Australia cricketer Phil Hughes critically ill after being hit by ball

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පිල් හියුස්ට අසාධ්‍යයි



    ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරු පිල් හියුස් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.ඒ ඔහුගේ හිසට පන්දුවක් වැදීම හේතුවෙනි.
    ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස් කණ්ඩායම හා දකුණු ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර සිඩ්නි ක්‍රිකට් පිටියේ අද (25දා) ආරම්භ වු සිවුදින තරගයේ පිතිකරණයේ යේදී සිටින විට ඔහු අනතුරකට ලක්ව තිබේ. පිල් හියුස් නිව් සවුත් වෙල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරනු ලබයි.

    අනතුරින් පසුව ඔහු හෙලිකොප්ටරයක් උපයෝගී කරගෙන රෝහල්ගත කර තිබෙන අතර පසුව ශල්‍ය කර්මයකටද භාජනය කර තිබේ.කෙසේ වෙතත් ශල්‍ය කර්මයෙන් පසුවද ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.ශෝන් ඇබෝට් යොමුකළ බවුන්සර් පන්දුවක් මෙසේ හියුස්ගේ හිසේ වැදී තිබේ.

    සිදුවීමෙන් පසුව තරගය තාවකාලිකව අත්හිටුවා තිබේ.ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටි හියුස් නොදැවී ලකුණු 63ක් රැස්කරගෙන සිටියේය.




    Video


     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1(591).gif


    3(633).gif


    4(307).gif


    5(178).gif


    2(1095).gif