Annapurna Base Camp Trekking ( ABC )

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    @L_Kaan උඹලා ලංකාවේ ප්‍රතිරූපය කනවා. කෑවත් නැතත් ඔයාලා සිපගන්න රූපයක් මුලට දාලා තිබුණ නිසා වීඩියෝව බලන්න හිතුනේ නැහැ. සුළු පිරිසකට මහ දේවල් වුනාට ගොඩක් අයට වීඩියෝ බලන්න ආව උනන්දුව නැති වෙනවා.

    මුළු ලෝකයේම මිනිස්සුන්ගේ හිත්වල මුල් බැහැලා තියෙන්නේ තමන්ගේ රටට කිට්ටු කරන්න බැරි තරම් ලංකාව සදාචාරාත්මක සහ සංස්කෘතික අතින් ඉතාමත් ඉහළයි කියලා, ථේරවාද බුදු දහමත් එක්ක තවත් සුවිශේෂියි සහ ඒ ගැන එයාලගේ හිතේ ගෞරවයක් තියනවා. හැම අතින්ම වැටිලා ඉන්න අතරේ දැන හෝ නොදැන මේ දේත් නැති කරන්න හදන අය ගැන නම් ඇත්තටම කණගාටුයි. සමහර රටවල් වලට ධන බලයෙන්, යුධ බලයෙන් හරි මිනිස්සුන්ව දෙකට නවන්න පුළුවන්. රටකට ලෝකයේ ආර්ථික ප්‍රතිරූපයක් කෙටි කාලයකින් හදන්න පුළුවන් වුනාට පරම්පරා කිහිපයක් ගියත් ස්ථාවර සංස්කෘතික ප්‍රතිරූපයක් හදන්න අමාරුයි. අන්තිමට වටිනාකමක් නැති අපි පාරේ බුදියන් ඉන්න බල්ලෙක් ගාණටවත් ගණන් ගන්නේ නැහැ.

    සාමාන්‍යයෙන් සංචාරයට එන බහුතරයක් විදේශිකයෝ ලංකාව ඇතුලේ යමක් කරන්න කලින් ප්‍රශ්නයක් වෙයි ද හෝ ගැළපෙන වැඩක් ද කියලා දෙපාරක් හිතනවා, ඔවුන්ගේ දෛනික හැසිරීම් පවා සීමා කරගෙන ඉන්නවා. තවමත් විදේශිකයින්ගේ තැකීමක් තිබුණත් අපේ උන් යුරෝපීය වෙන්න දඟලන නිසා සහ තවත් පිරිසක් සංස්කෘතිය කන්නද කියලා හෑල්ලුවට ලක් කරන නිසා අද වෙනකොට අවුරුදු ගාණකට කලින් තිබුණ තත්වය වෙනස් වෙලා තියනවා.

    ඒ වගේම රට වලපල්ලට ගිහින් තිබුණත් අපි වෙනත් රටකට ගියාම අනෙක් පුද්ගලයින්ගෙන් වෙන් කරලා සැලකිල්ලක් දක්වන හෝ අපි දිහා විශේෂ කරලා බලන කාරණය පිටුපස්සේ තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ හැසිරීම, සදාචාරාය, සංස්කෘතිය කියලා සමහරුන්ට වැටහීමක් නැහැ. විදේශ රටවල් වලදි ලබන මේ සැලකිලි නැති කරගත්ත අවස්ථා මම ඕනතරම් දැකලා තියනවා.

    ඔය වගේ ප්‍රසිද්ධ ලිංගික ක්‍රියාකාරකම් බටහිර රටවල් වලට සාමාන්‍ය දෙයක්. ඕන තරම් වීඩියෝ, vlog තියනවා. පෙරදිග රටවල් වලත් දැන් දැන් රැල්ල නැගීගෙන එනවා. ඔයාලා නිකම්ම අනුකරණය කරන්නේ නැතිව මොලේ පාවිච්චි කරලා අපේ අනන්‍යතාවය හෝ විශේෂත්වයක් පේන්න වෙනත් යමක් කරන්න, හුුරුබුහුටි (cute) වැඩ කරන්න. පවුල් සමබන්ධතා ‌/ ‌පෙම්වතුන්ගේ හැසිරීම් අපට ගැළපෙන වෙනස් විදිහකට පෙන්වන්න. අළුත් දෙයක් කරන්න. ඒ දේවල් අනිවාර්යෙන් ලස්සනට පෙනෙනවා.

