ඉන්දීය චිත‍්‍රපට අධ්‍යක්‍ෂ බුෂාන් කුමාර්ගේ ‘රෙඞී’නමැති නවතම හින්දි චිත‍්‍රපටයේ රූගත කිරීම් මේ සතියේදී කොළඹදී ඇරඹුණා. මේ සඳහා එහි ප‍්‍රධාන චරිතය රඟන සුපිරි නළු සල්මන් කාන් සහ ප‍්‍රධාන නිළිය ලෙස රඟන අශින් තොට්ටුම්කල් මේ දිනවල ලංකාවට පැමිණ සිටිනවා.දින 40 ක් පමණ මෙහි රූගත කිරීම් පවතින බව වාර්තා වනවා. ආදර තේමාවක් රැුගත් විකට චිත‍්‍රපටයක් ලෙස සැලකෙන රෙඞී මින් ඉහත තෙළිඟු බසින්ද නිර්මාණය වූ චිත‍්‍රපටයකි.එහි පළමු නිෂ්පාදනය ඉහළම ආදායම් වාර්තා ඉපයූවක් ලෙසද සැලකේ.
රෙඞී චිත‍්‍රපටයේ රූගත කිරීම් මින් ඉහත සැලසුම් කර තිබුනේ මුරුසි රාජ්‍යයේ සහ ඉන්දියාවේ ගෝව ප‍්‍රදේශයේ වන නමුත් සල්මන් කාන් අයිෆා උළෙල සඳහා මෙරටට පැමිණි පසු ලංකාවේ අසිරිය දැක එම ස්ථාන වෙනස් කරන ලෙස අධ්‍යක්‍ෂවරයාගෙන් ඉල්ලා සිටි බවද එයට ඔහු එකඟවීමෙන් පසු කොළඹදී රූගතකිරීම් ඇරඹුණ බවද කියැවේ.
මෙම චිත‍්‍රපටයේ ඉදිරි කටයුතු පිළිබඳ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවේදී සල්මන් සහ අශින් සිටින රූප රාමු පහත පළවේ.

Last edited: