Android developing / Flutter

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    Native ඉගෙන ගනින්
    දැන් මම කරන ප්‍රොජෙක්ට් එකට native ඇණ ගහන්න වෙලා.
     
    • Like
    Reactions: gamerlk

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මම අවුරුදු 10ට වැඩියි මොබයිල් ඇප් කරන්න අරගෙන
    මුලින්ම ඉගෙනගත්තෙ iOS, තාම කරනවා දැන් නම් ගොඩක් වෙලාවට Devlopment වලට වඩා consulting වැඩ වගේ තමයි
    Native Android නුත් කරා, හැබැයි මම ඒ තරම් ආස නැහැ Android development වලට සහ සාපේකශව native ios වල ගනන් හිලවු හොඳයි ඒක නිසා දැන් මේ පැත්ත වැඩිය කෙරෙන්නෙ නැහැ

    දන්න කෙනෙක් කතා කරලා ඇප් එකක් කරලා දෙන්න කියලා Flutter ඉගෙනෙන කරා,
    Flutter කරන්න නේටිවු දැනුමක් ඕන, Flutter වල අයිඩියා එක එකම කෝඩ් බේස් එකෙන් හැම ප්ලැට්ෆෝම් එකටම තනි ඇප් එකක් හදන එක නෙමෙයි, හැම ප්ලැට්ෆෝම් එකටම නේටිවු ලුක් ඇන්ඩ් ෆීල් එක එන විදියට Non UI ටික කොමන් විදියට තියාගෙන UI එකට වෙන වෙනම කෝඩ් කරන එක තමයි Flutter වල විදිය
    මේ වැඩේ හරියට කරන්න Native development කරන්නෙ කොහොමද කියලා යම් තාක් දුරකට දැනුම තියෙන්න ඕන. ඇන්ඩරොයිඩ් වලට Material යූස් කරලා iOS වලට Cupertino යූස් කරලා හදන්න ඒ දෙක ගැන දැනුමක් ඕනමයි

    හැබැයි,
    Material විදියට හදලා iOS වලත් රන් වෙනවා, Cupertino විදියට හදලා Android වලත් රන් වෙනවා කිසි අවුලක් නැතිව,

    මොබයිල් ඩිවලොප්මන්ට් ගැන දන්නෙ නැත්නම් මම හිතන්නෙ මේ විදිය තමයි ලේසිම විදිය
    1 - මැටීරියල් ඩිසයින් කන්සෙප්ට් ටික මුලින් ඉගෙනගන්න, (Cupertino කන්සෙප්ට් වලට වඩා මැටීරියල් කන්සෙප්ට් වැඩිපුර යූස් වෙනවා, වෙබ වලත් යූස් වෙනවා, මැටීරියල් ස්ටයිල් ඇප් iOS ස්ටෝ එකෙත් තියනවා, හැබැයි Cupertino ස්ටයිල් එකේ ඇප් Android store එකේ දැකලම නැහැ)
    2 - Dart ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එක වෙනම ඉගෙනගන්න, මේකෙ පට්ට සිරා ෆීචර්ස් තියනවා ඒව දන්නවා නම් ඩිවලොප්මන්ට් ටයිම් එක පට්ටම විදියට අඩු කරගන්න පුලුවන්, ගොඩක් අලුත් කන්සෙප්ට් තියනවා
    3 - Flutter බේසික් ටික විතරක් තියන යූටියුබ් එකක් බලන්න, පැය දෙක තුනකට වඩා වැය කරන්න එපා
    4 - ඊට පස්සෙ මොකක් හරි තියන ඇප් එකක් ගන්න, Example , Whatsapp. ඒක ඒ විදියටම කොපි කරන්න පටන් ගන්න සර්විස් ගැන හිතන්නෙ නැතිව UI Flow එක ඒ විදියටම හදන්න ට්‍රයි කරන්න,ඔය ටික කරලා ඉවර උනාම සෑහෙන දැනුමක් ඇවිත් තියෙයි.
    TFS.... :love: