Aquaponics ගොවිතැන රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකරš
[FONT=Malithi_Web]රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට යන Aquaponics ගොවිතැන
[/FONT]
[FONT=Malithi_Web]fShare
ලෝක ආහාර මිල ඉහළ යැමේ තර්ජනය නිසා ලොව පුරා රටවල් අතර දරිද්‍රතාව සහ සාගින්න ඉහළ යාමේ අවදානම් සහගත තත්ත්වයක් උදාවෙමින් පවතී. විද්‍යාඥයන් පවසන පරිදි මිනිසාට මුහුණ දීමට සිදු වන ඉදිරි අභියෝගය වන්නේ පිරිසිදු බලශක්ති ප්‍රභවයන් සොයාගැනීම නොව වර්ෂ 2060 වන විට බිලියන 9 ක් වන ලෝක ජනගහනයට අවශ්‍ය ආහාර සැපයීමයි.
ආහාර හිඟය යනු හුදෙක් කෘෂිකාර්මික ඵලදායිතාව මත පමණක් පදනම් නොවන්නක් වන අතර එය සමාජ හා ආර්ථික සාධක බොහොමයක් මත පදනම් වන සංකීර්ණ ගැටලුවකි. එබැවින් නවීන ක්‍රම හා ජෛව තාක්ෂණය මගින් ඒ සඳහා පිළියම් සෙවීම ම සාර්ථක නොවේ.
එබැවින් වර්තමානය වන විට භූමිය, ජලය වැනි යෙදවුම් භාවිතය අවම කරගත් නවීන හා කාබනික කෘෂිකර්මයේ මනා සංකල්ප කැටිකරගනිමින් විද්‍යාව පදනම් කරගත් පරිසර හිතකාමී ගොවිතැන් ක්රමයක අවශ්‍යතාව පැනනගිමින් තිබෙන බව නොරහසකි. එහෙයින් මෙම අභියෝගවලට මුහුණ දීමට නම් නව වගා ක්‍රම ආහාර නිෂ්පාදන ක්‍රම දියුණු කිරීම සඳහා යළි සිතා බැලීමට කාලය එළැඹ ඇත.
Aquaponics යනු පාංශු භාවිතයෙන් තොර ජල සම්පත භාවිතය අවම කරගත් නව ආහාර නිෂ්පාදන ක්‍රමයක් වන අතර එමගින් නැවුම් කාබනික හා මනා පෝෂ්‍ය ගුණයෙන් යුතු එළවළු, පළතුරු, ඖෂධ හා මත්ස්‍ය අස්වැන්නක් ළඟාකරගත හැකිය. එහෙයින් මෙම සංකල්පය දෛනික ප්‍රෝටීන අවශ්‍යතාව සපුරා ගැනීමට හා අතිරේක ආදායමක් උපයා ගැනීම සඳහා භාවිත කළ හැකි පරිපූර්ණ ක්‍රමයක් වේ.
මේ ක්‍රමය ජලගත වගාව (Hydroponics) හා ජල ජීවී වගාව Aquculture) යන පද්ධති දෙආකාරය අතර ඇති සම්මිශ්‍රණයක් වන අතර වෙනත් පැතිකඩකින් එය මත්ස්‍ය, බැක්ටීරියා හා බෝග අතර ඇති සජීවී සබඳතාව මත රඳා පවතිමින් බෝග වගාව හා ජලජ ජීවී වගාව සඳහා මිනිසා විසින් පිළියෙල කරන ලද කෘත්‍රිම පරිසරයක් වේ.
මෙහිදී Aquaponics ඒකකයන් තුළ මත්ස්යය ටැංකියක් තුළ ඇති ජලය පෙරනයක් (Filters) හරහා බෝග වෙතටද නැවත එය මත්ස්‍ය ටැංකිය තුළටද වක්‍රාකාරව ගමන් කරයි. මෙහිදී පෙරනය මගින් ජලය තුළ ඇති මත්ස්‍ය අපද්‍රව්‍ය ඉවත් කරයි.
