Audi Q2 රථය ශ්‍රී ලංකාවේ දියත් කෙරේ

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    Audi Q2 රථය ශ්‍රී ලංකාවේ දියත් කෙරේ

    Audi-Q2-In-Sri-Lanka.jpg


    https://www.facebook.com/sharer/sha...ka.html&t=Audi Q2 රථය ශ්‍රී ලංකාවේ දියත් කෙරේ https://twitter.com/intent/tweet?st...itizen.lk/news/4603/audi-q2-in-sri-lanka.html https://plus.google.com/share?url=http://www.citizen.lk/news/4603/audi-q2-in-sri-lanka.html
    2017 ජූනි 15, කොළඹ: ජර්මනියේ සුඛෝපභෝගී මෝටර් රථ සන්නාමයක් වන Audi රථවාහන එකතුවේ ප‍්‍රමුඛතම SUV රථවාහන පෙළේ නවතම රථය වන Audi Q2 SUV රථය මෙරටට හඳුන්වා දීම පසුගියදා සිදුකෙරිණි. නවීනතම තාක්ෂණය සහ අලංකාර නිමාව සහිතව වෙළඳපොළට පැමිණෙන මෙම රථය දැන් හඳුන්වා දීමේ මිල යටතේ රු. මිලියන 9.5 සිට ඉහළට ලබාගත හැකි අතර එම රථය Audi ප‍්‍රදර්ශනාගාරයේදී දැකබලා ගත හැකි වේ.
    ජවය, බලය හා කඩවසම් බව මනාව එක්තැන් කළ Audi Q2 ඕනෑම ආකාරයේ මාවතක් සිත් සේ තරණය කිරීමේ හැකියාවෙන් යුත් රථයකි. නාගරික තදබදය මැද දිනපතා ධාවනයට මෙන්ම විවේකයේ දුර ඈත මංමාවත් වල හා ගිරිදුර්ග වල ධාවනයටද Audi Q2 සූදනමින් සිටී. අද කාලයේ රුචිකත්වයන්ට ගැළපෙන අතිනවීන සැලසුම් රටාවන්ගෙන් හැඩවී ඇති Audi Q2 මේ අපූර්ව හැඩතල ඔස්සේ මන බඳින ක‍්‍රීඩාශීලී පෙනුමක් හිමිකරගෙන ඇත.
    Audi Q2 රථයේ ඇතුළත 5 දෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි ලෙස මනා සුවපහසුවකින් හා ඉඩපහසුවකින් යුක්ත ය. රථයේ බාහිර සැලැස්මේ අලංකාර ආනතීන්ට ගැළපෙන ලෙස මෙහි ඇතුළතද නිමවා තිබේ. රියදුරු අසුනේ පිහිටීම Sports කාණ්ඩයේ රථයකට සමාන වන අතරම SUV කාණ්ඩයේ රථවලට ආවේණික වන පරිදි හාත්පස ඉතා පැහැදිලිව දිස්වන ආකාරයට ස්ථානගත වී තිබේ. බඩු රැගෙන යාම සඳහා ලීටර 405 ක ඉඩකඩක් මෙන්ම ආසන එකින් එක වෙනවෙනම පහත්කර වැඩි ඉඩකඩක් නිර්මාණය කරගැනීමේ හැකියාවද මෙහි පවතී.
    ඔමරඉදජය්රටැා එන්ජිමකින් සමන්විත Audi Q2 SUV රථය බර හැකිතාක් අවම වන තාක්ෂණයක් භාවිතයෙන් නිමවා ඇති නිසා වැඩි වේගයක් ලබාගැනීමේ හැකියාව ඊට ඇත. එහි එන්ජිම නිපදවා ඇත්තේ ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් ලැබෙන පරිද්දෙනි. එමෙන්ම එහි වේග 7 ස්වයංක‍්‍රීය ද්විත්ව-ක්ලච් ගියර පද්ධතියට ඇසිපිය හෙළන සැණින් ගියර මාරු කිරීමේ හැකියාව පවතී. එමෙන්ම එහි 'Progressive Steering' විශේෂාංගයද අඩංගු වී ඇත.
