නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට රජයේ සූදානමක් නෑ - අනුර කුමාර දිසානායක
මැතිවරණය නිදහස් හා සාමකාමි ලෙස පැවැත්වීමට රජය පොලීසියට හා මැතිවරණ කොමසාරිස්වරයාට රට තුළ හැකියාවක් තිබේද යන්න ගැටලූකාරී තත්ත්වයක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (17) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී පැවති ප්රවෘත්ති සාකච්ඡ්හවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
මේ තත්ත්වය තුළ ජනතාව නීතිය අතට ගත්තොත් එය රටට අහිතකර බලපෑම් එල්ල කළ හැකි බවයි. එමනිසා පොලීසිය මැතිවරණ කොමසාරිස්වරයා ඇතුලූ නිලධාරීන් මේ තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
තාරුණයට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ ලන්ඩන් නුවරදී කොටි සංවිධානයේ ජාත්‍යන්තර බුද්ධි අංශ නායක එමිල් කාන්තන් හමුවී කළ සාකච්ඡා මොනවාදැයි රටට හෙලිකරන ලෙස අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා.
නාමල් රාජපක්ෂ විසින්ම එමිල් කාන්තන් හමුවීම පිළිගැනීමත් සමඟ තත්ත්වය වඩාත් බරපතල වෙලා තියෙනවා. එමිල් කාන්තන් සමඟ ඡයාරූපයට පෙනී සිටීම මගින් තහවුරු වන්නේ ඔහු සමඟ නාමල් රාජපක්ෂ ඉතා ලඟ අසුරක් පවත්වා ඇති බවයි. කොටි සංවිධානයට අදාල ජාත්‍යන්තර මුදල් නාමල් රාජපක්ෂ හරහා මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට යොදන බව දැන් තහවුරු වන බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.
ape ela wada
hora amathie .....................