Lyrics
හිත නුඹ ගැන අමුතු කතා
කියයි යටි හිත අද උමතු වෙලා
මට හමුවුණු අය හැරදා
ළඳේ නුඹ ළඟ මම නතර වුණා
ඔය කෙහෙරැලි අත වැනුවා
මගේ හදවත මැද හිරි වැටුණා
සැළමුතු පෙම මට දැනුණා
එපා නොකියම නුඹ දෙස හැරුණා
මේ ප්‍රේමේ හින්දා
මායාවක් මා හීනෙන් වින්ඳා
මේ ප්‍රේමේ හින්දා
ප්‍රේමී හිත් ගානක් මා බින්දා
වංකී හර්දේ මැරුණා
අවංකෙන් ප්‍රේමෙන් දැවුණා
ලතෙත් පෙම් වැස්සේ තෙමුණා
නුඹව දැනුණා
අනංගී තාලෙන් මිදුණා
සුපෙම් ගී නින්දෙන් ඇසුණා
නුඹෙන් මං ස්වර්ගේ දුටුවා
ක්ෂණික බැඳුණා