    ‘‘Audi Q2 රථය ඉතාමත් සුවිශේෂී රථයක්. අලංකාර ඇතුළත සහ පිටත නිමාව, බලවත් එහෙත් කාර්යක්ෂම එන්ජිම, බඩු ගෙනයාම සඳහා ඇති විශාල ඉඩකඩ සහ ඇතුළත ඉඩපහසුව වැනි සාධක නිසා මෙය එදිනෙදා පාවිච්චියට වගේම රළු මාවතේ විනෝද වීමටත් ඉතාමත් සුදසු රථයක් බවට පත්වී තිබෙනවා. ඒ වගේම එය අද දවසේ වෘත්තිකයන්ගේ සහ පවුල්වල ජීවන විලාසිතාවන් මනාව පිළිබිඹු කරන සංකේතයක් ලෙසත් සලකන්නට පුළුවන්. ජර්මානු තාක්ෂණය සමග නවීනතම විශේෂාංග රැසක් අඩංගු රථයක් මිලදීගැනීමට සිහින දකින පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ හඳුන්වා දීමේ මිලකට Audi Q2 රථය ලබාදෙන්නට අප දැනට කටයුතු යොදා තිබෙනවා.”Audi Sri Lanka සමාගමේ අධ්‍යක්ෂ රජීව් ෆර්නෑන්ඩු මහතා පැවසී ය.
    0112555557 සග 0777539000 දුරකථන අංකවලින් හෝ අංක 03, ආර්. ඒ. ද මැල් මාවත, කොළඹ 05 යන ස්ථානයේ පිහිටිAudi ප‍්‍රදර්ශනාගාරය වෙත පැමිණීමෙන් පාරිභෝගිකයන්ට Audi Q2 රථය ගැන වැඩිදුර තොරතුරු දැනගත හැකි වේ.
    Audi, Ducati සහ Lamborghini සන්නාම හිමි Audi සමූහය ලොව ඉහළ තලයේ මෝටර් රථවාහන සහ මෝටර් සයිකල් නිපදවන ප‍්‍රමුඛ පෙළේ සමාගමකි. එම සමාගමේ නිෂ්පාදන මේ වනවිට රටවල් 100 කට අධික සංඛ්‍යාවක් වෙත ව්‍යාප්ත වී තිබේ. 2015 වසරේදී එම සමාගම ආසන්න වශයෙන් Audi රථවාහන මිලියන 1.8 ක්, Lamborghini මෝටර් රථ 3,245 ක් සහ Ducati මෝටර් සයිකල් 54,800 ක් අලෙවි කර තිබේ. මෝටර් රථ නිෂ්පාදනයේ අනාගතය වෙනුවෙන් නව නිෂ්පාදන හා තිරසාර තාක්ෂණයන් බිහිකිරීම සඳහා Audi සමාගම ඇපකැප වී සිටී.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අලංකාර ඇතුළත සහ පිටත නිමාව, බලවත් එහෙත් කාර්යක්ෂම එන්ජිම, බඩු ගෙනයාම සඳහා ඇති විශාල ඉඩකඩ
    එදිනෙදා පාවිච්චියට වගේම රළු මාවතේ විනෝද වීමටත් ඉතාමත් සුදසු
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    තූ නොදකිං, අවුඩිය එපාවෙනව දෙපැත්තෙ බාස්ල දෙන්න දැක්කම...
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අලංකාර ඇතුළත සහ පිටත නිමාව, බලවත් එහෙත් කාර්යක්ෂම එන්ජිම, බඩු ගෙනයාම සඳහා ඇති විශාල ඉඩකඩ
    එදිනෙදා පාවිච්චියට වගේම රළු මාවතේ විනෝද වීමටත් ඉතාමත් සුදසු

    එන්ජිම හොඳයි. හැබැයි පිස්ටන් එක පිටින් ගෙනල්ල බස්සාන්න ඕනේ