Ape diyasen kumaraya rata hadanne btc walin

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,852
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නාමල්ගේ කළු සල්ලි ආකරය සොයා ගතිමු..! චීන කොලනිය හැදුවේ ඇත්තටම කුමටද..? කෙස් කෙළින් කරන හෙළිදරව්වක්..!
    විශේෂ ලියුම්කරුවක් ලියයි

    (ලංකා ඊ නිව්ස් -2021.ජුනි.19, පෙ.ව.5.10) මැතිවරණයේදී එක රටක් එක නීතියක් කියමින් කෑ මොර දෙමින් පැමිණ ලංකාව දෙකඩ කර නිර්මාණය කළ රාජපක්ෂ - චීන කොලනිය හෙවත් පෝට් සිටියේ අනාගත සැබෑ හිමිකරු වන්නේ අන් කිසිවෙක් නොව නාමල් රාජපක්ෂ ය.

    ඒ කතාව ආරම්භ වුනේ මෙසේය...
    2010 වසර වනතෙක් නාමල් රාජපක්ෂ සැඟවෙමින් ජනාධිපති තාත්තාගේ බලතල අවභාවිතා කරමින් මුදල් ඉපැයු බව නොරහසකි. මුල් කාලයේදී venture capital හිමිකරු වූ නිමල් පෙරේරා, නාමල් රාජපක්ෂගේ නමින් කොළඹ කොටස් වෙළඳපොලේ කොටස් මිලදී ගැනීම සඳහා නොමිලේ ගිණුමක් විවෘත කොට රුපියල් ලක්ෂ 15 ක කොටස් නොමිලේ ලබා දීමෙන් මේ සියල්ල ආරම්භ විය.

    අනතුරුව නාමල් රාජපක්ෂ මාර්ගයෙන් සහ එවක ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මාර්ගයෙන් රජයේ කොටස් වෙළඳපොල ආයෝජන සියල්ල තමන්ගේ අභිමතය පරිදි සිදුකරමින්, ඉන්දියාවේ කොටස් වෙළඳපොලේ රජකළ Harshad Mehta මෙන් නිමල් පෙරේරා ලංකාවේ කොටස් වෙළඳපොල තමන් කැමති ලෙස හැසිරවීමට පටන් ගත්තේ ය. නමුත් Harsha Mehta මෙන් නොව, කළු සල්ලි සුදු කිරීම නිමල් පෙරේරාගේ එකම ව්‍යාපාරය විය. EPF /ETF අරමුදල් වල මුදල්, කොටස් වෙළඳපොලේ අයෝජනයේ දී ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ගේ මාර්ගයෙන් තමන් කැමති හිතවත් ව්‍යාපාරිකයින්ගේ සමාගම් කොටස් පමණක් මිලදී ගැනීමට නිමල් පෙරේරා කටයුතු කෙළේ ය. මිලදී ගැනීමට පැය 48 කට පෙර තමන් විසින් එම අදාල සමාගම් කොටස් මිලදී ගෙන අනතුරුව EPF /ETF අරමුදලට වැඩිමිලට විකිණීම සිදු කිරීමෙන් හේ විශාල ලාභ ලැබීය.

    නිමල් පෙරේරා හා ධම්මික පෙරේරා පුද්ගලික මිතුදමෙන් ඔබ්බට ගොස් ව්‍යාපාරික මිත්‍රයින් වුයේ ද මෙම රාජපක්ෂලාගේ කළු සල්ලි සෙල්ලම නිසා බව ප්‍රසිද්ධ කරුණකි. උදාහරණයක් ලෙස 2010/05/02 දින වන විට රුපියල් 7.89 කට තිබූ ධම්මික පෙරේරාගේ වැලිබල් සමාගමේ කොටසක් රුපියල් 54 දක්වා එම වසරේම ඉදිරියට ගෙන යාම පෙන්වා දිය හැකිය. අදටත් book value වත්කම් අනුව රුපියල් 18 ක් වටිනා වැලිබල් සමාගමේ කොටසක මිල රුපියල් 125 කි. මේ සියල්ලේ පසුපස සිටි පුද්ගලයා නාමල් රාජපක්ෂ ය. මෙසේ රජයේ මුදල් හිතමිතුරු ව්‍යාපාරිකයින්ගේ සමාගම් ලොකු කරගැනීමට දීමෙන් නාමල් රාජපක්ෂ කෙටි කලකින් විශාල ධනවතෙක් විය.