පළමුව යාන්ත්‍රික පෙරනයක් භාවිත කර ඝන අපද්‍රව්‍ය ඉවත්කරන අතර ජෛව පෙරනය මතින් ඉතිරි අපද්‍රව්‍ය විසුරුවා හරියි. ජෛව පෙරනයේදී බැක්ටීරියා මගින් මත්ස්‍යයන්ට විෂ සහිත වන ඇමෝනියා ශාකවලට පහසුවෙන් අවශෝෂණය කරගත හැකි නයිටේ්රට් බවට පත්කරයි.
මෙම ක්‍රියාව නයිට්‍රීකරණය ලෙස හැඳින්වේ. නයිටේ්රට හා වෙනත් පෝෂ්‍ය පදාර්ථ අඩංගු ජලය බෝග අතරින් ගමන් කරන විට බෝග මගින් එහි ඇති පෝෂණ අවශෝෂණය කරන අතර අවසානයේ පවිත්‍ර වූ ජලය නැවත මත්ස්‍ය ටැංකිය වෙත පැමිණේ. මෙහිදී මෙම ක්‍රියාවලිය තුළින් මත්ස්‍ය බැක්ටීරියා හා බෝග අතර ඇති සහජීවී සබඳතාව සඳහා ඉඩ සැලසෙන අතර එමගින් එකිනෙකා සඳහා නිරෝගීව වර්ධනය වන පරිසරයක් නිර්මාණය වන අතර පද්ධතිය නිසි ලෙස සමබරව පවත්වාගෙන යයි.
සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටවල් සඳහා Aquaponics පද්ධතිය භාවිතයෙන් සැලකෙන ප්‍රයෝජන බොහොමයකි. මන්ද යත් මෙහිදී භාවිත කරන ජලය ප්‍රතිචක්‍රීකරණය කර නැවත පද්ධතියටම භාවිතා කරන බැවින් ජල භාවිතය සැලකිය යුතු ලෙස අවම කරගත හැකිය. එසේම මෙහිදී ඒකක ඉඩ ප්‍රමාණයක් තුළින් සාම්ප්‍රදායික කෘෂිකර්මයට සාපේක්ෂව වැඩි ආහාර ප්‍රමාණයක් හා වඩාත් පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදනයක් සිදුවේ. එබැවින් වර්තමානයේ භාවිතයට ගත හැකි ඉඩ පිළිබඳ ප්‍රශ්නයට හා පිරිසිදු ජල හිඟයට මෙය ඉතා යෝග්‍ය පිළියමක් වේ.
Aquaponics තාක්ෂණය සඳහා අවශ්‍ය වන ජලය සහ සාරවත් පසක අවශ්‍යතාව අඩු නිසා ඒකීය භූමි ප්‍රමාණයක වගාකළ හැකි බෝග ප්‍රමාණය වැඩිය. එම නිසා අඩු සම්පත් යෙදවුමකින් වැඩි පෝෂණ අවශ්‍යතාවයක් සඳහා ගත හැකිය.
ශ්‍රී ලංකාව තුළ Aquaponics පද්ධති ක්‍රියාත්මක කිරීම මගින් වර්ධනය වන අධික ජනගහනය පෝෂණයට උදව්දීමක් පමණක් නොව ගොවීන්ට දරිද්‍රතාවයෙන් අත්මිදීමට ද හැකිය.
මෙහිදී බැක්ටීරියා හා බෝග මගින් මත්ස්‍ය අපද්‍රව්‍ය පෙරනය වුවද ජලය සංසරණය සඳහා පොම්පයක අවශ්‍යතාව පවතී. ඒ සඳහා බලශක්තිය යෙදවීමට සිදු වන බැවින් විශ්වාසී බලශක්ති සැපයුමක් නොමැති ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලට එය ගැටලුවක් විය හැක. එහෙත් වාසනාවකට මෙන් මෙම උපකරණ ඉතා කුඩා බලශක්ති ප්‍රභවයක් මගින් වුවද ක්‍රියාත්මක කළ හැකි බැවින් ඒ සඳහා සූර්ය ශක්තිය, සුළං ශක්තිය යන විකල්ප බලශක්ති ප්‍රභවද භාවිත කළ හැකිය.
