You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මොකක්‌ද රජ පවුල්වාදය කියන්නේ?
රජ පවුල්වාදය කියන්නේ රාජපක්‍ෂ පවුලට මේ රට පාලනය කිරීමේ විශේෂ වරමක් තිබෙනවා කියල මතයක් අද නිර්මාණය වී තිබීමයි. අද එය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට සීමා වූ දෙයක් නෙමෙයි. මේ මතවාදය ඇරැඹුනෙත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගෙන් නෙමෙයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ජනප්‍රිය චරිත ලක්‍ෂණ පාවිච්චි කරමින්, එයට මුවාවෙමින් ජනාධිපතිතුමා වටා පුද්ගලාභිවාදනයක් ගොඩ නැගෙමින් ඒ පුද්ගලාභිවාදනය යටතේ සහ ඊට පසුපසින් පවුල්වාදී බල අධිකාරියක් ගොඩනැඟිල තියෙනවා. පසුගිය අයවැයේ සංඛ්‍යාලේඛන අරගෙන බැලුවත් එක පවුලක සොහොයුරන් තිදෙනෙක් අතට සම්පත් සංකේන්ද්‍රගත වී තිබෙන බව පෙනෙනවා. මේ අතර ජනාධිපතිතුමාගේ පුත්‍රයන් පක්‍ෂයේ අලුත් සංවිධාන නිර්මාණය කරමින් තමන්ගේ කනිෂ්ඨභාවයට නොසරිලන ආකාරයෙන් බලපෑමක් කරන බවත් පෙනෙනවා. මේ සියල්ල සමස්‌තයක් වශයෙන් ගත් විට පෙනෙන්නෙ කතිපයාධිපත්‍ය (ධකසට්‌රජයහ) ලෙසින් සමාජ විද්‍යාවේ හඳුන්වන සංසිද්ධිය අද අපේ රටේ ක්‍රියාත්මක වන බවයි. කතිපයාධිපත්‍යය කියන්නෙ සුළුතරයගේ පාලනය. ඒ සුළුතරය බොහෝ දුරට පවුල් කේන්ද්‍රීය සුළුතරයක් බව ලෝක ඉතිහාසය දෙස බැලූ විටත් පෙනෙනවා. එවැනි පාලනයක් තිබෙන සමාජවල සෑම පන්තියකම නොසන්සුන්තාවක් ඇතිවීම අනිවාර්ය දෙයක්. ධනපති පංතිය තුළත් නොසන්සුන්තාවක් තියෙනව. එයට හේතුව රටේ බලය සහ ධනය එක පවුලකට කේන්ද්‍රවීම නිසයි. මෙබඳු පාලනයක් තුළදී තමන්ට එක්‌තරා සීමාවකට එහා යා නොහැකි බව දේශපාලකයන් මෙන්ම ව්‍යාපාරිකයනුත් හිතනව. කතිපයාධිපත්‍ය, සමාජයක් තුළ ක්‍රියාත්මක වන විට සුදුස්‌සාට සුදුසු තැන නොලැබේය යන විශ්වාසයක් සෑම ජන කොට්‌ඨාසයක් තුළම ඇතිවෙනවා. සුදුස්‌සාට සුදුසු තැන නොලැබෙන තත්ත්වයක් තුළ තනතුරු ලැබෙන්නේ පාලක පවුල සහ ඔවුන්ට ආවතේවකම් කරන්නන්ටයි. මෛත්‍රීපාල සිරිසේන මහතා වැනි ජ්‍යෙෂ්ඨයකු ගේ මේ කැරැල්ලෙන් ප්‍රකාශනය වන්නේ බල අධිකාරිය නිසා වර්තමාන සමාජ ව්‍යqහය තුළ ඇති වී ඇති නොසන්සුන්තාවයයි. මෙය විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව නැගුණ කැරැල්ලක් නෙවෙයි.