    මහින්දගේ සාම්ප්‍රදායික ක්‍රමය සහ නාමල්ගේ නවීන හැරවුම් ලක්ෂය..
    නමුත් 2010 න් පසු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයකු වීමත් සමග කළු සල්ලි නිමල් පෙරේරා, නාමල් රාජපක්ෂගේ කොටස් වෙළඳපොල ගිණුම වහාම වසා දැම්මේය. මේ අතර මිතුරන් සමග රුසියාවට ගිය නාමල් රාජපක්ෂට එහිදී මෙම ලිපියේ නම සඳහන් කළ නොහැකි ඔහුගේ මිතුරාගේ මාර්ගයෙන් BTC -e නම් ක්‍රිප්ටෝ මුදල් ඒකක ගිණුමක් අන්තර්ජාලයේ විවෘත කර දුන්නේ ය.

    සාම්ප්‍රදායික මහින්ද රාජපක්ෂ තමන් හොරකම් කළ මුදල් මතු දුර දකිමින් ලොව කිසිදු බැංකු ගිණුමක තැන්පත් නොකළ අතර ඔහුට හිතවත් මිතුරන්ගේ නමින් ආයෝජනය කොට ආරක්ෂාව උදෙසා sales contract එකක් පමණක් තබා ගත්තේ ය. උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂ අගමැති කාලයේදී ඩුබායි ගියවිට තමන්ගේ වියදමින් dubai marina yacht club එකේ බෝට්ටුවක් සමග මොරොක්කානු ජාතික ගණිකාවන් දෙදෙනෙකු මහින්දට ලබාදීමේ මහා පින් මහිමයෙන්, මහින්දගේ හොරකම් කළ මුදලින් නන්දන ලොකුවිතාන යන අය Marriott Al Jaddaf Dubai අයිතිකරු බවට පත්විය. ඇමරිකානු ඩොලර් මිලියන 225 ක් ඒ සඳහා යෙදැවීය. පසුව සිරිමා බණඩාරනායක මැතිනිය බිහිකළ වානේ සංස්ථාව ද නන්දන ලොකුවිතාන යන අය නමින් ජාති මාමක මහින්ද රාජපක්ෂගෙන් නාම මාත්‍රිකව සතු කර ගත්තේ ය. නමුත් මේවායේ සැබෑ මුදල් මහින්දගේ කළු සල්ලි ය. නන්දනගේ වාසනාවට ශිරන්තිගේ නෑයෙකු ද වන යහපාලන රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ ද සියල්ල ආරක්ෂා කරමින් හොරණ ප්‍රදේශයේ Ferentino Tyre Corporation (Pvt.) Ltd නමින් ටයර් කර්මාන්ත ශාලාවක් ද ආරම්භ කිරීමට නන්දනට උදව් කෙළේ ය.

    මේ ආකාරයෙන් රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කළ රුපවාහිනී/ගුවන්විදුලි හිමිකරුවන්, පුවත් පත් හිමිකරුවන්, තිරිඟු පිටි ආනයන කරුවන්, මහල් නිවාස ඉදිකරන සමාගම් ආදී ලැයිස්තුව ඉදිරියේදී පළ කරන්නෙමු. යහපාලන සමයේදී මෙම ලියුම්කරු විසින් සියලු තොරතුරු සපයා දුන්න ද රනිල්වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන මොවුන්ව ආරක්ෂා කළ බැවින් ඒ සියලු ප්‍රයත්න ව්‍යර්ථ විය.

    පෙරේරා දෙපොල රාජපක්ෂලාගේ බැංකුව විය..
    ඉහත කී ලෙස මහින්ද සාම්ප්‍රදායික ආකාරයට කළු සල්ලි සුදු කළ ද නාමල් රාජපක්ෂ ඊට වෙනස් මගක් ගනිමින් BTC -e ගිණුමක් 2011 වසරේදී ආරම්භ කරමින් කළු සල්ලි ආයෝජනය නව මගකට ගෙනාවේ ය. පසුව නාමල් රාජපක්ෂ ගේ BTC -e ගිණුමට crypto මුදල් ඒකක වලින් කළු සල්ලි එව්වේ නිමල් පෙරේරා පමණක් නොවන අතර ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂගේ කළු සල්ලි ද නාමල් රාජපක්ෂගේ BTC -e ගිණුමට එක්විය. ලංකාවේ ධම්මික පෙරේරා හා නිමල් පෙරේරා රාජපක්ෂ පවුලේ බැංකුව බවට පත්විය. ඔවුනට ලංකාවෙන් මුදල් අවශ්‍ය වූ විට BTC -e ගිණුම හරහා ධම්මික හෝ නිමල්ට bitcoin නම් crypto මුදල් ඒකකයෙන් එවනු ලබයි. ඔවුන් ලංකාවේ මුදලින් මුදල් ලබා දීම සිදුකෙරේ. මෙම උදව්ව වෙනුවෙන් රාජපක්ෂලාගේ මුදල් මෙහෙයවීම මෙම පෙරේරලා දෙපොල සතුවිය.

    විටෙක කොටස් වෙළඳපොල අහසටම යවා ඔවුන්ගේම කොටස් වැඩිමිලට විකුණා තවත් සමාගම් මිලට ගනී. පසුව වැටෙන්නට ඉඩ දී නැවත එහි වාසියද ගනී.

    විනිල් මැණික්ගේ පුතාට සිදුවූයේ කුමක්ද?
    නාමල් රාජපක්ෂ මුල් කාලයේදී කළු සල්ලි සුදු කිරීමට විනිල් මැණික් හිමිකරු හා එක්ව මැණික් මිලදී ගැනීම ද කෙළේ ය. නාමල් රාජපක්ෂගේ රාජතාන්ත්‍රික ගුවන් ගමන් අවභාවිතා කරමින් ලංකාවෙන් ඉතා ඉහල වටිනා මැණික් රැගෙන ගොස් මුදල් බවට පත්කළේ ය. මේ සියල්ල නාමල් රාජපක්ෂ සමග සම්බන්ධීකරණය කළ විනිල් මැණික් ගේ පුත්‍රයා කොතෙක් වටිනා ආරක්‍ෂිත රථයක් භාවිතා කළ ද එක්තරා රාත්‍රියක අභව්‍ය රිය අනතුරකින් මිය ගියේ ය. එය හුදු රිය අනතුරක් නොව ඝාතනයකි. පසුව පවුලේ අනෙක් අයගේ සහ තමන්ගේ ආරක්ෂාව උදෙසා විනිල් මැණික් ට නිහඬ වීමට සිදුවිය. අද ඔහු මීක් නැත. තාජුදීන් ගේ මෝටර් රථ ඝාතනය සිදුවන්නේ ඊට අනතුරුව ය. එහි බොහෝ සැක සහිත තැන් හෙළිවීමෙන් පසු කුමාරයා වෙනත් උපක්‍රම භාවිත කිරීම ආරම්භ කෙළේ ය.

    නාමල්ගේ bitcoin මුදල් පැටව් ගැසූ සැටි..
    නාමල් රාජපක්ෂ 2011 සිට BTC -e ගිණුම හරහා bitcoin මුදල් ඒකකයක් මිලට ගත්තේ එවකට bitcoin එකක් ඩොලර් 600 ත් 1000 ත් අතර මිලකට ය. 2015 වන විට bitcoin 880,000 පමණ නාමල් රාජපක්ෂගේ ගිණුමේ තිබිණ. 2015 න් පසු නාමල් වෙනත් අන්තර්ජාල ගිණුම් විවෘත කෙළේ ය. 2017 න් පසුව BINANCE නම් ජපාන සමාගමක මෙම අන්තර්ජාල මුදල් ඒකක bitcoin නව ගිනුමක් පවත්වාගෙන ගොස් ඇත. මේ අතර 2020 දී හදිසියේ Elon Musk නම් ඇමරිකානු ප්‍රකෝටිපතියා විසින් BTC අන්තර්ජාල මුදල් ඒකක ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ප්‍රමාණයක් මිලදී ගැනීමත් සමග මෙම අන්තර්ජාල මුදල් ඒකකය එනම් bitcoin එකක් ඇමෙරිකානු ඩොලර් 54000 ත් 64000 ත් අතර වටිනාකමකට විකිණීම ආරම්භ විය.

