Assassins වරුන්

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm

Assassins වරුන් (1092 - 1265) ක්‍රිස්තු වර්ෂ

u1fhk.jpg

මේ ලිපියේ අදහස තමයි අතීතයේ හිටපු ඒ වගේම වර්තමානයේ ඉතා ජනප්‍රිය
විශේෂයෙන්ම කලා නිර්මාණයන්වල මාතෘකාවක් වන Assassins වරුන් ගැන ගෙනහැර පෑමටයි
මෙහිදි සදහන් කරන්න තියෙන්නේ මෙතන මුස්ලිම් ආගම ගැන සම්බන්ධවෙලා තියෙන නිසා
ඒක අරභයා කිසිම ප්‍රශ්ණයක් ඇදගන්න එපා කියන්නයි මොකද මේක හුදෙක්ම ඔවුන් ගැන මිසක්
මෙතනින් ආගමක් ගැන කියන්න මම යන්නේ නෑ. ඉතිහාසය ඒ හැටියෙන්ම දැක්වීම හොදයි කියලා
මම හිතනවා. ඉස්ලාම් ආගම ඔයගොල්ලෝ දන්නවා ආරම්භවන්නේ මුහමඩ් තුමන්ගෙන් කියලා
එතනින් ආරම්භවෙන මෙම ආගම පසු කාලයේදි ඔහුගේ මරණයෙන් ප්‍රධාන කොටස් දෙකකට කැඩෙනවා
එතනින් එකක් තමයි සුන්නි අනෙක් එක ශීයා. මේ ගොල්ලෝන්ගේ විශ්වාශයන් සමාන කම් දැක්වූවත්
එය යම් ප්‍රමාණයකින් වෙනස් වෙච්ච නිසා ඔවුන් අතර ඒ කාලේ ඉදලම විවිධ මත ගැටුම් තියෙනවා.

PcepF.jpg

සුන්නි ශීයා ගැටුම පිලිබදව පින්තූරමය නිරූපනයක්

මේ සුන්නි මුස්ලිම් වරුන් පැවතෙන්නේ ක්‍රිස්තු වර්ෂ 632 දී මුහමඩ්ගේ මරණයෙන්
අරාබි දේශයේ අබු බකර් නම් පාලකයාගෙන් ඔහු සහා මුහමඩ්ගේ අනුප්‍රාප්තිකයන් හතරදෙනා
විසින් ආරම්භකෙරුනු Rashidun අධිරාජ්‍යයෙන්. එය සුන්නි මුස්ලිම් වරුන් ගේ ආරම්භක පුරුක සටහන් කරනු ලබනවා.
ඒ වගේම ශීයා ස්ලාම්යේ ආරම්භයත් මේ සමකාලින ලෙස මොහමඩ්ගේ පවුලේ එගැන්වීම අනුව
Ali හෙවත් මොහොමඩ්ගේ මස්සිනාගේ යටතේ
ආරම්භවෙනවා මේවාට ඔවුන් විසින් කියනු ලබන්නේ Ahl al-Bayt යන්නයි. ඉතින් මේ ආකාරයට
ක්‍රිස්තුවර්ශ 632 දී මොහමඩ්ගේ මරණයත් සමග දෙකඩ බෙදෙන ස්ලාම් දහම පසු කාලයේදි කාලයාගේ
අවෑමෙන් තවත් කොටස් වලට කැඩෙනවා මේක වෙනු ලබන්නේ සුන්නි සහා ශීයා යන නිකායන්
පාදක කොටගෙනයි ඒ කියන්නේ මේ දෙක තමයි ස්ලාම ආගමේ ප්‍රධාන මුල් පුරුක් දෙක ලෙස
සනිටුවහන්. ඉතින් මේ ආකාරයට බෙදී යන ශීයා ස්ලාම් දහමේ වැදගත් වගේම ඉතිහාසගත
නිකායක් ලෙස Nizari යන ස්ලාම් නිකාය සටහන් කරන්න පුලුවන්. මේකේ තමයි Assassins වරුන් බිහිවීමට
මග වැටෙන්නෙත්. මේ Assassins වරුන් ශීයා මුස්ලිම් වරුන් නිසා ඔවුන්ගේ ප්‍රධාන ඉලක්ක වළට හැම තිස්සෙම
අහුවුනේ සුන්නි පාලකයන්. මොකද ශීයා ස්ලාම් වල වගේ නෙවෙයි සුන්නි ස්ලාම් වරුගේ බලය වැඩි නිසා
මුහුනට මුහුණලා සටන් කිරිමේ ශක්තියක් Nizari වරුන්ට තිබුනේ නෑ ඒක නිසා තමයි ඔවුන්ගේ මෙම වක්‍ර ලෙස
ඔවුන්ගේ නායකයන්ව මරලා ජයග්‍රහනය කරන්න සිතුනේ.

34jjA.jpg

වර්තමනයේ Nizari වරුන් (Assassins වරුන්ගේ නූතන පරම්පරාව)

මේ ක්‍රමය හරියට ජපානයේ නින්ජා වරුන් භාවිතා කරා වගේ. මධ්‍යතන යුගයේ ජපානයේ අධිරාජ්‍යය අතර ගැටුම් පවතින
කොට නින්ජා වරුන් භාවිතා කර සතුරු පාර්ශවේ නායකයන් රහසේ මැරීම ප්‍රචලිත ක්‍රමයක් වෙලා තිබුනා මොකද
මේ ක්‍රමය නිසා නායකත්වය අහිමි වෙන සේනාව ලේසියෙන්ම පරාජය කිරිමට අනෙක් පාර්ශවයට හැකිවූනිසා.

මෙම සුන්නි පාලකයන් ඒ කාලේ හදුන්වනු ලැබුවේ
Seljuk වරුන් ලෙසයි මොකද මොවුන් පැවතෙන්නේ Seljuq කියන රාජවංශයෙන් නිසා.
ඒ වගේම ශීයා ඉස්ලාම් වරුන්ට ලැබෙන අඩු සැලකිලි නිසා කණගාටුව පත්වුනු මෙම ශියා භක්තිකයන්
පසුව 10-11 සිය වසදේ මීට සමගාමි ලෙස ආරම්භවවෙන ක්‍රිස්තියන් Crusad එක වාසියට ගෙන
සුන්නි වරුන්ට එරෙහිව නැගි සිටිමට දගලනවා එහි ප්‍රතිඑලයක් ලෙස තමයි Nizari වරුන් හරහා Assassins
වරුන් බිහිවෙන්නේ. මේක සදහා මූලිකත්වය ගෙන කටයුතු කරන නායකයෙක් වන්නේ Hasan-i Sabbah
මොහු කරන්නේ 1090 කේදි Alamut වල බළකොටුවේ ඒ කියන්නේ වර්තමානයේ පර්සියාවේ (ඉරානයේ)
ටෙහෙරානයට සමිපව පාලනයේ යෙදෙපු රජතුමෙක්ව සහා ඔහුගේ පිරිස් සමූල ඝාතනය කර
එම බලකොටුව තමන්ගේ සන්තකයට ගැනීමයි. මෙම වර්ශයේ ඉදලා ආරම්භවුනු Assassins වරුන්ගේ
ක්‍රියාදාමය පුරා සියවස් දෙකක් පසුව පවතිනවා. මොවුන්ගේ විශේෂත්වයක් වන්නේ.

cx2OY.jpg

Alamut හී බලකොටුව(ඉරානය(අතීතයේ පර්සියාව) /ටෙහෙරාන්)

මොවුන් කිසි විටෙක සාමාන්‍යය ජනතාව සදහා පහරදෙන්නේ නෑ ඒ වගේම ඉතා දැඩි දුෂ්කර පුහුණූ වලට සහභාගි වී
අත්දැකීම් සහිත පුද්ගලයන් වෙනවා. ඔවුන්ගේ ranks තීරණය කරනු ලබන්නේ ලබන පුහුණුවෙන්
දක්වන දක්ෂතාව, බුද්ධිමට්ටම අනුවයි. ඉන් පසු ඉහළ ranks වල සිටින පුද්ගලයන් විසින් පහළ ranks
වල ඉන්නා Assassins කෙනෙක්ව යම් කිසි කාර්යයක් සදහා යොමු කරාම එම Assassins වරයා විසින්
එය ඉටු කර යුතුයි කෙසේ හෝ ඒ සදහා ඔහුට විවිධ මාර්ග තෝරාගන්න පුලුවන්. සාමාන්‍යයෙන් Assassins
වරෙයෙක් වෙස් වලාගෙන සිටින්නේ එක්කෝ කඩකාරයෙක් නැත්නම් පූජකයෙක් විධියටයි ඊට පස්සේ
තමන් ඝාතනය කිරිමට යන පුද්ගලයාට සමීපවීමට මොවුන් කටයුතු කරනවා මෙහි අරමුණ තමයි ඔහුගේ
සංස්කෘතිය, ජීවන චර්යාව ,නිතර යන එන ගමන් බිමන් පිළිබදව යම් අවබෝදයක් ගැනීම මේ සදහා සමහර
වෙලාවට අවුරුදු කිහිපයක් වුවත් ගතවෙන්න පුලුවන්. සමහර Assassins ලා ඝාතනය කිරිමට අවැසි පුද්ගලයාගේ
යටතේ සේවකයෙකු වී හෝ සුදුසු අවස්ථාව එනකම් බලාගෙන ඉන්නවා. මොවුන් සමාන්‍යයෙන් එම පුද්ගලයාව මරන්නේ
පොදු ස්ථානයකදි ඒ සදහා අරාබියානු කොට කඩුවක් භාවිතා කරනවා.

මේකේ ස්වරූපය බෝහෝවෙලාවට අග වක් ඒ වගේම වැඩි විශ්කම්භයක් තියෙන මිටක් සමග වානේ තලයකින් නිර්මිතයි.
අග වක් නිසා යම් ප්‍රහාරයක් එම පැත්තෙන් එල්ල කළහොත් ප්‍රහාරය ටිකක් ප්‍රබල වෙන්න පුලුවන් මොකද වක්
කොටස සාපේක්ෂ ලෙස ඉදිරියට නෙරා ඇති නිසා තමන් එය අල්ලාගෙන ඉන්න මිටට වඩා.
ඝාතනය පොදු ස්ථානයකදි කිරිමට හේතු වන්නේ එය එවිට ඉක්මනින් ජනතාව
අතර පැතිරෙන නිසයි එවිට Assassins වරුන්ගේ නායකයන්ට පවා තම ගෝලයන්ගේ කාර්යයේ සාර්ථකත්වය පිළිබදව දැන
ගන්න පුලුවන්. නමුත් මෙසේ කරන බහුතර Assassins වරුන් විසින් එම අවස්ථාවේදීම අල්ලාගෙන මැරීමට
බහුතර පිරිස් කටයුතු කරනවා මොකද අරාබියානු කතරේ සැගවීමට තැන් දුලබ නිසා, බෝහෝ තැන් තියෙන්නේ
කදු කර ප්‍රදේශ ආශ්‍රිතවයි. නමුත් ජනතාව ඉන්නේ පහළ මිටියාවත් වල. මෙසේ මියයාමට ලක්වෙන
Assassins වරුන්ට නායකයන් විසින් දෙනු ලබන පොරොන්දුව වන්නේ Martyr හෙවත් ආගම වෙනුවෙන්
දිවි පිදීම නිසා ඔවුන්ට මරණයෙන් පසු පරාදීසයට හෙවත් ඉස්ලාම් ආගමේ දිව්‍යය ලෝකයට ඇතුලත් වීමට
ලැබෙන බවයි. මෙම නිසා බොහෝ Assassins වරුන් මරණයට බිය නොවු බව සදහන්.

Asabah2.jpg

Hassan-i Sabbah හෙවත් Assassins වරුන්ගේ නිර්මාපකයා

මොවුන්ගේ පළමු ගොදුර ලෙස සදහන් වන්නේ පර්සියාවේ අමාත්‍යය වරයෙක් වූ
Nizam al-Mulk ඔහුව Assassins වරයෙක් විසින් ක්‍රිස්තු වර්ෂ 1092 දී ඝාතනය කරනු ලබනවා
ඒ වගේම දෙවැනි ගොදුර වන්නේ ක්‍රිස්තු වර්ෂ 1131 දී Assassins කෙනෙකුගේ ප්‍රහාරයට
ලක්ව මියයන Mustarshid මොහු සුන්නි මුස්ලිම් පාලකයෙක් ලෙස සදහන්.
ඒ වගේම තෙවැනි ගොදුර ලෙස සටහන් වන්නේ 1213 දී ඝාතනයට ලක්වන
Mecca වල Sharif ගේ මස්සිනා කෙනෙක්
Sharif කෙනෙක් යනු අරාබියානු නාමයක් වනතර මෙය යම් ග්‍රෝතයක
ආරක්ෂකයා හැදින්වීම සදහා භාවිතා කරනු ලබනවා. එලෙසම
එම ආරක්ෂකයා ගෝත්‍රයේ මිනිසුන් ,බඩු භාහිරාදිය ආරක්ෂාකිරිම සදහා
බැදී පවතිනවා. නමුත් මෙම ඝාතනය වැරදි එකක් ලෙස සටහන් වන්නේ
මරා දමා ඇත්තේ ඔහුගේ මස්සිනා මිසක් නියම කෙනා නොවන නිසා
ඉතින් මේ බව දැනගන්න මෙම Sharif වරයා කරන්නේ පර්සියාවේ(ඉරානය) සහා සිරියාවේ
ඉන්න සියලුම වන්දනාකරුවන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තාබගැනීමයි
පසුව මොවුන්ව නිදහස් කරගන්නේ Alamut වල සිටින ධනවත් කාන්තාවක් විසින්
කප්පම් මුදල ගෙවීමේ අනතුරුව බව සදහන්.

4LfYg.jpg

Saladin

මොවුන් මේ ආකාරයේ ඉතා ව්ශාල වශයෙන් අරාබි නායකයන්ව ඝාතනය කර
ගෙන යනවිට මේ අතරින් දැක්වෙන වැදගත් නමක් ලෙස Saladin සදහන් කරන්න පුලුවන්
මොහු අරාබි ලෝකයේ වීරයෙකු ලෙස සදහන් වනතර දසක දෙකක් ක්‍රිස්තියන් Crusade වරුන් හා
සටන් කොට ජෙරුසෙලම පවා අල්ලාගත්ත නායකයෙක් ලෙස සදහන්. Saldin ජිවත් වූ කාල පරාසය
1138 – March 4, 1193 ලෙස සදහන් කළ හැක. Saladin සමග Assassins වරුන් තරහා වීමට
මූලිම වී ඇත්තේ එම කාලයේ Aassassins වරුන් පාලනය කළ ඇති Rashid ad-Din Sinan
ගේ තර්ජනයක් නිසා බව සදහන් මේ තර්ජනයෙන් වියරුවන Saldin ඔහුගේ හමුදාව Assassins වරුන් සිටිනා
කදුයාය වෙත හෙවත් al-Nusayri මෙහෙය වන්නේ ඔවුන්ව පරාජය කිරිමට වුවත් අවාසනයේදි
මොහු අසාර්ථක භාවයට පත්වෙනවා. මේකට ප්‍රතිචාරය වශයෙන් Assassins වරුන්
තමන්ගේ සගයන්ව Saladin ව ඝාතනය කිරිම සදහා අවස්ථා තුනකදි එවනු ලබනවා.
නමුත් මේ අවස්ථා තුනේදීම ඔවුන් පරාජයට පත්වෙන අතර
දෙවැනි අවස්ථාවේ අදාළ Assassin වරයා Saladin ගේ ප්‍රහාරයට ලක්වී මියගිය බව දැක්වෙනවා.
දිගින් දිගටම එල්ල වෙන ප්‍රහාර හමුවේ බියට පත්වෙන Saladin පසුව Aassasins වරුන් සමග
ගිවිසුමකට එළබ ඔවුන්ට පාඩුවේ ඉන්නට ඉඩ හැර බව දැක්වෙනවා.

dUSs8.jpg

මොංගෝලියානු අධිරාජ්‍යය (1206–1368) ක්‍රිස්තු වර්ෂ

මීට සමගාමි ලෙස 13 වැනි සියවසේ සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වන්නේ මොංගෝලියන් වරුන්ගේ
ආක්‍රාමණය එය දැනට හදුන්වා දෙන පරිදි ලොව දැවන්තම ප්‍රත්‍යාසන්න අධිරාජ්‍යය ලෙසද
සමස්ථයක් වශයෙන් ලොව දෙවැනි දැවන්ත අධිරාජ්‍යය ලෙසද හැදින්විය හැක මෙය මොංගොලියාවෙන්
ඇරඹ චීනය සහා මධ්‍යයම ආසියාව හරහා පරිසියාවට එන්නේ මේතර තුරයි. නමුත් ඒ සදහා මූලික වශයෙන්
හේතුවන්නේ සුන්නි ස්ලාමිකයන්ගේ ක්‍රියාකලාපයක් යැයි සදහන්.
ක්‍රිස්තු වර්ෂ 1219 දී සුන්නි අධිරාජ්‍යයක් වූ Khwarezm ඒ කියන්නේ වර්තමානයේ උස්බකිස්ථානය
පාලනය කර ඇති පාලකයාගේ නගරේ සිදුවී මෝංගාලියානු වෙළදන්නන් සමූහයකගේ
ඝාතානයක් හේතුකොටගෙන තරහා උපදවාගත්
එවකට මොංගෝලියානු අධිරාජ්‍යයා වු ගෙංගිස්ඛාන් එම පාලකයාට දඩුවම් කිරිමට මධ්‍යතන ආසියාවේ
බහුතර ප්‍රදේශ ආක්‍රමණයකොට යටත් කොට පසුව 1237 දී සම්පූර්ණ වශයෙන් මධ්‍යයතන ආසියාවම
යටත් කර ඇති බව සදහන්. මේ අතරට පර්සියාවෙ හෙවත් වර්තමානයේ ඉරාණයද ඇතුලත් වී ඇති
බව දැක්වේ. නමුත් ඉතිහාසයේ දක්වා ඇති ආකාරයට මෙය හුදෙක්ම තම ආදිපත්‍යය පැතිරවීම විනා
වෙන අභිප්‍රායක් ගෙංගිස්ඛාන්හට නොතැබි ඇතිබව දැක්වේ.

