Apple එක්ක තරඟයට එන චීන Apple

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Apple එක්ක තරඟයට එන චීන Apple

Source offair.nethfm.com/article/14109

ලොව අංක එකේ startup ව්‍යාපාරය කුමක්ද කියලා ඔබ දන්නවාද ? ඒ තමයි Xiaomi.


චීන ජංගම දුරකථන සමාගමක් වන මේ සමාගමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 43ක් පමණ වනවා.(රුපියල් කෝටි 565700) අති විශාල චීන ජංගම දුරකතන වෙළඳපල ආක්‍රමණය කරමින් කෙමෙන් වෙනත් ආසියානු රටවල් වලටත් ව්‍යාප්ත වෙමින් පවතින මෙම ව්‍යාපාරය මේ වන විට පෙරළිකාර නිර්මාණ කිහිපයක්ම හඳුන්වා දීමට සමත් වී තිබෙනවා.


Redmi 2 ජංගම දුරකථනයත්, ස්මාර්ට් වායු සමීකරණයක්, ස්මාර්ට් විදුලි බුබුළ වැනි නිර්මාණ කිහිපයක් නිසා Xiaomi සමාගම ඉතාමත් කෙටි කාලයකින් සීග්‍ර දියුණුවක් කරා ලගා වීමට හැකි වුණා.


Xiaomi විසින් නිකුත් කළ ජංගම දුරකථන කිහිපයක්ම iPhone වැනි ප්‍රධාන ජංගම දුරකථන අනුකරණය කරමින් නිෂ්පාදනය කළ නිසා නොයෙකුත් නීතිමය ගැටළු වලට මුහුණ දීමට සිදු වුනා. කෙසේ වෙතත් එම සමාගමේ අලුත්ම ජංගම දුරකථන ද්විත්වය වන Mi Note හා Mi Note Pro සාර්ථකව එළිදැක්වීමට පසුගිය දා එම සමාගමට හැකි වුණා.


තරමක් විශාල iPhone 6 Plus ජංගම දුරකථනයේ ප්‍රමාණයටම වගේ නිපදවා ඇති මේ නව ජංගම දුරකථනය ඉලක්ක කර ඇත්තේ චීනය තුල iPhone භාවිත කරන පාරිභෝගිකයින් කොට්ඨාශයයි. නමුත් මේ නව දුරකථන iPhone අනුකරණය කරමින් කළ නිෂ්පාදනයක් නොවේ
.