මම දෙරණ රාත්*රී ප්*රවෘත්ති විකාශය නරඹමින් සිටියෙමි. අද දින කටුබැද්දේදී හා පොල්ගොල්ලේදී සිදුවූ බෝම්බ ප්*රහාර දෙක පිළිබඳව දෙරණ පුවත් වලට පසු "ඩොලර් හමුවේ පමණක් සැලෙන කිඹුල් කඳුළු" යන සිරස්තලය යටතේ දෙරණ ප්*රවෘති විකාශය ඩොලර් කාක්කන්ට විරුද්ධව ඔවුන් හෙළාදකිමින් ප්*රවෘත්තියක් ඉදිරිපත් කළා. ජනමාධ්*ය ප්*රසිද්ධියේ මෙලෙස ඩොලර් කාක්කන්ට විරුද්ධව කට ඇරිය යුතුව තිබුණේ මීට බොහෝ කළකට පෙර වුවත් දෙරණ කළ එම ප්*රකාශය අප ඉහළින්ම අගය කළ යුතුයි.
ත්*රස්තවාදියෙකු හෝ ත්*රස්තවාදීන්ට උදව් කරන අයෙකුට පොලිස් අත්තඩංගුවේදී හෝ වෙන ආකාරයක සුළු තරවටුවක් හෝ වන විට බැනර් ඔසවාගෙන, අත්වල කළුපටි බැඳගෙන පාරට බහින ඩොලර් කාක්කන් අහිංසක මිනිසුන් අමු අමුවේ ඝාතනය වෙද්දී මුනිවත රකිමින් සිටීම දෙරණ ප්*රශ්න කළ අතර, වැරදීමකින් සිංහල නමක් සහිතව ඉපදුන, දෙමළ ජනතාව වෙනුවෙන් තම ජීවිතය වුවත් කැපකරන බවට දිවුරූ වික්*රමබාහු කරුණාරත්න නම් ඊළාම්වාදියාගේ ප්*රකාශයකුත්, ඊට පිළිතුරු සපයන එස්.එල්.ගුණසේකර මහතාගේ ප්*රකාශයකුත් ඉදිරිපත් කළා.
කොටින්ට කඩේ යන ඊළාම්වාදයට උඩගෙඩි දෙන එන්ජීඕ සල්ලි මත යැපෙන ඩොලර් කාක්කන්ට විරුද්ධව ජනමාධ්*ය හා මහජනතාව මීට බොහෝ කළකට පෙර අත්වැල් බැඳගත්තා නම්, ඔවුන්ගේ වසුරු වලින් අපේ මනරම් දිවයින අපිරිසිදු වීම වළත්වාගත හැකිව තිබුණි. කෙසේ වෙතත් දැන් හෝ එවන් ප්*රවණතාවයක් ඇතිවීම සතුටට කරුණකි.
at 10:48 PM
Labels: anti-terrorism, News, NGO, Terrorism