    අපේ පරණ මිනිස්සු වැදගත් විදිහට ජීවත් වුණා. වංසෙ කබල් ගානවා නෙවෙයි, ඒ අය මහ ඉතිහාසයක් ගැන ආඩම්බරයෙන් හිටියා. අපි තවමත් පිටස්තරයින්ට වඩා වැදගත් මිනිස්සු කියලා නැවත නැවතත් තහවුරු කරන්න උත්සාහ කරන්න. තව කතා කළොත්, ඔය වගේ ජාතික කොඩිය අල්ලන් ඉන්න විදෙස් ඡායාරූප, වීඩියෝ නිතර දකින්න තියනවා. උඹලා සීනි බෝල වැඩ කරන්න පුරුදු වුනොත් අපේ ජාතික කොඩියට මීට වඩා තැනක් දීලා ඊළඟ මට්ටමේ (next level) වෙනසක් කරන්න පුළුවන් වෙයි.

    @L_Kaan ප්‍රශ්නයක් නැත්නම් කන්ද උඩට අධ්‍යක්‍ෂක මණ්ඩලයක් එක්ක ගිහින් පෝර්න් වීඩියෝ ගහලා පෞද්ගලිකව තියාගත්තට, එළකිරියේ ඉල්ලන අයට දුන්නත් අවුලක් නැහැ. ☺️ හැබැයි මාධ්‍ය වල ප්‍රසිද්ධ කරන්න එපා. :cool:
     

    maharetas

    Member
    Dec 27, 2025
    18
    19
    3
    හායි පුතීලා..

    2024 Everest base camp ගියාට පස්සෙ අපි ගිය අවුරුද්දෙ Annapurna base camp ගියා.. 🤟🤟
    whatsapp-image-2026-05-15-at-9-06-16-am-jpeg.265874


    ලෝකෙ තියන ලස්සනම ට්‍රැකින් වලින් එකක්

    මුලු ගමනම දානවා.. ( තව එක එපියක් දාන්න තිනවා )
    බලල හොඳ නරක කියන්න



    එවරස්ට් එක බලන්න බැරි උන උන්දල ට



    ඔබතුමන්ලගෙ සබරක්‍රඉබ්ස් එකයි කමෙන්ට් එකයි ලයික් එකයි ගොඩක් වටිනවා :love::love::love:

    මේ ගමන් දෙකම යන්න බලන් ඉන්න අය ඕන දෙයක් අහන්න..
    දන්න දෙවල් කියල දෙන්නම්

    ආ මේ අවුරුද්දෙ ලඩක් බයික් රයිඩ් එකත් යන්න ඉන්නෙ

    wow..... amazing......
    Annapurna, the deadliest mountain, holds the record for the highest fatality to summit reported among its climbers.

    අන්නපූර්ණා කන්ද නම් කරලා තියෙන්නේ, අන්නපූර්ණා දේවියට අයත් හෙයිනි. "ආහාර ප්‍රදානය" කරන අරුතින්, මෙම දේවිය අන්නපූර්ණා නම්වේ. ඇයට නමස්කාර කිරීමට අන්නපූර්ණා සහස්‍රනාම වගේම, අන්නපූර්ණා ශතනාම ස්තෝත්‍රයන් ඇත.

    ශ්‍රී සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා "අන්න දෝ බලදෝ හෝති" (ආහාරය දෙන්නා, බලය දෙන්නේද වේ. එලෙසම එවැන්නහුට බලය ලැබෙන්නේද වේ.)

    මෙම දේවිය, විශ්වශක්ති, විශ්වමාතා, සෘෂ්ටිහේතුකාවරදානී (වර ප්‍රදානය කරන්නිය), භුවනේශ්වරී (පොලොවෙහි දේවතාවිය), රේණු, අන්නදා (ආහාර දෙන්නිය), ආදි නම්වලින් හදුන්වයි.

    ඕං අන්නපූර්ණායෛ නමඃ....
    https://en.wikipedia.org/wiki/Annapurna_(goddess)
     
    • Love
    Reactions: L_Kaan