Amdage සිංහල Jokes ටිකක් !

manjudammi

Junior member
  • Jan 31, 2007
    594
    10
    18
    ආණ්ඩුව

    ඇම්ඩා පොඩි එකා කාලේ තාත්තගෙන් මෙහෙම ඇහුවා..

    ඇම්ඩා : මොකක්ද තාත්තේ ආණ්ඩුව කියන්නේ?
    තාත්තා : ආණ්ඩුව කියන්නෙ පුතේ හරියට මං වගේ...දැන් බලපන් මං දිහා...මං වැඩකරන්නේ මට ඕනේ විදිහටනේ..හැබැයි උඹලගෙ අම්ම ඇවිල්ල විපක්ෂය වගේ..මම කියන හැමදේකටම විරුද්ද වෙනවනේ..එතකොට උඹේ අක්කයි අයියයි හරියට වෘත්තිය සමිති වගේ..උන් ඉතිං කොහොම හරි කෑ ගහලා උන්ගෙ අයිතිවාසිකම් දිනාගන්නවා..දැන් බලපන් උඹ දිහා..උඹ තමා ජනතාව..කොයි පැත්තෙන් බැලුවත් තැලෙනවා..හැමෝම උඹට තමා පාට් එක දාන්නේ..

    පසු දින උදෑසන අවදි වු ඇම්ඩා තාත්තට මෙහෙම කියනවා.."තාත්තේ මං ඊයේ රෑ දැක්කා...මං දැක්කා..."

    තූස්නිම්භූත වෙලා තාත්තා අහනවා.."මොනවද උඹ දැක්කේ?"

    එතකොට ඇම්ඩ කිව්වේ නැතැයි..."මං දැක්කා ඊයේ රෑ ආණ්ඩුව විරුද්ධ පක්ෂයට පෙරල ගෙන පහර දෙනවා..වෘත්තිය සමිති මර නින්දේ..ඒත් ජනතාව අවධියෙන්" කියලා...