ඇපල් ගෙන් සැම්සුන් ට කැපිල්ලක්

ඇපල් සමාගමේ නව අයිෆෝන් උපාංගය සඳහා යොදා ගැනෙන සැම්සුන් මෙමරි චිප් ඇණවුම හිටි හැටියේම අඩු කිරීමට ඇපල් සමාගම තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඇපල් සමාගමේ අයිෆෝන්, අයිපෑඞ් හා අයිපොඞ් උපකරණ සඳහා අවශ්‍ය මයික්‍රො පෝරසෙසර, පැතලි තිර හා මෙමරි චිප් ප‍්‍රධාන වශයෙන් සපයනු ලබන්නේ දකුණු කොරියාවේ සැම්සුන් සමාගම විසිනි.
කෙසේ වෙතත්, මෙම කොටස් සඳහා සැම්සුන් මතම යැපීම අඩුකරගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ.
මෙම කොටස් සඳහා සැපයුම්කරුවෙකු ලෙස තවදුරටත් සැම්සුන් සමාගම කටයුතු කළද, ඊට අමතරව ජපානයේ ටොෂිබා හා එල්පිදා මෙමරි සමාගම් වෙත ද කොරියාවේ එස්. කේ. හයිනික්ස් යන සමාගම වෙත ද ඇණවුම් ලබාදී ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.