මෙම ක්‍රමය භාවිතයෙන් ලොව බොහෝ රටවල ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගනිමින් සිටින අතර ශ්‍රී ලංකාව තුළ මෙම ක්‍රමය ප්‍රචලිත කිරීම සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පශු විද්‍යා අධ්‍යයන අංශය මගින් මේ සම්බන්ධ පර්යේෂණ සාර්ථකව පවත්වාගෙන යමින් සිටිති.
ඒ අනුව මෙහිදී ආර්ථික වශයෙන් වගා කරන විසිතුරු ජලජ ශාක විශේෂ 3 ක් වන Echinodorus Cordi to lius, Echinodorus Corditolius Marble Queen සහ Echinodorus bleheri, Aquaponicsපද්ධතිය ස්ථාපනය කොට ශාක ඵල වර්ධනය හා අනෙකුත් සාධක නිරීක්ෂණය කරන ලදී.
එහිදී මෙම විශේෂ අතුරින් Echi nodorus Corditolius විශේෂයේ වැඩි කාර්යක්ෂමතාවකින් යුතුව මත්ස්‍ය අපද්‍රව්‍ය සහිත ජලයේ ඇති නයිට්රජන් උරාගනිමින් ජෛව ස්කන්ධය වැඩි විය. මෙම විශේෂ සියල්ල Aquaponics පද්ධතිය තුළ පොහොර මාධ්‍යයකින් තොරව ඉතා හොඳින් වර්ධනය වූ අතර අතිරේක පොහොර යෙදීම වැනි කටයුතුවලින් තොර බැවින් පාලනය හා පිරිවැය අවම වේ.
නමුත් මෙහිදී පැනනඟිනු ලබන කැටබවන් නම් මත්ස්‍ය අපද්‍රව්‍ය සහිත ජලයේ පෝෂ්‍ය පදාර්ථ අධික බැවින් බෝගවලට ජලය සැපයීමේදී ඒ මත ඇල්ගී අධික ලෙස වර්ධනය වීමයි. එබැවින් බෝගවලට සුදුසු ආකාරයට මත්ස්‍ය අපද්‍රව්‍ය සහිත ජලය භාවිත කිරීම හා ඇල්ගී වර්ධනය වීම පාලනය කිරීම පිළිබඳව තවදුරටත් පර්යේෂණ පැවැත්වීම වැදගත් වේ.
ලෝකයේ දියුණු රටවල ජල ජීවී වගාවේදී Aquaculture ඉවත් කරනු ලබන මත්ස්‍ය අපද්‍රව්‍ය සහිත ජලය ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා Protein skimmer, Ur හා ඕසෝන් වැනි ප්රතිකාරක ක්‍රම භාවිත කළද ඒ සඳහා අංක පිරිවැයක් දැරිය යුතු සේම එවැනි ක්‍රම භාවිතයෙන් සිදුවන පාරිසරික හානිද අධිකය. එබැවින් ඒ සඳහා යොදාගත හැකි පරිසර හිතකාමී ක්‍රමයක් ලෙස මෙම Aquaponics පද්ධතිය හැඳින්විය හැකිය.
රුහුණ විශ්වවිද්‍යාල කෘෂිකර්ම පීඨයේ පර්යේෂණ සහකාර
දිල්හාන් අනුරාධ විමලරත්න සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය
යසෝධා හිරිමුතුගොඩ සමඟ
සාකච්ඡා කළේ පී. එල්. ජයවර්ධන[/FONT]