Ananda Sriya Wahe - ආනන්ද ශ්‍රීය වෑහෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Ananda Sriya Wahe - ආනන්ද ශ්‍රීය වෑහෙයි



    ආනන්ද ශ්‍රීය වෑහෙයි
    සෝබා දහම් සිනාසෙයි
    රූපා ඉතා සුරම්‍යයි
    මේ මෝසම් සුළං කියා යයි ...//

    කොවුලන්ගෙ ගී ඇසේවී
    මිහිරී හඬින් නැඟීලා
    මේ දර්ශනේට ප්‍රීතී
    සංගීතයක්ම වීලා
    සිත් එක්වෙලා ගියේනම්
    වන ලැහැබ මුත් ගෙයක් වෙයි
    රූපා ඉතා සුරම්‍යයි
    මේ මෝසම් සුළං කියා යයි

    ආනන්ද ශ්‍රීය වෑහෙයි
    සෝබා දහම් සිනාසෙයි
    රූපා ඉතා සුරම්‍යයි
    මේ මෝසම් සුළං කියා යයි

    දන්නෙම් කෙසේ සුළං මේ මොනවා කියාද යන්නේ //
    රහසක් දොඩයිද බහකින් මා කෙලෙස පහද ගන්නේ //
    මේ නම් හොඳින් දනිම් මා
    දසතින් ශ්‍රියා ගලා යයි
    රූපා ඉතා සුරම්‍යයි
    මේ මෝසම් සුළං කියා යයි

    ආනන්ද ශ්‍රීය වෑහෙයි
    සෝබා දහම් සිනාසෙයි
    රූපා ඉතා සුරම්‍යයි
    මේ මෝසම් සුළං කියා යයි

    මා නම් සිතන්නෙ මෙහෙමයි
    අප සිත් බැඳී ගියා ඉන්
    මේ දර්ශනේ දිලෙන්නේ
    සිත් ස්පන්දනේ නිසාමයි
    ස්ථීර ප්‍රේමෙ ඇත්නම්
    කොයි දේට මුත් බියක් ඇයි
    රූපා ඉතා සුරම්‍යයි
    මේ මෝසම් සුළං කියා යයි

    ආනන්ද ශ්‍රීය වෑහේ
    සෝබා දහම් සිනාසේ
    රූපා ඉතා සුරම්‍යයි
    මේ මෝසම් සුළං කියා යයි


    ගායනය - ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල
    පද - ආනන්ද සමරකෝන්
    සංගීතය - එස්.එම්. සුබ්බයියා
    1957 දී තිරගතවූ "සූරසේන" චිත්‍රපටියේ ගීයකි.
    "සූරසේන" චිත්‍රපටිය, "මලෙයි කිල්ලන්" නම් දෙමළ චිත්‍රපටිය සිංහලෙන් ප්‍රතිනිෂ්පාදනය කිරීමකි.
    ගීයේ තනුව 1955 දී තිරගතවූ "අසාඩ්" හින්දි චිත්‍රපටියට ලතා මන්ගෙස්කාර් සහ චිටල්කාර් ගැයූ "Kitna Haseen Hai Mausam" ගීයෙන් උපුටා ගෙන ඇත.

    එම ගීතයම නව සංගීතය සමග



    ගායනය : අමිත් වල්පොළ මහත්මා සහ ලතා වල්පොළ මහත්මිය