mKype.jpg

ගෙංගිස් ඛාන් (1206-1227) ක්‍රිස්තු වර්ෂ

කෙසේ නමුත් එවකට ඉස්ලාමීය අධිරාජයේ මධ්‍ය ලෙස දැක්වෙන්නේ වර්තමානයේ ඉරාකයේ
බැග්ඩෑක් නුවරයි මෙය එවකට සුන්නි පාලකයන් විසින් පාලනය කර ඇතිතර
එය ඉස්ලාමි‍ය වශයෙන් caliphate යක් ලෙස දැක්වේ.
මේ තත්වය උඩ ශීයා Nizari වරුන් හෙවත් Assassins වරුන් කදුකර ප්‍රදේශ වල තම බළකොටු විශාල වශයෙන්
පිහිටුවාගෙන යටත් කිරිමට අපහසු තැන්වල ජිවත් වී ඇති බව දැක්වේ.
මොංගල් වරුන්ගේ ආක්‍රාමණයේ මුල් අවදීයේම Assassins වරුන් ඔවුන්ගේ විශ්වාශය දිනාගෙන සිටින නිසා
Assassins වරුන් හට මොංගල් වරුන්ගෙන් එතරම් කරදරයක් නොවූ ඇති බව සදහන්. නමුත් පසුව
ගෙංගිස්ඛාන්ගේ මුණපුරා වන මොංගාඛ් ඛාන් ඉතුරු ස්ලාමීය ප්‍රදේශද තම යටතට ගැනීමට සිතූනිසා
මෙම තත්වය වෙනස් වෙන ලදි. මොකද ස්ලාමීය සම්භවයක් තිබු Assassins වරුන් හට තම නිජභූමී
මොංගල් වරුන් යටතට යාම දැකීම එතරම සතුටු දායක කාරණයක් නොවු බව සදහන් මේ නිසා
Assassins වරුන්ගේ නායකයන් මොංගාඛ් ඛාන්ව ඝාතනය කිරිම සදහා පිරිසක් රහසේ එවු බව සදහන්.
මොවුන්ගේ අභිප්‍රාය වී ඇත්තේ මොංගාඛ් ඛාන් හට තම විශ්වාසභාවය පළකර ඔහුව පසුව
මරාදැමීමටයි නමුත් මේ බව ඉවෙන් මෙන් වටහා ගත් මොංගාඛ් ඛාන්ගේ ආරක්ෂකයන් Assassins වරුන්
එළවා දැමූ බව දැක්වේ. Assassins වරුන්ගෙන් තමන් හට තිබෙන තර්ජනය වටහාගත්
මොංගාඛ් ඛාන් ඔවුන්ව සදහටම ඉවර කිරිම සදහා ඔවුන් වසන al-Nusayri කදුකරය වෙත
තම සහෝදරයා වන Hulagu යවන්නේ දැවන්ත සේනාවක් සමගයි.

ඔවුන් පළමුව යන්නේ Assassins වරුන්ගේ උප බලකොටු ආක්‍රාමණයටයි එමගින් Assassins වරුන්ගේ
ප්‍රධාන බලකොටුව වන Alamut දුර්වල කර 1256 දී එය තම යටතට ගැනිමට Hulagu සමත්වී ඇති බව දැක්වේ.
සහයක් නොමැති Alamut ඉතා ලේසියන් යටත්වීමට ප්‍රධාන හේතු දෙකක් තිබී ඇති දැක්වේ මේවා නම්
එවකට Assassins නායකයා ව තම පිරිස් විසින්ම බීමත්කම නිසා ඝාතනය කිරිම සහා ඔහුගෙන් පසු ඔහුගේ දුර්වල
පුතු Assassins වරුන්ට හට නායකත්වය ලබාදිමද කදුකරයේ තිබූ තම බලකොටු විශාල වශයෙන් Assassins වරුන්ට
අහිමි එමගින් ලැබි තිබීමට තියු සහයා අහිමිවීමද දැක්විය හැක.

අවසානයේදි 1257 දී Hulagu විසින් Alamut බලකොටුව විනාශ කරන ලදි මීට අමතර ලෙස
Hulagu විසින් නායකයන් යටත් වන්නේ නම් ඔවුනට සමාව දෙන බව ප්‍රකාශ කිරිමද එම යටත් වූ නායකයන් පෙන්වා
ඉතුරු බලකොටුද පිළිවෙලින් යටත් කරගැනිද දැක්විය හැක.

1258 දී Assassins වරුන්ගේ හිටපු නායකයා Hulagu හරහා Karakoram හෙවත් මොංගෝලියානු අධිරාජ්‍ය්යේ
අගනුවරට යාමට අවසර ගැනීම දැක්විය හැක. ඔහු අපේක්ෂාකොට සිටියේ මොංගාඛ් ඛාන්ට
අවනතවීම පෙන්වා සාමාන්‍යය ජනයා ලෙස විසිම වුවත් කලින් ද්‍රෝහි කම් කර තිබු Assassins වරුන් පිළිබදව
විශ්වාස නොකර මොංගාඛ් ඛාන් ඔවුන් ළගම තිබූ කදුකරය වෙත ගෙනගොස් මරා දැමූ බව ඉතිහාසයේ දැක්වේ.

නමුත් 1260 දී ඉතුරු Assassins වරුන් ක්‍රිස්තියන් Templar වරුන්ගේ සහාය ගෙන ක්‍රිස්තියන් ආගමට
බැදීමට ගියත් Knights වරුන් විසින් ප්‍රතික්ශෙප කරන ලදි මීට අවුරුදු 5කට පසු ඒ කියන්නේ
1265 දී සිරියාවේ පැවති ඉතුරු Assassins බලකොටු Mumluk sultan Baybars 1 විසින් යටත් කර
Assassins වරුන්ගේ ස්වර්ණමය යුගය එතනින් අවසාන කරන ලදි.

qXF2K.jpg

මොංගෝලියන් වරුන් බලකොටුවක් බිදහෙළන අවස්ථාවක්

කෙසේනමුත් වර්තමානයේ මොවුන්ගේ ක්‍රියාකාරකම් Al Qaeda සංවිධානය හරහා පෝෂණය වී ඇති බව දැක්වේ.
Hulagu ව්සින් 1257 දී Alamut බලකොටුව විනාශ කරනවිට එහි තිබු වටිනා ලිපි ලේඛණ සහා පුස්තකාලය
ඔවුන් විසින් විනාශ කර ඇති නිසා Assassins වරුන් පිළිබදව ඇති වර්තමාන දැනුම ඔවුන්ගේ සතුරන් විසින් සහා යුරෝපීය
ක්‍රිස්තියන් වරුන් මගින් එන බව සදහන් කළහැක. අරාබි කතරේ තම අණකස පතුරවාගෙන සිටින් මොවුන් පිළිබදව
වර්තමානයේ ලියවී ඇති ලිපි ලේඛණ විශාල වනතර, Video games,Movies හරහාද මෙය ජනප්‍රිය මාතෘකාවක් වන
බව දැක්වේ. එලෙසම වර්තමානයේ Assassin යන්න English නමද අරාබි වචනයක් වූඊ Hashishiyyin යන්නෙන්
බිදි ආ වචනයක් බව දැක්විය හැක.

මේ video එක බැලීමෙන් Assassins වරුන්ගේ නූතන ප්‍රතිනිරූපණය පිළිබදව යම් අවබෝධයක් ලබාගන්න පුලුවන්

ලිපියෙහි බලපත්‍රය

fv9WO.png

Code:

Assassins වරුන් by Snowl / Elakiri  is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 Unported License.

// Snowl //

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
oyage article eka hondai. :) . mama meka gena wediya denam hitiyen neha.
Assassins Creed game ekanama maru !!! PS.eke wena kathawak theyenne

Rep++

Last edited:

zaymhd

Junior member
• May 15, 2011
504
18
18
Mawa.
hmm good... well I am a muslim .. hmm well a nice article.. welll all our muslims don't fight for unwanted things bro..... a nice article for our information.. keep it up ++

Apr 19, 2011
5,700
210
0
ටොපේ ටොප් ටොපා
11.gif

ලිපියෙහි බලපත්‍රය

fv9WO.png

Code:

Assassins වරුන් by Snowl / Elakiri  is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 Unported License.
:eek::lol::eek: