Ane hirunika mata sama wenna-Ranjan

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    මන්ත්‍රි රන්ජන් ගෙන් විශේෂ ප්‍රකාශයක් : හිරුණිකා ඇතුළු සියලු දෙනාගෙන් සමාව ඉල්ලයි



    අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

    විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා කියා සිටියේ තමන් ගේ නිවසේ තිබු හඬ පට නිසා පවුල් ගැටළු ඇතිවූ, සිත් තැවුල් ඇතිවූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරිය ඇතුළු සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටින බවයි. එම හඬ පට අඩංගු දෘඩ තැටි නිවසේ තබාගෙන සිටියේ බොරු කියන පුද්ගලයින් සිටින මේ රටේ ජනතාවගේ මුදල් විනාශ කරන සොරුන්ට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුමේදී අවශ්‍ය සාක්ෂි ළඟ තබා ගැනීමේ අවශ්‍යතාවය හේතුවෙන් බවයි.

    දුෂණයට එරෙහිව මා සමග කතා කළ තොරතුරු දුන් අධිකරණ නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඇතුළු සියලු දෙනා ගෙන් ඉල්ලා සිටිනවා, පටන් ගත් සටන ජයග්‍රහණය තෙක් අත්නොහරින්නයි කියලා රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා කියා සිටියා.

    එක්තරා මාධ්‍ය නාලිකාවක් විසින් තමන්ව ඉලක්ක කර ගනිමින් මෙම හඬ පට නිකුත් කිරීම සිදුකරනු ලබන බවයි මෙහිදී මන්ත්‍රිවරයා කියා සිටියේ.

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ මෙම හඬ පට සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ කොමිසමක් පත් කළ යුතු බවයි. එලෙස විශේෂ කොමිසමක් පත් කිරීමට හැකි නම් සිදුකරන ලෙසත් එම කොමිසමට තමන් ෆයිල් පිටින් රැගෙන එන බවයි රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා කියා සිටියේ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මහින්ද එක්ක කතාකරපු හඩපටි 7 සභාගත කරනවා කිව්වා.
    අපිටත් අහන්න දුන්නොත් හොදයි :P
     

    Similar threads