    එය අද වන විට සාමාන්‍යය bitcoin එකක් ඇමෙරිකානු ඩොලර් 40,000 ක් පමණ වේ. මේ අනුව බැලූ කල 2015 වන විට නාමල් රාජපක්ෂගේ BTC මුල් ගිණුමේ පමණක් තිබූ අන්තර්ජාල මුදල් bitcoin 880,000 හතලිස් ගුණයකින් පමණ නිකම්ම වැඩි වී ඇත. එය අති විශාල මුදල් ප්‍රමාණයකි. එනම් සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 35 කට අධිකය. රුපියල් වලින් නම් රුපියල් බිලියන 7000 කට අධිකය. රු.බිලියනයක් යනු රු. කෝටි 100 කි. ගාණ රුපියල් කෝටි වලින් කිවහොත් රු. කෝටි 700,000 කට අධිකය. නාමල් 2015 න් පසුව ආරම්භ කළ ගිණුම් වල bitcoin කොපමණක් තිබේදැයි තවම හෙළි වී නැත.

    ඉදින් රාජපක්ෂලාගේ එක ඩොලරයක් කොහෙන් හොයන්නද?
    තමන් සතුව බිලියන ගණන් ඩොලර් තිබෙන බව කීවද එක ඩොලරයක් සොයා ගත හොත් බෙල්ල කපා ගන්නවා යයි මහින්ද රාජපක්ෂ වරක් වහසි බස් දෙඩුවේ ඇයිදැයි ඔබට තේරුම් යනු ඇත. සත්‍යයකි. ඔවුන් සතුව ඩොලර් නැත. ඇත්තේ එකක් ඩොලර් 40,000 ක් පමණ වටිනා ඕනෑම මොහොතක ඩොලර් වලට හෝ පවුම් වලට හෝ ඕනෑම මුදල් ඒකකයකට පරිවර්තනය කර ගත හැකි bitcoin ය. වසරක කාලයක් ලංකාවේ හිරවී සිටි නාමල් රාජපක්ෂ මෑතකදී ඩුබායි වෙත ගොස් කළේ කුමක්දැයි යන්න සිතා ගැනීම ඔබට බාර ය.

    ඉහත කී රාජපක්ෂලා සතු අතිවිශාල මුදල් සම්භාරය ආයෝජනයට ඇත්තේ එක ආරක්ෂාකාරී තැනක් පමණි. එය නම් පෝර්ට් සිටි ව්‍යපෘතියයි.

    එකම විසඳුම පෝර්ට් සිටිය...
    චීනයට තමන්ගේ සේවක පඩි නඩි ගෙවීමට ලංකාවේ පවතින නීතිය ගැටළුවක් නම් මෙතෙක් කල් ඔවුන් ලංකාවේ ව්‍යාපෘති සඳහා, පොර්ට් සිටිය ද ඇතුළුව, සේවය කළ චීන ජාතිකයන්ට පඩි නඩි ගෙව්වේ කෙසේ ද ?

    ලැබෙන තොරතුරුවලට අනුව දකුණු ආසියාවේ ප්‍රථම අන්තර්ජාල මුදල් ඒකකය ගනුදෙනු කළ හැකි ස්ථානය වන්නේ පෝර්ට් සිටියයි. එසේනම් තමන් සතු ඩොලර් බිලියන ගණන් කළු සල්ලි ආයෝජනය කිරීමට අවශ්‍ය කාටදැයි පැහැදිලිය. මෙය නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කරන තිප්පොලය. රජයේ විගණනයකින් තොර නගරයක් අවශ්‍ය වන්නේ නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලට පමණි.

