මගේ පුතාටත් ලැම්බොගිනියක් අරන් දෙනවා
November 15, 2012 04:24 pm
2013 අයවැයෙන් වඩා යහපත් සංකල්ප රැසක් යෝජනා කර ඇතැයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු සියලු ක්‍රීඩාවලට සහන දෙනවිට රේසින් කාර්වල මිල සහනයක් ලබාදීමෙහි කිසිදු වරදක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි. රේසින් කාර් පිළිබඳ කතිකාවීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
රේසින් කාර් පමණක් නොව අහස් යාත්‍රා පැදවීමෙන් හෝ ක්‍රීඩා කිරීමට හැකි අය ඇත්නම් ඒවායේ ද මිල ගණන් අඩු කළ යුතු බව හෙතෙම පවසයි. තම පුතා පැදවීමට කැමති නම් ලැම්බෝගිනියක් රැගෙන දෙන බවද හෙතෙම සඳහන් කළේය.
තමන්ද රේස් පදින්න ආස බවත් හැකි නම් ඕනෑම අයෙකුට තමන් හා රේස් පැදීමට එන ලෙසත් අමාත්‍යවරයා එහිදී විවෘත ආරාධනාවක් ද කර සිටියේය.
දරුවන් වැඩියෙන් බිහිකරන ලෙස සිය ඥාතීන් මිත්‍රාදී සියලු සිංහල කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.
http://sinhala.adaderana.lk/news.php?nid=29216

Last edited: