත්නා පරිඝනක භාවිත කරන්නන්ගේ අන්තර්ජාල සැපයුම තාවකාලික අත්හිටුවීමක් සිදු කරන බවට දැනුම් දී ඇත. ඔවුන් විසින් පරිගනක භාවිත ආරම්භයේදීම හානිදායක ප‍්‍රහාර ඇතුල් වීම වලකන ආකාරයේ මෙහෙයුම් පද්ධතියක් සැකසීමේ මෙහෙයුමක නිරත වන අතර බැවින් මෙම දැනුම් දීම කර ඇත.
පසුගිය වසරේ පුද්ගලයන් 6 දෙනෙකු DNSC නම් වූ පරිඝනක ප‍්‍රහාරක නිර්මාණය හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත. ඒ වන විටත් ඉන් එක් කොටසක් අන්තර්ජාලය හරහා මුදා හැර තිබුණ අතර ඉන් රටවල් 100කට වැඩි ප‍්‍රමාණයකට මෙහි හානිකර ප‍්‍රතිඵල අත් විදීමට සිදු විය. අමෙරිකාවේ පමණක් 500000 කට අධික පිරිසකට මෙම තත්වය මුහුණ දීමට සිදු විය.
FBI ආයතනය විසින් මේ සදහා තාවකාලික සැකසුමක් ලබා දී තිබූ අතර දැනට ඔවුන් අපේක්ෂා කරන පරිදි මෙම මෙහෙයුම් පද්ධති නියමාකාරයෙන් ප‍්‍රතිස්ථාපනය කිරිම අවසන් කිරීම මෙම මස අවසානයේදී සිදුකරයි. මෙම නව සැලැස්ම අන්තර්ජාලයට එකතු වන අවස්ථාවේදි මිලියනයකට පමණ අන්තර්ජාල සබදතා සම්පූර්ණයෙන්ම නැතිවී යාමට ඉඩකඩ ඇති බවට ඔවුන් විශ්වාස කරයි. DNS හා URL සැකසුම් වල වෙනස්කම් සිදුනොවන අතර අන්තර්ජාල පිවිසුම් ඇරඹුමේදීම ප‍්‍රහාරක දත්ත හසු කර ගනිමින් පරිඝනකයට සිදුවිය හැකි අන්තරායක පද්ධතින් ඉවත් කර නැවත හරවා යැවිම මේ හරහා බලාපොරොත්තු වන බව එම ආයතනය කියා සිටී.
Code:
http://rt.com/usa/news/fbi-internet-server-servers-409/


mona karumayakda ban me 