    ඉෂාර පමණයි.. ඒ කාගේ සල්ලිද?
    ඊට දැනටමත් එක් උදාහරණයක් තිබේ. පෝර්ට් සිටිය ගොඩ කර අවසන් කෙළේ යහපාලන ආණ්ඩුව කාලයේ ය. විදේශ ආයෝජකයින් සඳහා ඉඩම් අලෙවි කිරීම ආරම්භ කෙළේ ද ඒ යුගයේ ය. නමුත් අද මේ ලිපිය ලියන මොහොත දක්වාම ඉඩමක් මිල දී ගෙන ඇත්තේ එක් අයෙක් පමණි. ඔහු විදේශිකයෙක් නොවේ. ඔහු නම් අද රාජපක්ෂලාගේ සැඟවුනු කළු සල්ලි ආයෝජනය කරන අද වන විට ධම්මික පෙරේරා ද අභිබවා ගොස් ලංකාවේ වැඩිම පොහොසතා වී සිටින ඉෂාර නානායක්කාර ය. මුහුද සමග ජැටියක් ආසන්නයේ තිබෙන එකම සහ වටිනාම ඉඩම් කැබැල්ලක් ද පෝර්ට් සිටියෙන් ඔහු වෙන් කර ගෙන තිබේ. ඒ මුදල් අන් කාගෙවත් නොව රාජපක්ෂලාගේ ය.

    මෙම දැවැන්ත කළු සල්ලි කන්ද ආයෝජනය කොට බොරු සිංහල මැලේ මිශ්‍ර රාජපක්ෂලා ලංකාවේ සදාකාලික ධනවත්ම පාලකයන් වනු ඇත. ලංකාවේ ආර්ථිකය උරා බී ප්‍රකෝටිපතියන් වී සිටින රාජපක්ෂලාගේ ඊලඟ අනුප්‍රාප්තිකයා නාමල් රාජපක්ෂ පෝර්ට් සිටියත් සමග රටේ රජවනු ඇත.

    ලසන්තට වූ දේ අපටත් සිදුවිය හැකි නමුත්..
    ලසන්ත වික්‍රමතුංගගේ මරණයට මිග් ඩීල් එක හේතුවක් යයි කීවද අප්‍රසිද්ධ හේතුවක් වන්නේ නාමල් රාජපක්ෂගේ BTC අන්තර්ජාල මුදල් bitcoin 880,000 හෙළිදරව් කර ගැනීමට උත්සාහ කරමින් සිටීම බවද අප වෙත අනාවරණය වී තිබේ. මේ හෙළිදරව්ව කරන අපටද බොහෝ විට ඒ ඉරණම ම උරුම වනු ඇත. එහෙත් වසර ගණනාවක් පුරා ජීවිතයත් මරණයත් අතර හිඳිමින් සොයාගත් සත්‍යය හෙළිකළ යුතු කාලය පැමිණ තිබේ.

    69 ලක්ෂයක් ජනතාවනි, මෙම ලිපිය අසත්‍යය යයි ඔබ සිතන්නේනම් ඔබේ ආදරණීය රාජපක්ෂවරුන්ගේ පසුගිය දස වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශනයක් ඉල්ලා සිටින්න. නාමල් රාජපක්ෂ ජනාධිපති කිරීමටත්, බැසිල් රාජපක්ෂ අගමැතිකිරීමටත් සිහින දකිමින් සිටින හිතාදර ඇමතිවරුනි, ඔබේ දේශපාලන අනාගතය මෙතැනින් අවසාන බව මතක තබා ගන්න. රාජපක්ෂ වහල් බැමි වලින් මිදී හැඟීම් පසෙක තබා බුද්ධියෙන් සිතීමට කාලය පැමිණ ඇත.

    විශේෂ ලියුම්කරුවෙක් විසිනි
    කර්තෘ සටහන:
    මෙම ලිපියේ සඳහන් බරපතල චෝදනාවන්ට අමාත්‍ය නාමල් රාජපක්ෂ පිළිතුරු සපයන්නේ නම් එය ද පළ කිරීමට ලංකා ඊ නිව්ස් සූදානම් බව සටහන් කර තබමු.

    ---------------------------
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,717
    8,130

    meka completely kiyewwe ne.
    Vallibal One eke book value eka Rs. 58. anthimata trade une Rs.37-38 range eke.

    Dhammika Perera gena nam danne ne. Nimal Perera gena nam eka eka katha ahalaa thiyenawa.