තරුණ තරුණියන් වෙනුවෙන් ඉතාලි තාක්ෂණයෙන් එන සුපිරි ස්කුටර් එක ලංකාවේ
වාහන තද බදය මඟ හරිමින් කාර්යාලයට යන්න, සුපර් මාර්කට් එකට යන්න, දරුවො පාසල් එක්කන් යන්න, ටියුෂන් දාන්න මේ වගේ ගොඩක් වැඩකටයුතු කරදරයක් නැතිව ඉක්මනින් කර ගැනීමේ හැකියාව ස්කූටර් එකෙන් ලැබෙනවා. ඒ නිසාම 2017 වසරේ මෝටර් සයිකල් අලෙවිය පසු කරමින් වැඩිම අලෙවියක් වාර්තා කරන්න ස්කූටර්යට හැකියාවක් ලැබුනා.
අද අපි කියන්න යන්නෙ මේ ස්කූටර් මාර්කට් එක උඩු යටිකුරු කරන්න හදන සුපිරි ස්කූටර් එක ගැන. Aprilia SR150 කියන්නේ ඉතාලි තාක්ෂණයෙන් ලංකාවට එන සුපිරි sport ස්කූටරයක්. දැනට මාර්කට් එකේ තියෙන ස්කූටර් වලට වඩා Aprilia SR150 ස්කූටරය විශේෂ වන්නේ ස්කූටරයක් වගේම මෝටර් සයිකලයක තිබෙන පහසුකම් රැසකින්ම සමන්විත වන නිසා.
ආරක්ෂාව
දැනට ලංකාවේ වැඩි වශයෙන් අලෙවි වෙන ස්කූටර් වල තිබෙන්නේ ඩ්‍රම් බ්‍රේක් (Drum Break) පද්ධතියක්. නමුත් Aprilia SR 150 ස්කූටරයේ ඉදිරිපස ඩිස්ක් බ්‍රේක් (Disk break) පද්ධතියකින් සම්න්විතයි.
උදාහරණයක් වශයෙන් පැයට කිලෝමීටර 50 ක වේගයෙන් සාමාන්‍ය ඩ්‍රම් බ්‍රේක් පද්ධතියකින් සමන්වි ස්කූටරයක ගමන් කරන අතරතුර බ්‍රේක් ගැහුවොත් ස්කූටරය නවතින්නේ මීටර 9 – 10 ත් අතර ප්‍රමාණයක් දුර ඇදී ගිහිල්ලා. නමුත් Aprilia SR150 ස්කූටරය බ්‍රේක් කලොත් අඩි 2-3 කින් පහසුවෙන්ම නවතා ගත හැකි වනවා. එයට හේතුව ඉදිරි පස ඩිස්ක් (Disk) බ්‍රේක් පද්ධතියකින් සමන්විත වීමයි. මේ නිසා අනතුරක් වීමේ සම්භාවිතාව ඉතාමත් අවම වෙනවා.
වේගය
Aprilia SR150 ස්කූටරය 150CC (154.8CC) එන්ජිමකින් සමන්විත නිසා මෝටර් සයිකලයක වේගයට සමාන වේගයක් ඉතා පහසුවෙන්ම ලබා ගැනීමට හැකියි. වෙළදපොලේ තිබෙන අනිත් ස්කූටර් වල උපරිම වේගය පැයට කිලෝමීටර් 50-70ත් අතරට සීමා වී තිබෙන අතර Aprilia SR150 ස්කූටරයට ඉතාම පහසුවෙන් 100-115 ත් අතර වේගයක් ලබා ගැනීමට හැකියි. මෙහි විශේෂත්වය වන්නේ තප්පර 10ක් වැනි සුළු කාලයකදී පැයට කිලෝමීටර 100ක වේගයක් පහසුවෙන්ම ලබා ගත හැකි වීමයි. මෙම වේගය ලබා ගැනීමට සරිලන සුපර් මොටෝ ටයර් වලින් සමන්විත Aprilia SR150 ස්කූටරය තරුණ පරපුරට ඉතාමත් ඔබින ස්කූටරයක් බව නිසැකයි.
කල් පැවැත්ම
ඉතාලිය තාක්ෂණයෙන් ලංකාවට පැමිණෙන Aprilia SR150 ස්කූටරය සාමාන්‍ය වෙලඳපොලේ තිබෙන ස්කූටර් වලට වඩා ඉතා ඉහල කල් පැවැත්මක් තිබෙනවා. SR150 වීල් සයිස් එක 14” නිසා එන්ජිම ගෙවෙන ගතවන කාලය සාමන්‍ය ස්කූටරයකට වඩා වැඩියි. Aprilia SR150 ස්කූටරය ඉතාලි තාක්ෂණයෙන් නිපදවෙන නිසා එහි නිෂ්පාදන තත්වය (Built quality) අනෙක් ස්කූටර් වලට සාපේක්ෂව ඉහල බව සඳහන් කල හැකියි.
Aprilia SR150 ස්කූටරය ලංකාවට ගෙන්වා බෙදාහරින්නේ Colonial Motors Ceylon Ltd. ආයතනයයි.
මේ ස්කූටරයේ Test ride එකක් යන්න, වැඩි විස්තර දැනගන්න අමතන්න 011 7699555




ela mchan but patta ganan ne