Ane Hapoi

Akaash

Member
Nov 10, 2009
88
21
0
The Editorial from Divaina
:shocked::shocked::shocked::shocked::shocked:
පොල් ලෙල්ලට ගහ ගැනීම

සිසුන් අතර හටගත් ගුටි කෙළියක්‌ නිසා කැලණි සරසවියේ සියලු පීඨ වසා දමා තිබේ. මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 1977 න් පසු කොයි වෙලාවෙත් බලා සිටියේ එකිනෙකා මරා ගැනීමටය. ඒ නිසා සරසවි කැන්ටිමේ විකුණන මාලු බනිස්‌ ගෙඩියක්‌ තුළ තිබූ කැරපොතු අණ්‌ඩ නිමිති කරගෙන මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිගේ අලුත් මෝටර් රථය නිමිති කරගෙන ද ඔවුqන් එකිනෙකා සමඟ ගුටි ඇන ගත්හ. නවක වධය දෙන කට්‌ටිය සහ නවක වධය නොදෙන කට්‌ටිය අතරද, උප කුලපතිට පක්‍ෂ කට්‌ටිය සහ ඔහුට විපක්‍ෂ කට්‌ටිය අතර ද, ඉගෙනීමට හැකි කට්‌ටිය සහ ඉගෙනීමට නොහැකි ගොබ්බ කට්‌ටිය අතර ද විටින් විට ගුටි කෙළි හට ගත්තේය. ගිය අවුරුද්දේදී මෙයට එකතු වූ අලුත්ම කට්‌ටිය වූයේ විශ්වවිද්‍යාලයේ කට්‌ටිය සහ ගමේ කට්‌ටිය ය. කැලණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ යාබද ගම් වැසියන් සමඟ ඇති කර ගත් ආරවුලක්‌ හේතුවෙන් ජීවිතේට අමතක නොවන පාඩමක්‌ ඉගෙන ගත් හැටි අපි හද පිsරි සෝකයෙන් සිහිපත් කරමු. මේ සියල්ලටම අමතරව ජනතා විමුක්‌ති පෙරමුණේ විශ්වවිද්‍යාල ඉත්තා වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයට පක්‍ෂ සිසුන් සහ ඊට විපක්‍ෂ සිසුන් අතර හටගන්නා ගුටි කෙළි කාලයෙන් කාලයට "කරාටේ සංදර්ශන" මෙන් ප්‍රදර්ශනය කරනු ලැබේ. විශ්වවිද්‍යාල භූමිය, මහ පාර යන තැන්වල මේවා දැක බලා ගත හැකිය. මේවායේ ප්‍රතිඵල වන තුවාලකාරයන් සහ මළ මිනී දැක බලා ගනු පිණිස හදිසි අනතුරු ඒකකයටත්, මෝචරියටත් යා යුතුය. මේ සංග්‍රාම සංදර්ශනය ජනතාවටත් රටේ පරිපාලන පද්ධතියටත් කොතරම් වාතයක්‌ වී ඇද්ද යත්, දැන් දැන් මේවාට සම්බන්ධ අය දැක ගැනීම සඳහා කෙළින්ම මෝචරියට යැමට ලැබේ නම් එය මහඟු අවස්‌ථාවක්‌ සේ සැළකීමට බොහෝ රටවැසියන් කැමැති වනවා ඇත.

කැලණි සරසවියේ මෙවර ගුටි කෙළියට නිමිත්ත ලණුවකි. එම විශ්වවිද්‍යාලයේ මානව ශාස්‌ත්‍ර පීඨයේ සහ විද්‍යා පීඨයේ සිසුහු සිංහල අවුරුද්ද නිමිත්තෙන් කඹ ඇද්දා හ. විද්‍යා පීඨ සිසුහු ඉන් ජය ගත්හ. පසුව දිනූ පැත්තේ එකකුට පැරදුණු පැත්තේ පිරිසක්‌ පහර දුන්හ. මේ ඇවිල යන්නේ ඒ කාලකණ්‌නි සංග්‍රාමයයි. අද ලණුවට ගහ මරා ගන්නා මේ තරුණ ගවයන් ඊළඟට පොල් ලෙල්ලටත්, පොල් කෙන්දටත් මරා ගන්නවා ඇත. අප හිතන්නේ මුන් වඩාත් සුදුසු සරසවියේ ඉගෙනීමට නොව පොල් ලෙලි තැලීමට බව ය. සිද්ධියට සම්බන්ධව නරුමයන් පිළිබඳ පරික්‍ෂණයක්‌ පවත්වා වැරැදිකරුවන් වහා සරසවියෙන් නෙරපිය යුතුය.

අනවශ්‍ය ලෙස දේශපාලනය රිංගා ගැනීම නිසා මේ රටේ විශ්වවිද්‍යාල අවුරුද්දේ වැඩි හරියක්‌ වසා තැබේ. දැන් රටේ විශ්වවිද්‍යාල පද්ධතිය පුස්‌කෑ කේක්‌ ගෙඩියක්‌ බවත් එහි වැඩි කොටස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය මගින් උලා කනු ලැබ ඇති බවත් මෙයට පෙර ද අපගේ කර්තෘ වාක්‍ය ඔස්‌සේ සඳහන් කර ඇත. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයේ මවු සමාගම වූ කලී දැනට අතුරුදන්ව තිබෙන ජනතා විමුක්‌ති පෙරමුණ ය. මේ දේශපාලන අන්තවාදීන් විසින් අවුලුවන ගිනි ජාලා නිසා විශ්වවිද්‍යාල වසා තබන හෙයින් ඇතැම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු උපාධිය නිමවා සමාජයට එන්නේ මැදිවියේදී ය. අනතුරුව රැකියාවක්‌ සොයාගෙන විවාහ පත් වනවිට ඔහු මහළු වියේ ය. ඊළඟට සිය දරුවා ඇරල වීමට ඔහු ළදරු පාසලට යනවිට "සීයා සමඟ ඉස්‌කෝලේ එන්නේ තාත්තා පිටරට නිසා දැයි" සෙසු සිසු දරුවන් ඔහුගේ දරුවාගෙන් විමසීමට ඉඩ තිබේ.

මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය කා සමග හෝ කොක්‌කක්‌ ඇද ගැනීමට පසුගිය දිනවල බලා සිටියහ. ඒ අතර පෞද්ගලික විශ්වවිද්‍යාලවල අවශ්‍යතාව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක විසින් කියන ලදී. ඒ සැනින් කල් තබාම ලියා තිබූ සටන්පාඨ පුවරු අතට ගත් සරසවි ශිෂ්‍යයෝ උද්ඝෝෂණ පවත්වන්නට වූහ. කැලණි සරසවි ගැටුම මගින් ඔවුන් එස්‌. බී. දිසානායකට ද පණිවුඩයක්‌ යවන බව අපගේ විශ්වාසයයි. අපගේ අදහස නම් සරසවි ඉතිහාසයේ හොඳම පාඩම ඔවුන් එස්‌. බී. දිසානායකගෙන් ඉගෙන ගැනීමට ඉඩ ඇති බවයි.

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
Last edited: