artificial intelligence management dash board (UNP AI)

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීම සඳහා රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය මහත්වරුන්ගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයක් පත්කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා. පෙරමුණේ පක්ෂ නායකයන්ට යෝජනා කර ඇත.

    ගිය බ්‍රහස්පතින්දා පැවති පක්ෂනායක හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කර ඇත. එහෙත් එම රැස්වීමේ සිටි හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා, කරු ජයසූරිය මහතා නායකත්ව මණ්ඩල යෝජනාවට අකමැති යැයි දැන්වීය.

    එසේ නම් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පහක් හෝ හතක් සහිතව නායකත්ව මණ්ඩලයක් පත්කරමු යැයි රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් යෝජනා කර තිබේ. එහෙත් පක්ෂ නායකයන් වන තලතා අතුකෝරාළ, රන්ජිත් මද්දුමබණ්ඩාර, චම්පික රණවක ආදීන් කියා තිබුණේ සජිත් ප්‍රේමදාස මහතාට නායකත්ව බලතල පවරන ලෙසය. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා එයට එකඟ වී නැති අතර ලබන සතිය වනවිට ප්‍රශ්නය විසඳන බව පක්ෂ නායකයන්ට දන්වා තිබේ.

    වෙනදා මෙම පක්ෂනායක හමුවේදී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් දැඩි ලෙස අදහස් දැක්වූ රවුෆ් හකීම්, මනෝ ගනේෂන් ආදී පක්ෂ නායකයෝ මෙවර නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම විශේෂයකි. රිෂාඩ් බදුයුදීන් හා පී. දිගම්බරම් මෙම හමුවට පැමිණ නැත.
     

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif