Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
April 21 Attack Mastermind software engineer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

COLOMBO (News 1st) – අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෞද්ගලික සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන අක්රම් අහක්කම් නමැත්තා මේ වන විට පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය භාරයේ පසුවේ.

දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු පසුගිය 27 වන දා අත්අඩංගුවට ගැනුණේ යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් විසිනි.

අක්රම් අහක්කම් අත්ඩංගුවට ගෙන ඇත්තේ, මරාගෙන මැරෙන ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයින් සමග සබඳතා පවත්වමින් රාජ්‍ය විරෝධී ක්‍රියාවල නිරත වීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ ය.

අක්‍රම්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු හෙළි කරන ලද තොරතුරු අනුව 2014 වර්ෂයේ සිට අයි.එස්. හා මෙරට සම්බන්ධතා පවත්වන පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට ඔහු කටයුතු කර තිබේ.

ඒ අනුව 2015 වර්ෂයේදී කලුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ ඉස්ලාම් ආගම උගන්වනු ලබන ස්ථානයකට ඔහු ඇතුළත් වී ඇති අතර ඔහු පවසන්නේ එහිදී ඔහුට මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින අහමඩ්, ආදිල් අමීස්, උමෙයිර්, ඉන්ෂාෆ්, සෂ්න මොහොමඩ් යන පුද්ගලයින් හමුවූ බව ය.

මෙම ස්ථානයට පැමිණි ඉමාඩ් නමැති පුද්ගලයා අයි.එස්. සමග එක්වීමට තුර්කිය බලා ගොස් ඇති අතර 2015 වර්ෂයේ මැද භාගයේදී නැවත මෙරටට පැමිණ තිබේ.

අනතුරුව ඔහු දේශන මාලාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර ඊට දෙහිවල බෝම්බකරු වූ ජමිල් සහ ෂැන්ග්‍රිලා හෝටලයේ එක් බෝම්බකරුවෙකු වූ ඉල්හාම් ඊබ්‍රහීම් සහභාගි වී ඇති අතර මෙම දේශන එකිනෙකාගේ නිවෙස්වල පවත්වා ගෙන ගිය බව අක්රම් හෙළි කර තිබේ.

පසුව මෙලෙස කොළඹ ආශ්‍රිතව එකතු වූ පිරිස සමාජ මධ්‍ය ඔස්සේ හඳුනා ගත් කල්මුණේ පදිංචි හුස්නි මුබාරක්ගේ විවාහ මංගල්‍යට ගොස් ඇති අතර එම අවස්ථාවේ ඔවුන් මොහොමඩ් සහරාන් හමුව ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයේ ඔහු පවත්වාගෙන ගිය ජාතික තවුහිත් ජමාත් කාර්යාලයේදී ය.

ඒ අනුව සහරාන් හා ඔහුගේ සොහොයුරා වූ සෙයිනි ඇතුළු පිරිසකුත් සමග කොළඹ ඒකරාශී වූ පිරිස අන්තවාදී කණ්ඩායමක් පිහිටුවා එහි නායකත්වය උමෙයිර් ලෙසින් හඳුන්වන පුද්ගලයෙකුට ලබා දී තිබේ.

2016 වර්ෂයේ අවසාන කාලයේ මල්වාන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක දේශන ශාලාවක් වෙන් කර ගත් මෙම පිරිස එහිදී දිවුරුම් දීමක් සිදු කර තිබේ.

එම වර්ෂයේදී ඉල්හාම් ඊබ්රහීම්ගේ තඹ කර්මාන්ත ශාලාව ගංවතුරට හසු වීමෙන් වන්දි ලෙස ලැබුණු කෝටි 5ක මුදලක් ඔහු සහරාන්ට ලබා දී ඇති බවත් මෙම සැකකරු පවසයි.

පසුව මහනුවර, අරුප්පොළ ප්‍රදේශයේ නිවසකට එක්රැස් වූ පිරිස පන්සල්වල බුදු පිළිම කැඩිය යුතු බවටත් එවන් අවස්ථාවේදී යුදමය තත්ත්වයක් ඇති වුවහොත් මාරාගෙන මැරීමටත් සූදානම් විය යුතු බවටත් එහිදී සාකච්ඡා කළ බව ද අක්රම් පවසා තිබේ.

පසුව පුහුණු වැඩමුළු කිහිපයක් පැවැත්වූ බව ප්‍රකාශ කරන සැකකරු පවසන්නේ, ඒවා අවසානයේ සහරාන් විසින් මරාගෙන මැරෙන කණ්ඩායමට සම්බන්ධ වීමට කැමති පිරිස පිළිබඳව විමසා ඇති බව ය.

එහිදී දෙහිවල බෝම්බකරුවූ ජමීල් සහ කොච්චිකඩේ බෝම්බකරු වූ මුආත් ඉදිරිපත් වූ බවත් සහරාන් සමග පැමිණි 5 දෙනෙකු ද ඒ සමග ඉදිරිපත් වූ බවත් අක්රම් පවසයි.

2019 වර්ෂයේ පෙබරවාරි මාසයේදී තමා සේවය කරන පෞද්ගලික ආයතනයට පැමිණි දෙහිවල සහ කොච්චිකඩේ බෝම්බකරුවන් තමන් හමුවූ බව ද අක්රම් අහක්කම් ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිදරව් කර තිබේ.

මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව මෙම සැකකරු සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රහාරය හෙළා දකිමින් විවිධ ප්‍රකාශ සිදු කර ඇති අතර ඔහු අබු කලීඩ් යන නාමයෙන් විවිධ සමාජ මාධ්‍ය ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති අයුරු ද දැක ගත හැකි ය.

source : https://www.newsfirst.lk/sinhala/2019/05/23/%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A-21-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%94%E0%B6%9A/

[QUOTE="Vitaski119, post: 24510541, member: 564205"] [SIZE="5"]COLOMBO (News 1st) – අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෞද්ගලික සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන අක්රම් අහක්කම් නමැත්තා මේ වන විට පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය භාරයේ පසුවේ. දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු පසුගිය 27 වන දා අත්අඩංගුවට ගැනුණේ යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් විසිනි. අක්රම් අහක්කම් අත්ඩංගුවට ගෙන ඇත්තේ, මරාගෙන මැරෙන ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයින් සමග සබඳතා පවත්වමින් රාජ්‍ය විරෝධී ක්‍රියාවල නිරත වීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ ය. අක්‍රම්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු හෙළි කරන ලද තොරතුරු අනුව 2014 වර්ෂයේ සිට අයි.එස්. හා මෙරට සම්බන්ධතා පවත්වන පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට ඔහු කටයුතු කර තිබේ. ඒ අනුව 2015 වර්ෂයේදී කලුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ ඉස්ලාම් ආගම උගන්වනු ලබන ස්ථානයකට ඔහු ඇතුළත් වී ඇති අතර ඔහු පවසන්නේ එහිදී ඔහුට මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින අහමඩ්, ආදිල් අමීස්, උමෙයිර්, ඉන්ෂාෆ්, සෂ්න මොහොමඩ් යන පුද්ගලයින් හමුවූ බව ය. මෙම ස්ථානයට පැමිණි ඉමාඩ් නමැති පුද්ගලයා අයි.එස්. සමග එක්වීමට තුර්කිය බලා ගොස් ඇති අතර 2015 වර්ෂයේ මැද භාගයේදී නැවත මෙරටට පැමිණ තිබේ. අනතුරුව ඔහු දේශන මාලාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර ඊට දෙහිවල බෝම්බකරු වූ ජමිල් සහ ෂැන්ග්‍රිලා හෝටලයේ එක් බෝම්බකරුවෙකු වූ ඉල්හාම් ඊබ්‍රහීම් සහභාගි වී ඇති අතර මෙම දේශන එකිනෙකාගේ නිවෙස්වල පවත්වා ගෙන ගිය බව අක්රම් හෙළි කර තිබේ. පසුව මෙලෙස කොළඹ ආශ්‍රිතව එකතු වූ පිරිස සමාජ මධ්‍ය ඔස්සේ හඳුනා ගත් කල්මුණේ පදිංචි හුස්නි මුබාරක්ගේ විවාහ මංගල්‍යට ගොස් ඇති අතර එම අවස්ථාවේ ඔවුන් මොහොමඩ් සහරාන් හමුව ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයේ ඔහු පවත්වාගෙන ගිය ජාතික තවුහිත් ජමාත් කාර්යාලයේදී ය. ඒ අනුව සහරාන් හා ඔහුගේ සොහොයුරා වූ සෙයිනි ඇතුළු පිරිසකුත් සමග කොළඹ ඒකරාශී වූ පිරිස අන්තවාදී කණ්ඩායමක් පිහිටුවා එහි නායකත්වය උමෙයිර් ලෙසින් හඳුන්වන පුද්ගලයෙකුට ලබා දී තිබේ. 2016 වර්ෂයේ අවසාන කාලයේ මල්වාන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක දේශන ශාලාවක් වෙන් කර ගත් මෙම පිරිස එහිදී දිවුරුම් දීමක් සිදු කර තිබේ. එම වර්ෂයේදී ඉල්හාම් ඊබ්රහීම්ගේ තඹ කර්මාන්ත ශාලාව ගංවතුරට හසු වීමෙන් වන්දි ලෙස ලැබුණු කෝටි 5ක මුදලක් ඔහු සහරාන්ට ලබා දී ඇති බවත් මෙම සැකකරු පවසයි. පසුව මහනුවර, අරුප්පොළ ප්‍රදේශයේ නිවසකට එක්රැස් වූ පිරිස පන්සල්වල බුදු පිළිම කැඩිය යුතු බවටත් එවන් අවස්ථාවේදී යුදමය තත්ත්වයක් ඇති වුවහොත් මාරාගෙන මැරීමටත් සූදානම් විය යුතු බවටත් එහිදී සාකච්ඡා කළ බව ද අක්රම් පවසා තිබේ. පසුව පුහුණු වැඩමුළු කිහිපයක් පැවැත්වූ බව ප්‍රකාශ කරන සැකකරු පවසන්නේ, ඒවා අවසානයේ සහරාන් විසින් මරාගෙන මැරෙන කණ්ඩායමට සම්බන්ධ වීමට කැමති පිරිස පිළිබඳව විමසා ඇති බව ය. එහිදී දෙහිවල බෝම්බකරුවූ ජමීල් සහ කොච්චිකඩේ බෝම්බකරු වූ මුආත් ඉදිරිපත් වූ බවත් සහරාන් සමග පැමිණි 5 දෙනෙකු ද ඒ සමග ඉදිරිපත් වූ බවත් අක්රම් පවසයි. 2019 වර්ෂයේ පෙබරවාරි මාසයේදී තමා සේවය කරන පෞද්ගලික ආයතනයට පැමිණි දෙහිවල සහ කොච්චිකඩේ බෝම්බකරුවන් තමන් හමුවූ බව ද අක්රම් අහක්කම් ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිදරව් කර තිබේ. මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව මෙම සැකකරු සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රහාරය හෙළා දකිමින් විවිධ ප්‍රකාශ සිදු කර ඇති අතර ඔහු අබු කලීඩ් යන නාමයෙන් විවිධ සමාජ මාධ්‍ය ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති අයුරු ද දැක ගත හැකි ය.[/SIZE] source : [URL="https://www.newsfirst.lk/sinhala/2019/05/23/%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A-21-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%94%E0%B6%9A/"]https://www.newsfirst.lk/sinhala/2019/05/23/%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A-21-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%94%E0%B6%9A/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom